සම්මානනීය නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ ඔහුගේ නවතම නර්තන මුද්‍රා නිර්මාණය සීතාගේ කතාව එළිදක්වන ලදී.
විශාරද එඩ්වඩ් ජයකොඩි මාරම්බරී සංගීත ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පවත්වන ලදී.
1950 දශකයේ ජනප්‍රිය නිළියක වූ සුජාතා විජේසේකර දිවි රඟමඬලෙන් සමුගනී.
ආචාර්ය රෝහණ වීරසිංහගේ පුත් කළිඳු වීරසිංහ සිය කුළුඳුල් සංගීත ඇල්බමය තාරකා මල් ජනගත කරන ලදී..
ප්‍රවීණ ගායක හා සංගීතවේදී කීර්ති පැස්කුවල් EVERGREEN නමින් නව සංගීත කණ්ඩායමක් බිහිකරන ලදී.
ජනප්‍රිය රංගන ශිල්පී අර්ජුන කමලනාත් අධ්‍යක්ෂණය කළ කුසල් චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණි.
බෙනට් රත්නායකගේ නවතම චිත්‍රපටය වන නෙලා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි.
සංගීත නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි හා විශාරද අනුරාධා නන්දසිරි ඉදිරිපත් කළ දූ අනුරාධා සංගීත ප්‍රසංගය නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණි.
චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු MPI චිත්‍රපට මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයකු ලෙස බැඳේ.
දේශීය චිත්‍රපට සංරක්ෂණය කිරීමේ අරමුණින් දමිත් ෆොන්සේකාගේ මූලිකත්වයෙන් පස්දින වැඩමුළුවක් සංවිධානය කෙරුණි.
ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකරගේ කුළුඳුල් ඒකපුද්ගල ප්‍රසංගය සඳකිනිති නැමී නමින් කොළඹදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම සිනමාවේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී.
ප්‍රවීණ ගායක රෝහණ සිරිවර්ධනගේ මුල්ම ඔබේ අතගෙන ඒකපුද්ගල සංගීත ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වුණි.
ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරියගේ නවතම සංගීත ඇල්බමය සිත නිවන ගී ජනගත කෙරැණි.
ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස්ගේ වයිශ්නාවී චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹුණි.
ප්‍රවීණ ගායක සී.ටී. ප්‍රනාන්දුගේ පුත් ග්‍රියන්ත ප්‍රනාන්දු දිවියෙන් සමුගනී.
ප්‍රවීණ සිනමාකරු උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ චිත්‍රපටයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි.
කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කොළඹදී ආරම්භ කෙරුණි.
ප්‍රවීණ ගත්කරු හා තිරකතා රචක සෝමවීර සේනානායක දිවියෙන් සමුගනී.
ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රවීණ සිනමාවේදී ඩොනල්ඩ් ජයන්තට කලාකීර්ති, දේශමාන්‍ය සම්මාන පිරිනැමුණි.
ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න දිවියෙන් සමුගනී.
ජනප්‍රිය නළු රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි.
තරු සමඟ රැයක් නමින් වර්ණවත් ප්‍රසංගයක් මීගමුවේදී පැවැත්වුණි.
සම්මානනීය නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන වෙස්මූණ ගලවන්න වේදිකාගත කරයි.
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ යශෝධරා චිත්‍රපටය සිංගප්පූරුවේදී තිරගත කෙරුණි.
ජනප්‍රිය රංගන ශිල්පී හා සිනමාකරු රෝයි ද සිල්වාගේ ජීවන චරිතය අළලා අඩසියවසක සදාදර රෝයි නමින් පොතක් එළිදැක්වුණි.
නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියේ 50 වැනි වසරට සමගාමීව ප්‍රණාම උළෙලක් කොළඹදී පැවැත්වුණි.
ඉතිහාසයේ මුල්ම වතාවට ජනප්‍රිය රංගන ශිල්පිනී නදීශා හේමමාලි චීන ටෙලි මාලාවකට රංගනයෙන් දායක වෙයි.
ප්‍රවීණ මාධ්‍යවේදී අනුර වන්නිආරච්චි ගී ප්‍රස්තාර ශතකය පස්වැනි කොටස එළිදක්වන ලදී.
ප්‍රවීණ ගායක හා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක සිය නවතම ඒකපුද්ගල සංගීත ප්‍රසංගය සරස නමින් ආරම්භ කරන ලදී.
ප්‍රවීණ ගායක රෝහණ සිරිවර්ධනගේ ඔබේ අතගෙන ප්‍රථම ඒකපුද්ගල සංගීත ප්‍රසංගය මහරගමදී පැවැත්වුණි.
ප්‍රවීණ ගායිකා නෙරංජලා සරෝජිනී පීරිස් හා අනුරාධා නන්දසිරි ඔස්ට්‍රේලියාවේදී නෑසෙන ගී ප්‍රසංගයට සහභාගි වූහ.
සම්මානනීය මාධ්‍යවේදී හා ලේඛක ගුණසිරි සිල්වා ඔහුගේ මාධ්‍ය ජීවිතයේ 35 වැනි වසර සමරනු වස් පොත් 4ක් ප්‍රකාශයට පත්කරන ලදී.
ජාතික රූපවාහිනියේ තාල භාෂණ වැඩසටහන ජනප්‍රිය නිවේදිකා තනූජා ජයවර්ධන විසින් මෙහෙයවන ලදී.
ජනප්‍රිය බොලිවුඩ් තරු පිරිවරාගත් හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණි.
සිව්වැනි යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
ජනප්‍රිය ගායක හා රංගන ශිල්පී රොනී ලීච් ඔස්ට්‍රේලියාවේදී හදිසියේ අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීපද රචක ආනන්ද පද්මසිරි ලියූ ගීත ඉදිරිපත් කරමින් ගී ආනන්දේ 39 නමින් සංගීත ප්‍රසංගයක් කොළඹදී පැවැත්වුණි.
සම්මානනීය සිනමාවේදී චන්ද්‍රන් රත්නම්ගේ එකෝඩින් ටු මැතිව් හා මැතිව් චිත්‍රපට යුගලය සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි.
අරකාවිල නර්තන හා නාට්‍ය පදනම සිය දසවැනි සංවත්සරය සමරයි.
ජනප්‍රිය ගායක කීර්ති පැස්කුවල් සිත කොහේදෝ ගිහින් නමින් සිය අලුත්ම ගීතයේ රෑපරචනාව එළිදක්වන ලදී.
සුප්‍රකට ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය ඊෂා අම්බානිගේ මංගල උත්සවය සඳහා චන්දන වික්‍රමසිංහගේ නර්තන කණ්ඩායම සහභාගි වූහ.
ප්‍රවීණ ගායක හා සංගීතවේදී උපාලි කන්නංගර දිවියෙන් සමුගනී.
ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්ගේ පුත් ටිරෝන් ජෝන්ස් සිය ඒකපුද්ගල සංගීත ප්‍රසංගය මිදි පොකුරක් නමින් කොළඹදී පවත්වන ලදී.
► Text — Ramesh Uvais