2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ප්‍රවිණයාගේ මඟුලට හරි බර බරේලු

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

මේකත් ඊයේ පෙරේදා අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙ විවාහය ගැන කතාවක්. ඔය රංගන ශිල්පියාගෙ විවාහය නිසා සමාජ ජාලවල මාර පෝස්ට් ටිකක් ගියා. එයා ගැන විතරක් නෙවෙයි, අහක ඉන්න අයවත් ඕවට සම්බන්ධ කරලා තිබුණා.
දැන් ඊළඟට ඔහොම කරන්නෙ කවුද? අරයාද මෙයාද? වගේ පෝස්ට් අපි දැක්කා. අර නළුවගෙ දුරකතනයටත් කට්ටිය මේ වගේ පෝස්ට් දානවලු. කෝල් කරනවලු. බණිනවලු. බැරිම තැන ඔහු කාගෙවත් කෝල්වලට උත්තර දෙන්න ගියෙ නැහැල්ලු.
ඒත් එක නොම්මරේකින් මිස් කෝල් 10ක් විතර තිබුණලු. ඒකෙන් එස්.එම්.එස්. එකකුත් ඇවිත් මම ප්‍රින්සිපල් කියලා.

මිනිහා බයටම ඒ නොම්මරේට කෝල් එකක් දුන්නලු.

හා දැන් තමුසෙ රිවස් ගියර් එකට දාලා යන නිසා ඉක්මණට ළමා කාලෙටත් යයි. ඊළඟ අවුරුද්දෙ පළමු වසරට ඇතුළත් වෙන්න ඕනනම් අද හෙටම ඇප්ලිකේෂන් ෆෝම් එකක් දාන්න.
මේකත් එයාගෙ යාළුවෙකුගෙ ලණුවක් කියලා තේරිලා තියෙන්නෙ පස්සෙලු.

මේක හැමතැනම නවත්තනවද?

අපේ කලා ක්ෂේත්‍රයේ වසර ගණනාවක සිට නියැලිලා ඉන්න ශිල්පියෙක් බොහෝ වෙලාවල්වලට ගමන් කරන්නෙ කෝච්චියෙන්ලු.
ඉතින් කෝච්චියේ යන එන ගමන් ඇහෙන රස කතා එහෙම සෙට්වලට ඇවිත් කට්ටිය එක්ක කියලා විනෝද වෙනවලු.
එයාට ඔන්න ළඟදී එහෙම වෙච්ච සිද්ධියක් තමයි මේ කියන්න යන්නෙ.

වේයන්ගොඩ පැත්තෙ ඉඳන් කොළඹට එන කෝච්චියේ මෙයා එනවලු. රාගම ස්ටේසමේ කෝච්චිය නැවැත්තුවාම වේදිකාවෙ හිටිය ගෑනු කෙනෙක් ඇහුවලු, මේක හැමතැනම නවත්තනවද? කියලා.
මෙයා ගත්කටට නැහැ කියලා. 

රාගම ස්ටේසමේ කෝච්චිය ටික වෙලාවක් නරත කරලා සිග්නල් නැතුව. ඔන්න එකපාරටම අර ගෑනු කෙනා මෙයා ළඟට ඇවිත් බණිනවලු, පට්ට බැණිල්ලක්.
මම වනවාසල බහින්නෙ. ඔහේගෙ කීම අහලා මම මේකට නැග්ගෙ. නැත්තම් මට තව පැයක් මෙහෙ ළඟින්න වෙයි ඊළඟ කෝච්චිය එනකම්, අර මනුස්සයා කියාගෙන යනවා.
ඉතින් මම මොනවද කිව්වෙ? නඟින්න එපා කිව්වද?

ඔහේ කිව්වෙ මේකෙ හැමතැනම නවත්තන්නෙ නැහැ කියලා. ඒත් මම අහලා බැලුවා. මේක ස්ලෝ එකක්.
හැමතැනම නවත්තන්නෙ නැහැ තමයි. මේක නවත්තන්නෙ ස්ටේෂන්වල විතරයි.

 

අපේ සීයාගෙ ක්ලාස්මේට් බඳිනවලු

මේ දවස්වල වෙඩින් ගැන ආරංචි වෙනවා, වෙඩින්වලට ආරාධනා ලැබෙනවා. ඒ අස්සෙ ලොකු ලොකු කට්ටිය පොඩි පොඩි කට්ටිය බඳිනවා, මාර මඟුලක් වෙලා.
ඒ අස්සෙ අපේ කලා ක්ෂේත්‍රයේ නැඟී එන නිළියක් ඊයෙ පෙරේදා දවසක ෂූටින් ආපු තැනක අපූරු කතාවක් කියලා.
ඊයෙ රෑ අපේ සීයා වෙඩින් එකකට ගියානෙ.

ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?

වැරැද්ද ගැන නෙවෙයි අනේ මම කිව්වෙ. සීයා ගියේ එයාගෙ ක්ලාස්මේට් කෙනෙකුගෙ වෙඩින් එකට, ඇය කිව්වලු.
ඔව් අනේ ඕගොල්ලො පුදුම වෙන්න එපා. ඒ යාළුවා බැඳලා රට ඉඳලා තියෙන්නෙ. නෝනා නැතිවෙලා අවුරුදු 5කට කලින්. ළමයිනුත් බැඳලා වෙනම ඉන්න නිසා, මෙයාගෙ තනි නොතනිය මකාගන්නලු ආයෙත් විවාහ වුණේ.
හරි ෂෝක් මඟුලක්නෙ!

 

► Text - Mithra

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00