ගයාන් වික්‍රමතිලක
අන්තර්ජාලය ඔස්සේ ඔබ පූර්ණිකාගේත් සහන්ගේත් විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා. මේ කතා ඇත්තද?
ඔය වගේ දේවල් පෞද්ගලිකව සිදුවණ දේවල්. ඕනෑම පවුල් ජීවිතයක මේ වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි ඔය කිසිම වෙබ් සයිට් එකකට මේ ගැන කියලා නෑ. ඔය කියන පුද්ගලයා තමයි මුලින්ම මේ දේවල් කියලා තියෙන්නේ.
ගයාන්.... ඔබ එක තැනක සඳහන් කරලා තිබුණා සහන් දරුවව ඉල්ලනවා... පූර්ණිකාගේ ජීප් එක අරගෙන ගියා කියලත්. ඒක ඔබ කියපු කතාවක් නෙමෙයිද?
ඒක ඒ අය පළකරපු දෙයක්. ඔය මනුස්සයා පදින වාහනෙත් නංගිගේ වාහනයක්. ගෙයත් පූර්ණිකාගේ. ඔය දේවල් සමසේ බෙදාගමු කියලා තමයි ඔය මනුස්සයා කියන්නේ. පහුගිය කාලයේ මාත් එක්ක මතභේද හදාගත්ත පුද්ගලයෝ ඉන්නවනේ. ඒ පුද්ගලයින්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මේ කියන පුද්ගලයාත් අර පාරෙන් යන්න උත්සාහ කරනවා. ඔය ඔක්කොම එකට එකතුවෙලා තමයි මේ වැඩේ කරන්නේ. මේකෙන් මට නම් කිසිම හානියක් වෙන්නේ නෑ. මම සමාජය ඉස්සරහදී වුණත් හරි විවෘතව කතා කරන කෙනෙක්. මම කොහෙත්ම හංගගෙන කතාකරන කෙනෙක් නෙමේ.
ගයාන් ඔබ කියලා තිබුණා සහන් කියන්නේ පිරිමින්ට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් කියලත්...?
තවත් කෙනෙකුට මඩ ගහන්න මම අවංකවම කැමති නෑ. එහෙම මඩ ගහන්න... එයාලගේ තියෙන දුර්වලකම් එහෙම කියන්න මම කොහෙත්ම කැමති නෑ. නමුත් ඔය කියන පුද්ගලයා පූර්ණිකා එපාර්ට්මන්ට් එකක හිටපු කතාවක් කියලා තිබුණා. ඇත්තම කතන්දරේ ඒකට තමයි මට ඔය කතන්දරේ කියන්න සිද්ධ වුණේ. ඒකේ ඇත්ත නැත්ත දන්නෝ දනිති.
ඔය කතාවට පේෂල මනෝජ්වත් සම්බන්ධ කරලා තිබුණා නේද...?
ඔව්.... පූර්ණිකා පේෂල කියන පුද්ගලයා එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලනේ. ඔය ප්‍රශ්නය ඇදලා තියෙන්නේ. නමුත් මම දැනුම්වත්ව එහෙම කිසිම සම්බන්ධයක් නෑ. ඒක තමයි මම ඒ ගැන විවෘතව කතා කළේ. හැබැයි එහෙම සම්බන්ධයක් ඇතිවුණත් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ කියලා මම කිව්වා. ඕනෑම ගැහැනියෙක්ට අභිමානයක් කියලා දෙයක් තියෙනවා. නමුත් අද මේ වෙද්දී කීප දෙනෙක් එකතුවෙලා අනවශ්‍ය දේවල් කියනවා. Face book එකෙන් අනවශ්‍ය කතා කියනවා.
ඔය සමාජ වෙබ් ජාලයේ එක එක්කෙනා කියලා තියෙන කතා ගැන මොකද හිතෙන්නේ?
කළු සුද්දා, සුදු මල්ලී, සෝමා අක්කා, ගොබිලියා, චූටි මල්ලි වගේ නම්වලින් ඉන්න අය තමයි ඕවට Comment දාලා තියෙන්නේ. මම Face book එකෙන් Comment එකක් දානවානම් දාන්නේ මගේ නමින්. ඉතින්.... ඔය වගේ අන්වර්ථ නාමයෙන් ඕවා දාන්නේ කොන්ද පණ නැති අය.
ගයාන් හා පූර්ණිකා සම්බන්ධයෙනුත් කතා කියලා තිබ්බා....?
ඔව්... ඉතින් බලන්නකෝ... අයියා කෙනෙක්ට නංගි කෙනෙක් වෙනුවෙන් කතා කරන්න බැරි සමාජයක්නේ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මායි චතුරිකාත් අතරත් ප්‍රශ්න ඇතිවුණා කියලා සමහරු කිව්වා. එහෙම කිසිම ගැටලුවක් ඇතිවුණේ නෑ. මම මේ ප්‍රශ්න හැම එකකටම මැදිහත් වෙන්නේ පූර්ණිකා නිසා නෙමෙයි චතුරිකා නිසාමයි.
පූර්ණිකා පීරිස්
අනේ සමාවෙන්න... මම ඒ ගැන දැන් කිසිම දෙයක් කියන්න කැමති නෑ. මට පොඩි දරුවෙක් ඉන්නවානේ. එයා දැන් මොන්ටිසෝරි යනවා. ඒ දරුවාගේ ජීවිතයට අවනම්බුවක් කරන්න මම කොහෙත්ම කැමති නෑ. ඒ නිසා ඒ සම්බන්ධව මම කිසිම දෙයක් කියන්නේ නෑ. එයාලා කරන මෝඩ වැඩ මම කරන්නේ නෑ. පුතා ඉන්නේ මගෙත් එක්කමයි. මම තමයි එයාව මොන්ටිසෝරි ගෙනියන්නේ. හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.
සහන් අබේසේකර
සහන් පුවත්පත්වල වෙබ් අඩවිවල ඔබේත් පූර්ණිකාගේත් වෙන්ව යාම ගැන ඔබ විවිධ අදහස් කිව්වානේ...
සමාවෙන්න, මම දැන් ඕක ගැන මුකුත් කියන්නේ නැහැ කියන තැන ඉන්නේ. මුකුත් හිතන්න එපා. එයාලා මට මඩ ගැහුවට මම එයාලට මඩ ගහන්න යන්නේ නැහැ. ඒ නිසා මම ඒ ගැන මාධ්‍යයට කිසිම දෙයක් කියන්නේ නැහැ.
සහන්.... ඒ වුණත් පූර්ණිකාගේත් ඔබේත් වෙන්ව යාම මුලින්ම මාධ්‍යයට කිව්වෙත් ඔබමයි....
මෙහෙමයි... ඒ සම්බන්ධව ෆීල්ඩ් එකේ බොහෝ දෙනෙක් දැනගෙනයි හිටියේ. නමුත් මම ඒ ගැන ලොකුවට කිව්වේ නෑ. මම ඒ ගැන අදහස් ලොකුවට ඉදිරිපත් කළෙත් නෑ. මම දැන් කාටවත් මඩ ගහන්නේ නෑ.
ඒත් ඔයා නේද පේෂලයි, පූර්ණිකයි සම්බන්ධව කතාවක් කිව්වේ?
නෑ... නෑ.... මම එහෙම පේෂල ගැනවත් කා ගැනවත් කියලම නෑ. අපි දෙන්නගේ ප්‍රශ්නයක් මත ඇතිවුණ දේට මොකක්ද කාරණාව කියලා මම කියන්න ගියේ නෑ.
පේෂල මනෝජ්
පේෂල මොකක්ද මේ පූර්ණිකාගෙයි ඔයයි අතරේ තියෙනවා කියන සම්බන්ධය?
මමනම් කියන්නේ මනුස්සයෙක්ගේ family එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා දැනගන්න ඕනේ... ඒවා විසඳගන්න ඕනේ ඒ ගෙවල් ඇතුළෙ. එහෙම නැතිව මේවා සමාජයට කියාගෙන ඇයි මෙහෙම දඟලන්නේ. මොකක්ද ඒවායින් බලාපොරොත්තු වෙන්නේ. අපි ඔක්කොම මිනිස්සුනේ අනේ. රටේ පුංචි නමක් තියෙන එක හරි. එහෙමයි කියලා අපිට අපේ ජීවිතයක් නැද්ද... ඇයි මේ මිනිස්සු ඔය දේවල්වලට මාව සම්බන්ධ කරගන්නේ.
ඒත් ප්‍රසිද්ධිය නිසා ඒ කතා පැතිරෙනවා වැඩියි නේද පේෂල?
පවුල් ජීවිතවල ප්‍රශ්න ඇතිවෙන්නේ කලාකරුවන්ගේ විතරක් නෙවෙයිනේ. ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්න තියෙනවනම් ඒ මිනිස්සු ඒවා විසඳගන්න ඕනේ. මේ මාවත් ගාවගෙන, අපේ නම් ගාවගෙන නිකන් මුළු සමාජයටම විහිළුවක් වෙලා. මටනම් හිතෙන්නෙම ඒකෙන් එයා වෙන ලොකු ප්‍රසිද්ධියක් ගන්න හිතනවා. ඇති දේකුත් නෑ... අන්තිමට ඒ මිනිස්සුම එයාලගෙම මූණේ දැලි ගාගන්නවා.
පූර්ණිකායි ඔයයි අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා කතාවක් ඇතිවෙලා තියෙනවා කියලා පේෂල මුලින්ම දැනගනිද්දී මොකද හිතුණේ?
මට හිතුණ මුන්ට සයිකෝ කියලා. මම ගැන ගොසිප් දාලා තිබුණා මම කසාද තුනක් කරගත්තු කෙනෙක් කියලා. ඒවා බොරු කතානේ. මිනිස්සුන්ට පොඩි මඩක් ගැහුවට කමක් නෑ. ඒත් බොරු කතා කියලා මඩ ගහන එක නරකයි. මම ඕවට කතා නොකර හිටියෙ. කසාද තුනක් බඳිනව තියා මම ඉන්දියාවේ ඉඳන්ම ලංකාවට ආවේ 2010. ඊට පස්සෙ කැම්පස් එකේ වැඩ කරලා මේ නිවේදන වැඩ තියෙද්දී මම කොහොමද දෙයියනේ කසාද තුනක් බඳින්නේ. අපේ ලංකාවේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයක් තියෙනවනේ. ඉතින් ඇත්ත නැත්ත බලන්න පුළුවන්නේ.
ඔය තුන්දෙනාම කාලයක් එකම පෞද්ගලික නාලිකාවක සේවය කළානේ. සහනුයි ඔයයි මිතුරෝද?
නෑ... නෑ... එහෙම ලොකු ආශ්‍රයක් නෑ. මට එහෙම හැමවෙලේම හම්බවෙන්නෙත් නෑ... හම්බවුණත් ආ හලෝ... කිව්වා. එච්චරයි. සහන්ලාගේ හරි පන්ති භේදයක් තිබුණා. මම ඒ නාලිකාවේ පූර්ණිකාලීනව සේවය කරපු සේවකයෙක් නෙමේ. කැම්පස් එකේ වැඩකරන ගමන් මම ඔය නිවේදන කටයුතු කළා. සහන්ලා හිතාගෙන හිටියෙ අපි නිකන් රස්තියාදුකාරයෝ කිසිම දෙයක් දන්නේ නැති අය කියලා. අපිත් ඉතින් පිටරටවල ඉගෙන ගෙන නොයෙකුත් මිනිස්සු ආශ්‍රය කරපු අය. ඒ නිසා මිනිස්සුන්ගේ මානසිකත්වය මට හොඳටම තේරෙනවා.
අදටත් ඔයාට පූර්ණිකාත් එක්ක කතාබහ කරන්න පුළුවන්ද?
ඔව්... ඔව්... මට කිසි ප්‍රශ්නයක් නෑ. මම පූර්ණිකා එක්ක විතරක් නෙමේ. එයාලගේ පවුලේ හැමෝම එක්කම ඉස්සර වගේම කතාබහ කරනවා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි හිතමු මට පූර්ණිකා එක්ක සම්බන්ධතාවක් ඇතිකරගන්න ඕනේ කියලා... පූර්ණිකාව කසාද බඳින්න ඕනේ කියලා. මම මේ හොඳට තියෙන පවුලක් කඩලා ජීවිතයටවත් කසාද බඳින්න යන්නේ නෑ. මම මොකටද එහෙම කරන්නේ. මට ගෑනියෙක් ගන්න බැරි මොකක් හරි ලෙඩක් තියෙනවද... දෙයියන්ගේ පිහිටෙන් මට හැමදේම තියෙනවා.