2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

නාන්නම කියාපු ප්‍රීතිපුරේ බේසම

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 180

උතුරන්න උතුරලා පිටාර ගලන්න... එහෙම කිව්වම මොකක් ගැන කියලද හිතෙන්නේ? මම කිව්වේ හිතේ ප්‍රීතිය ගැන. ලිමිට් එකක් නැති ප්‍රීතියෙන් නාන්න යමුද මේ සති අන්තේ මරු පොට් එකකට? 

තැන ප්‍රීතිපුර. සමහරු ඇලකන්ද බීච් කියලත් කියනවා. අපි ගියේ ගිය ඉරිදා හැන්දෑවේ. කොහොමත් සෙනසුරාදා, ඉරිදාට මේ බීච් එක හිටු කියලා සෙනඟ පිරිච්ච තැනක්. වැඩි කට්ටිය එන්නේ හිතේ හැටියට කරිජ්ජ වතුර ටිකක් නාලා කරලා යන්න. ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ... ඒ කවුද කියලා අලුතින් කියන්න ඕන නෑනේ... හෙළයේ මහා ගත්කරු කියන සම්භාවනාවට පත්කරපු අපේ දාර්ශනික ලේඛකයා තමා ඒ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හුඟක් පොත්වල කොග්ගල වෙරළ ගැන සඳහන් වුණා. මාර්ටින් වික්‍රමසිංහ දිගු කුඩයක් අරගෙන පොඩ්ඩක් ඉස්සරහට නැමිලා ඇවිදගෙන යන චිත්‍රය ඇඳලා තියෙන්නේ කොග්ගල වෙරළ පසුබිමේ. එයා නිතරම කියපු දෙයක් තමයි මාසෙකට දවස් තුන හතරක්වත් හිතේ හැටියට කරිජ්ජ වතුර නාන්න ඕනෙ. එහෙම නෑවම හිසේ ඉඳන් පාදාන්තයට යනකම් තියෙන ලෙඩ ඔක්කොම දූරින්බූත වෙලා යනවා කියලා.

ඇති වෙනකම් ප්‍රීතිපුර මුහුදු බේසමේ ගිලිලා නාද්දිත්, එහෙට මෙහෙට පීනද්දිත්, සාහිත්‍යයත් මට මතක් වුණා. මේ වෙරළ හරියට කියන්නේ මුහුදු බේසම කියලා. ඒ සමතලා ජල තලයේ රුළි නොනැගෙන හින්දා. හරියට වැවක නානවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. 

නාන්න විතරක් නෙවෙයි යන්තම් කළුවර වැටෙද්දී ෆොටෝ ෂූට් එකකටත් මේ වෙරළ සරලව කිව්වොත් මරේමරු. වැඩි ඈතකත් නෙවෙයිනේ කොළඹ ඉන්න ඔයාලටනම්. ඒ හින්දා එන සතියේත් කොහේහරි ඇවිදින්න යන්න එකනම් වෙලාවක් හම්බුණොත් ගිහින් නාලා කරලා එන්න.

 

►  Text /  Pic - Channa Kassapa Koralearachchi

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00