2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ඉන්දියාවම බලා හිඳින තරු මඟුල

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

බොලිවුඩ් අහස සරසපු තරු දෙකක් රන් කෙන්දකින් අතැඟිලි බැඳගත්තා. දීපිකා පදුකෝන් හා රන්වීර් සිං භාරතයේ ඉන්දීය සිනමා ප්‍රේක්ෂකයන්ගේ විතරක් නෙවෙයි හින්දි සිනමාවට ආදරය කරන ලාංකික ප්‍රේක්ෂකයන්ගේත් සිහින තරු යුගලක්. ඒ හින්දමයි ඒ දෙන්නාගේ විවාහ ගිවිසගැනීම ගැන අපිට කියන්න හිතුණේ ඔයාලටත්. ඉන්දියාවේ Mumbai Mirror වාර්තා කරලා තියෙන විදිහට දීපිකාගේ හා රන්වීර්ගේ විවාහ මංගලෝත්සවය පැවැත්වෙන්නේ නොවැම්බර් 13 ඉතාලියේ Lake Comoහිදී. 13 නපුරුයි කිව්වට, නොවැම්බර් මළවුන්ගේ මාසය කිව්වට දීපිකාටයි රන්වීර්ටයි ජීවිතේ වාසනාවන්තම දවසත් අරන් ඇවිත් තියෙන්නේ ඒ 13 සහ මළවුන්ගේ මාසය. Mumbai Mirror කියන විදිහට ඉතාලියේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් දෙන්නාගේ ආදරණීය ආරාධිතයන් වෙනුවෙන් තවත් මංගල උත්සවයක් ගන්න තමා සැලසුම් කරලා තියෙන්නේ.එහෙමත් කනින් කොණින් ආරංචි තියනවා.

Hindustan Times කියන විදිහට දෙන්නාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වෙන්නේ පවුලේ සාමාජිකයන්, ළඟම මිතුරු මිතුරියන් සහ සංජය ලීලා බන්සාලි, අර්ජුන් කපූර් හා කරන් ජොහාර් කියන දෙන්නාගේ සිනමා දිවියේ සමීපතමයන් විතරලු.
පසුගිය කාලයේ පද්මාවත් චිත්‍රපටය හින්දා දීපිකාට එරෙහිව විශාල අන්තවාදී රැල්ලකුත් මතුවුණා. දිපිකාගේ හිස ගෙනත් දෙන කෙනෙකුට ඉන්දියානු රුපියල් කෝටි ගණනක් දෙන බව කීවා. ඒ කොහොම වෙතත් දිපිකාට තියෙන රසික ආදරයේ අඩුවකුත් නෑ.

දීපිකා සහ රන්වීර් Social Mediaවලට කියපු විදිහට දෙන්නා විවාහ මංගල උත්සවය සැලසුම් කරලා තියෙන්නේ නොවැම්බර් 14 සහ 15.
කොහොම නමුත් කෝටි සංඛ්‍යාවක් හින්දි සිනමා ප්‍රේක්ෂකයන් දින ගනින්නේ දෙන්නාගේ විවාහ මංගල උත්සවයේ සුන්දර අවස්ථා පින්තූරයකින් හරි බලන්න. සුබ පතන්න. ලස්සන දීපිකා සහ කඩවසම් රන්වීර් ඒ තරමටම ඒ අයගේ සිහින තරු.
Mumbai Mirror කියපු දේ හරි නම්.

දිපිකා සහ රන්විර් විවාහ ගිවිස ගැනීමේ උත්සවය දා සැරසිලා හිටියෙත් හරිම චාම් විදිහට. රන්වීර් නම් ඉන්දියානු සම්ප්‍රදාය බැහැර කරලා යුරෝපියන් විදිහට සැරසිලා හිටියත් දිපිකා නම් සුදු සහ ළා රත්තරන් පාට මිශ්‍ර සාරියක් ඇඳලයි හිටියේ. බලමුකෝ නේද එදාට ඒ කීවේ තරු මඟුල දාට දෙන්න කොහොම ලෑස්ති වෙලා ඉඳීද කියලා. මුළු ඉන්දියාවක්ම විතරක් නොවෙයි ලෝකය වටේ ඉන්න දීපිකාගේ හා රන්වීර්ගේ ප්‍රේක්ෂකයන් ඒ දවස එනකම් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඇති.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00