දල්වන්න මේ පුණ්‍ය තීර්ථයේ
ස්නේහයේ පහනක්
ඈත කොහේදෝ නොදන්න ඉම හිඳ
වීදි දිගේ ඇවිදින්
හමායන්නේ
සංසාර සුළඟක්
නෙතේ ගැඹුරක දිලිහි දිලිහී
නැගෙයි තෙත කඳුළක්
නෙලාගනු රිසි
නෙලාගනු බැරි
මගේ සඳ සිසිලක්
එළිවැටක් නැති කවියෙ කවිකම්
සුන්දරද මෙතරම්
සංසාර ගිරි දුර්ග පසුකර
ආ සෙනෙහෙ වත්කම්
මගේ නොවුණට
මගේමයි කී
ස්නේහයේ වත්කම්