අවුරුදු නිවාඩුව නිමිත්තෙන් දේශපාලන ක්ෂේත්‍රයේ රස්නය අඩුවෙමින් තිබුණද මාර්තු අවසන් සතියේද ඇතැම් දේශපාලන තීන්දු ගැනීමට රැස්වීම් ගණනාවක් පැවැත්විණි. යෝජිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ගැන මෙන්ම දැනට ගැටලු සහගත තත්ත්වයට පත්ව තිබෙන හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට අදාළ කාරණය සම්බන්ධයෙන් මෙම රැස්වීම් පැවැත්විණි. ජනාධිපතිවරයා අගමැතිවරයා අතර හමුවක්ද වාර්තා විය. මේ වසරේ පළාත් සභා තුනක නිල කාලය හමාර වෙයි. සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර එම පළාත් සභා තුනයි. රජයේ සමහරු මුලින් යෝජනා කර තිබුණේ පවත්නා නීති රීති වෙනස්කර මෙම පළාත් තුනේ ඡන්දය කල්දමා පළාත් සභා සියල්ලේම මැතිවරණ එකවර පැවැත්විය යුතු බවටයි. ඒ අතර පළාත් පාලන ඡන්දය දැන් අවුරුදු 2ක් තිස්සේම කල්දමා ඇත. ඒ නිසා රටේ ප්‍රාදේශීය පාලනය අඩාල වී තිබේ. පළාත් පාලන ආයතනවලින් කළයුතු සෞඛ්‍ය, රක්ෂණ වැඩකටයුතු ආදිය පමාවීම හේතුවෙන් ඩෙංගු රෝගය පවා ව්‍යාප්ත වූ බවට විපක්ෂ දේශපාලනඥයෝ චෝදනා කරන්නට වූහ. ඇතැම් සිවිල් සංවිධාන පමණක් නොව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද ඡන්ද කල්දැමීම ගැන දිගින් දිගටම සිය අසතුට පළ කළේය.
මෙම පීඩනය රජය වෙත එල්ල වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කළේ පළාත් සභා මැතිවරණ යෝජිත ආකාරයට පවත්වන්නටයි. ඊට සූදානම් වියයුතු ආකාරය ගැන කතා කරන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය ඇති පළාත් සභා 7 මහ ඇමැතිවරුන් පසුගිය සඳුදා සන්ධ්‍යාවේ කොළඹට කැඳවා තිබිණි. දකුණ, ඌව, සබරගමුව, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ප්‍රධාන ඇමැතිවරු ඒ අනුව කොළඹට පැමිණියහ. මේ අයට අමතර ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාද රුස්වීමට පැමිණියේය.
සඳුදා රාත්‍රී 7.00ට පමණ රැස්වීම ආරම්භ විය. ජනාධිපතිවරයා මෙම හමුවේදී ඉතා වැදගත් තීන්දු ගණනාවක්ම ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. මේ වසරට යෝජිත පළාත් සභා තුනේ මැතිවරණ නියමිත පරිදි පැවැත්වෙන බවත් පළාත් පාලන ඡන්දයත් මේ වසරේ තැබීමට අදහස් කරන බවත් ජනාධිපතිවරයා මහ ඇමැතිවරුන්ට කීහ. ඒ නිසා කවුරුත් ඡන්දයට සූදානම් වන්නැයිද හෙතෙම සඳහන් කළේය. මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත්ව මුහුණ දිය යුතු බැවින් දුර්වල සංවිධායකයන් ඉවත්කර අලුත් අය පත් කරන වගද ඔහු සඳහන් කර තිබිණි. එසේම පළාත් පාලන ඡන්දය තවත් කල් නොදමා ඉක්මණින්ම පවත්වන්නේ යැයිද ජනාධිපතිවරයා මහ ඇමැතිවරැේට කීහ. ඒ නිසා වැටඋඩ සිටින ශ්‍රී.ල.නි.ප. පිරිස්වලට පක්ෂය සමඟ එක්වන්නැයි තමන් ඉල්ලා සිටින වග ඔහු වැඩිදුරටත් පැවසීය. අප්‍රේල් දෙවැනිදා පැවැත්වෙන පක්ෂ තරැණ සමුළුව හා මැයි දිනය සාර්ථක කරගන්නට සැමගේ සහය අපේක්ෂා කරන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. එක් එක් අයගේ රුස්වීම් ගැන හෝ එක් එක් අයගේ අඩුපාඩු ගැන කතා කළයුතු නැතැයිද ජනාධිපතිවරයා කීය.
හම්බන්තොට වරාය ගැන අන්තිම තීන්දුවක් නැතිලු
ප්‍රධාන ඇමැතිවරුන් එහිදී කියා තිබුණේ පක්ෂය දැන් ගම් මට්ටමින් ශක්තිමත් වෙමින් පවත්නා බවය. ඒ අතර හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම ගැන හටගෙන තිබෙන ආන්දෝලනය ගැනද මහ ඇමැතිවරු කරුණු විමසූහ. හම්බන්තොට වරාය පැවරීම සම්බන්ධව මේ දක්වා කිසිම අවසන් තීන්දුවක් රජය අරගෙන නැහැ. මේ රජය රටට හානියක් සිද්ධවෙන කිසිම තීන්දුවක් ගන්නේ නැහැ යැයි ජනාධිපතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය පැවරීම ගැන පළවූ විවිධ අදහස් උදහස්වලට ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය කදිම පිළිතුරක් වී තිබේ. මේ ආකාරයට සෑහෙන වේලාවක් පැවති මහ ඇමැති හමුව අවසන් වූයේ නව මැතිවරණ අපේක්ෂාව කා තුළත් ඇති කරමිනි.
ඒ අතර ගිය සඳුදා හවස ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා එකවර හමුවූහ. ඒ හමුව පවත්වා තිබුණේද මැතිවරණ සම්බන්ධව සාකච්ඡා කරන්නට බව වාර්තා විය. මෙම හමුවේ වැඩි විස්තර මාධ්‍යයට හෙළිදරව් නොවුණත් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මැතිවරණ එකවර පැවැත්විය යුතුය යන යෝජනාව එ.ජා.ප.ය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව දැනගන්නට තිබේ. විපක්ෂනායක සම්පන්දන් මහතාද ඊට සහය පළකරන බවත් වාර්තාගතය.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිසක්ද මේ සතියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසිණි. ඒ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට මුලින්ම ජනපති කාර්යාලට ගියෝය. ඔවුන් එහි යනවිට අගමැති සමඟ ජනපති හමුවට පැමිණ සිටි විපක්ෂනායක සම්පන්දන් හා දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන් යන මහත්වරැද එහි සිටියහ. හරියටම සවස 5.00 දිනේෂ්ලාට ජනපතිවරයාගෙන් කැඳවුමක් ලැබිණි. එවිට දිනේෂ් ගුණවර්ධන මහතා කාරණය විස්තර කළේය. දැන් විමල් වීරවංශ මහතාගේ තත්ත්වය ඉතාමත් බරපතළ බවත් කලක් බන්ධනාගාරගතව සිටින විට මිනීමැරැම් චෝදනා ඇති අයටත් ඇප ලැබෙන නමුත් ඉතා සරල චෝදනා ඇති විමල් මාස ගණනක් රිමාන්ඩ් කර තබා ගැනීම අසාධාරණ බව පැවසීය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ මේ තත්ත්වය තුළ විමල්ගේ පමණක් නොව ඔහුගේ දියණියගේ සෞඛ්‍ය තත්ත්වයද හොඳටම පිරිහී ඇති බැවින් කුමක් හෝ සහනයක් ලබාදිය යුතු බවය. සියල්ලට සාවධානව කන්දුන් ජනාධිපතිවරයා ඒ මොහොතේම නීතිපති ජයන්ත ජයසූරිය මහතා අමතා කතා කළේය. එවිට නීතිපතිවරයාගෙන් ජනාධිපතිවරයා මෙම කාරණය ගැන ප්‍රශ්න කළේය. ඇපදීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නැති බව පැවසූ නීතිපතිවරයා පොලිසියද විරුද්ධ නැති බැවින් ඉදිරියේදී අධිකරණයෙන් ඇප ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයාට කීය.
වරාය ගිවිසුම් කමිටුවේ වැඩ ගැන චම්පික අසතුටෙන්
අනතුරැව දුරකතනය තැබූ ජනාධිපතිවරයා තමන්ද මේ කාරණය ගැන කනගාටුවන බව කියා චෝදනා ඉදිරිපත් කර ඇත්තේ සී.අයි.ඩී.යද? එෆ්.සී.අයි.ඩී.යද කියා ප්‍රශ්න කළේය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊළඟට කියා සිටියේ විමල් මන්ත්‍රීවරයාගේ දියණිය දැඩි ලෙස රෝගාතුරව සිටින බැවින් ඇය ප්‍රතිකාර ගන්නා බොරුල්ලේ ළමා රෝහලෙන් ඇයගේ රෝගී තත්ත්වය ගැන වාර්තාවක් ලබාගෙන උසාවියට ඉදිරිපත් කළ යුතු නමුත් ඊටද යම් දේශපාලන බලධරයෙක් බාධා පමුණුවන නිසා අදාළ සෞඛ්‍ය වාර්තාව නොලැබෙන බවය. ඒ ගැන කරැණු විමසා බලන්නේ යැයි ජනාධිපතිවරයා කීය.
ඊළඟට මෙම නියෝජිත පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට අරලිය ගහ මැඳුරට ගියෝය. වාසුදේව නානායක්කාර මහතා පමණක් එම නියෝජිත පිරිසෙන් ඉවත් විය. අගමැතිවරයාටද විමල්ගේ ප්‍රශ්නය මේ අය විසින් දන්වනු ලැබිණි. තමන්ට කාරණය වැටහෙන බවත් ඒ ගැන කතානායකවරයා සමඟ සාකච්ඡා කොට ඇප ලබාදීම ගැන අධිකරණ ඇමැතිවරයා සමඟද සාකච්ඡා කරන්නම් යැයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. අනතුරැව මෙම නියෝජිතයෝ අගමැති රනිල් සමඟ රටේ සෙසු දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන කතාවට වැටුණි. ප්‍රාදේශීය සභා, නගර සභා නැති නිසා ඩෙංගු මර්දනය පවා අඩාලව ඇතැයි ඔවුහු කීහ. ඒක ගැන තමයි මම එහා පැත්තෙ අපේ පක්ෂයේ නියෝජිතයන් එක්ක දැන් කතා කරමින් හිටියෙ. පළාත් සභා හා පළාත් පාලන ඡන්ද මේ අවුරුද්දෙම තියන්නයි යන්නෙ. අගමැතිද ජනාධිපතිවරයා පෙරදා කී දෙයම නැවතත් කීය. අනතුරැව සාකච්ඡාව සුහද කතාබහකට පෙරළිණි. අගමැතිතුමා, අපට උපන්දිනේට මුකුත් දුන්නෙත් නැහැ කියමින් එම කතාබහ ආරම්භ කළේ බන්දුල ගුණවර්ධන මහතාය. ආ... අපි අද දෙන්නම් සංග්‍රහයක් කියමින් දිනේෂ් හා බන්දුල ඇතුළු පිරිසට අගමැතිවරයා තේ පානය සඳහා ඇරුයුම් කළේය. පැමිණි හැමෝටම චයිනීස් රෝල් සමඟ පීට්සා පිරිනමමින් අගමැතිවරයා කීවේ සමහර දවස්වලට නම් අපි වඩේත් ගෙනත් දෙනවා. අද වඩේ නැහැ කියායි. කෙසේ හෝ මේ සුහද කතාබහින් පසුව තේ පිරිනැමිණි. අනතුරැව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ පිටත්ව ගියහ.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව පවත්නා අර්බුදකාරී තත්ත්වය තවමත් හමාර නැත. වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දිගින් දිගටම ඒ ගැන සිය අසතුට අකැමැත්ත පළකළා පමණක් නොව ගිවිසුම සාකච්ඡා කරන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල රුස්වීමටද පැමිණියේ නැත. ඒ අතර ගිවිසුමේ වගන්ති සම්බන්ධව තිබෙන ප්‍රශ්න සහගතභාවය නිසා අමාත්‍ය චම්පික රණවක මහතා වරාය ව්‍යාපෘතිය ගැන තීන්දු ගන්නට පත්කළ අමාත්‍ය මණ්ඩල උප කමිටුවෙන් ඉවත් විය. මෙම කමිටුව ක්‍රියාකරන ආකාරය ගැන තමන්ට පැහැදීමක් නැතැයි කී අමාත්‍ය චම්පික රණවක මහතා ස්වකීය ඉවත්වීම නිවේදනය කළේය. ඒ අතර අර්ජුන රණතුංග මහතා රජයට දන්වා ඇත්තේ යෝජිත ආකාරයට පළමුව චීන සමාගමට වරාය කොටස්වලින් 80%ක්ද වරාය අධිකාරියට 20%ක්ද වන ලෙස කොටස් බෙදීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවය. වරාය අධිකාරියට කොටස්වලින් 51%ක්ද අදාළ සමාගමට කොටස්වලින් 49%.ක්ද ලැබෙන ලෙස නව යෝජනාව අනුව කොටස් වෙන් කෙරේ නම් වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකිය යන්න අර්ජුනගේ අදහස වී ඇත. ඒ අතර ගිය සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී හම්බන්තොට ව්‍යාපෘති යෝජනාව අනුමත වූ බව ඇතැම් ඇමැතිවරැ කියද්දී මෙයට පෙර කී ලෙස ජනාධිපතිවරයාද වරාය වැඩබලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද තවත් ඇමැති පිරිසක්ද කියා තිබුණේ යෝජනාව අනුමත නොවූ බවය. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණද සැලකිල්ලට ගෙන සංශෝධනවලට යටත්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවක් පමණක් ඇතිවූ බවය. මේ ගැන පළවන පරස්පර මත නිසා ජනතාවද හරි වැරැද්ද තේරුම් බේරුම් කරගත නොහැකිව බලා සිටින තත්ත්වයට පත්ව සිටිති.
විපක්ෂය අගමැතිගෙන් උපන් දින සංග්‍රහයක් ඉල්ලයි
වරාය විෂය භාර අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම අර්බුදකාරී තත්ත්වය තිබියදී ඒ ගැන පසුගියදා හදිසියේ මාධ්‍යට ප්‍රකාශයක් කළේය. ගිවිසුම අත්සන් කරනවා නම් එය සිදුකළ යුතු වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාද ශ්‍රී ලංකාවේ නැත. ඔහු විදේශ සංචාරයකට පිටත්ව ගොසිනි. ඒ අතර වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ව්‍යාපෘතිය ගැන අමාත්‍ය මණ්ඩලය ලබාදුන් තීන්දුව ගැන තමන්ට සම්පූර්ණ වාර්තාවක් දෙන මෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ. ගිය සතියේ ඇමැති මණ්ඩලය වරාය පැවරීම ගැන නිශ්චිතවම අනුමැතිය ලබා දුන්නේද යන්න ගැන තමන් දැනගත යුතු බැවින් මෙම ඉල්ලීම යොමුකරන බවද අමාත්‍ය රණතුංග මහතා කැබිනට් ලේකම් වෙත යොමුකළ ලිපිය මගින් අවධාරණය කර ඇත. අනතුරැව තමන් මේ ගැන අමාත්‍ය මණ්ඩලයට විශේෂ පැහැදිලි කිරීමක් කරන වගද අමාත්‍ය රණතුංග පවසා තිබේ.
මේ සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද වඩාත් පුළුල්ව සාකච්ඡා කෙරුණේ හම්බන්තොට වරාය ගිවිසුමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා සිටියේ මේ ගැන නීතිපති අනුමැතිය ලැබෙනතුරැ කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම නොකළ යුතු බවය. ඒ ප්‍රශ්නය ගැන වාසුදේව නානායක්කාර මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයේ පවරා තිබෙන නඩුවක් ගැනද අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවිය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව වරාය අමාත්‍යංශය (එහි ගුණදොස් දක්වමින්) ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යට කී නඩුවේ ලේඛනයක් ලෙස නඩු ගොනුවට එක්ව තිබීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් ඇමැතිවරැ ගණනාවක්ම ප්‍රශ්න කළෝය. ඒ ගැන දැඩි විවේචනද ඇතිවිය. මෙය බරපතළ වරදක් යැයි අගමැතිවරයාද සඳහන් කළේය. ඒ හැර දේශීය ආදායම් පනත සංශෝධනය හා විදුලිය හා තෙල් මිල ගණන් තීන්දු කෙරෙන බලශක්ති සැපයුම් කමිටුව රුස්කරවා යම් යම් කාරණා ගැන තීන්දුවක් ගත යුතු යැයිද අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට විදේශීය වාර්තාකරැවන් අතර හමුවක් පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. විදේශ වාර්තාකරැවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවන් පිරිසක් ගෝඨාභයගෙන් යම් යම් කාරණා විමසිය යුතු බැවින් ඔහුගෙන් හමුවක් ඉල්ලා තිබූ බැවින් මෙම හමුව සංවිධානය ෙකරිණි. ලොව ප්‍රකට මාධ්‍ය ආයතන වන රොයිටර්ස්, ඒ.එෆ්.පී, බී.බී.සී, සී.එන්.එන්. ද හින්දු - අල් ජසීරා ආදී පුවත් සැපයුම් කාර්යාංශවල නියෝජිතයෝ පැය දෙකක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂගෙන් පසුගිය රජය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම් ගැන ප්‍රශ්න කළෝය. මෙහිදී වැඩිම අවධානය යොමු කළේ ජාත්‍යන්තරය පසුගිය කාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එල්ල කළ අපරාධ චෝදනා ගැනය. මෙහිදී ගෝඨාභය සාධක සහිතව පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමඟ ඇතිවූ යුද්ධයේදී චේතනාන්විතව දහස් ගණන් ඝාතනය කළා යැයි කීම සහමුලින්ම අසත්‍ය බවය. යුද්ධයේදී හමුදාවෙන් මෙන්ම කොටි සංවිධානයේද සෑහෙන පිරිසක් මියගිය බව කී ගෝඨාභය දහස් ගණනක් ජීවිත බේරාගත් බව එකල මෙරට සිටි තානාපති ප්‍රජාවද දුටු බව කීය. සීමා මායිම් නැති වෛද්‍යවරුන්ගේ සංගමය පවා උතුරට ගොස් මේ තත්ත්වය නිරීක්ෂණය කරමින් විපතට පත් ජනතාවට ප්‍රතිකාර කළ බවද හෙතෙම කීය.කවුරුන් කුමක් කීවත් යුද්ධය අවසාන වූ කාලයේම එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් ආයතනය යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කොට වාර්තාවක් රජයට භාරදුන්නේ යැයි කී හිටපු ආරක්ෂක ලේකම්වරයා එමගින් යුද අපරාධ සිදුනොවූ බව ඉතා පැහැදිලිව කියා ඇතැයිද පැවසීය. ඒ ගැන විදේශ මාධ්‍යද අවධානය යොමුකරන්නැයි ඔහු පැවසීය.
යුද අපරාධ කතා ගැන ගෝඨා ලෝක ජනමාධ්‍යයට කරුණු කියයි
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන එකල ආරක්ෂක අංශ සොයාගත් කරුණුම මෙවරත් සොයාගෙන ඇතැයි කී රාජපක්ෂ මහතා ඒවා ගැන පරීක්ෂණ කළොත් හොඳ යැයිද කීය. තමන් දේශපාලනයට පිවිසීමට තවමත් අදහස් නොකරන්නේ යැයි කී රාජපක්ෂ මහතා රටම සිදුවන දේ ගැන දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරන වග සඳහන් කළේය. අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කරන කියන දේ ගැන තමන් අධ්‍යයනයක් කරන්නේ යැයිද හෙතෙම පැවසීය.
අමාත්‍ය දුමින්ද දිසානායකගේ 38 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ නිවසේ දානයක් සහ තවත් පින්කම් රාශියක් සිදුකැරිණි. මේ අවස්ථාවට ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිනියද, අනුර යාපා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්ම් යාපා ආදී ඇමැතිවරැද නිවසේ විශේෂ අමුත්තන් රුසක්ද පැමිණ සිටියහ. මෙම අවස්ථාවේදීත් පැමිණ සිටි බොහෝ දෙනා සාකච්ඡා කළේ මැති ඇමැතිවරැනට ලැබෙන්නට තිබෙන තනතුරැ ගැනය. අමාත්‍ය මණ්ඩල සංශෝධනය ප්‍රධානතම මාතෘකාව විය. එහෙත් සැමදෙනාම කතා කළේ අවිනිශ්චිත බවකිනි. මේ වසරේ පැවැත්වෙන පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද කතාබස් කෙරැණි. නමුත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන තිබෙන උණුසුම් කතාබහ නිසා අවසානයේ සැම කතාවක්ම හමාර වූයේ ඒ මාතෘකාව ගැන අවධානය යොමු කරවමිනි.
අමාත්‍ය කබීර් හෂීම් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමන් දැන් කුඹුරු කොටන්නට පුරුදු පුහුණුවෙමින් සිටින බවය. එයින් අදහස් වන්නේ අමාත්‍ය කබීර් හෂීම්ට ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍යංශය හිමිවන්නට ඉඩ ඇති බව යැයි කියැවිණි. ඒ අතර මහින්ද අමරවීර, දුමින්ද දිසානායක වැනි ඇමැතිවරුන්ගේ විෂය මාරු ගැනද තැනින් තැන කතාබහ කෙරේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමැති සංශෝධනයක් ගැන එකඟතාවයකට පත්ව ඇතැයිද සඳහන්ය. මුදල් අමාත්‍ය රවි කරැණානායක, විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙන්ම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ විෂයන් වෙනස් වන බව කියයි. කෙසේ හෝ රජයේ තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග ගැන එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය රවි කරැණානායක සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරැන් විසින් ආණ්ඩුවේ ඉහළ තැන් විසින් ගනු ලබන ඇතැම් තීරණ දැඩි ලෙස විවේචනය කළ බවද වාර්තා විය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ද බෑන්කර් සඟරාව මගින් ආසියාවේ හා පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයාට පිරිනැමෙන සම්මානය පසුගියදා පිරිනැමිණි. සම්මානය රුගෙන මෙරටට පැමිණි ඇමැතිවරයා පිළිගැනීමේ උත්සවයක් මුදල් අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්වීය. මෙහිදී කෙටි කතාවක් කළ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ගතවූ වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථිකයේ හා දේශපාලනයේ සිදුවූ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ යහපත් ප්‍රතිරෑපයක් ඇතිවී තිබෙන බවයි. ණයවලින් රටක් ගෙන යා නොහැකි බැවින් ණය ආයෝජන බවට පත්කර ගැනීම රජයේ අරමුණ යැයිද ඔහු පැවසීය.
පසුගිය සඳුදා උදෑසන හිටපු ජනපති මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවූයේ විමල් වීරවංශගේ උපවාසය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මට නම් ඉදිරි පියවරක් සිතාගන්න බෑ. පක්ෂ නායකයන් කිව්වා. පක්ෂයෙන් කිව්වා. මම කිව්වා. පවුලේ අය කිව්වා. ඒත් උපවාසය නවත්වන්නේ නෑ. ඊටපසු උදය දෙස බලමින් මහින්ද සිනාසෙමින් ඇසුවේ කියන දේ විමල් අහන වෙන කවුරුවත් ඉන්නවාද දන්නේ නෑ. ඊට සිනාවෙන්ම පිළිතුරු දුන් උදය පැවසුවේ මම දන්නා තරමින් එහෙම කෙනෙකු නම් නෑ කියායි.
නැවත හඬ අවදි කළ මහින්ද පැවසුවේ මට අද උදේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් යෝජනා කළා. මහා සංඝරත්නය විදියට උන් වහන්සේලා වැඩම කරලා විමල්ගෙන් ඉල්ලීමක් කරන්න උපවාසය නතර කරන්න කියලා. මොකද ඔබතුමන්ලා ඒ ගැන හිතන්නේ? ඇසූ මහින්ද ඒ අනුව ක්‍රියාත්මක වන්නැයි කීය.
රවි සහ මංගලගෙන් ආණ්ඩුවේ ඉහළ තැන්වලට දොස්
දිනේෂ්, ගම්මන්පිල, බන්දුල, ලොකුගේ සහ ජයන්ත නායක ස්වාමීන් වහන්සේලාට කතා කිරීමට භාරගත් අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන්ගෙන් ගම්මන්පිල ද රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියන්ගෙන් ජයන්ත ද ලිඛිත ඉල්ලීම් ලබාගැනීමට භාරගත්හ.
ඒ අනුව බ්‍රහස්පතින්දා උදෑසන 9 වනවිට සියම් නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති, කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක කොටපිටියේ රාහුල, රාමඤ්ඤ නිකායේ බස්නාහිර පළාතේ සංඝනායක නාගොඩ අමරවංශ, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර, මාදුරැඔය ධම්මිස්සර, කිරම විමලජෝති, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මුරැත්තෙට්ටුවේ ආනන්ද, බලංගොඩ සෝභිත යන නායක හිමිවරැ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට රුස්වූහ. එතැන සිට රෝහලට පැමිණෙන විට ගම්මන්පිල, බන්දුල, ජයන්ත, වීරකුමාර සහ උදය ශාන්ත ඇතුළු ජනිපෙ නායකයෝ ද රෝහලට පැමිණ සිටියහ.
අවසානයේ දී මුල්ම බාධකය වූයේ විමල් නොව බන්ධනාගාර නිලධාරීන්ය. විමල් සිටි කාමරය අසල මුරට සිටි බන්ධනාගාර නිලධාරීහු &ඔබ වහන්සේලාට ඇතුළුවීමට ඉඩ නොදෙන මෙන් අපට උපදෙස් ලැබී තිබෙනවා* යැයි පවසමින් ඇතුළුවීම වැළැක්වූහ. එවිට ධම්මිස්සර හිමි පැවසුවේ ඔබතුමාලා රාජනීතිය අනුව අපව නවත්වන්න. අපි බුද්ධ නීතිය අනුව බාධාව මැඬගෙන ඉදිරියට යන්නම්. අපි හිරගෙදර මරණයට කැපවුණු අයටත් බණ කියන්න යනවා. ඉතින් මැරෙන්න යන ජීවිතයක් බේරාගැනීම අපේ වගකීමක්. එසේ පැවසූ හිමිවරු බාධාව මැඩගෙන ඉදිරියට යෑමට සමත්වූහ.
සුමනජෝති මහ නාහිමියෝ මන්ත්‍රීතුමා, ඔබතුමා මියගිහින් කළ හැකි දේට වඩා ජීවත් වෙලා කරන්න පුළුවන් දේ බොහෝයි. ඒ ගැන හිතලා මේ උපවාසය අත්හරින්න. ඉල්ලා සිටියහ. ඒ පිළිබඳ විමල් නිහඬව සිටින විට ඒ පිළිබඳ මහනායක හිමිවරැ ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. යැයි පැවසූ විමලජෝති හිමි මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන්ගේ සහ රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියන්ගේ ලිඛිත ඉල්ලීම් කියවූහ. ඔබවහන්සේලා මේ සටන ඉදිරියට කරගෙන යෑමේ වගකීම භාර ගන්නවා නම් මම ඉල්ලීමට එකඟයි. පවසමින් උපවාසය අත්හැරීමට විමල් එකඟ විය.
ඒ අනුව මහ සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද කිරි වීදුරැවක් සුමනජෝති මහ නාහිමි විසින් විමල්ට පෙවීමෙන් උපවාසය අවසන් විය. විමල්ට කිරි පොවා අවසන් කළ මහ නාහිමි පැවසුවේ අවුරැදු 93කට පස්සේ මට යළි උපන්නා කියා දැනුණා කියාය.
ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර