2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

මම අාදරෙයි කියද්දී එයා ෂොක් වුණා..

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

අප රටේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියන් අතර නදීෂා හේමමාලිට හිමිවෙන්නෙ ආදරණීය ස්ථානයක්. ඒ අන් කිසිවක් නිසා නොව නදීෂා රිදී තිරයේ හා පුංචි තිරයේ ආදරණීය චරිත රැසකට ජීවය ලබාදී තිබෙන නිසයි. ආදරය වෙනුවෙන් කළ නොහැක්කක් මෙලොව නැති බව සිය සාර්ථක රංග ප්‍රතිභාවන් තුළින් නදීෂා ඇගේ රසික රසිකාවියන්ට මනා ලෙස පසක් කර දී තිබෙනවා. අද වනවිට නදීෂා හේමමාලි සැබෑ දිවියේද ආදරයේ උණුසුම හා සුන්දරත්වය විඳිමින් සිටින සොඳුරු ආදරවන්තියක්. ඉතා මෑතකදී බතීෂ ද සිල්වා සමඟ විවාහ ගිවිසගත් නදීෂා, ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් හදසර සමඟ ආදරණීය කතාබහකට එකතු වුණා. විවාහයෙන් පස්සේ නදීෂා හා බතීෂ මෙවැනි කතාබහකට මාධ්‍ය වෙත එක්වුෙණත් ප්‍රථම වතාවටයි.

නදීෂා හිතන්නෙ ආදරයට පාටක් තියෙනවා කියලද? එහෙමනම් ආදරයේ පාට මොකක්ද?

මමනම් හිතන්නෙ ආදරයට පාටක් නෑ. එක්කො ආදරය අන්ධයි කියන නිසා ආදරයේ පාටක් අපට පේන්නෙ නැහැ.

ඇත්තටම නදීෂා ආදරය දකින්නෙ කොහොමද?

ආදරය කියන්නෙ ඉතාම උතුම් මිනිස් ගුණාංගයක්. මේ මුළු ලෝකයම රැඳිලා තියෙන්නෙ ආදරයේ මහිමය මත කියලයි මට හිතෙන්නෙ.

සැබෑ ආදරණීය බැඳීමකට අත්‍යවශ්‍යයම සාධක මොනවද?

මම හිතන්නෙ අංක එක ආදරය. එතකොට විශ්වාසය හා එකිනෙකාට දක්වන ගරුත්වයත් ප්‍රධාන සාධක වෙනවා.

 නදීෂාට ඉක්මනට කේන්ති යනවා, ඉක්මන් තීරණ ගන්නවා. 

ඔබ බතීෂ තුළ දැක්ක සුවිශේෂම ගුණාංගය?

ඔහු සැබෑ ලෙසම ආදරයට ආදරය කරන කොල්ලෙක්. මට ලැබුණු හොඳම ආදරය බතීෂයි.

ඔබට බතීෂව මුලින්ම මුණගැසුණ දවස මතකද? දැක්ක ගමන් හිත ගියාද?

මට මුලින්ම බතීෂ හම්බවුෙණ් අපේ හිතවත්ම මිත්‍රයකුගෙ මාර්ගයෙන් එක්තරා උත්සවයකදී. දැක්ක ගමන්නම් මට හිත ගියේ නැහැ, එහෙම හැඟීමක් ඇතිවුණෙත් නැහැ - බතීෂ කොහොමත් කතා කරනවා අඩු නිසා අපේ මුල්ම කතාබහ “හලෝ” “හායි” වලට සීමාවුණා.

තාමත් බතීෂ අඩුවෙන්ද කතා කරන්නෙ?

අපෝ නැහැ. අපි යාළුවුණාට පස්සෙ එයාගෙ කතාව නවත්තන්න බැරුව ඉන්නෙ.

 නදීෂා රඟපානවටනම් මම කැමති නෑ 

ඊට පස්සෙ ඔබ බතීෂව මුණගැහුණෙ කොහෙදිද?

අපේ යාළුවො එක්ක අපි ඉඳල හිටලා මුණගැහුණා - විනෝද ගමන් ගියා. මෙයා ඉතින් වැඩි කතාබහක් නැහැ. මුල් කාලෙ මම හිතුවෙ මෙයා මහ ආඩම්බරකාරයෙක් කියලා - හැබැයි ඒක එයාගෙ හැටි. අපි ට්‍රිප් ගියාමත් අපේ කතාබහ සීමිතවෙලා තිබුණෙ - දවසක් අපි කතරගම ගියා යාළුවො කට්ටියක් එක්ක. ඒ ගමන අතරතුර අපි දෙන්නා ජීවිතේ සමහර දේවල් ගැන අදහස් හුවමාරු කරගත්තා - එයා කතරගමදි තමයි මුලින්ම මගෙන් ඇහුවෙ ජීවිතේ හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව, විවාහවෙලා සෙට්ල් වෙන්න කැමති නැද්ද කියලා. මගේ හිතට ඒ වචන ටික තදින්ම වැදුණා. මම එයාගෙන් ඇහුවා එයාගෙ අනාගත බලාපොරොත්තු මොනවද කියලා. ව්‍යාපාර දියුණු කරගෙන හොඳ තැනකට එන්න ආසයි කිව්වා. මම හිතුවෙ විවාහයක් ගැන කියයි කියලා.

ඉතින් කවදද ඔහු ඔබට ආදරෙයි කිව්වෙ?

එහෙම කියන්න යනවා කියලා මට හොඳටම දැනුණ වෙලාවෙ මම ඇත්තටම එයාගෙන් ඇහුවා. ඊට කලින් මම එයාගෙ FB පින්තූරවලට එහෙම ලයික් කරනවා දැකලා, බතීෂ එයාගෙ යාළුවගෙන් අහලා තියෙනවා මගෙන් අහන්නද එයාට කැමතිද කියලා. මම ඉතින් එයාගෙන් ඇහුවා. එයාට ඒ වෙලාවෙ ඇතිවුණේ සතුටක් වගේම කම්පනයක් - මට හදවතින්ම ආදරේ කරන බව එයා කිව්වම මට මුළු ලෝකෙම අත්පත් කරගත්තා වගේ සතුටක් දැනුණා. මට මගේ ජීවිතේ ලැබුණු ලොකුම වස්තුව තමයි බතීෂ. ඔහු කිව්වා ළඟම තියෙන නැකත බලලා විවාහ වෙමු කියලා. ඒ අනුවයි අපි දෙන්නා මව්පියන්ගෙ ආශිර්වාදය මැද විවාහ වූෙණ්.

 මම බතීෂගෙ කටට බ්‍රේක් හයි කරනවා 

ඔය දෙන්නා විවාහ වෙලා තාම අවුරුද්දක්වත් නැහැ. හෙට අනිද්දට එන්නෙ ඔය දෙන්නගෙ පළවැනි ආදරවන්තයන්ගේ දිනය. මොනවගේ ආදරණීය සැලසුම් කරලා තියෙනවද?

ආදරය කරන එක ආදරවන්තයන්ගේ දිනයට විතරක් සීමා කරන එක වැරදියි කියලා තමයි මම විශ්වාස කරන්නෙ. ආදරයේ සතුට අපේ හිත්වල හැමදාම තියෙනවා.

බතීෂ ඔබ මොනවද ඒ ගැන හිතන්නෙ?

මමත් හිතන්නෙ ආදරය කරන්න විශේෂ දවසක් අවශ්‍ය නැහැ කියලා තමයි.

බතීෂ කියන්නකො ඔයා නදීෂාගෙ දැක්ක හොඳම ගුණාංග මොනවද කියලා?

මම නදීෂාව මුලින්ම ඇසුරු කරන්නෙ යෙහෙළියක් හැටියටනෙ. ඒ කාලෙ මම නදීෂාගෙ දැක්ක හොඳම ගුණාංගය තමයි ආගම දහමට තියෙන ළැදියාව. ඒ වගේම එයා පිළිවෙළට වැඩ කරන කෙළින් කතා කරන කෙනෙක්.

 අපි දෙන්නාෙග මුල්ම කතාබහ හලෝ-හායි 

නදීෂා කියන රංගන ශිල්පිනිය ගැන බතීෂ මොනවද හිතන්නෙ?

නදීෂා රඟපානවටනම් මම කැමති නෑ. ඒක හැබැයි එයා තීරණය කරන්න ඕනෙ.

නදීෂා ඔබ මොනවද කියන්නෙ...?

මම කොහොමත් රඟපෑවෙ චරිත තෝරබේරගෙන. ඒත් දැන් මම බතීෂගෙ අදහසට එකඟවෙලා අපේ පවුල වෙනුවෙන්, අපේ ආදරය වෙනුවෙන් කැපවෙනවා.

පණපිටින් හිටියොත් අපි දෙන්නම හොඳින්, සතුටින්, ආදරෙන් කොහෙ හරි රවුම් ගහන වෙලාවක අපව හම්බවෙයි

ඔබ දෙපළට එකම එක වරමක් ලැබුණොත් එකිනෙකාගෙ එක ගුණාංගයක් වෙනස් කරන්න, ඔබ මොනවද කරන්නෙ?

බතීෂ : නදීෂාට ඉක්මනට කේන්ති යනවා, ඉක්මන් තීරණ ගන්නවා. මම මුලින්ම ඒක නැති කරන්න කැමතියි.

නදීෂා : බතීෂගෙ කටට බ්‍රේක් හයිකරනවා.
දෙන්නගෙන්ම අහන අවසාන ප්‍රශ්නය. තව අවුරුදු දහයකින් අපට නදීෂා හා බතීෂ කොහේ කොතැනක  මුණගැහේවිද?

බතීෂ : ව්‍යාපාර දියුණුවෙලා හොඳ ව්‍යාපාරිකයෙක් හැටියට බොහෝවිට මාව හම්බවෙයි. ඒ ව්‍යාපාරයේ හවුල්කාරියක් හැටියට නදීෂා හිඳීවි.

නදීෂා : පණපිටින් හිටියොත් අපි දෙන්නම හොඳින්, සතුටින්, ආදරෙන් කොහෙ හරි රවුම් ගහන වෙලාවක අපව හම්බවෙයි.
සමහරවිට බබාලා එක්ක මොන්ටිසෝරි, ඉස්කෝලෙ යන ගමන්?

නදීෂා : ඒවා කියන්න  බැහැ.

බතීෂ : හැබැයි ඒ වෙනකල් ඉන්නෙ නැතුව, අපි ඊට කලින් ආයෙත් මුණගැහෙමු.

 

Tex – Ramesh Uvais / Pix – Sumudu Hewapathirana Costumes : Nilhan Senevirathne  

Make up : Thushara Soyza