මොහොතකට හරි කෙනෙකුට සතුටක් බලාපොරොත්තුවක් සැනසිල්ලක් දෙන්න පුළුවන්නම්.... ඒ හිතුවිල්ලත් මනුෂ්‍යත්වයේ උදාර ප්‍රකාශනයක්. අපිට එහෙම හිතුණේ කඩවත රාගම පාරේ රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ නොමිලේ පවත්වපු සෟෙඛ්‍ය කඳවුරේදි. කෑගල්ල ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය, රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍ය අසේල විජේසුන්දර ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ මේ සෞඛ්‍ය කඳවුරේ දන්ත සායනයක්, උසබර මැනීමේ පරීාව, සීනි පරීණය ඇතුළු ප්‍රතිකාර හා පරීණ රැසක් පැවැත්වුණා. ඊට සමඟාමීව ඇස් කණ්ණාඩි ලබා දීමක් වගේම ලේ දන්දීමේ කඳවුරක්ද පැවැත් වුණා.
වෛද්‍ය අසේලගේ උපන් ගම වූ නාගොල්ලාගම සෞඛ්‍ය කඳවුරු පවත්වා අවශ්‍ය රෝගීන් කොළඹ ගෙනැවිත් නවාතැන් හා කෑම බීම දී ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම වෛද්‍ය අසේල කාලයක පටන් කරන දෙයක්. එහෙත් ගම නගරය කියලා වෙනසක් නැතිව රෝස්වුඩ් රෝහල් පරිශ්‍රයේ සෞඛ්‍ය කඳවුරටත් විශාල සෙනඟක් ඇවිත් හිටියා. ඒ හැම දෙනාටම ප්‍රතිකාර වගේම කෑම බීමත් දුන්නා. මේ සති අන්තයේ අපේ Event of the week වෙන්වෙන්නේ මනුෂ්‍යත්වයේ ඒ සොඳුරු සත්කාරය වෙනුවෙන්.
pic I Channa kassapa Koralearachchi