අමෙරිකානු රූපවාහිනී නාට්‍ය සඳහා සම්මාන පිරිනැමෙන එමී සම්මාන උළෙල 70 වැනි වරටත් පසුගියදා පැවැත්වුණා. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පැවැති මෙවර සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී නාට්‍යය ලෙස සම්මාන හිමිකරගැනීමට සමත් වුණේ අමෙරිකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන The Game of the Thrones ටෙලි කතා මාලාවයි.
එහිදී මැතිව් රයි හොඳම නළුවා ලෙසත් ක්ලෙයාර් ෆොයි හොඳම නිළිය ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. මැතිව්ට එම සම්මානය ලැබුණේ ද ඇමරිකන්ස් නාට්‍යයට වන අතරේ ද ක්‍රවුන් නාට්‍යයේ දෙවැනි එළිසබෙත් රැජනගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් ක්ලෙයාර්ට එම සම්මානය හිමි වුණා.
ද මාර්වලස් මිසිස් මේසල් හොඳම විකට ටෙලි නාටකය ලෙස සම්මාන දිනාගත්තා.
ඒ අනුව ද මාර්වලස් මිසිස් මේසල් නාට්‍යයට සම්මාන 5ක්, ද අමෙරිකන්ස් සම්මාන 02ක්, ද ක්‍රවන් සම්මාන 02ක්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් සම්මාන 02ක්, ද ඇසැසිනේෂන් ඔෆ් ජියන්නි වර්සේස්: අමෙරිකන් ක්‍රයිම් ස්ටෝරි සම්මාන 03ක් වශයෙන් සම්මාන බෙදී ගියා. ඒ වගේම වැඩිම සම්මාන ප්‍රමාණයක් ඒ කියන්නේ සම්මාන 07ක් තමන්ගේ නාලිකාව ඔස්සේ විකාශය වූ ටෙලිනාට්‍යවලට දිනාගන්න නෙට්ෆ්ලික්ස් සමත් වුණා.
මේ මෙවර එමී සම්මාන උළෙල අතරතුරදී කැමරා කාචයේ සටහන් වූ දසුන් පෙළක්....
► Text — Suranga