2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

five choice - ලෝචනාගේ මනාපෙ

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

ඔබ දන්නවා නේ 5 Choice තුළින් අපි ඔබට සමීප කරන්නේ ඔබ ආදරය කරන ජනප්‍රිය තරු කැමති දේවල් බව. අද 5 Choice හි කතා නායිකාව වන්නේ ජනප්‍රිය නිළියක් වන ලෝචනා ඉමාෂි. 

අපි ලෝචනාගෙන් ඇහුවේ කැමතිම රටවල් 5 ගැන

01. ශ්‍රී ලංකාව 

මම ඉපදුණ හැදුණු වැඩුණු ලංකාව තමා මම කැමතිම පළමු රට වෙන්නේ. කොයිතරම් රටවල සංචාරය කළත් මට මගේ කියන හැඟීම තියෙන්නේ ලංකාව තුළ ජීවත් වෙද්දී. අනෙක් රටවල සංචාරය කරන්න ඒ සුන්දරත්වය අත්විදින්න කැමති නමුත් ජීවත් වෙන්න කැමති ලංකාව තුළ. ඒ නිසා තමා හැමදාමත් අංක එක මගේ මව් රට වෙන්නේ.


02. නෙදර්ලන්තය 

මගේ විවාහයත් එක්කම මම පදිංචියට ගිය රට තමා නෙදර්ලන්තය කියන්නේ. ඉතින් අංක දෙක වෙන්නේ නෙදර්ලන්තය. මම දැනට ලංකාවට ඇවිත් හිටියට ආයේ මම යන්නෙත් නෙදර්ලන්තයට. බටහිර යුරෝපයේ පිහිටා ඇති ජන ඝනත්වය අධික රටක් නෙදර්ලන්තය කියන්නේ. ඒ වගේම ලස්සන පිරිසිදු රටක්. ඒ විතරක් නෙවෙයි එහේ ඉන්න මිනිස්සු ගත්තම හරිම නිදහසේ කලබලයකින් තොරව ජීවත් වෙන්නේ. ඉතින් ඒ පරිසරයට ඒ මිනිසුන්ගේ හැසිරීමට මම හරි කැමතියි.

03. තායිලන්තය 

කැමතිම රටවල් ගැන මතක් කරද්දී අංක 3ට මම කියන්නේ තායිලන්තය. මොකද තායිලන්තයේ විශාලතම නගරය වන බැංකොක් අගනුවරට බොහෝ දෙනෙක් ෂොපින් කරන්න පවා යනවා. අපි කැමති ගොඩක් දේවල් මිලදී ගන්න පුළුවන් විනෝද වෙන්න පුළුවන් එහේදී. ඒ නිසා මමත් කැමතියි තායිලන්තය කියන රටේ සංචාරය කරන්න.

04. සිංගප්පූරුව

ගිණිකොණ ආසියාවේ පිහිටි කුඩාම රාජ්‍ය වුණත් හරිම සුන්දර රටක් විදියට තමා මම සිංගප්පුරුව දකින්නේ. ඒ වගේම තමා වර්තමානයේ ඇති එකම ස්වාධීන නගර රාජ්‍යයය වෙන්නෙත් සිංගප්පූරුව. ඒ විතරක් නෙවෙයි වෙළඳ අතින් ගත්තම දියුණුම රටක් වගේම පිරිසිදුකම සහ පිළිවෙළ අතින් ගත්තත් ඉදිරියෙන් තියෙන රටක්. ඒ නිසයි මම සිංගප්පූරුවට කැමති.

05. මාලදිවයින 

ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යක් වන මාලදිවයිනට තමා මම ඊළඟට කැමති. මොකද සම්පුර්ණයෙන්ම මුහුදෙන් වට වෙලා තියෙන ස්වභාව සෞන්දර්යය අතින් පිරිපුන් රටක් මාලදිවයින කියන්නේලසිංහල බසින් “මාලදිවයින” යන වදනේ අරුත ගත්තොත් කියන්නේ “දූපත් වලින් සැදුනු මාලය” කියලා නේ.  ඉතින් මගේ සිත පස්වැනි තැනට නැවතුන රට තමා මාලදිවයින.

Text - Anusha Ranasinghe  /  Pic- Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00