Y trend වල Number 01 අයෙත් අහලා. ලියලා වඩක් නෑ ඒ තරමට හැමෝම දන්නවා මේ සීන් එක. කොහොම වුණත් මේ කතාව නොකියා බෑ. මේක නිකම් රුධිර සංසරණ පද්ධතිය ගාණටම අද අපේ තාරුණ්‍ය Life එකට ඉන්පෝර්ට්. සමාජ ජාල, තේරෙන භාෂාවෙන් කිව්වොත් සෝෂල් මීඩියා. මේක ලොකු ටොපික් එකක්. අපි ඒ නිසා සෝෂල් මීඩියා ඇතුළේ තියන ටෙන්ඩ් කිහිපයක් ගැන අද කතා කරනවා.
ගන්න ගන්න මාගේ රූපේ මං ෆොටෝජෙනික් ඒ ඉස්සර. දැන් කවුද ඔහොම ටෝක් දෙන්නේ. කවුරැහරි ෆෝටෝ ගන්න කල් බලන් ඉන්න සීන් එකක් අද කාලේ නෑ. අපිට තියෙනවා සෙල්ෆි. අතන මෙතන කොහේ ගියත් කට අඹුල් කරගෙන, මූණූ බෙරි කරගෙන, දිව එළියට දාගෙන අපි ගන්නවා සෙල්ෆි. එහෙම ගහපු සෙල්ෆි නමද ගමද වයස එක්ක විස්තරේ පත්තරේ දාන්නේ නෑ. ඒකට තියෙනවා බුකිය. සෙල්ෆි ගහනවා. බුකියේ දානවා. ලයික් වැටෙනවා. කමෙන්ට් වැටෙනවා. ආතල් කෝටියයි. සුන්දරයි ඒ වගේම භයානකයි. මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක සෙල්ෆි ගහන්න ගිහින් ලෝකේ ගොඩක් දෙනෙක් අවසන් ගමන් ගිහිල්ලත් තියෙනවා.
සෙල්ෆියක් කියන්නේ මතක වස්තුවක් කියන ආකල්පය තාරුණ්‍ය අතරේ තියෙනවා. ට්‍රිප් එකක් ගියාම, උත්සවයකදී, තව ස්පෙෂල් ඉවෙන්ට් එකකදී සෙල්ෆි ගන්නේ මේ හේතුව නිසා. මේකේ තව පැත්තක් තියෙනවා සමහරු තනියෙන් සෙල්ෆි ගහලා දානවා බුකියට Instergram එකට. ඒ ඇයි? ඒක නෝමල් දෙයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සෙල්ෆි අතුලේ සෙල්ෆිෂ් හැඟීම් තියෙනවා නිකන් පොර සීන් එක වගේ. අලුතින් ඇඳුමක් ගත්තම, ෆෝන් එකක් ගත්තම ගොඩක් දෙනෙක් සෙල්ෆියක් ගහලා බුකී ගතකරනවා. ගෑනු ළමෝ තමා ඒ වැඩේට දක්ෂ. හැබැයි ඔය සීන් එක සම්භාව්‍ය විදිහට පැහැදිලි කරනවා නම් ඕක තමයි ප්‍රදර්ශන කාමය. ඒ කියන්න තමන්ව ප්‍රදර්ශනය කරලා හිතින් පොඩි ආතල් එකක් ගන්නවා.
ඊළඟට ඔය සෙල්ෆි සීන් එකට ළඟින් යන කතාවක් තමා කියන්නේ, Like, Comment. දැන් අපි හිතමුකෝ බුකී ලෝලියෙක් සිය ජායාරූපයක් බුකී ගත කළා කියලා. ඊළඟ මොහොතේ ඉඳන් මානසිකත්වය මොකක්ද? Like කීයක් වැටිලාද කියන එක. සැරෙන් සැරේ ගිහින් බුකියට ගිහිල්ලා නොටිෆිකේෂන් බලනවා. දැන් කීයද? දැන් කීයද? කියලා. ක්ෂණිකව ලැබෙන ප්‍රතිචාර නිසා එයාට දැන් පට්ට හැපී. ඒ වගේම තමන් විසින්ම කුතුහලයක් හදාගන්නවා මනසින්. ඒක පොඩි සයිකෝ සීන් එකක්. දැන් බුකීයේ ලයික් වගේම අන්ග්රි මූඩ්, නැත්නම් චාටර් මූඩ් රියැක්ෂන් දාන්න පුළුවන්. ඔයින් එකක් කවුරැ හරි දැම්මොත් සිත පත්තුවෙනවා. චාටර්නේ. මොකද මේ ෆෝටෝ එක සෑහෙන බලාපොරොත්තු තියාගෙන දැම්මේ. හිතාමතාම හොඳ ෆෝටෝවලට එහෙම රියැට් දාන කුප්ප ඩයල් ගොඩක් කට්ටියගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට්වල ඉන්නවා. ඔය ගොඩක් ගෑනු ළමයි චාටර් Comment වලට කැමති නෑ. එයාලා එව්වා ඩිලීට් කරනවා. තව රිප්ලයි කමෙන්ට් කරගෙන කට්ටිය වලි දාගන්න සීන් එකකුත් තියෙනවා.
තව පට්ට සීන් එකක් තියෙනවා. මේක ගොඩක් අය දන්නේ නෑ. ෆරේක් සෙට් එකක් ඉන්නවා බුකීයේ. කියන්නේ ව්‍යාජ නම් වලින් තමයි මෙයාලා බුකියේ සැරිසරන්නේ. ඒවා අාතල් නම්. මේ අය අතර හිතමිතුරුකම් ආරවුල් වගේම පට්ට ආතල් සීන් තියෙනවා. Page ඇඩ්මින්ලාත් ඉන්නවා මේ සීන් එකේ. ඒක නිකම් වෙනම ලෝකයක් වගේ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඉන්නවා.
කතාව ටිකක් වෙනස් වුණා. ඔන්න අපි ආයේ සීන් එකට එනවා. බස් එකේ ට්‍රේන් එකේ කවුරු හරි ෆෝන් එක ඇදලා බුකී ගතවුණොත් මේක බෝ වෙනවා ළඟ ඉන්න බුකී ලෝලීන්ට. වෙලාවකට කිසිම හේතුවක් නැතුව ටයිම් ලයින් එකේ උඩහට පහළට යනවා සමහරැ. අද තාරුණ්‍ය වයසට ගිහින් හැටපැන්නම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි ජීවිතයෙන් තුනෙන් එකක් විතර ඉඳලා තියෙන්නේ මේ සෝෂල් මීඩියාවල කියලා. ඒ වුණාට එක දෙයක් තියෙනවා. මේ සීන් එකේ ඉන්න එයට ලෝකේ කොහේ ගියත් තනිකම කියන හැඟීම දැනෙන්නේ නෑ. මොකද එයාලා වෙනම ලෝකයක ඉන්නේ. දැන් අනුන්ගේ ඕපාදූප හොයන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. අසල්වැසි නෑසිය හිතමිතුරු සනුහරේම බුකියේ ඉන්නවා නම්. අපි හිතමුකෝ කොල්ලො සෙට් එකක් සෙට්වෙලා කතා කර කර ඉන්නවා කියලා එතකොට දැක්ක උඹ අර සීන් එක, අරකි FB දාලා තිබ්බේ ඔයවගේ කතා බොහොම සාමාන්‍යයයි.
බුකීවාසීන්ට කාලෙන් කාලෙට ආතල් ගන්න මාතෘකා රටේ තියෙනවා. ඒ වාගේම ස්ටාර්ස්ලා ඉන්නවා කාලෙන් කාලෙට. හැබැයි අලුත් සීන් එකක් ආවම පරණ එවා මතක නෑ. ඒ ඉතින් හැටිනේ සිරිලංකාවේ. බුකියේ දාන පෝස්ට් එකක් ෆෝටෝ එකක් එක රැයකින් රටේම හිට් එකක් වෙන්න පුළුවන්. ඒක නිකම් ලොතරැයියක් ඇදෙනවා වගේ අහඹු කේස් එකක්. ඒත් ගොඩක් අයට ඔය ලොතරැයි ඇදෙන්න අපල කාලෙට. රටම චාටර් වෙනවා. වයස ගිහිල්ලා අලුතින් බුකියේ සාමාජිකත්වය අරගෙන එන ඇන්ටිලා අංකල්ලා ඉන්නවා නේද? එයාලට මේක මැජික් රිලවුන්ට කණ්ණාඩි හම්බවුණා වගේ. අපි නෙවෙයි බුකී කොල්ලෝ තමා ඔහොම කියන්නේ.
මේ අතර බුකීයේ විචාරකයෝ, කවියෝ, ක්‍රිකට් පිස්සෝ, දේශපාලන උන්මාදකාරයෝ, ජාතිවාදීන්, සමනල් චරිත, ස්ත්‍රී ලෝලීන්, රැඩිකල් පොරවල් වගේ එක එක චරිත අපිට හම්බ වෙනවා. ඔය ගොඩක් දෙනෙක් තමන් කැමති ප්‍රතිරූපය ප්‍රොෆයිල් එක ඇතුළේ මවා ගන්නවා. මං මෙහෙම එකෙනෙක්* ඒක තමා ඇත්තම සීන් එක.
facebook ගැන තමා වැඩිපුර කතා කරේ. Instergram එක කියන්නේ ඊළඟට ලංකාවේ ජනප්‍රියම සෝෂල් මීඩියා එක. ඒකේ ෆෝටෝ Short Video Clip තමා පොස්ට් වෙන්නේ. ලස්සන මුහුණුවලට ඇස්වහ වැටෙන පොට් එකක් තමා මේක. අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රදර්ශන කාමයේ උපරිමය. ගෑනු ළමෝ නිළියෝ මොඩල්ලා නානප්‍රකාර ෆෝටෝ දානවා. මේ දවස්වල Video කෑලී දාන සීන් එක නැගලා යනවා. ඩප් කරපුවා අනම් මනම්. ඒ වලට වෙනම ඇප් තියෙනවා. Followers ලා වැඩිකර ගන්න එක්ක තමා ඉන්ට්‍ර එකේ කාගෙත් සිහිනේ.
tweeter එකේ ඉන්න අය අමනාප වෙන්න කාරී නෑ. ඒක වෙනම සීන් එකක්. ටිකක් පොෂ් වැඩියි. සිංහලෙන් ටුවිට් කරන ශ්‍රීලංකන් මොඩල් එකේ හදාගත්ත සෙට් එකක් ඉන්නවා ඒකෙත්. Follow තමා ඒකෙන් හීනේ. හැබයි ටුවිටර් එකේ සෙට් එකට අනික් සෝෂල් මීඩියා එච්චර දිරවන්නේ නෑ. අනික් අයට ටුවිටර් තේරෙන්නේත් නෑ. ලෝක මට්ටමෙන් බැලුවාම නම් ට්විටර් එක තමා පිළිගැනීම අතින් ඉස්සරහයින්ම ඉන්නේ. තව ගොඩක් සෝෂල් මීඩයා තියෙනවා. ලංකාවේ හිට් එකේ තියෙන්නේ මේ තුන.
අපේ කතාව දික් ගැහුණා දැන් අවසාන අදියරට එන්නම් කෝ. පොතක් ලියන්න තරම් කතා ගොඩයි. මඟ හැරුණ ඒවලට සොරි වෙන්න ඕනා. කතාව මෙහෙම ඉවර කරන්නම් කෝ. අද සීන් එක ඔයාට ලිව්වේ බස් එකේ යන ගමන් ෆෝන් එක use කරලා. සුදු ලස්සන ගෑනු ළමයෙක් මගේ එහා පැත්තේ වාඩිවෙලා ඉන්නවා. නැග්ග වෙලේ ඉඳන් ෆෝන් එක අතේ. fb ඉන්නේ. සැරෙන් සැරේ මූඩ් එක චේන්ජ් වෙනවා ඉඟුරු බිස්කට් කාලා වගේ. ඔන්න අපි එහෙනම් Log Out. ලබන සතියේ සෙට් වෙමු.
► Text - Nisal / Pic – Internet