මැතිවරණ හා ජනමත විචාරණ කතා මැදින් දේශපාලනය ඉදිරියට තල්ලු වන්නේ සීරැවෙනි. විපක්ෂය නිරන්තරයෙන් මැතිවරණ අපේක්ෂා ඇතිව විවිධ ප්‍රකාශ නිකුත් කරද්දී රජය තමන්ගේ කටයුතු වැඩි හැලහොල්මනින් තොරව කරගෙන යයි. ළඟදීම පැවැත්වෙන බවට රජය ප්‍රකාශ කර ඇත්තේ කල් දමන ලද පළාත් පාලන ඡන්දයයි. ජනාධිපතිවරයා එම මැතිවරණය ලබන ජනවාරියේදී පමණ පවත්වන්නට අපේක්ෂා කරන බව සඳහන් කරද්දී, පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා සිටියේ පළාත් පාලන ඡන්දය ලබන මාර්තුවේ පවත්වන බවයි. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සතු බලතල උපයෝගී කරගෙන ඡන්දය කැඳවන්නැයි ඔහුගෙන් කළ ඉල්ලීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රතික්ෂේප කළේය. කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ රජය ඡන්දවලට බිය බැවින් ලබන වසරේ ඡන්ද පවත්වන කතාව මිථ්‍යාවක් වගයි. ඒ වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම උදෙසා ජනමත විචාරණයක් පැවැත්වීමට රජය ක්‍රියා කරමින් සිටින බව ප්‍රසන්න පවසයි. ඔහුට අනුව මුලින්ම එන්නේ ව්‍යවස්ථාවට අදාළ ජනමත විමසුමයි.
ලබන වසරේ පළාත් සභා තුනක නිල කාලය හමාර වෙයි. නැගෙනහිර, උතුරැ මැද සහ සබරගමුව එම පළාත් සභා තුනයි. ඒ සඳහා ඡන්ද පවත්වනවාද නැද්ද යන කාරණය ශ්‍රී.ල.නි.ප ඉහළම උපදේශකයන්ගේ දැඩි අවධානයට යොමුව ඇත. මෙහිදී රජයේ ප්‍රධානීන් ගණනාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇත්තේ පළාත් සභා ඡන්දත් පළාත් පාලන ආයතන මෙන්ම කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවයි. ඒ සඳහා නව පළාත් සභා කොට්ඨාස ඇතිකිරීමට සීමා නිර්ණය කොමිසමක් පත්කළ යුතු යැයි දැනටමත් යෝජනා වී ඇත. ජනාධිපතිවරයාද මෙම අදහස අනුමත කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පොලිටිකල් රහස් තීරයට කීය. කෙසේ වෙතත් පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සිදුවනු ඇත්තේ දැනට සිදුකෙරෙන පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය වාර්තාව ලබන 15 දා රජයට භාරදීමෙන් පසුව බව දැනගන්නට ඇත. කෙසේ හෝ පළාත් ඉදිරි සභා තුනේ මැතිවරණ කොට්ඨාස ක්‍රමයට තබන්නේ නම් ලබන වසරේ එම මැතිවරණ පැවැත්වීමට කිසිදු හැකියාවක් නොලැබෙනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එම නිසා විපක්ෂය අපේක්ෂා කරන ජන මතය උරගා බැලෙන ඡන්ද තවදුරටත් පමාවනු ඇති බව සඳහන් කළ යුතුය.
ශ්‍රී.ල.නි.පය සහ එ.ජා.පය යන ප්‍රධාන පක්ෂ දෙකම සිය සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර සාමාජික බලමුළු තර කරමින් සිටී. එ.ජා.පය නව සාමාජිකයන් ලක්ෂ 10 ක් බඳවාගත් බව නිවේදනය කළේය. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මේ සතියේ මාතරින් ආරම්භ කරයි. සාමාජික ටිකට්පත් අලෙවි කොට සාමාජිකයන් බඳවාගන්නට තමන්ද ගෙන් ගෙට යන්නට එන බව මෙම වැඩසටහන සංවිධානය කරන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන මහතාට ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී ශ්‍රී.ල.නි.පයට යාවජීව සාමාජිකයන්ද බඳවා ගැනේ. ඒ සඳහා රැපියල් දස දහසක විශේෂ ටිකට්පතක්ද මුද්‍රණය කර ඇත. මෙහි සාමාජික ප්‍රවර්ධන වැඩසටහනත් සමඟ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධානයද ආරම්භ කෙරෙන බව ඩාර්ලි පාරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කටයුතු සිදුවෙද්දී ඒකාබද්ධ විපක්ෂයද තමන්ගේ ප්‍රාදේශීය දේශපාලන සංවිධාන කටයුතු කරගෙන යමින් මැතිවරණය සඳහා සූදානම් වෙයි. ඇහැළියගොඩ නගරයේදී ලබන 8 දා ඒකාබද්ධ විපක්ෂය කැඳවන රුස්වීම මෙහිදී තීරණාත්මක එකක් වනු ඇති බව පැවසේ. ඇතැමුන් මෙය ඔවුන්ගේ නව දේශපාලන පක්ෂය දියත් කිරීමේ ජනහමුව ලෙස කියා සිටියත් මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම ප්‍රකාශ කළේ එදින පැවැත්වෙන්නේ ජන රුලියක් මිස දේශපාලන පක්ෂයක් සෑදීමේ කටයුත්තක් නොවන වගයි. එහෙත් ගිය සතියේ නිවිතිගල ප්‍රදේශයේ ජනහමුවක් අමතා කතා කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ කවුරැන් කෙසේ කීවත් ඉතාමත් නුදුරේදී නව දේශපාලන පක්ෂයක් එළිදකින බවය. කුමාර වෙල්ගම වැනි විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් නව පක්ෂයකට විරැද්ධ බව කීවද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ සමස්ත ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් 51 දෙනාම එකම මතයේ සිටින බවයි. එසේම තමන් වත්මන් රජය ගැන කලකිරී සිටින ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රීන් 17 දෙනකු සමඟ පෞද්ගලික මට්ටමින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය. රජයේ පසුපෙළ මන්ත්‍රීන්ගේ හඬට කන් නොදීම, රුකීරක්ෂා සැපයීමට අවස්ථා උදා නොවීම වැනි කාරණා නිසා රජයේ මන්ත්‍රීන් සිය කලකිරීම ප්‍රකාශ කර ඇතැයිද ඔහු සඳහන් කළේය. එහෙත් රජය වෙනුවෙන් එ.ජ.නි.ස මහලේකම් මහින්ද අමරවීර මහතා මෙන්ම එ.ජා.පයේ සභාපති කබීර් හෂීම් මහතාද රජයේ ශක්තිය බිඳකදු අඩු වී නැතැයි කීහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා සැලසුම් සහගත අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන බව රවි කරැණානායක මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. තමන් රට හොල්මන් කරන අයවැයක් ගෙනෙන බව මැතිසබයේදී කී කරැණානායක මහතා පසුගියදා අයවැයට ජනතා අදහස් ලබාගන්නට ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගියේය. එහිදීත් ඔහු සහතික වූයේ ජනතා පැතුම් ඉටුවන අයවැයක් නොවැම්බර් මස 10 දා මැතිසබයට ගෙන එන වගය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා හදිසියේම දෙණියාය මධ්‍ය විද්‍යාලයට ගියේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරවය. මේ අවස්ථාවට අමාත්‍ය සාගල රත්නායක මහතාද සහභාගි විය. විදුහලේ පරිගණක විද්‍යාගාරයට ගිය අගමැතිවරයා සිසුන් පරිගණක තාක්ෂණය හදාරන ආකාරය ගැන කරැණු විමසා බැලීය. අනතුරැව විදුහල්පතිවරයා සහ ගුරැවරැන් සමඟ මෙන්ම ජ්‍යෙෂ්ඨ සිසු දරැ දැරියන් සමඟද සුහදව කතා කළ අගමැතිවරයා පාසලේ අඩුපාඩු පිළිබඳ විමසා ඒවා ඉක්මනින් සම්පූර්ණ කර දෙන්නැයි අමාත්‍ය සාගල රත්නායක මහතාට උපදෙස් දුන්නේය. පැයකට ආසන්න කාලයක් දෙණියාය මැදි විදුහලේ රුඳී සිටි අග්‍රාමාත්‍යවරයා කාටත් සුබ පතා පිටත්ව ගියේය.
උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් සංවිධානය කරන ලද %එළුංග තමිල්^ (දෙමළ නැඟිටීම) නමින් වූ වැඩසටහන ගැන විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. රජය සාමය හා සංහිඳියාව ගැන කතා කරන මොහොතේ උතුරේ මහ ඇමැතිවරයා මේ ආකාරයට ජාතිවාදයට උඩගෙඩි දෙන වැඩසටහන් දියත් කිරීම ගැන දේශපාලන අංශ රුසක විරෝධය ඔහු වෙත එල්ල වී ඇත.
පසුගියදා විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාව ආරම්භ වූයේ නල්ලූර් කෝවිල ඉදිරිපිටිනි. එතැනින් ඇරඹුණු පෙළපාළිය නගර මධ්‍යයෙන් මුත්තුවේලි ක්‍රීඩාංගණට කරා ගමන් කරද්දී නගරය පුරාම කඩ සාප්පු වසා දමා තිබිණි. මෙය නිල නොවන හර්තාලයක් ලෙස සංවිධානය වූ බව පෙනුණි. ඊ.පී.ආර්.එල්.ඒ. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් මෙයට එක්වුවද මහ ඇමති විග්නේෂ්වරන් නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු ඊට එක්ව සිටියේ නැත. මේ අවස්ථාවේදී රජයට සහාය පළ කරන ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නියෝජිත පිරිසක් රුලිය පැවැති මුත්තුවේලි ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ දැරෑ නමුත් සංවිධායකයන්ගෙන් මතු වූ දැඩි විරෝධය නිසා එහි ඇතුල්වීමට ඉඩ නොලැබිණි.
මහා ඇමැති විග්නේෂ්වරන් මෙම රුලියේදී කළ කතාව බෙහෙවින් විවාදයට තුඩුදී තිබේ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරයකුද වන ඔහු උතුරැ නැගෙනහිර අර්බුදයට ස්ථාවර විසඳුමක් ලබාගන්නට නම් නැගෙනහිරත් උතුරත් එකතුකොට ෆෙඩරල් පාලනයක් ඇතිකළ යුතුයැයි යෝජනා කළේය. උතුරැ පළාතේ සිංහල ජනතාව පදිංචි කරවීම බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීම, දෙමළ දේශපාලන සිරකරැවන් නිදහස් කිරීම, යුද අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම වැනි යෝජනා මේ විරෝධතා රුලියේදී මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ඉදිරිපත් කරන ලදී. දෙමළ කතා කරන ජනතාවගේ ස්වයං පාලන අයිතිය තහවුරැ විය යුතු යයිද මහ ඇමැතිවරයා කීය.
ඔහුගේ මෙම ආන්දෝලනාත්මක අදහස් උදහස් ඇතුළත් කතාවට මුලින්ම විරෝධය පළකළේ ඔහු නියෝජනය කරන දෙමළ ජනතා සන්ධානයයි. එම පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මහ ඇමැතිගේ ක්‍රියාව දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම අනුමත නොකරන බවයි. මෙය සැබැවින්ම අනවශ්‍ය ක්‍රියාවක් බවත් සුමන්දිරන් මහතා කීය. තම පක්ෂය මෙබඳු දේවලට විරැද්ධ බව ඔහු වැඩිදුරටත් කීය. මහ ඇමැති විග්නේෂ්වරන්ට උතුරේ ජනයා සමඟ පෙළපාළි නොයන ලෙස ප්‍රකාශ කළද ඔහු එය නොඇසු වග සඳහන් කළ මන්ත්‍රීවරයා මේවයින් දකුණේ ජනතාව උතුර ගැන වැරදි අවබෝධයක් ඇතිකරගන්නේ යැයි පැවැසීය. දෙමළ ජාතික සන්ධානයම මහ ඇමැතිගේ මේ ක්‍රියාවෙන් අපහසුතාවට පත්ව ඇතැයිද මන්ත්‍රී සුමන්තිරන් ප්‍රකාශ කළේය.
රජය වෙනුවෙන් විග්නේෂ්වරන්ගේ කතාවට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාය. මුළු ලෝකයම වත්මන් රජයේ සංහිඳියා වැඩපිළිවෙළ අනුමත කරද්දී මහ ඇමැති විග්නේෂ්වරන් එය විනාශ කරන්න හදන්නේයැයි ඔහු චෝදනා කළේය. මහ ඇමැතිවරයා උතුරේ ජාතිවාදය ඇවිස්සීම තමන් පිළිකුළෙන් යුතුව හෙළා දකින්නේ යැයිද හෙතෙම කීය. විග්නේශ්වරන්ගේ මතය රටේ සමස්ත දෙමළ ජනයාගේ මතය නොවන බව සිය විශ්වාසයැයිද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය. එ.ජා.පයේ සභාපති කබීර් හෂීම් මහතා මාධ්‍යයට කියා තිබුණේ මහ ඇමැති විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය එ.ජා.ප.ය කිසිසේත්ම අනුමත නොකරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අම්පාරේ සෙත්සිරිගම ආරණ්‍ය සේනාසනයේ පැවැති ආගමික උත්සවයකදී විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාව තරයේ විවේචනය කළේය. “අපි තිස් අවුරැදු යුද්ධයෙන් නිදහස් කරගත් රට නැවතත් යුද්ධයකට තල්ලු කරන්නයි මේ හදන්නේ. විග්නේෂ්වරන්ට මහ ඇමැති වෙන්නත් අවස්ථාව සැලසුණේ යුද්ධයෙන් පසු අපි පළාත් සභා ඡන්දය නිසි විදියට තැබූ නිසයි. මේ උද්ඝෝෂණයදා කිලිනොච්චි සතොසේ රාජ්‍ය සේවය කළ සේවකයන්ට පහරදී ඔවුන්ට අඩන්තේට්ටම් කර තිබෙන බව මට වාර්තා වුණා. මේ ආරම්භය ඉතාම නරකයි. මේ සියල්ල අපි දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා. වත්මන් රජය අපි උතුරේ තරකර තිබූ රුකවල් ඉවත් කළා. හමුදා කඳවුරැ අඩුකළා. මේ සිදුවන අසහනකාරී දේවල්වලට මේ රජයත් සහමුලින්ම වගකිය යුතුයි. මම විග්නේෂ්වරන්ගෙන් අහනවා ඔහු දෙමළ ජනතාවට නැඟිටිව් කියන ගමන් තමන්ගේ පුතාලා විවාහ කරගන්න ඉන්න සිංහල නෝනලත් පන්නන්නද හදන්නෙ කියලා. ඒ නිසා විග්නේෂ්වරන්ට මම කියනවා වහාම ජාතිවාදය ඇදීම නවත්වන්න ජාතීන් අතර අසමගිය හදන්න එපා. රටේ සාමය කඩන්න එපා කියලා.
මහින්ද රාජපක්ෂ මහතාට අමතරව පිවිතුරැ හෙළ උරැමයේ උදය ගම්මන්පිල මහතාත් තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවකුත් විග්නේෂ්වරන් මහ ඇමැතිගේ කතාවටත් ක්‍රියාවටත් දැඩිලෙස පහර දුන්හ. මේ සියල්ලෙන් මහ ඇමැති විග්නේෂ්වරන්ටද කිසියම් රිදීමක් සිදුව තිබිණි. ඔහු පසුව මාධ්‍ය ගණනාවකට කියා තිබුණේ තමන් මේ ක්‍රියාව කළේ රටේ නැවත ජාතිවාදය අදින්නට නොවන බවයි. තම දරැවන් සිංහල දරැවන් සමඟ විවාහ වී සිටින බව මතක් කළ මහ ඇමැතිවරයා තම අරමුණ දෙමළ ජනතාවගේ නැතිවූ අයිතිවාසිකම් නැවත ලබාදීම යැයි ප්‍රකාශ කළේය.
ශ්‍රී.ල.නි.ප. මහලේකම් ආමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගිය දින ගණනාවක් තිස්සේ ශ්‍රී.ල.නි.ප.ය කැඩීයාමෙන් විය හැකි හානි පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළේය. දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද මහතා තමන්ගේ දේශපාලන වැඩේ අතහරින පාටක් නොපෙනෙන බවයි. මෙහෙම ගියොත් ශ්‍රී.ල.නි.පයත් මහින්දත් දෙපක්ෂයම ඉවරවන බව දිසානායක මහතා ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කරන සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය. එහෙත් මෙබඳු අභියෝගවලට බියෙන් සිය ගමන නවත්වන්නට ශ්‍රී.ල.නි.ප.ය අදහස් නොකරන බවද අමාත්‍ය දිසානායක මහතා කීය.
පසුගිය සැප්තැම්බර් 26දා හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී ශ්‍රී.ල.නි.ප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ගුණසමරැව පැවැත්විණි. මහ සංඝරත්නයද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන්ද රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරැද ගුණසමරැවට එක්ව සිටියෝය. මෙම ආගමික උත්සවයෙන් පසුව පැමිණ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරැ දුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පක්ෂය කඩා විනාශ කරන්න හදන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා නැගීය. “මහින්ද හැමදාම කළේ මේ පක්ෂය කඩන්න හදාපු එකයි. මේ පාරත් ඒකම කරන්න යනවා. ඒත් කාටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානි කරන්න විනාශ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.*යැයි හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ නවසීලන්තය බලාපිටත්ව යයි. නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණ ඇරුයුමක් අනුව රනිල් වික්‍රමසිංහ මහතා එරට සංචාරයක නිරත වෙයි. නවසීලන්තයේ ආයෝජන ශ්‍රී ලංකාවට ලබාගැනීම හා දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම අගමැතිගේ සංචාරයේ අරමුණ බව සඳහන්ය. නවසීලන්තයට පසුව අගමැතිතුමා ඉන්දියාවට යයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති ප්‍රනාම් මුඛර්ජි මහතා සමඟ අගමැතිවරයා සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකාව සඳහා පත්කරන්නට යන නව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතාද අගමැතිවරයා මුණගැසෙනු ඇතැයි කියැවේ.
ඒකාබද්ධ විපක්ෂය නැවතත් වැට් බදු සටනට අවතීර්ණව සිටී. ජනතා විමුක්ති පෙරමුණ නායකයන්ද ප්‍රකාශ කර ඇත්තේ මේ ආකාරයට වැට් බදු අය කිරීම ඉතාමත් අසාධාරණ බැවින් තමන් එම පනතට විරැද්ධ බවය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් රජය නිකුත් කර තිබෙන වැට් බදු ගැසට් පත්‍රයට එරෙහිව නඩු පවරන බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙවරද රජයේ ඇමැති මණ්ඩලය වැට් බදු යෝජනා අනුමත කරන්නට පෙර ගැසට් පත්‍රය නිකුත් කර ඇතිබව ගැසටයේ සඳහන් දින වකවානු අනුව පෙනෙන බව කී ගුණවර්ධන මහතා පනත මැතිසබයට ගෙන ආ වහාම තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පැවැසීය.
සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීම මෙවර උණුසුම් වූයේ දුම්වැටි සඳහා නව බදු පැනවීම සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කිරීමත් සමඟය. එහිදී මුදල් අමාත්‍ය රවි කරැණානායක මහතා සිය ස්ථාවරය සඳහන් කරමින් පැවසුවේ අධික බදු නිසා ආදායම අහිමි වීම මෙන්ම බීඩි වැනි විකල්ප දුම්වැටි සඳහා ජනතාව හුරැවීමෙන් නැති සෞඛ්‍ය ප්‍රශ්න හටගන්නා බවයි. මෙය රවි මුල සිටම දැරෑ ස්ථාවරයයි. එවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මෙබඳු බදු ඉහළ දැමීමක් කරන්නේ නම් එය විධිමත් හා ක්‍රමනුකූල පිළිවෙතක් අනුව කළ යුතු වගයි. නමුත් චම්පික රණවක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දුම්වැටි බද්ද සාධාරණ බවය. ඒ සඳහා ඔහු ගණන් මිනුම් සහිතව කරැණු දැක්වූ අතර මුදල් අමාත්‍යංශ නිරීක්ෂණ වැරදි බව කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ තමන්ගේ අරමුණ දුම්කොළ සමාගම් ආරක්ෂා කිරීම නොව රටේ දුම්පානය අඩු කිරීම වගය. එවිට මුදල් ඇමැති රවි යෝජනා කළේ එසේ නම් රටේ දුම්පානය තහනම් කරමු කියාය.
රවිගේ කතාවට ජනාධිපතිතුමාට තරමක් කේන්ති ගියේය. ඔහු ඉන් අනතුරැව විශේෂ හෙළිදරව්වක් කළේ ඇමැතිවරැන් පුදුමයට පත් කරවමිනි.
&පසුගියදා මේ දුම්කොළ බදු යෝජනාව ආවට පස්සේ ලෝක දුම්කොළ සමාගමේ ප්‍රධානියා හදිසියේම ලංකාවට ආවා. ලෝක සෞඛ්‍ය සංවිධානෙ ප්‍රතිපත්තියටත් රජයේ ප්‍රතිපත්තියටත් පටහැනිව ලංකාවෙ සමහර දේශපාලන බලධාරීනුත් සෞඛ්‍ය බලධාරිනුත් ගිහින් රහසෙ මේ දුම්කොළ සමාගමේ ලොක්ක හමුවුණා. මම දන්නව ඒ කව්ද හමුවුණේ, කතා කළේ මොනවද කියල... ඒ කවුරැ කොහොම කළත් අපි රජයේ දුම්වැටි විරෝධී ප්‍රතිපත්තිය ගෙනියනව...* ජනාධිපතිවරයාගේ මෙම හෙළිදරව්වත් සමඟ අමාත්‍ය මණ්ඩල උපකමිටුව යෝජනා කළ පරිදි සිගරුට් සඳහා වැට් බද්දත්, ඊට අමතරව එක් සිගරුට්ටුවකට රැපියල් 5ක බද්දකුත් පැනවීමේ යෝජනාව සාකච්ඡාවට ගැනිණි.
ප්‍රකාශ් ඉරැගල්බණ්ඩාර