2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

දැහැන

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

ධනය සහ බලය 
මිනිස්සුන්ගෙ ආත්මගත නිරුවත 
දිගහරින 
සුන්දර ප්‍රතිරූපවලට වහන් වෙච්ච 
සත්‍ය ස්වරූපය 
පෙන්වන දෙවියන් සදිසි යක්ෂයන් 

ධනය සහ බලය 

ඉහළම ලංසුවට 
ප්‍රතිපත්ති, සිතුවිලි, මනුස්සකම් 
විකුණන සහ විකිණෙන ලෝකයක 
ධවල පැහැයෙන් දිලෙන සොඳුරු මනුදම් 
කොහෙද බන්... ඒක අමු කෙප්පයක් 

හෘද සාක්ෂිය මරලා දාලා 
ප්‍රතිපත්තිවලට වෙඩි තියලා 
මනුස්සකමට පයින් ගහලා 
හොරකම සහ මරිසිය ඉදිරියේ 
දණ ගහගෙන රුපියල් හොයන 
බලයට වඳින 
නරුමයන්ටත් 
තමන්ගෙ හදවත හමුෙව් 
වග වෙන්න මොහොතක් 
එනවා 
නොවැරදීම 

ලෝකේ හැම අධිකරණයකටම වඩා 
හෘද සාක්ෂිය කියන අධිකරණය බලවත් 
උඹ ඉදිරියේ උඹට වග වෙන්න බැරි 
උඹ උඹවම නසාගන්න නිෙම්ෂයක් 
එනවා 
නොවැරදීම 

සම්මත නීතිය වගේම
සොබ දමත් නීති ෙපාතක්
බලය ඉදිරියේ වැළලෙන සත්‍ය 
මරණයෙන් නැගිටින මොහොතක් 
එනවා 
එනවාමයි! 
 
එදාට 
උඹ 
උඹත් එක්කම කතා කරයි
දහස් වරක්


| Sanju

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00