2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

AAP KI ADALAT

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

විද්‍යා - 04

Sex බෝම්බයක්

රජත් - ඔබ ගැන රිසච් කරද්දී මට දැනගන්න ලැබුණා ඔබට එක කාලයකදී නින්ද යන්නේ නැති ලෙඩක් තිබුණා කියලා.
විද්‍යා - තවමත් ඒ තත්ත්වය එහෙමමයි. ඔව් කලින් මම පැය දෙක තුනයි නිදියගත්තේ. පොත් කියවන්න මම ගොඩාක් කැමැත්තෙන් හිටියා. දැන්නම් ඒකට වෙලාවක් හම්බවෙන්නෙම නැහැ. ඒ කාලයේ පොත් ගොඩාක් කියෙව්වා වගේම ෆිල්ම් ගොඩාක් බැලුවා රෑ පුරාම. කලින් උදේ හතරට නිදියගත්තා. දැන්නම් දෙක හමාරට.

රජත් - ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් ළඟ තියාගන්න වෙනවා.
විද්‍යා - නැහැ මම ඇපල් ළඟ තියා ගන්නවා. ඒකෙන් බයවෙන්න දෙයක් නැහැනේ.
රජත් - ඊළඟ චොද්නාව ඔබ හදවත් බිඳීමට හරිම ශූරියක්ලූ. ඔබ ගැන රිසච් කරලා කරලා මම හොයාගත්තා විද්‍යා ඔබ හාර්ට් ස්පෙෂිලිස්ට් (හදවත් විශේෂඥ) කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියා කියලා. ඒත් ඔයා හාර්ට් බ්‍රේකර් කෙනෙක් වුණා.

විද්‍යා - ඔබ මොන හේතුවක් නිසා ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ.
රජත් - මම ඔබට හේතුවත් තේරුම් කරලා දෙන්නම්. ස්ටාර් ඩස්ට් සඟරාවේ ඔයා ගැන ලිපියක් තියෙනවා පිටු පහක් පුරාම. ඔයා වැඩ කරන ෆිල්ම් හැම එකකම නළුවා එක්ක ඔබේ නම ඈඳලා තියෙනවා. දැන් මම නම් ලැයිස්තුව කියන්නද?

විද්‍යා - හා
රජත් - ජෝන් ඒබ‍්‍රහම් එක්ක සලාමී ඉෂ්ක් කරන වෙලාවෙ ඔහු සමඟින් ආදරයක් ඇති වුණාලු.
විද්‍යා - ආදරයට මම බායි කිව්වා.

රජත් - දෙවැනි නම ඔහු ලියලා තියෙන්නෙ අක්ෂය කුමාර්ගේ, භූල් භුලයියා සහ හේයි බේබිගේ ෆිල්ම් වලින් පස්සේ අක්ෂය කුමාර්ගේ නම්බර් එක ඇවිල්ලා තියෙනවා.

විද්‍යා - අක්ෂය කුමාර් භූල් භුල්යියා එකේදි මට බයවෙලා හිටියේ.
රජත් - ඒනිසා ඔහුගේ බිරිය ට්විකල්ගෙනුත් අක්ෂේට ගොඩාක් බැණුම් අහන්න වුණා කියලා මේකේ තියෙනවා. තව ශාහීද් කපූර් එක්කත් ජෝඩුකරලා තියෙනවා.

විද්‍යා - මේ හැම දෙයක්ම බොරු මඩ ප‍්‍රචාර. මගේ ජීවිතේ හැම දෙයක්ම මම ජනතාව එක්ක බෙදාගන්න කැමතියි. මම හැමදාම සත්‍යත් සමඟ ජීවත්වෙන කෙනෙක්. හැමෝම දන්නවනේ මම විවාහ වෙලා ඉන්නේ හැමෝම දන්න ෆිල්ම් ප‍්‍රඩියුස් කරන සිද්ධාර්ත් රෝයි කපූර් එක්ක කියලා. ඒක කාටවත් රහසක් නෙවෙයිනේ. අපි වැඩ කරද්දී සහෝදර නළුවන් සමඟින් අපි ගොඩාක් ළගින් ඉඳන් කතාබහ කරමින් හිනා වෙමින් හිටියත් සමහරු ඒවා වැරදියට දකිනවා. ඒක් දකින කෙනාගේ ප‍්‍රශ්නයක් මිසක් අපේ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඊට පස්සේ ඔවුන් ලියන්න දෙයක් නැති නිසා ඔහේ  ඕපාදූප ලියනවා

රජත් - එක පත්තරේක තිබුණා ඒකතා කපූර් කැමැත්තෙන් හිටියලු තුෂාර් කපූර් එක්ක ඔයගේ විවාහය සිද්ධවෙනවා දකින්න.

විද්‍යා - එතකොට මම හර් පාංච් කරන කාලේ. ඒක්තයි මමයි අතරේ ලොකු බැඳීමක් ඇතිවෙලා තිබුණා. දවසක් එයා මට එයාගේ ගෙදර එන්න කියලා ආරාධනා කළා. ඊට පස්සේ තුෂාර්ව අඳුන්වලා දුන්නා. ඒ මොනවටද කියලා තුෂාර්ටවත් මටවත් තෙරුණේ නැහැ. අවුරුදු ගාණකට පස්සේ එයා කිව්වා මට ඇත්තටම මට ඕන වුණේ ඔයලා දෙන්නා අතරේ යම් විශේෂ හාදකමක් ඇති කරන්නයි කියලා. ඒත් ඔයාලා දෙන්න මෝඩයෝ කියලා කිව්වා.

රජත් - ඔබ ගැන විවිධාකාර පුවත් පළවෙනවා. ඔබ ලෝක ප‍්‍රකට එම්.එම්. හුසෙෆ් ලවා ඔබගේ පේන්ටින් එකක් කරවා ගත්තා කියලත් පුවත් පතක තියෙනවා. හුසේන් මහතා මියැදුනත් තවමත් ප්‍රවෘත්තිය තියෙනවා.

විද්‍යා - ඔය ප‍්‍රවෘත්තිය කියවලානම් මම ගොඩාක් කම්පනයට පත්වුණා. එයා එහෙම දෙයක් කතා කරලවත් තිබුණේ නැහැ. ඔහු මාත් එක්ක ෆිල්ම් එකක් හදන්නනම් අදහසකින් හිටියා. ඒත් අපි හම්බවෙලාම නැහැ. ඔහුට ඉන්දියාවට එන්න වුණේ නැහැ. මම ඒ දවසවල ෂූටිංවල බිසී වෙලා හිටියේ. මටත් ගිහිල්ලා ඔහුව හම්බවෙන්න වුණේ නැහැ. ඔය වගේ  ඕපාදූප කොහොම කොහෙන් එනවද කියලානම් මම දන්නේ නැහැ.

රජත් - ඔබේ උසාවියෙන් අද චෝදනා ගොනු කළේ විද්‍යා බාලන්ට. අප ඇයගේ මේ ආගමන ගැන විමසුවා. දැන් වෙලාව අද විනිසුරු අජය උපද්‍යායගේ තීරණයටයි.

විනිසුරු - පරිනීතා සිට කහානී ටූ දක්වා පැමිණි ගමනේදී විද්‍යා බාලන් එකිනෙකට වෙනස්ම චරිත ඉදිරිපත් කරනු ලැබුවා. අහිංසක ගැහැනු ළමයෙකුගේ චරිතයෙන් ආරම්භ කරලා සෙක්ස් බෝම්බයක චරිතය ඩර්ටි පික්චර් එකෙන් කරලා මේ දිනවල අලෙවි වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වෙන කහානි ටූ වගේ ෆිල්ම් එකෙන් රහස් සොයා යන කාන්තාවකගේ චරිතයට පණ පොවමින් විශිෂ්ඨ ගණයේ නිළියක් කියලා ඇය ඉන්දීය සිනමාවට ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසාමයි ඇයට පද්ම ශ්‍රී වගේ සම්මානයක් හිමි වන්නේ. ඇයව නිදොස් කොට ඇයට සිනාමාව වෙනුවෙන් තවත් විවිධ චරිත ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට අවශ්‍ය ශක්තිය නිබදවම ලැබේවායැයි අපි ප‍්‍රාර්ථනා කරනවා.