නුඹේ කෙහෙරැලි අගක තැවරුණු
සුවඳ හීනෙන් වගේ ඇවිදින්
අතීතෙට මා එක්ක යනවා
වේදනා වීදිය දිගේ
සුවදෙන සිහිනෙක
නිම්හිම් නොදැනෙන
විරහ වේදනා පාර දිගේ
සියුම් අහුමුලු අවුස්සාගෙන
එදා නුඹ කියවූ හිතේ
එදා මෙන් අදටත් හිඳී නුඹ
මට පෙනෙන නොපෙනෙන දුරින්
ඈත ආකාස කුසුමේ
වැහි නේන සවසක් බලා
කඳුළු දොරකඩ හුදකලා වෙමි
කාත් කවුරැත් නැති මෙදා
නුඹ උන්නු තැන නුඹටමයි
මතකනම්
සෙනෙහස එදා
♦ SAARA