සයිටම්
ඒකත් දැන් ලංකාවේ තවත් එක ජාතික ප්‍රශ්නයක් වගේ
සාරෙට ප්‍රශ්නය මුල් අදිනවා
කට්ටිය හිටු කියලා ප්‍රශ්නය විකුණනවා
නිදහස ලැබිලත් අවුරුදු 70ක්
යුද්ධය ඉවරවෙලත් අවුරුදු 8ක්
තාමත් රට සංවර්ධනය වෙන රටක්
පෞද්ගලික විශ්ව විද්‍යාල රටකට ඕනෑ
හැබැයි එක කොන්දේසියක්
ප්‍රමිතිය ප්‍රමිතියම විය යුතුයි
ලංකාවෙ විශ්ව විද්‍යාල තියෙන්නෙ කීයද?
ඒ විශ්ව විද්‍යාලවලට අවුරුද්දකට ගන්නෙ ශිෂ්‍යන් කීයද?
උසස් පෙළ විභාගයෙන්
හැබෑම දක්ෂයන් මඟ හැරිලා
වෙන එකෙක් සරසවියට සුදුසුකම් ලබන්නත් පුළුවන්
විභාගයෙන් දක්ෂයන් තෝරන මේ ක්‍රමවේදය
ඇත්තටම අසාර්ථකයි
ඒ එකක්
අනිත් එක
සල්ලි තියෙන දරුවන් පිටරට විශ්ව විද්‍යාලවලට යනවා
එක පැත්තකින් රටේ සල්ලි විදේශවලට ඇදිලා යනවා
සරසවි යන්න එක ලකුණත් අඩුවෙන එක,
අන්තිමේදී කුඩුකාරයෙක් - ගණිකාවක් නැත්නම්
ඔහේ ආතක් පාතක් නැති එකෙක් වෙලා
නවතින්නත් පුළුවන්
එහෙමත් නැති දරුවෝ සමහරවිට නන්නත්තාර වෙනවා
ඒ දරුවන්ට ඉගෙන ගන්න අයිතියක් හදන්න බැරි ඇයි
ජාත්‍යන්තර පාසල්වල දරුවන්ටන් විශ්ව විද්‍යාලවලට යන්න හැකි
ක්‍රමයක් හදන්න බැරි ඇයි
අපි මේ කතා කරන්නේ
උපාධි කඩ දාන්න කියන එක ගැන නෙවෙයි
ප්‍රමිතියක් ඇතුව පෞද්ගලික විශ්ව විද්‍යාල හදමු කියන එක ගැන
කුහකත්වය පැත්තකට දාලා
අපි දැන්වත් හිතමු
හැම දරුවෙක්ම දරුවෙක්
I Sanju