අහස්තලේ නිල් පාටින්
බිඳක් අරන් තවරන්නම්
කඳුළු පාට
ඇස් අග්ගිස්සේ
නොහිම් වේදනා සළු තිර
මුදා වලාකුළු අතරට
තනි තරුවක්
හඬන නිශාවේ
හිනාවෙන්න
කවුරුද කීවේ
එළිවැට ගිලිහුණු කවියක
කඳුළු රේන්දේ ඇමිණී
හිත ඉස්මත්තට ආවේ
නුඹේ ආදරේ
ඉකිගසන්න එපා අහස
දුක අකපැයි රාත්‍රියට
තරුවක් ඇත කතා කරන
මගේ ලෝකයේ
මගේම වුණ
මගෙත් නොවුණ
මගේ ලෝකයේ
| Saara