යහපාලන ආණ්ඩුවේ අවාසනාව වී ඇත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයේ එකට එක නොපෑහෙන බලවේග රාශියක් ක්‍රියාත්මක වීමයි. එසේම ඒ බලවේග ආණ්ඩු මට්ටු කරගෙන රජය හරි පීල්ලේ ගෙනයාමට දක්වන උදාසීන බවද කැපී පෙනේ. ඒ නිසා අද මේ රජයට සිදුව ඇත්තේ අභ්‍යන්තර අර්බුද කළමනාකරණය කරගන්නට මුළු කාලයම කැප කිරීමටයි. රටේ පොදු ජන අවශ්‍යතා සහ මහජන ප්‍රශ්න න්‍යාය පත්‍රයේ අංක 2ට වැටී අභ්‍යන්තර ප්‍රශ්න අංක එකට පත්ව තිබේ. ආණ්ඩුවට ප්‍රශ්න ඇති කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නම් ප්‍රශ්නයක් නැත. එහෙත් ආණ්ඩුව තුළ ප්‍රශ්න ඇති කරන්නේ ආණ්ඩුව නිර්මාණය කළ බලවේග විසිනි. එක කාලයක් ප්‍රධාන මාතෘකාව රවි කරැණානායකය. ඊළඟට විජේදාස රාජපක්ෂය. දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. මේ අය විසින් මවන ලද පුවත් නිසා ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය පිරිහී ගියේය. ඉදිරියේදී පක්ෂ මාරු කරන ඇමැතිවරුන් විසින්ද පුවත් මවන බව පැහැදිලිය.
එස්.එෆ් හෙවත් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයා පසුගියදා සිදුකළ යුද අපරාධ කතාව නිසා ඡන්ද කටේ ආණ්ඩුව පත්වූයේ දැඩි අපහසුතාවකටයි. යුද හමුදාපතිවරයාත්, ජනාධිපතිවරයාත්, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුත් මේ රටේ රණ විරුවන් යුද අපරාධ නොකළ බව කියද්දී යුද්ධය මෙහෙයවීමේ ගෞරවය අයත් විය යුත්තේ ඊට අණ දුන් රාජපක්ෂවරැන්ට නොව තමන්ට යැයි කියාගන්නා ෆීල්ඩ් මාර්ෂල්වරයා, හිටපු යුද හමුදාපති (යුද සමයේ වන්නි ආඥාපති) ජනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළ බව සඳහන් කළේය. ඉන් නොනැවතුණු ෆොන්සේකා කීවේ මේ ගැන ලෝකයේ කවර තැනක පැවැත්වෙන යුද අපරාධ අධිකරණයකට වුවද ගොස් සාක්ෂි දීමට සූදානම් බවයි. එපමණක් නොව නිල ඇඳුමත් ඇඳගත් පමණින් අපරාධ කළ නොහැකි බවද ඔහු කීය. ඒ කතාව සත්‍යවන්නට පුළුවන් නමුත් යුද්ධය මෙහෙයැවූ තැනැත්තා තමන් යැයි කියමින් තම හමුදාවේ ජෙනරාල්වරු යුද අපරාධකරැවන් ලෙස හංවඩු ගසන ෆීල්ඩ් මාර්ෂල්වරුන් හිටියේ මොන රටේ දැයි අසනවා හැර මේ ගැන වෙනත් කියන්නට දෙයක් නැත.
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ ප්‍රකාශයත් සමඟ රජයේ මැති ඇමැතිවරු රැසක් බොහෝ සේ කලබල වූහ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.පයේ 66 වැනි සංවත්සර උළෙලේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ලොව කිසිදු බලවේගයකට ජෙනරාල් ජගත් ජයසූරියට හෝ වෙනත් කිසිදු රණවිරුවකුට අත තබන්නට ඉඩ නොදෙන බවට සපථ කළේය. තමන් එල්.ටී.ටී.ඊ. හිතවාදී එන්.ජී.ඕ පදයට නටන්නට සූදානම් නැතැයිද ජනාධිපතිවරයා කීය. මෙය තමන්ගේම කැබිනට්ටුවේ සිටින ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට දුන් අතුල් පහරක් හා සමාන කතාවකි.
ඒ අතර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සාමාන්‍ය ජනතාව ෆොන්සේකා ෆිල්ඩ් මාර්ෂල්වරයාට අවලාද නගන්නට වූහ. ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරැ තරයේම ප්‍රකාශ කළේ මොහුගේ ප්‍රකාශය සම්බන්ධව වහා නීතිමය පියවර ගෙන ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඔහුගෙන් ඉවත් කළ යුතු වගයි. කැලණිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජනතාව ෆොන්සේකාට එරෙහිව වීදි බැස ඔහුගේ රැවට සමානව සැදූ පඹයන් පිළිස්සූහ. සරත් ෆොන්සේකාද එදිනම කැලණියට ගොස් නැවතත් තමන් කළින් සිදුකළ කතාව තහවුරු වන ආකාරයේ කතාවක් කළේය. ඉන් නොනැවතුණ හෙතෙම ජගත් ජයසූරිය ජෙනරාල්වරයාට තවදුරටත් චෝදනා නගමින් වැලිකඩ හිර ගෙදර ඝාතනය, රතු පස්වල ඝාතනය වැනි ඒවාටත් ඔහු වගකිව යුත්තෙක්යැයි කීය.
ජනපති මෛත්‍රී, හිටපු ජනපති මහින්ද ජනරාල් ජයසූරියට සහාය පළකරති
රතුපස්වල ඝාතනයට සම්බන්ධව රජය දැන් ඊට වගකිව යුත්තන්ට නඩුවක්ද පවරා ඇත. වැලිකඩ ඝාතනය සම්බන්ධ පරික්ෂණ කොමිෂන් වාර්තාවක් රජය සතුව තිබේ. ඒවා ක්‍රියාත්මක නොකර මේ ආකාරයට චෝදනා නැගීම සාධාරණ නැත.
මේ අන්දමට ජගත් ජයසූරිය හිටපු හමුදාපතිවරයාට ෆීල්ඩ් මාර්ෂල්වරයා චෝදනා නගද්දී ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද තවත් ප්‍රභූන් රාශියක්ද ඔහු අමතා අවශ්‍ය ඕනෑම මොහොතක ජනරාල්වරයාට සහාය දෙන බව ප්‍රකාශ කළහ. ජයසූරිය මහතා ඇමතූ පිරිස් අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද විය. ගෝඨා ජගත් ජයසූරියගෙන් මුලින්ම ප්‍රශ්න කළේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද කියායි. එවිට ජෙනරාල් ජයසූරිය කිවේ තමන් සේවා කාලය හමාරවී එනවිට මේ බවක් දැන සිටියේ නැතත් පසුව ලංකාවට පැමිණෙන අතරතුර බ්‍රසීල තානාපති කාර්යාල නිලධාරින් කිහිප දෙනෙක් තමන් අමතා විවිධ නීතිඥයන් තානාපති කාර්යාලය ඇමතූ බව දැනුම් දුන් බවය. අනතුරුව කළ සොයාබැලීමකදී තමන්ට එරෙහි පැමිණිල්ලක් ඇති බව දැනගන්නට ලැබුණ වග ගෝඨාට කීය. යුද අපරාධ පැමිණිල්ල මගින් තමන්ට එරෙහිව පියවර ගෙන ඒ රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා තිබූ බවත් ජනරාල්වරයා පැවසූ විට තමන්ටද ඒ ගැන තොරතුරු ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කීය. අවසානයේ ජගත් ජයසූරිය මහතා කීවේ අපි කළේ මානුෂීය මෙහෙයුමක්. යුද අපරාධ නොකළ බව හැමෝම දන්නවා. ඉතින් එන දේකට මුහුණ දෙන්න ලෑස්තියි කියායි. එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ඇත්තේ රණවිරැවන්ට සිදුවන අසාධාරණයකදී තමන් ඇතුළු පිරිස් කළ හැකි ඕනෑම උදව්වක් ලබා දෙන බවයි.
ඉන්පසුවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන් විවේචනය කරන අයට පහර දෙන්නට පටන් ගත්තේය. එයින් වඩාත් බරපතළම විවේචනය එල්ල කළේ කවදත් ජාතික ප්‍රශ්න ගැන කතා කරන ඇල්ලේ ගුණවංශ හිමියන්ටය. උන්වහන්සේ උම්මන්තක චීවරධාරියකු ලෙස හැඳින්වූ ෆොන්සේකා එවැන්නන් කියන කතා ගණන් නොගන්නා බව පැවසීය. එසේම නැවත රාජපක්ෂලාට මෙරට ආණ්ඩු කරන්නට ඉඩ නොදෙන බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රාජපක්ෂලා ආණ්ඩු හැදීම සිහිනයක් යැයිද ප්‍රකාශ කළේය.
ගෝඨාගේ එළියට ලොකු සෙනඟක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පසුගිය සති අන්තයේ කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණි. සෑහෙන ජන පිරිසක් මහ සමුළුවට එක්ව සිටියෝය. හිතවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 42ක සාමාජිකයන්ද පැමිණ සිටි අතර පක්ෂ මාරු කරන බව පසුගිය කාලය පුරා පුවත් මැවූ ජෝන් සෙනවිරත්න, අනුර යාපා සුසිල් ප්‍රේමජයන්ත ආදි ජ්‍යෙෂ්ඨයන් මහ සමුළුවේ ඉදිරිපෙළ අසුන් ගෙන සිටිනු පෙනිණි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මෙන්ම එ.ජා.පයේ ජයවික්‍රම පෙරේරාද මුල් පෙළේ සිටියහ. සමුළුව අමතා මුලික දේශනය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඔහු ශ්‍රී.ල.නි.පය මෙරටට කළ සේවය විස්තර කළ අතර 1956 ශ්‍රී.ල.නිප රජයක් බිහිකළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාද තමා මෙන්ම සාධාරණව වැඩකරන්න ගොස් දැඩි ලෙස පීඩාවට පත්වූ බව මතක් කළේය. පසුගිය කාලයේ ශ්‍රී.ල.නි.පයේ නොතිබූ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂයට ගෙනාවේ තමන් යැයි කී සිරිසේන මහතා තමන් කොටින්ගේ බෝම්බ ප්‍රහාර වලින් 5 වතාවක් දිවි බේරාගත් බවද කීය. එ.ජා.පය සමඟ යන සම්මුතිවාදී ගමන තුළින් මේ රටට අනාගතයක් නිර්මාණය වන්නේ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සමුළුවෙන් පසු නිවෙසට ගිය ජනාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ සමුළුව වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සිව වැඩ කළ බස්නාහිර ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කොළඹ ග්‍රීන්පාත් නිල නිවසේ පක්ෂයේ මැති ඇමැතින් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇති බවයි. ඉසුර අමතා ඒ පුවත දැනගත් ජනාධිපතිවරයා මමත් එහෙනම් ටිකකට ඔය පැත්තට එන්නම් යැයි කියා ඉසුරගේ නිල නිවසට පැමිණියේය. ජනාධිපතිවරයා එහි යන විට මහ ඇමැති ඉසුර සමඟ අමාත්‍යවරැන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා, සුසිල් ප්‍රේමජයන්ත ආදීහු පැමිණ සිටියහ. මේ සියලු දෙනා සමඟ සමුළුව ගැන සතුටින් කතා කළ ජනාධිපතිවරයා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පසෙකට කැඳවා ගෙන ගොස් බොහෝ වෙලා සුසිල් සමග පෞද්ගලික සාකච්ඡාවක නිරත විය. ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන්ගේ පක්ෂ මාරැ කතා ගැන ජනාධිපතිවරයා සුසිල් අමාත්‍යවරයාගෙන් මෙහිදී විමසූ බව පමණක් පසුව දැනගන්නට ලැබිණි.
ඇල්ලේ හිමියන්ටත් බැණ වදී
රිය කතුන් සවිබලගැන්වීමේ වැඩසටහනකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මාලබේ ප්‍රදේශයේදී සහභාගි විය. සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මෙහිදී අගමැති වික්‍රමසිංහ මහතා පැමිණ සිටි කුඩා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් අමතා රජයේ ආර්ථික දැක්ම පැහැදිලි කළේය. ජාතික ආර්ථිකයේ මුල් පුරැක කාන්තාවන් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ජාතික ආර්ථිකය ඉහළට ඔසවා කැබිය යුත්තේ කතුන්ට පමණක් යැයි අවධාරණයෙන් පැවසීය. ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද කාන්තාවන් ශක්තිමත් කිරීමට ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය 25%ක් කරන බව සඳහන් කර තිබිණි.
ඉන් පසුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව වර්තමාන රජයේ ආර්ථික දැක්ම එළිදැක්වීම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකළහ. ඒ සඳහා මෛත්‍රි - රනිල් දෙදෙනාම පැමිණියේ එකම මෝටර් රථයකිනි. 2025 දී පොහොසත් රටක් යන තේමාවෙන් පැවති විශේෂ හමුවට කතානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ මැති ඇමැති පිරිසක් එක්ව සිටියහ. මෙම උත්සවයේදී 2025දී ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරන ආකාරය කරුණු 13ක් ඔස්සේ විස්තර කෙරිණි. රජයේ ආර්ථික ගමන, තුන් අවුරැදු සංවර්ධන සැලැසුම, වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ආදී කරුණු ඒ අතර විය. මෙහි විශේෂත්වය වූයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එහි පැමිණ සිටි තරැණ තරැණියන් පිරිසක් හා යොවුන් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් විසින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දීමයි.
පසුගියදා අමාත්‍යධූරයෙන් ඉවත් වූ රවි කරැණානායක මහතාගේ මස්සිනා එකල රවි විසින් සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිධූරයට පත් කර තිබිණි. ඒ නිසාම රවි මුදල් අමාත්‍යංශයෙන් විදේශ අමාත්‍යංශයට මාරු වනවිට සංවර්ධන ලොතරැයිය සහ ජාතික ලොතරැයිය විදේශ අමාත්‍යංශය යටතට පත් කැරිණි.
මහින්දගේ උපදෙසින් ජනාධිපති නීතිඥවරු ලලිත්ලාගේ සහයට
ජාතික ලොතරැයියේ සභාපති ධූරය දැරුවේ රවිගේ ප්‍රබල දේශපාලන ආධාරකාරියක වන නීතිඥ ශ්‍යමිලා පෙරේරාය. කෙසේ හෝ තිලක් මාරපන මහතා විදේශ ඇමැති වූ පසු ඔහු ලොතරුයි මණ්ඩල තමන්ට අනවශ්‍ය බව කියා ඒවා නැවත මුදල් අමාත්‍යංශයටම පැවරීය. ඉන් දින කිහිපයකට පසු මංගල සමරවීර අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් නියෝග ලැබුණේ මෙම ලොතරුයි මණ්ඩල දෙකේ සභාපතිවරැන්ට සහ අධ්‍යක්ෂකවරුන්ට වහා ඉල්ලා අස්වෙන ලෙසයි. ඒ අනුව ශ්‍යමිලා පෙරේරා මහත්මිය ප්‍රමුඛ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරැන් ඉල්ලා අස්වුවත් රවිගේ මස්සිනා වූ සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා ඉවත් වූයේ නැත. මෙය ඇමැති මංගලට වාර්තා වූ විට ඔහු දෙවරක් සිතා බැලුවේ රොමේෂ් ජයවර්ධන ගැන තීන්දුවක් ගැනීම තනතුරුද අහිමි වූ රවිගේ සිත රිදවීමක්ද කියායි. කෙසේ හෝ මුදල් අමාත්‍යංශ නියෝග නොතකා රොමේෂ් රැඳී සිටීම සාධාරණ නොවන බව රජයේ ඉහළ තැන්වලින්ද මංගලට පවසා තිබිණි. ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන්ද මෙහි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නම් දෙකක් යෝජනා කරන බව වාර්තා විය. එක් නමක් වූ සේන සූරියප්පෙරැමගේ නම ඒ වනවිටත් මුදල් අමාත්‍යංශයට එවා තිබිණි. ඒ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිඥ නිශ්ශංක නානායක්කාරගේ නම එවා තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරය සඳහා පත්කරන ලෙස දන්වමිනි.
මේ කටයුතු සිදුවන විට හිටපු ඇමැති රවි කරැණානායක ආගමික කටයුත්තක් සඳහා විදේශ ගත වී සිටියේය. කෙසේ හෝ අවසානයේ තනතුරින් ඉවත් නොවී රැඳී සිටි රොමේෂ් ජයවර්ධන සභාපතිවරයා ඉවත් කිරීමට අන්තිමේදි තීරණය කළේය. ඒ සඳහා කළ යුත්තේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමයි. මෑත ඉතිහාසයේ සංස්ථා මණ්ඩල ප්‍රධානීන් ඉවත් කිරීමට එබඳු ගැසට් නිකුත් කර නැතත් මංගල සමරවීර අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් රෝමේෂ් ජයවර්ධන සංවර්ධන ලොතරුයියේ සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබීය. ඒ බව විදේශ ගතව සිටි රවි දැනගෙන අග්‍රාමාත්‍ය කාර්යාලයට සිය විරෝධය පළකළ බවද පසුව වාර්තා විය. එහෙත් රවිගේ විරෝධය ගණන් නොගෙන රවිගේ මස්සිනා වූ රොමේෂ් ජයවර්ධන සභාපති ධූරයෙන් ඉවත් කරන්නට මංගල පියවර ගත්තේය. මෙම තීරණය ගැන එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙක් මංගල අමාත්‍යවරයාට සතුට පළ කළ බවද වාර්තා වේ.
ආර්ථිකය නග්ගන්න රනිල්ගෙන් සැලසුමක්
රට දේශපාලනඥයන් පමණක් නොව දන්න හඳුනන ඕනෑම හිතවත් කෙනකුගේ උපන්දිනයට කලින්ම සුබපතන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ප්‍රකට කරුණකි. තමන්ට හිතවත් මැති ඇමැතිවරුන්ට පමණක් නොව තමන් දැඩි ලෙස විවේචනය කරන රාජිත සේනාරත්න, චම්පික රණවක ආදින්ගේ උපන්දින පවා මහින්දට අමතක නොවේ. ඔහු ඒ සඳහා විශේෂ ලිපිකරැවකු ලවා උපන්දින සටහන් පොතක් පවත්වාගෙන යයි. හිටපු ජනාධිපතිවරයා දිනපතා සිය රාජකාරි අරඹන්නේ අඩුම තරමින් හත්අට දෙනෙකුටවත් උපන්දින වලට සුබ පැතීමෙන් පසුවය.
ඒ අනුව පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද මහින්ද උපන්දිනයට සුබ පැතීය. සුබ උපන්දිනයක් යැයි මහින්ද කී විට ජනාධිපතිවරයා ඔබතුමාටත් බොහෝම ස්තූතියි කීය. ඉන් අනතුරුව සිදුවූයේ අපූරු වැඩකි. එක්තරා රාජ්‍ය සංස්ථාවක ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් මහින්දගේ දුරකතනයට කතා කොට ජනාධිපතිතුමා ඔබතුමාට සුබ උපන්දිනයක් යැයි කීය. මම මහින්ද රාජපක්ෂ මගේ උපන්දිනේ අද නෙවේ යැයි කී විට ඔහු මම එහෙනම් එතුමාට කතාකරන්නම් යැයි කියා දුරකතනය තැබීය. අනතුරුව එදිනම උපන්දිනය යෙදී තිබුණ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරැගොඩ මහතාට මහින්ද කතා කළේ සුබ පතන්නටයි. එවිට බේරුගොඩ මහතා ගත් කටටම කීවේ ඔබතුමාටත් සුබ උපන්දිනයක් කියාය. මහින්ද රාජපක්ෂ මහතා ඔහුවත් නිවැරදි කරමින් කීවේ මම මහින්ද රාජපක්ෂ. මගේ නෙවෙයි අද උපන්දිනේ රටේ ජනාධිපතිතුමාගෙ කියාය. අනතුරැව ටික වේලාවක් ගතවූ පසු මහින්ද රාජපක්ෂ මහතා නොහඳුනන කොළඹ පළාතේ තැනැත්තෙක් ඔහුගේ දුරකතනයට කතා කොට සුබ උපන්දිනයක් යැයි පැවසීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ මහත්තයට වැරදිලා කියායි. නැහැ පත්තරේ තිබුණ ජනාධිපතිතුමාගෙ උපන්දිනේ අදයි කියලා ඔහු නැවත නැවතත් කීය. මම ජනාධිපති නොවේ මහින්ද රාජපක්ෂ... ඔහු පැවසීය. නෑ සර් මට ජනාධිපතිතුමා කිව්වම මතක් වුණේ ඔබතුමා... ඒකයි කතා කළේ. කියූ අමතන්නා කොහොම වුණත් සර්ට කතා කරන්න ලැබුණ එක ලොකු දෙයක් කියා සෑහෙන දේශපාලන විග්‍රහයක් කොට දුරකතනය තැබීය.
එස්.බී. සුසිල් කැබිනට්ටුවේ ගැටුමක
සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම තුළ විශාල අර්බුද හටගත්තේ නැත. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රණවිරැවන් ගැන කතා කරන ප්‍රකාශවලට ඇමැතිවරුන් විරෝධය දැක්වනු ඇතැයි සිතුවත් එවැන්නක් සිදු නොවීය. සමෘද්ධි නිලධාරින්ට ඡන්ද ඉල්ලීමට තිබෙන අයිතිය අහිමිකිරීම ගැන එස්.බී. දිසානායක හා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරු අතර වාග් සටනක් හට ගැනිණි. එවිට ජනාධිපතිවරයා මැදිහත් වී ඒ ගැන පක්ෂ නායක රුස්වීමේදි තීන්දුවක් ගන්න යැයි පැවසීය. එය දැන් පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතක් යැයිද ජනපතිවරයා කීය. ඒ හැර වෙනත් බරපතළ මාතෘකා සාකච්ඡා වූයේ නැත.
ශ්‍රී.ල.නි.පයෙන් ඉවත් වනවා යැයි ප්‍රකාශ කළ මැති ඇමැතින් හා ජනාධිපතිවරයා අතර හමුවක් ගිය බදාදා සවස පැවැත්විණි. ඒ හමුව ඉතා තීරණාත්මක අවස්ථාවක් වී තිබිණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට එරෙහිව එළිය නමින් සංවිධානයක් බිහිවිය. බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදි “එළිය” එළිදැක්කේ ගිය බදාදාය. එයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු විශාල ජන පිරිසක් එක් රොක් වූහ. රැස්වීම් ශාලාවේ ඉඩ නැතිව තවත් සිය ගණනක් ශාලාවෙන් පිටත රැස්කමින් සිටියහ.
මෙහිදී රජයේ ව්‍යවස්ථා වැඩපිළිවෙළ හා ජාතික ප්‍රතිපත්ති විවේචනය ආරම්භ කළේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්ය. දයාන් ජයතිලක, තමාරා කුණානායගම්, මේජර් ජනරාල් කමල් ගුණරත්න, ගෝඨාභය රාජපක්ෂ, වෛද්‍ය සීතා අරඹෙපොළ ආදි විද්වතුන් ගණනාවක්ම කතා කළෝය. එහිදී නව රජය අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදුම්වාදය කරා තල්ලුකරන බවත් එයින් තිබෙන සමගිය නැතිවන බවත් කථිකයෝ රුසක්ම පෙන්වා දුන්හ.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබා දී දඩ මුදල් නියම කිරීම මේ සතියේ වාර්තා වූ ආන්දෝලනාත්මක පුවතකි. ඔවුන් මේ දඬුවමට යටත් වූයේ පසුගිය රජය අවසාන භාගයේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කළා යැයි කියන සිල් රෙදි බෙදාදීමේ ව්‍යාපෘතියකට විදුලි සන්දේශ නියාමන කොමිසමේ රුපියල් කෝටි හැටක අරමුදල් භාවිත කළ බවට නැගුණ චෝදනා හේතුවෙනි.
කොළඹ මහාධිකරණ විනිසුරුවරයා පසුගිය 7 දා සිල් රෙදි නඩුවේ තීන්දුව සඳහා නඩුව කැඳවන විට උසාවියට ලලිත් වීරතුංග මහතාගේ බිරිය හා දරැවන් මෙන්ම හිතවතුන් නීතිඥයන් මාධ්‍යවේදීන් හා පරිපාලන සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද පැමිණ සිටියහ. තීන්දු ප්‍රකාශයෙන් පසු අනූෂ සහ ලලිත් වීරතුංග මහත්වරුන්ගේ දෑතට මාංචු දමා බන්ධනාගාර බස් රථයෙන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ. බන්ධනාගාරයට ගෙන ගොස් ඔහුගේ නීතිඥ මණ්ඩලයේ සාමාජික නීතිඥ චමින්ද කුලරත්න මහතා අතට වීරතුංග මහතා ඇඳ පැළඳගෙන සිටි ඇඳුම් සහ අත් ඔරලෝසුව ආදී ආභරණ බාර දුන්නේය. අනතුරුව බන්ධනාගාර නිලධාරියකු ගෙනා ජම්පර ඇඳුමට මාරු වී සිරකුටිය කරා පානැගීය. රෝගී තත්ත්වය නිසා ඔහුට බන්ධනාගාර රෝහලට යා හැකි බව වෛද්‍ය වාර්තා අනුව බන්ධනාගාර බලධරයන් එදින රාත්‍රී වීරතුංග මහතාට දැන්වුවද ඔහු පැවසුවේ එදින රාත්‍රිය සිරකරුවන් සමඟ සිරකුටියේ ගත කොට පසුදා බන්ධනාගාර රෝහලට යන බවයි.
ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිල් රෙදි නඩුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරැන් ගණනාවක් එක්ව මෙම නඩුවේ අභියාචනය සකස් කරන්නට වූහ. රාජ්‍ය පරිපාලන සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ම කිසිදු වාද භේදයකින් තොරව ලලිත් වීරතුංග මහතාගේ නීති කටයුතුවලට සහාය දෙන්නට ඉදිරිපත්ව සිටියහ. රාජ්‍ය සේවාවේ ප්‍රධානියා ලෙස ලලිත් වීරතුංග මහතා දස වසරක්ද ඊට පෙර විසි නව අවුරුද්දක්ද යහපත් සේවාවක් කළ බව ඔහුගේ වෘත්තීය සගයන් පවසන අතර වීරතුංග මහතාගේ පරිපාලන සේවා කාලය වසර 39 කි. ඒ නිසා ඔහු වෙනුවෙන් කෙරෙන අභියාචනයට අවශ්‍ය සියලු කටයුතු ඉටු කිරීම සඳහා වෘත්තිය සගයෝ ඉදිරිපත් වූහ. ඒ සැමගේ සහාය ඇතිව හෙට (සඳුදා) දින ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් සම්බන්ධ අභියාචනය කොළඹ ඇපැල් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
සේයාරූ | රොම්ෂ් ධනුෂ්ක සිල්වා