2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

සිඳුතෙර

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

ජීවිතය නුඹට දී මරණයම ඉල්ලාන
ඉගිල්ලුන කිරිල්ලිය මමයි ඒ නිශාචර

ඇහැරගෙන උන් දවස් ඉල්ලාන ආදරය
අහක බැලු නුඹ ඇවිත් නිදන කල මා තනිව
සොඳුරු වත්කම් කොහිද
බිඳී ගිය ප්‍රේමයක
මේ විසල් කඳුළු මිස....

එපා සසරට පැතුම් යළිත් ඔබ හමුවෙන්න
මලක් විසිකර යන්න නාවාට කමක් නැත
සොඳුර සොඳුරුයි ඉඳින් හුදෙකලා මේ නින්ද
දුක පිරුණ සසර දිග චාරිකාවට වැඩිය