හුළඟ හමන්නෙත් අවරට
නවතින්නට හිතක් නැතුව
නවත්වන්නෙ කොහොමද මම
නුඹත් එහෙම ඉගිලෙන කොට
තටු දුන්නේ කියන් කවුද
හිතු හිතු තැන ඉගිලෙන්නට
බර වැඩිවෙයි තෙමුණු දාට
අත්තටු අසෙනිය වැස්සට
අග්ගිස්සේ ඇස් පිහාටු
නැවතී ඉකිබිඳින කඳුළ
කියන කතාවක් තියෙනවා
නුඹටම විතරක් වැටහෙන
ඉල්ලගන්න තත්ත්පරයක්
ඒ කතාව අහන් ඉන්න
නුඹටම ඉපදුණු කඳුළක්
ඇස් හැරදා යන්නට පෙර