මෙම මාසයට යෙදෙන ජාත්‍යන්තර සාම දිනය හා සමගාමීව අප රටේ සියලුම ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනයට උපහාරයක් ලෙස අලුත්ම ඩීවීඩී සිංහල චිත්‍රපටයක් සැප්තැම්බර් මස 30 වැනිදා එළිදැක්වීමට නියමිතය. හෙළමුතු සංස්කෘතික පදනමේ සභාපති තිලක් සමරසිංහ මහතාගේ නිෂ්පාදනයෙන් බිහිවන කබාලි රාජා නැමැති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා සිංහල, දමිල හා මුස්ලිම් ශිල්පීන් ශිල්පිනියන් සහභාගී වීම සුවිශේෂී කාරණයකි.
අප රටේ සංහිඳියාවට උපහාරයක් ලෙස පිදෙන මෙම සුවිශේෂී ඩීවීඩී චිත්‍රපටය එළිදක්වන්නේ කොළඹ 13, පැරණි මයිලන් සිනමාහලේදී. කබාලි රාජා සිංහල චිත්‍රපටයේ ප්‍රධාන අරමුණ තමයි මේ රටේ සිංහළ, දෙමළ හා මුස්ලිම් යන ජාතීන්ගේ සමඟිය හා සහජීවනය සනිටුහන් කිරීම. චිත්‍රපටය තුළ වගේම එය නිර්මාණය කළ පසුබිම තුළත් අපි මේ සහජීවනය හා සමගිය අත්වින්දා. මේකේ ප්‍රධාන නළු භූමිකාව කරන්නේ ඩිස්කො රාජා ලෙස ප්‍රසිද්ධ නයිසර් නැමැති මුස්ලිම් කලා ශිල්පියා - ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන්නේ ප්‍රීති විජේසිංහ කියන දක්ෂ සිංහල නිළිය. මේ චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂක වගේම මෙහි ප්‍රධාන විකට භූමිකාව කරන්නේ අතිදක්ෂ දමිල කලා ශිල්පී පී. නන්දකුමාර්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සුරේෂ් කුමාරසිංහ. මේ තමයි මගේ කුළුඳුල් නිෂ්පාදනය. මේ චිත්‍රපටය ඉන්දියාවේදී වගේම ලංකාවෙත් රූපගතකිරීම් කළා. ලංකාවේ වැඩියෙන්ම රෑපගත කළේ කොළඹ ආදුරුප්පු වීදය ආශ්‍රිතවයි. ඒ තමයි ඒ මුස්ලිම් පරිසරයේ කරපු මුල්ම සිංහල චිත්‍රපටය. ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගෙන් අපට පුදුමාකාර සහයෝගයක් ලැබුණා. මේ චිත්‍රපටය සාර්ථක කරගන්න නයිසර් ඩිස්කො රාජා වගේම ප්‍රීති හා නන්දකුමාර්ගෙන් ලැබුණු සහයෝගය අති විශාලයි. ඒ වගේම අපට කැමරාකරණයෙන් දායක වූ අතිදක්ෂ ශිල්පී සජීව සංකල්පත් මේ සඳහා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ අතරතුර මට නිෂ්පාදනයෙන් බැරෑරුම් දේවල්වලට මුහුණ දුන්නා. මම ඒ දේවල් ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. ඒ දේවල් විඳදරාගෙන, ඒ අත්දැකීම් පාඩම් හැටියට සළකලා මම ඉදිරියට යනවා.
ඒ ශක්තියෙන් මම ඉක්මනින්ම කබාලි රාජා ද පටන්ගන්නවා. ප්‍රීති, නයිසර් හා නන්දකුමාර් ඒකෙ ප්‍රධාන චරිත රඟපාවි. ඒක අධ්‍යක්ෂණය කරන්නේ මම. කබාලි රාජා කොටස් 5ක් කරන්නයි මගේ බලාපොරොත්තුව. කලාකාමී හදවතක් තියෙනවානම් මේ දේවල් කරන්න පුළුවන්. මම කාලයක පටන් සිංහල සිනමාවේ දැවැන්තයන් ඇසුරු කරලා තියෙනවා. මම සභාපතීත්වය දරන හෙළමුතු සංස්කෘතික පදනමෙන් පැවැත්වෙන රංගන හා නර්තන පාඨමාලාවලට එන දරුවන්ගෙන් මම සත පහක්වත් අය කරන්නේ නැහැ. සාමාජිකයන්ගෙන් සාමාජික මුදල්වත් ගන්නේ නැහැ.
මේ පදනමේ මූලිකව ජාති බේදවලින් තොරයි. මෙහෙ සිංහල, දමිළ, මුස්ලිම් ළමයි පාඨමාලා හදාරනවා. අපේ නිර්මාණ තුළිනුත් අපි මේ සංහිඳියාව හා සහජීවනය ඉස්මතු කරනවා. කලාකරුවෝ හැටියට අපි ඒ දේ කරන්න බැඳිලා ඉන්නවා චිත්‍රපටයේ නිෂ්පාදක තිලක් සමරසිංහ කීවේ මෙම ඩීවීඩී චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සමඟ එන බවක් මෙහි කබාලා රාජා නැමැති ප්‍රධාන චරිතයට පණ පොවන මොහොමඩ් නයිසර් නොහොත් ඩිස්කො රාජා මෙම අදහස් පළකළේය.
මම වසර ගණනාවක ඉඳලා වේදිකාවල විවිධ ප්‍රාසාංගික අංග ඉදිරිපත් කරනවා. ඒත් සිංහල චිත්‍රපටයක ප්‍රධාන නළු චරිතය කරන්න මට ආරාධනා කළේ තිලක් සමරසිංහ කියන මේ අපූරු කලාකාමී හිතක් තිබෙන නිෂ්පාදකවරයා. ඒ ආරාධනයෙන් අපි මේ චිත්‍රපටය සාර්ථකව නිම කළා. මා සමඟ රඟපෑ ප්‍රධාන නිළි ප්‍රීති විජේසිංහගෙන් හා නර්තන අධ්‍යක්ෂ වගේම රංගනයෙන් දායක වූ නන්දකුමාර්ගෙන් මට ලැබුණු සහයෝගය කියලා නිම කරන්නට බැහැ. මගේ නම නයිසර් වුණාට මාව හුඟ දෙනෙක් දන්නේ ඩිස්කො රාජා කියලයි. ඩිස්කො රාජා කියන නම මට දැම්මේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමයි. කිසිම භේදයකින් තොරව අපි ලස්සනට මේ වැඩේ කළා.
ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන ප්‍රීති විජේසිංහ කියා සිටියේ මේ නිර්මාණයට සම්බන්ධ සියලුම ශිල්පීන් ශිල්පිනියන් කණ්ඩායම් හැඟීමෙන් එක පවුලක සාමාජිකයන් ලෙස සහයෝගයෙන් වැඩ කළ බවය.
මේක ඩීවීඩී චිත්‍රපටයක් කියා හඳන්වනවාට වඩා මෙය හෝම් මූවි එකක් හැටියටයි මම දකින්නේ. කබාලි රාජා එකේ සියලුම ජාතීන් නියෝජනය වෙනවා. ඒ වගේම මේකෙ ඉංග්‍රීසි උපසිරුසි තිබෙන නිසා ජාති ආගම් භාෂා භේදයෙන් තොරව හැමෝටම රස විඳින්න පුළුවන්. ඩිස්කො රාජා වගේම නන්දකුමාර්, ගයනා සුදර්ශනී හා අනුර ධර්මසිරිවර්ධන වැනි ප්‍රවීණ ශිල්පීන් ඇතුළු සියලුම රංගන ශිල්පීන් ශිලපිනියන් හා සමස්ත කණ්ඩායමෙන් මට ලැබුණු සහයෝගය මම ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ කතාව සමාජයට හොඳ ආදර්ශයකුත් ලබා දෙන නිසා මෙයට හොඳ ප්‍රතිචාර ලැබෙන බවට සහතිකයි. මගේ ඊළඟ බලපොරොත්තුව කබාලි රාජා - 2 ප්‍රීති කීවාය.
කබාලි රාජා කියන්නේ පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන කතාවක්. මම මේ චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂකවරයා වගේම මුල්ම වතාවට රංගනයෙන් දායක වෙනවා. ඒ ගැන මම හෙළමුතු සංස්කෘතික පදනමේ සභාපති හා මෙහි නිෂ්පාදක තිලක් සමරසිංහ මහතාට ස්තූතිවන්ත වෙනවා. මම සිංහල චිත්‍රපට 80කට වැඩි සංඛ්‍යාවක නර්තන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. රඟපාන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණත් මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මගේ දක්ෂකම් ගැන විශ්වාසයක් තියලා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ලබාදුන්නේ තිලක් මහතායි. කලාවට අවංකව කැපවෙලා ඉන්න තිලක් සමරසිංහ වගේ නිෂ්පාදකවරු රැක ගැනීම හැම කලා ශිල්පියකු හා අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක්.
නිෂ්පාදකවරු නැත්නම් කලා නිර්මාණ බිහිවෙන්නේ නැහැනේ. ඒ නිසා නිෂ්පාදකයා රැකගත්තොත් තමයි අපට පැවැත්මක් තියෙන්නේ. සමහරු කරන වැඩවලින් නිෂ්පාදකවරු නැති වෙනවා. කබාලි රාජා තුළින් හොඳ නිෂ්පාදකවරයෙන් එළියට ආවා. ඔහුව අපි ආරක්ෂා කළ යුතුයි. ඔහුව ආරක්ෂා කළොත් තමයි අපෙන් පස්සෙ එන අයටත් ඔහුගේ ආශිර්වාදය ලැබෙන්නේ. ප්‍රවීණ ශිල්පී පී. නන්දකුමාර් කීය.
► Text — Ramesh Uvais