භාරත දේශයේ සුපිරි පුද්ගලයින්ගේ ඔබ නොදත් තතුවිත්ති සතිපතා හදසරින්..... ගෙන එන ඔබේ උසාවිය AAP KI ADALAT
විද්‍යා - බප්පිදානේ සහ ශ‍්‍රියා ඝෝෂාල් ඒ ගීතය ගොඩාක් ෆන් විදියට ගායනා කරලා තිබුණා. මම ඒ ගීතය පළවැනි සැරේ ඇහුවාම මම මනසින්ම නැටවුණා. ඒකෙ තිබුණා එක සීන් එකක් නස්රැදීන් මහතායි මමයි මෙහෙම රෝල් වෙවී එන දර්ශනයක්.
රජත් - එකිනෙකා මත හිඳිමින් පෙරළෙනවා?
විද්‍යා - (හිනාවෙමින්) ඔව්. මට ඔබට කියන්න බැහැ ඒක කොතරම් අපහසු වුණාද කියන එක. ඒ ෆිල්ම් එකේ තිබුණු ඔක්කොම ගීත 1980 දශකයේ තිබුණු ගීත වගේම තමයි අපි හැදුවේ.
රජත් - ඒ ෆිල්ම් එක පවුලේ හැමෝටම ඉඳගෙන බලන්න පුළුවන් වුණාද?
විද්‍යා - හස්බන්ඩ් වයිෆ් සහ අවුරුදු 18ට වැඩි දරැවන් නම් ඔව් එකට ඉඳගෙන බලන්න පුළුවන්කමක් තිබුණා. 18ට අඩු අයනම් වෙන වෙනම බලන්න ඇති. (හිනාවේ)
රජත් - රජිනි කාන්ත්ගේ ෆෑන්ස්ලා කේන්තියෙන් හිටියලු ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ ඔහුගේ චරිතේ වගේ කොටසුත් තිබුණා කියලා?
විද්‍යා - මම කළේ සිල්ක් ස්මිතාගේ චරිතය නෙවෙයි. නස්රුදීන් මහතා රජිනි කාන්ත්ගේ චරිතය කළෙත් නැහැ. ඉම්රාන්වත් තුෂාර්වත් කාෙගවත් චරිත කළේ නැහැ.
රජත් - ඔබ ඉම්රාන් හෂ්මිගේ නමනේ කිව්වේ? මට දැනගන්න ලැබුණා ඔහු ගොඩාක් පසුතැවීමෙන් ඉන්නවා කියලා. මම හදාගෙන හිටිය නම ඒ ෆිල්ම් එක නිසා විද්‍යා බාලන්ට හිමි වුණා කියලා?
විද්‍යා - එයා ඉදිරියට යන්නෙත් නැහැ. මම යන්නෙත් නැහැ. මේ කාලේ කාන්තාවන් පිරිමින් හා සම තැන් අරගෙනනේ ඉන්නේ. හැමදේකදීම.
රජත් - ඔහුගේ චරිතය ගොඩනැගිලා තිබුණේ මහේෂ් භාත්ගේ තරුණ කාලය ආශ‍්‍රයෙන්ද?
විද්‍යා - මම ඔහුගේ තරුණ කාලයේදී ඔහුව දැනන් හිටියේ නැහැ, මහේෂ් භාත්වත් ඉම්රාන් හෂ්මිවත්. විහිළුවක් කළේ. මම කලිනුත් කිව්වා වගේ එක්කෙෙනකුගේ ජීවිතයක් ආශ‍්‍රයෙන් ඒ ෆිල්ම් එක හදලා තිබුෙණ නැහැ.
රජත් - සිල්ක් ස්මිතා ජනප‍්‍රියවෙලා හිටියේ ඇය කළ සොෆ්ට් බෝල් වගේ ෆිල්ම් නිසා. ගොඩාක් වැඩිපුර සෙක්ස් ඒ ෆිල්ම්වල තිබුණා. ඒ නිසා ඇයට සෙක්ස් බෝම්බය කියලත් කිව්වා.
විද්‍යා - ඔව් අනිවාර් යෙන්ම
රජත් - ඒක හින්දද ඒ චරිතය තෝරා ගත්තේ?
විද්‍යා - එයා සිරුර පෙන්වන එක ලජ්ජාවක් විදියට දැක්කෙ නැහැ. මම කියන්නේ නැහැ ඇය නැහැදුණු කෙල්ලෙක් කියලා. එයා එයාට අවශ්‍ය දේ කළා.
රජත් - ඔබෙන් කවුරු හරි ඇහුවොතින් විද්‍යා බාලන් ඔබ ගොඩාක් හොඳ චරිතයක් පරිනීතා ෆිල්ම් එකේ කළා. පා ෆිල්ම් එකේ අමිතාබ් භච්චන්ගේ මව විදියට චරිත නිරූපණය කරලා මේ මොන වගේ මාවතකටද වැටිලා තියෙන්නේ. ඉෂ්කියා, ඩර්ටි පික්චර් වගේ ඒවා කළේ ඇයි?
විද්‍යා - දැන් මම තරුණ බවට පත්වෙලා. (ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ ගීතයක කොටසක් ගයනවා)
රජත් - ඩර්ටි පික්චර් එකට පස්සේ ඔබ කළේ?
විද්‍යා - ඊට පස්සේ මම කළේ කහානී. ඒකේ මම කළේ මාස හයක ප්‍රෙග්නන්ට් කාන්තාවක්ගේ චරිතයක්. ඩර්ටි වුණානම් එහෙම වෙනවනේ නේද? මගේ අලුත්ම ෆිල්ම් එක කහානී 2. ඒ ෆිල්ම් එකේ මම දුර්ගා රානි සිං සහ විද්‍යා සිං කියන චරිත නිරූපණය කරනවා. 2016 දෙසැම්බර් 02 වැනිදා තිරගත කෙරුණු මේ ෆිල්ම් එක මේ වෙද්දී අලෙවි වාර්තාවලිනුත් ඉහළටම ඇවිල්ලා තියෙන ෆිල්ම් එකක්. දැන් මම තරුණ බවට පත්වෙලා. (ඩර්ටි පික්චර්ට් ෆිල්ම් එකේ ගීතයක කොටසක් ගයනවා)
රජත් - ඔබයි සිල්ක් ස්මිතයි අතරේ තියෙන සහ සම්බන්ධය මොන වගේ එකකක්ද?
විද්‍යා - මම කිහිප සැරයක්ම කිව්වා ඒ චරිතයේ නම සිල්ක් ස්මිතා මිසක් එහෙම කෙනෙක් නැහැ. අනික ෆිල්ම් එකක් දුවන්නේ හේතු තුනක් නිසා. එක එන්ටර්ටේට්මන්ට් දෙක එනටර්ටේට්මන්ට් තුන එනටර්ටේට්මන්ට්. මම එන්ටර්ටේට්මන්ට් කෙනෙක් (විනෝදයෙන් උපරිමය මමයි)
රජත් - ඔබ රඟපාන චරිත සැබෑ ජීවිතයේ චරිතය හා සමාන වෙන අවස්ථා තියෙනවද?
විද්‍යා - හැම කෙනෙකුටම අඳුනා ගැනීමක් සහ තමන්ගෙම විදියක් තිබීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමන්ගේ ජීවිතයේ යම් යම් දේවල් ඕනෑම දෙයකින් කෙනෙකුගේ එළියට එන්න පුළුවන්. මගේ එහෙම වුණේ මොන ෆිල්ම් එකෙන් කොයි මොහොතකද කියලා කියන්න මම දන්නේ නැහැ.
රජත් - ඔබ අදනම් ඇඳුම් හරියට ඇඳගෙන ඇවිත් තියෙනවා.
විද්‍යා - 1980 වර්ෂයේ පෙනුමක් තියෙන ඇඳුමක් අද ඇඳගෙන ආවා. මම අඩ නිරැවත් ඇඳුම් ඇන්දේ ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ චරිතයට එහෙම අවශ්‍ය නිසයි. නැත්නම් මම අඳින්නේ පළදින්නේ මෙහෙමයි.
රජත් - ඔබට එල්ලවන මීළඟ චෝදනාව, තමන්ගේ ශරීර සුවතාවය ගැන හිතන්නේ නැහැලු. කතාව ඇත්තක්ද? ඔබ ෆිල්ම් එකක රඟපාලා රඟපාලා සිහි නැතුව වැටිලා හොස්පිට්ල් එකටත් ගෙනියන්න වුණාලු.
විද්‍යා - ඔව් ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ ෂෙඩුල් එක ගොඩක් ළඟ ළඟ වැටිලා තිබුණු එකක්.
සිල්ක් එක මුහුණුවරකින් ඇවිදිනවා. ඒ සඳහා මගේ පෙනුම වෙනස් කරන්න ඩෙන්ටල් බ්‍රේසස් දාන්න සිද්ධවුණා. මුහුණ ටිකක් මහත් කරලා පෙන්වන්න. ඊට අමතරව මේකප් ගොඩාක් දාන්න වුණා. ඒවා දැම්මම මට කන්න බොන්න හැකියාවක් තිබුණේ නැහැ. එක සැරයක් ඒවා දැම්මම පැය හතර පහක් යනකම් අපේ ෂූටිං සිද්ධ වුණා. ඒ කාලය තුළ මොකුත්ම කන්න බොන්න බැහැ. වතුර විතරයි බොන්න පුළුවන්. අපි පැය හයකටත් වඩා සමහර වෙලාවට ෂූටිං කළා. ඒ නිසා මට ක්ලාන්තය හැදුණා. ඒ නිසා මම පිළිගන්නවා මම මගේ සෞඛ්‍ය ගැන ටිකක් හිතුවේ නැහැ කියලා.
Translation - Chandana Waravitage