ඉන්දික මේ දවස්වල මොකද වෙන්නේ? මොනවද කරන කලා කටයුතු?
මේ දවස්වල නිර්මාණ හතරකට සම්බන්ධ වෙලා ඉන්නවා. හතරම මේ දවස්වල විකාශය වෙනවා. ඒ හරස් පාර, රාජ යෝගය, සඳ එළිය, දෝන කතිරිනා යන නාට්‍ය හතර. සඳ එළිය නාට්‍යයේ තවම මගේ චරිතය නිරූපණය වෙන්නේ නැහැ. මේ දවස්වල රූපගතකිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
ක්ෂේත්‍රයට ආවේ කාගේ, කවර නිර්මාණයක් සඳහාද?
ඉස්සෙල්ලම මම කොළඹ ආවේ රුකියාවක් සඳහා. ඒ කාලේ එක්තරා නාලිකාවක ගියා තරු මංසල කියලා වැඩසටහනක්. ඒක ආධුනිකයන් ගෙන්වලා කරන තරගයක්. මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් තමයි තරු මංසල හරහා මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. පළමු රංගනයෙන් මම දායක වුණේ ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ කොලොම්පුරේ ශ්‍රියා කියන නාට්‍යයේ. ඒ නාට්‍යය තමයි එක්තරා නාලිකාවක විකාශය වුණු පළමු නාට්‍යය.
කලාකාරයෙකුට පැවැත්මක් හදාගන්න අමාරුයි කියලා හුඟක් අය කියද්දී ඇයි ඔබ නළුකමට බැස්සේ?
මට පොඩි කාලේ ඉඳන්ම කලාවට ලොකු ළැදියාවක්, කැමැත්තක් තිබුණා. පෙර පාසල් අවධියේ පටන්ම මම පෙරහරවල්වල නටනවා, සින්දු කියනවා. මම ඉස්කෝලෙ ගිය කාලේ සංගීතයට තමයි වැඩි නැඹුරුතාවයක් තිබුණේ. මට මතකයි මම සංගීත කණ්ඩායමක් හදන්න කියලා ත්‍රීකුණාමලේ ඉඳලා බස් එකේ ගිටාර් දෙකකුත් අරන් ආවා. ඒ කාලේ කොළඹට ඇවිත් කරපු රැකියාවම තමයි මම අදටත් කරන්නේ.
ක්ෂේත්‍රයට එන්නට ඉස්සර ක්ෂේත්‍රය ගැන තිබුණ ආකල්පයන් සහ ආවට පස්සේ ක්ෂේත්‍රය ගැන දැනෙන හැඟීම් වෙනස්ද?
ඔව්. අපි ඉස්කෝලෙ යන කාලේ විකාශය වුණ පළිඟු මැණිකේ, දඬු බස්නා මානය වැනි නාට්‍ය බලපු කාලේ අපි ඒ චරිතවලට අසාමාන්‍ය විදිහට ආදරය කළා. ඒ කාලේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග වගේ ප්‍රවීණයන් අහම්බෙන් කොහෙදිහරි දැක්කොත් ඒ ගැන අපි ගමේ යාළුවන්ට ගිහින් කියන්නේ හරිම කැමැත්තෙන්, ගොඩක් ලොකු දෙයක් විදිහට. නමුත් වර්තමානයේ නළුවෙක් කියන දේ සුලබ දෙයක් නිසාද, නාට්‍ය වැඩි ප්‍රමාණයක් විකාශය වෙන නිසාද මන්දා ටිකක් අගය අඩුවීමක් තියෙනවා. මගේ දැන් නාට්‍ය හතරක් විකාශය වුවත්, මීට කලින් විකාශය වුණු නාට්‍යවලට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර දැන් ලැබෙනවා අඩුයි. මට හිතෙන්නේ දැන් ෆේස්බුක් වැනි සමාජ ජාලා පාවිච්චිය හේතුවෙන් වෙන්න ඇති එහෙම වෙන්නේ.
වැඩ කරගෙන යද්දි ඔබට උදව් කරපු, යාළු මිත්‍රකම් ඇතිකරගත් නළු නිළියෝ කවුද?
මම ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ නාට්‍යයක තමයි මුලින්ම රංගනයෙන් දායක වුණේ. ඒ අතරේ ටිකිරි රත්නායක මහත්මයාගේ දූ කුමරියෝ කියන නාට්‍යයට සාරංග දිසාසේකරගේ යාළුවෙක්ගේ චරිතයකට කෙනෙක්ව උවමනා වෙලා තිබුණා. මම ඒ වෙද්දි සාරංගත් එක්ක ඊට කළින් සඳ කිඳුරි කියන නාට්‍යයේ සාරංගගේ යාළුවාගේ චරිතය රඟපාලා තිබුණා. ඉතින් ඇත්තටම සාරංගම තමයි ඒ වෙලාවේ මාව යෝජනා කරලා තිබුණේ මෙහෙම කෙනෙක් ඉන්නවා එයාව ගන්න කියලා. ඉතින් මම එදා සිරිපාදේ වන්දනා කරලා උඩ මළුවේ ඉන්නකොට තමයි මට නාට්‍ය අධ්‍යක්ෂක නිශාන්ත මහත්මයා කතා කළේ සාරංග මට ඔයා ගැන කිව්වේ. පුළුවන්ද අපිත් එක්ක වැඩ කරන්න කියලා අහලා. ඒක මට Turn point එකක් වුණා. මම අදටත් සාරංගට ස්තූතිවන්ත වෙනවා එදා මාව මේ නාට්‍ය සඳහා යෝජනා කිරීම සම්බන්ධව.
දිගටම නළුකමේ ඉන්නද කල්පනාව?
ඔව්. ඇත්තටම රැකියාවත් එක්ක මේ දේ කරන නිසා මට ලොකු ගැටලුවක් නෑ. රැකියාවෙන් මට අවශ්‍ය නිවාඩු ලැබෙනවා. මම රඟපාන්නේ චරිත තෝරාබේරාගෙන. හැම චරිතයට බාරගන්නේ නෑ. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12ක්. මට ජනප්‍රිය වීමේ ආසාවක් නැහැ. නාට්‍ය 50ක 60ක විතර මම රඟපාලා තියෙනවා. සමහරවිට මීට වඩා නාට්‍ය අඩු සංඛ්‍යාවක රඟපාලා තියෙන අය මට වඩා ජනප්‍රිය වෙලා ඉන්න පුළුවන්. ඇත්තටම ඒක මම ගොඩක් ජනප්‍රිය නැති නිසා කියන දෙයක් නෙවෙයි. නමුත් මට එහෙම ජනප්‍රිය වීමේ, පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙන්න ඕනෙ කියන එකක් මගේ නෑ. මට ඕනේ මගේ රැකියාවත් සමඟ මම තෘප්තිමත් වෙන සහ රසිකයන් තෘප්තිමත් වෙන නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යන්න.
කොහොමද පවුල් ජීවිතේ?
පවුල් ජීවිතේ හොඳයි. මගේ බිරිඳ අනූෂා ශාමලී රූපලාවන්‍ය ශිල්පිනියක්. අපි විවාහ වෙලා තාම අවුරුදු එකහමාරයි. ඒකත් වෙනම සුන්දර අත්දැකීමක්. හොඳින් ගෙවාගෙන යනවා ඉතින්.
කලාව පවුල් ජීවිතේට ටොක්කක් වුණේ නැද්ද?
නෑ. මගේ බිරිඳ දැනගෙන හිටියා අපි යාළුවෙලා හිටිය කාලෙත් මම රංගන ශිල්පියෙක් කියලා. මටත් වඩා ඇය මගේ වැඩකටයුතු ගැන උනන්දුවක් දක්වනවා. මම නිර්මාණ විශාල ප්‍රමාණයක පෙනී ඉන්නවට, මාව ඇගයීම්වලට ලක්වෙනවට ඇය කැමතියි. පවුල් ජීවිතේට විශ්වාසය කියන දේ තමයි වැදගත්ම වෙන්නේ.
► Text - Channa Kassapa Koralearachchi
Pic – Internet