මේ කතාවත් ෂූටිං අතරතුර සිද්ධ වුණු දෙයක්. ඒත් මේකට සම්බන්ධ නළුවව මේ ගැන කියලා කට්ටිය තාම බයිට් කරනවලු.
ටික කාලෙකට කලින් මේ නළුවට තිබුණලු චිත්‍රපටයක් වෙනුවෙන් ඉස්පිරිතාලේ නැවතිලා ප්‍රතිකාර ගන්න සීන් එකක්.
ඔන්න එයා කාමරේ ඉන්න වෙලාවක නර්ස් නෝනා එනවලු ප්‍රෙෂර් එක චෙක් කරන්න.
නර්ස් නෝනා මෙයාගේ අත අල්ලලා චෙක් කරන්න කළින් නළුවා නර්ස්ගේ අත තද කරගෙන අල්ලගෙන ඉන්නවලු.
අධ්‍යක්ෂකට හිනාලු.
අනේ මල්ලි නර්ස්ගෙ වැඩේ කරන්න දීලා ඔයා පාඩුවේ ඉන්නවද? නර්ස්ගෙ අතින් අල්ලනේ නැතුව. ලෙඩාට අයිතියක් නෑ නර්ස්ගේ අත් මිරිකන්න. අධ්‍යක්ෂවරයා කිව්වලු.
එදායින් පස්සේ මේ නළුවට නර්ස්ගෙ අත මතක් කළාම මූණ රතු වෙනවලු.
ළඟදි රූපගත කෙරුණු චිත්‍රපටයක මැදි වයසේ රංගන ශිල්පියකුට අකරතැබ්බයක් වෙලා එක් අතකට ගල් බැන්ඩේජ් එකක් දාන්න වුණාලු. හැබැයි ඒක ඇත්තට වුණු දෙයක් නෙවෙයි. චිත්‍රපටයේ කතාවට අනුවයි ඔහුට ඒ ඇබැද්දිය සිද්ධ වෙලා තියෙන්නේ. අත කැඩිලා බැන්නඩේජ් එක දාගෙන මේ ශිල්පියා දවස් ගාණක් රඟපානවලු. උදේට දාන බැන්ඩේජ් එක ගලවන්නේ හවස් වෙලා.
ඔන්න එක දවසක් වැස්සත් එක්ක ෂූටිං පරක්කු වෙලා රෑ වෙනකන් වැඩේ ඇදිලා.
මේ නළුවට අමාරුව ඉවසගන්න බැරි තැන කෑගහනවලු අනේ මගේ අත කපන්නකෝ කියලා.
ඇත්තටම එයාට ඕන වෙලා තිබුණේ අර අතේ බැන්ඩේජ් එක ගලවගන්න.
ඔන්න දැන් අලුතින් චිත්‍රපට ක්ෂේත්‍රයට චණ්ඩියෙක් එන්ටර් වෙලා ඉන්නවලු. චිත්‍රපටවල රඟපාන චණ්ඩියෙක් ගැන නෙවෙයි මේ කියන්න යන්නේ. මෙයා චිත්‍රපට අධ්‍යක්ෂණය කරන චණ්ඩියෙක්ලු. චණ්ඩි පාට් දාන්නේ එයාගේ චිත්‍රපටවලට විරුද්ධව විචාර ලියන අයටයි.
මේ චණ්ඩියා දැන් මූණ පොතේ එළිපිටම විචාරකයෝ එක්ක ගේම ඉල්ලනවා. අලුතින් සිනමාවට එන නිර්මාණවේදීන්ගේ චිත්‍රපටවල තියෙන අඩුපාඩු ගැන ලියන්න එපාලු.
ඔන්න එයාගේ චිත්‍රපට ගැන අවුල් විචාර ලිව්වොත් කලිසනුත් නැතුව යවනවලු මේ චණ්ඩියා.
රිටර්න්ස් ගැන වැරදි ලියපු අය බලන් ඉන්නවලු මෙයා රිටර්න් එක දෙනකල්.
කලාවට සම්බන්ධකම් තියෙන ජෝඩුවක් ළඟදි සාප්පු සවාරියක් ගහන්න බලාගෙන කොළඹට ආවලු. ඔන්න දැන් ඕක සතියේ දවසක උදේ වරුවක.
මහත්තයට ඕන වුණාලු පෞද්ගලික බැංකුවකට ගිහින් පොඩි ගනුදෙනුවක් කරන්න. බැංකුවේ ප්‍රධාන දොරටුව ළඟට යද්දිම නෝනා කිව්වලු බැංකුව වහලා කියලා.
සැකේටත් එක්ක මහත්තයා වෙලාව බැලුවලු. උදේ 10යි. අඩියක් ඉස්සරහට තියන්න ලැබුණේ නෑලු වහලා තිබුණු වීදුරු දොරවල් දෙක ඇරුණලු.
ඕක ස්වයංක්‍රීයව ඇරෙන දොරක් බව නෝනා දැනගෙන ඉඳලා නැහැ.
► Text - Mithra