කියන්න රෑ රැහැයියනේ
ඇයි හඬන්නේ හැම රැකම
නාවත් එක කඳුළක්වත්
මම නොදකින නුඹේ ඇසට
රිදිච්ච හද හරි මැද හිඳ
ඉකිගසනා ලේ බිඳුවක
රිදුම නුඹට දැනෙනවාද
නුඹටම මිස කියනු කාට
කළුවර ඇවිදින් සඳවත
පිටගම් ගිය රෑ මැදියම
තරුවක්වත් නෑ තනියට
අහසත් මං වගෙයි සොඳුර
එක දවසක් මට දෙනවද
යස උරහිස හිස තියන්න
ගිම්හානෙක ගිම් නිවන්න
ඒ ඇති මට සංසාරෙට