මේ සතියේත් රටේ ප්‍රධානම දේශපාලන මාතෘකාවට පසුබිම් වූයේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධියයි. දේශපාලන ක්ෂේත්රයේ සෙසු සියලු කතා යටපත් වී සෑම තැනකින්ම ඇසෙන්නේ රන්ජන් විසින් ව්‍යාකූල කළ සමාජයේ දුක් ගැනැවිලිය. මෙය දැන් දේශපාලන සටනක් මෙන්ම නීතිමය සටනක් බවටද පත්ව හමාරය. සමහර දේශපාලනඥයෝ මේ ගැන කතා නොකර දැඩි නිහඬ බවක ගිලී සිටිති. හඬපට සිද්ධියට නම ගෑවුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන් හා රන්ජන් කළ සංවාද කවුරුන් හෝ පසුව සංස්කරණය කර ඇතැයි කියමින් පොලීසියේ පැමිණිල්ලක් දැමුවාය.
හඬපට සම්බන්ධයෙන් නම සඳහන් වුණු අධිකරණ විනිසුරුවරුන් ගැන තීන්දුවක් ගන්නා ලෙස අගවිනිසුරුතුමාගෙන් ඉල්ලා සිටින බව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පාර්ශ්වයන්ද පොදු මහජන සංවිධාන ගණනාවක් ද ඉල්ලා තිබිණි. ඒ අනුව අගවිනිසුරුවරයා, විනිසුරු බුවනෙක අලුවිහාරේ හා සිසිර ද ආබ_ යන මහත්වරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසම ගිය සතියේ රැස්ව මෙම විනිසුරු දෙපොළගේ වැඩ තහනම් කළ යුතු යැයි තීන්දු කළේය. ඒ අනුව ධම්මික හේමපාල විනිසුරුගේ වැඩ ඒ මොහොතේම තහනම් කෙරිණි. විනිසුරු ගිහින් පිලපිටියගේ පත්වීම් බලධරයා ජනාධිපතිවරයා නිසා ඔහුට අදාළ නිර්දේශය වහාම ජනාධිපතිතුමාට යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසමේ ලේකම් විනිසුරු සංජීව සෝමරත්නට නියම කරනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගිය සති අන්තයේ මෙම නිර්දේශ ඇතුළත් ලිපිය ලැබිණි. එහි සඳහන්ව තිබුණේ හඬපට සිද්ධිය ගැන විනිසුරු ගිහාන් පිලපිටියගෙන් සහ විනිසුරු හේමපාලගෙන් නිදහසට කරුණු විමසූ බවත් ඔවුන් දින තුනක් තුළ ලබාදුන් නිදහසට කරුණු ගැන කොමිසම කළ මූලික විමර්ශනයකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම නිර්දේශය ඉදිරිපත් කරන වගත්ය. එහි සඳහන් වූයේ මේ ගැන පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නිසා ජනාධිපතිතුමාගේ විනය පාලනයට යටත් වන මහාධිකරණ විනිසුරුවරයාගේ වැඩ තහනම් කළ යුතු යැයි නිර්දේශ කරන බවකි. මෙම නිර්දේශය ලද පසු ජනාධිපතිවරයා ස්වකීය නීති උපදේශකයන් හා ආණ්ඩුවේ දේශපාලන උපදේශකයන් සමඟ සාකච්ඡා කොට මෙයට පෙර මෙබඳු කටයුතුවලදී ජනාධිපතිවරුන් ක්‍රියා කළ ආකාරය ගැන පූර්වාදර්ශ කවරේදැයි පරීක්ෂා කළේය. අතීත සිදුවීම් ගණනාවකට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා තීන්දු කළේ අධිකරණ සේවා කොමිසමේ නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දීම යුක්ති සහගත බවයි. ඒ අනුව ගිය සඳුදා සවස එම නිර්දේශය අධිකරණ සේවා කොමිසමේ ලේකම් විනිසුරු සංජීව සෝමරත්න වෙත යැවීය. මෙය ඉතා හදිසි කරුණක් සේ සැලකූ ලේකම්වරයා වහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට ඒ බව දන්වා අධිකරණ සේවා කොමිසමේ හදිසි රැස්වීමක් අඟහරැවාදා උදෑසන කැඳවීය. එහි සාකච්ඡාවකින් පසු විනිසුරු පිලපිටිය මහතාගේ වැඩ තහනමට තීන්දුවක් ගත්තේය. ඒ වන විට විනිසුරුවරයා ඇඹිලිපිටිය මහාධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටියේය. ඔහුගේ ෆැක්ස් යන්ත්‍රයට වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් යවන ලදී.
මෙදින වඩාත් උණුසුම් පුවත් මවන ලද්දේ පාර්ලිමේන්තුවේදීය. හඬපට සිද්ධියට පසුව (රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමෙන් පසුව) පාර්ලිමේන්තුව රැස්වූයේ පළමු වරටය. රන්ජන් මන්ත්‍රීවරයා මෙදින මැතිසබය අමතා විශේෂ ප්‍රකාශයක් කරන බව කල් තබාම කියා තිබිණි. ඒ අනුව සභාවේ මූලික කටයුතුවලින් පසුව ඔහුට එම අවස්ථාව ලැබිණි. රන්ජන් එහිදී තරමක ආන්දෝලනාත්මක කතාවක් කළේය. එහිදී ඔහු සමඟ සංවාද පැවැත්වූ හිරුණිකා මන්ත්‍රීවරියගෙන් සමාව ද ඉල්ලා සිටියේය. සෙසු පිරිස්වලටද කනගාටුව පළ කරන බව කීය. ඉදිරියේදී දැනට ප්‍රකාශ නොවී තමන් සතුව පවත්නා හඬපට ගණනාවක් ප්‍රකාශයට පත් කරන්නේ යැයි කී රන්ජන් අගමැතිතුමා, හිටපු අගවිනිසුරුවරුන් හා තවත් ප්‍රභූන් හා ප්‍රභූ කාන්තාවන්ගේ හඬපට තමා සතු බවත් ඒවාද ප්‍රකාශයට පත් කරන වගත් කීය. තමන් අවංකවම වංචා දූෂණ හෙළි කරන්නට තැත් කළේ යැයි කී රන්ජන් තමන්ට මෙතැන සිටින දූෂිතයන්ගෙන් චරිත සහතික අනවශ්‍ය යැයි කීය. තමා සතු සියලු හඬපට අද දින මැතිසබයේ සභාගත කරන්නේ යැයිද ඔහු පැවසීය. එයින් පසුව මන්ත්‍රීන් ගණනාවක් මැතිසබා කාර්යාලයෙන් ඒ ගැන ප්‍රශ්න කර තිබූ නමුත් එවන් සභාගත කිරීමක් සිදුව නැතැයි කියැවිණි.
රන්ජන්ගේ විශේෂ ප්‍රකාශයෙන් පසු ඔහුගේ ක්‍රියාව නිර්දය ලෙස විවේචනය කරමින් කතා කළේ රාජ්‍ය ඇමැති නිමල් ලංසාය. ඔහු රන්ජන්ට කීවේ ඔහු මෙම සභාවේ මන්ත්‍රීන්ගේ ගරුත්වයට මෙන්ම බෞද්ධ හා කතෝලික ආගම්වලටද මෙමගින් හානි කළ බවය. එලෙස ලංසා ඇමැතිවරයා පිළිතුරු දීමෙන් පසු හඬපට සිද්ධිය නිසා වඩාත් නම ප්‍රසිද්ධ වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කතා කළාය. ඇයගේ කතාව ආවේගශීලී මෙන්ම ඇතැම් කාරණා සම්බන්ධව සීමාව ඉක්මවා ගිය දේශනයක් විය. ඇය තම සැමියා සහ තමා අතර ඇති ශාරීරික සබඳතා ගැන පවා කියද්දී සභාවේ සිටි සමහර මන්ත්‍රිනියන් දැඩි අපහසුතාවට පත්වූ බව පෙනුණි. ඇයගේ කතාවෙන් පසුව ඒ ගැන ඉතා සන්සුන්ව අදහස් ප්‍රකාශ කළ මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය කීවේ මෙම කතාවලට සවන් දීමෙන් පසු තමන් නිවෙසට යන බවකි. තමන්ට දරුවන් හා සැමියකු සිටින බවත් වයස අවුරුදු අනූ ගණන් වන මවද ජීවතුන් අතර බවත් පැවසූ මන්ත්‍රීවරිය මෙවැනි කතා නිසා ලජ්ජාවකින් තොරව තමන්ට පවුලේ අය දෙස බැලීමත් අපහසු යැයි ප්‍රකාශ කළාය.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අරගලය තවමත් හමාර නැත. සජිත් පිල පක්ෂය කඩාගෙන ගොස් වෙනත් සන්ධානයක් පිහිටුවන බව ප්‍රකාශ කළත් සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨයන් බහුතරය ඒ සඳහා පූර්ණ කැමැත්ත දක්වා නැත. පසුගියදා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමි දෙනම මුණගැසුණු සජිත්ට උන්වහන්සේලා ප්‍රකාශ කළේ එ.ජා.පය රටේ ප්‍රධානම දැවැන්ත පක්ෂයක් වන බැවින් එය දෙකඩ නොකර ප්‍රශ්න විසඳාගන්නා හැටියටයි. සජිත් ඒ සම්බන්ධව සාර්ථක ප්‍රතිචාර දක්වා තිබිණි. කෙසේ හෝ සජිත් හිතවාදීන්ගේ කණ්ඩායමේ බොහෝ දෙනා මහමැතිවරණයට පෙර පක්ෂය තුළ ඇති අර්බුද නිරාකරණය කරගත යුතුය යන මතයේ තරයේම එල්බ සිටිති. ඒ සඳහා මැදිහත්කරුවකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා තෝරාගනු ලැබීය. කරු සජිත් පිලේ මෙන්ම රනිල් හිතවාදීන්ගේද හොඳ හිත දිනාගත් නායකයෙකි. ඒ අනුව ගිය සති අන්තයේදී රනිල් - කරු - සජිත් යන තිදෙනා කතානායක නිල නිවෙසේදී හමුවී මේ ගැන සාකච්ඡා කළෝය. සන්ධානයක් ඡන්දය වෙනුවෙන් සකස් කරන්නේ නම් එහි නායකත්වය කරු ජයසූරිය මහතා දැරිය යුතු යැයි මෙහිදී රනිල් පාර්ශ්වය යෝජනා කර තිබේ. සන්ධාන නායක ධූරයට කරු ද, විපක්ෂ නායක හා අගමැති අපේක්ෂක ලෙස සජිත් ද, පක්ෂ නායකයා ලෙස දිගටම රනිල් ද ක්‍රියා කළ යුතු යැයි මෙහිදී මුලින් අදහස් හුවමුරැ විය. එහෙත් පසුව එම අදහස වෙනස් කර පක්ෂ නායකත්වයට කරු ජයසූරිය පත්කර එ.ජා. පෙරමුණේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු යැයි එකඟතාවකට පත් විය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නේද යන්න ඔහු ඒ මොහොතේ කියා නැත. ඒ ගැන පිළිතුරක් දීමට පැය 48ක් රනිල් ඉල්ලා තිබිණි.
අනතුරැව ඔහු සිය කොල්ලුපිටිය නිවෙසට එ.ජා.පයේ මන්ත්‍රීන් ගණනක් කැඳවා ුරැණු සාකච්ඡා කළේය. වජිර අබේවර්ධන, අකිල විරාජ් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රනිල් පක්ෂ නායකත්වය අතහැරීමට විරුද්ධව කරුණු දැක්වූහ. දෙදෙනෙක් පමණක් ඊට පක්ෂව අදහස් ප්‍රකාශ කළ බව කියැවේ. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වන තීන්දුව ගැනීම සඳහා ලබාගත් පැය 48 ගෙවී ගියේ බදාදාය. ඔහු ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීම හේතුවෙන් සජිත් හිතවාදී කණ්ඩායම නැවතත් රුස්වී ඒ ගැන ගත යුතු පියවර තීන්දු කරන්නට පියවර ගත්තේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද සිටින්නේ සතුටින් නොවේ. ඔවුන් ඉදිරි මහමැතිවරණය පොහොට්ටුව සමඟ තරග කරන්නේ නම් කලින් අත්සන් කළ සන්ධාන ගිවිසුම අනුව ක්‍රියා කළ යුතු යැයි වාර ගණනක්ම පෙන්වා දී තිබිණි. ඒ අනුව සමස්ත අපේක්ෂක සංඛ්‍යාවෙන් 1/3ක් ශ්‍රීලනිපයට ලැබිය යුතු යැයි එහි මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගියදා පක්ෂ මාධ්‍ය හමුවේදී කීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්රීලනිපය ලබාගත් ඡන්දවලට සාපේක්ෂව අපේක්ෂක සංඛ්‍යාවද තීන්දු විය යුතු යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. මෙවර මැතිවරණය සඳහා භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා දෙන්නේද යන්න ගැන ගෝඨාභය ජනාධිපතිතුමා ගන්නා තීන්දුව අනුව ක්‍රියා කරන වගද ලේකම්වරයා සඳහන් කළේය. ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක මහත්වරැන් ශ්‍රී.ල.නි.පය ගැන කියන කතා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ඔහු තරයේම කීය. පොහොට්ටුවට ශ්‍රීලනිප සාමාජිකයන් එක්ව ඇති නිසා දැන් ශ්‍රී.ල.නි.පයක් නැතැයි කියා එස්.බී.ලා කියන කතා නොවැදගත් යැයි පැවසූ ජයසේකර මන්ත්‍රීවරයා මේ දෙදෙනා දැන් පොහොට්ටු පාක්ෂිකයන්ද ගණන් නොගන්නා තත්ත්වයට පත්ව සිටින වග ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා පක්ෂයේ සංවිධායක පදවියෙන් ඉවත් කිරීම ගැන අදහස් දැක්වූ ජයසේකර මහතා තනතුරින් ඉවත් කළ ඇය නැවතත් පක්ෂයට ගන්නට යනවා යැයි කියන කතා බොරු බව පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නායක හමුව ගිය අඟහරුවාදා සවස මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී මන්ත්‍රීන් ඉදිරි මහමැතිවරණය ගැන ප්‍රශ්න කළ අතර මාර්තු මාසය ආරම්භයේදී දිනයක්වත් පමා නොකර මැතිසබය විසුරුවා හරින්නැයි මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. මැතිවරණ ප්රචාරක කාලය තුළ සිංහල අවුරුද්ද යෙදෙන නිසා ප්රචාරක කටයුතුවලට වැඩිපුර කාලය යොදාගත හැකිවන පරිදි මාර්තු 01දාම මැතිසබය විසුරුවා හැරීම යෝග්‍ය යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක්ම කීහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ ආරක්ෂාව ඉල්ලා ඇතැයි මෙහිදී ඇමැතිවරු ප්‍රකාශ කළෝය. රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය ගැන නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයිද මන්ත්‍රීන් ගණනාවක්ම පෙන්වා දුන්හ.
යට කී ලෙස පසුගිය බ්‍රහස්පතින්දා වන විට වාර්තා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වයෙන් ඉවත් වීමට හෝ කරු ජයසූරිය මහතාට නායකත්වය පැවරීමට යන බවට මුලින් පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවයි. පක්ෂ මහ සමුළුවෙන් කලින් ඔහුට අනුමැතිය ලැබුණු පරිදි 2023 දක්වා වික්‍රමසිංහ මහතා නායකත්වය රැකගැනීමට සටනක් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙතෙක් පත්කර නොතිබූ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය (නව වසර වෙනුවෙන්) මේ සති අන්තයේදී පත් කෙරෙයි. අනතුරුව ඔහු කෘත්‍යාධිකාරියේදී ඡන්ද විමසීමක් පවත්වා එය ජයගත හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බව දැගන්නට තිබේ. වික්‍රමසිංහ මහතාට හිතවත් නවක මුහුණු ගණනාවක්ද මෙවර කෘත්‍යාධිකාරියේ පත්වීම් ලබනු ඇතැයි කියැවේ. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාගැනීම සඳහා ඔහුගේ හිතවාදීන් වන අකිල විරාජ් හා වජිර අබේවර්ධන යන මහත්වරුන් දැනටමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැරණි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගණනාවක් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර ඇත. ඒ අතර මැදහත් නායකයකු යැයි සැලකෙන රනිල්ගේ පැරණි හිතවතකුද වන හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිරිකොතදී මාධ්‍ය හමුවක් තබා බදාදා ප්‍රකාශ කළේ රනිල් - සජිත් - කරු එක්ව පක්ෂ නායකත්වය ගැන තීන්දුවක් නොගතහොත් ප්‍රශ්නයක් ඇතිවන බවය. ඒ නිසා මේ නායකයන් තිදෙනාම පක්ෂයේ ජයග්‍රහණය අපේක්ෂා කරන්නේ නම් එක මේසයකට පැමිණ සාකච්ඡා කළ යුතු යැයි කිරිඇල්ල මහතා කීය.
එහෙත් සජිත් හා ඔහුගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ අදහස වී තිබුණේ තවදුරටත් මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීම නිෂ්ඵල බැවින් සාකච්ඡා අනවශ්‍ය බවය. නව පක්ෂයක් හෝ සන්ධානයක් ලියාපදිංචි කරන බව කීවත් තවමත් සජිත් ප්‍රේමදාස ඒ සඳහා පූර්ණ කැපවීම ප්‍රකාශ කොට සටන අතට ගැනීම පමා කරන නිසා පක්ෂයේ ඔහුගේ ඇතැම් හිතවතුන්ද දුර්මුඛ වී සිටින්නේ යැයි දැනගන්නට ඇත. රනිල් පිලේ එක් ජ්‍යෙෂ්ඨයකු පොලිටිකල් රහස් තීරයට කීවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ලග්නයට මේ 24දා සිදුවන අති ප්‍රබල සෙනසුරු ග්‍රහ මාරුව ඉතා යහපත් ලෙස බලපාන නිසා ඔහු මේ ගැන තීන්දුවක් ගැනීමට ඉඩ ඇත්තේ මෙම 24දායින් පසුව බවයි. එය රනිල්ට වාසිදායක තීන්දුවක් විය හැකි යැයි ද රනිල් හිතවාදීහු කියති. සජිත් පිල තවමත් ප්රවෘත්ති සාකච්ඡාවලින් ඔබ්බට ගොස් යමක් කර තිබේද කියාත් එම ජ්‍යෙෂ්ඨයා විමසීය.
මේ කතාබහ අතරතුර එ.ජා. පෙරමුණේ සමහර පක්ෂ ද තමන් ඉදිරි මහමැතිවරණයට තරග කළ යුතු නිසා තවදුරටත් එ.ජා.ප. අර්බුදය විසඳෙන තෙක් බලා සිටිය නොහැකි යැයි පවසා තිබේ. වතුකර නායක දිගම්බරම් මෙයින් මුල් තැනක් ගනී. ඔහුගේම සන්ධානයේ මනෝ ගනේෂන් මාධ්‍යයට කියන්නේ අද හෙටම එ.ජා.ප. අර්බුදය විසඳෙනු ඇත කියායි. කෙසේවෙතත් පක්ෂ තුන හතරකින් සමන්විත දෙමළ ප්රගතිශීලී සන්ධානය ඉදිරි මහමැතිවරණයේදී වෙනම තරග කළ යුතු යැයි යෝජනාවක් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් දැනටමත් ඉදිරිපත් කර තිබේ. ඒ ගැන සන්ධාන නායකයන්ගේ හමුවක් 27දා නුවරඑළියේදී පැවැත්වීමට නියමිත යැයි වතුකර දේශපාලන ආරංචි මාර්ග කියයි. කෙසේවෙතත් දිගම්බරම් හිටපු අමාත්‍යවරයාට වතු කම්කරු කොංග්‍රස නායක තොණ්ඩමන්ගෙන් එල්ලවන දේශපාලන අභියෝග ජයගැන්මට ඔහු දැන් උපාය මාර්ග සොයමින් සිටී. ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමඟ දිගටම ඉතා සුහද සම්බන්ධතාවක් පවත්වාගෙන ආවේය. එබැවින් දැන් දිගම්බරම් සිටින්නේ දේශපාලන සන්ධිස්ථානයක බව පොලිටිකල් රහස් තීරයට වාර්තා වෙයි.
එ.ජා. පෙරමුණේ ආණ්ඩුව යටතේ ව්‍යවස්ථා සම්පාදන කටයුතු භාරව ක්‍රියා කළ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මේ සතියේ ඉල්ලා අස්විය. ඔහු පසුගිය රජය කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ද විය. ජයම්පති වික්‍රමරත්න මහතාට භාර වූ මුල්ම ව්‍යවස්ථා කටයුත්ත වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පාදනයයි. ඔහු එය සිදුකළ අතර වත්මන් රජය හා තවත් පාර්ශ්ව රැසක් එම සංශෝධනය තරයේ විවේචනය කරමින් 19 අහෝසි කරන්නට ජනවරමක් ලබාගන්නා බව කියයි.
මේ කාරණා මත නව ව්‍යවස්ථා සම්පාදනය අඩාල වී තිබේ. තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් කනස්සල්ලට පත් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගිය කාලයේ ස්විට්සර්ලන්තයේ පුරවැසිකම ඉල්ලා තිබිණි. එය ඔහුට හා ඔහුගේ පවුලේ අයට හිමිව ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව සිය පවුලේ අය සමඟ වික්‍රමරත්න මහතා රට හැරයනු ඇතැයි ද ඔහු මන්ත්‍රී පදවියෙන් ඉවත් වූයේ දැඩි කලකිරීමෙන් යැයි ද සමාජ මාධ්‍ය ජාලා පුවත් ගණනාවක් පළ කර තිබිණි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ සතිය පුරාම පාර්ලිමේන්තු ආවේය. ඔහු දෙවැනි දිනයේ හඬපට ගණනාවක් ද සභාගත කළ බව කියැවිණි. කලින් විදේශයක හඬපට සඟවා ඇතැයි කී හෙතෙම දැන් ඒවා මෙරට බැංකුවක ලොකරයේ ඇතැයි ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු රුස්වීම් අතරතුර රන්ජන් එ.ජා.ප. මන්ත්‍රීන් මුණගැසී මේ ගැන කතා කරන්නට උත්සාහ කළ ද බොහෝ දෙනකු රන්ජන් මගහැර ගොස් තිබිණි. අවසානයේ ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුණගැසී ඔහුට මෙම සිද්ධිය ගැන පැහැදිලි කරන්නට උත්සාහ කළේ ගිය බදාදා දහවල්ය. එහෙත් සජිත් රන්ජන්ගේ මුහුණටම කීවේ “මට ඔබ විශ්වාස කළ නොහැක” කියායි. එසේම හමුවීමට අවශ්‍ය නම් තමන්ගේ පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණ හමුවන්නැයි සජිත් රන්ජන්ට කියූ බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතියේ අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා විශේෂ හමුවක් පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අමාත්‍යංශ ලේකම්වරුන් වඩාත් කාර්යක්ෂමව රජයේ තීන්දු ක්‍රියාත්මක කළ යුතු බවය. කැබිනට්ටුව හෝ ජනාධිපති කාර්යාලය නිර්දේශ කරන පත්වීම් වහා සිදුකළ යුතු යැයි ද ජනාධිපතිවරයා ඔවුනට අවවාද කළේය. මේවා ගැන තමන් නිරන්තර අධීක්ෂණයෙන් පසුවන්නේ යැයි කී ජනාධිපතිවරයා ලේකම්වරුන්ගේ වැඩ ගැන වෙනම අධ්‍යයනය කරන්නේ යැයි ද කීය.
මේ කාරණා මත නව ව්‍යවස්ථා සම්පාදනය අඩාල වී තිබේ. තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් කනස්සල්ලට පත් වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගිය කාලයේ ස්විට්සර්ලන්තයේ පුරවැසිකම ඉල්ලා තිබිණි. එය ඔහුට හා ඔහුගේ පවුලේ අයට හිමිව ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව සිය පවුලේ අය සමඟ වික්‍රමරත්න මහතා රට හැරයනු ඇතැයි ද ඔහු මන්ත්‍රී පදවියෙන් ඉවත් වූයේ දැඩි කලකිරීමෙන් යැයි ද සමාජ මාධ්‍ය ජාලා පුවත් ගණනාවක් පළ කර තිබිණි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ සතිය පුරාම පාර්ලිමේන්තු ආවේය. ඔහු දෙවැනි දිනයේ හඬපට ගණනාවක්ද සභාගත කළ බව කියැවිණි. කලින් විදේශයක හඬපට සඟවා ඇතැයි කී හෙතෙම දැන් ඒවා මෙරට බැංකුවක ලොකරයේ ඇතැයි ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර රන්ජන් එ.ජා.ප. මන්ත්‍රීන් මුණගැසී මේ ගැන කතා කරන්නට උත්සාහ කළ ද බොහෝ දෙනකු රන්ජන් මගහැර ගොස් තිබිණි. අවසානයේ ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුණගැසී ඔහුට මෙම සිද්ධිය ගැන පැහැදිලි කරන්නට උත්සාහ කළේ ගිය බදාදා දහවල්ය. එහෙත් සජිත් රන්ජන්ගේ මුහුණටම කීවේ &මට ඔබ විශ්වාස කළ නොහැක* කියායි. එසේම හමුවීමට අවශ්‍ය නම් තමන්ගේ පාර්ලිමේන්තු කාර්යාලයට පැමිණ හමුවන්නැයි සජිත් රන්ජන්ට කියූ බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතියේ අමාත්‍යංශ ලේකම්වරැන් කැඳවා විශේෂ හමුවක් පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අමාත්‍යංශ ලේකම්වරුන් වඩාත් කාර්යක්ෂමව රජයේ තීන්දු ක්‍රියාත්මක කළ යුතු බවය. කැබිනට්ටුව හෝ ජනාධිපති කාර්යාලය නිර්දේශ කරන පත්වීම් වහා සිදුකළ යුතු යැයි ද ජනාධිපතිවරයා ඔවුනට අවවාද කළේය. මේවා ගැන තමන් නිරන්තර අධීක්ෂණයෙන් පසුවන්නේ යැයි කී ජනාධිපතිවරයා ලේකම්වරුන්ගේ වැඩ ගැන වෙනම අධ්‍යයනය කරන්නේ යැයි ද කීය.
රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධිය තවත් දුරදිග යන ලකුණු පහල වී තිබේ. එම හඬපට සිද්ධියට ගෑවුණ මහාධිකරණ විනිසුරැ ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය. මෙම ආරංචිය ගිය බ්‍රහස්පතින්දා උදෑසන සිට පැතිර යද්දී නීති අංශවල සාමාජිකයන් මෙන්ම දේශපාලන අංශයෙන්ද මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලිනි. පොලිසියෙන් හා නීතිපති අංශවලින් ඒ ගැන විමසීම් කළ නමුත් බොහෝ දෙනෙක් ඒ බව දැන සිටියේ නැත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ප්රධානීන්ටද මේ බව වාර්තා විය. ඔවුන් සොයා බලන්නට වූයේ රන්ජන්ගේ සිද්ධිය තවත් කොපමණ දුරදිග යාද කියායි.
කෙසේ හෝ බ්‍රහස්පතින්දා සවස මෙම නියෝගය නීතිපතිවරයා නිකුත් කරනවිට පොලිස්පතිවරයා කාර්යාලයේ සිටියේ නැත. අගමැති හා ජනාධිපති දෙදෙනාද අගමැති ලේකම් ගාමිණී සෙනරත්ද සමග මැදමුලන ඔවුන්ගේ මහ ගෙදර පැවති දහස් නමක් විෂයෙහි වූ දානමය පිංකමකට සහභාගි වෙමින් සිටියහ. විනිසුරැ ගිහාන් පිලපිටිය සිටියේ අනුරාධපුරයේ පුන්‍යකර්මයකට සහභාගී වෙමිනි. කෙසේ හෝ පොලිසියට නියෝග ලැබුණද නියෝගය තිබුණේ පොලිස්පතිවරයා වෙත නොව කොළඹ අපරාධ කොට්ඨාසයටයි. කොළඹ අපරාධ කොට්ඨාසය මේ ගැන පොලිස්පතිවරයා දැනුවත් කළේය. ඒ සමග අදාළ නියෝගය ගැන මූලික විමසුමක් කළ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මහාධිකරණ විනිසුරැවරයකු අත්අඩංගුවට ගැනීම බරපතළ කරුණක් නිසා පොලිස් නීති කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨයන් හා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළත් වන ලෙස විශේෂ කමිටුවක් පත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය මේ ගැන කළ මූලික විමර්ශනය ගැන අධ්‍යයනයටයි. එහි ප්රධානත්වයට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කළ අතර තවත් ජ්‍යෙෂ්ඨයන් හතර දෙනෙක් කමිටුවට පත්වූහ. ඔවුන්ගේ වගකීම වන්නේ මේ සිද්ධිය ගැන සිදුකළ පරීක්ෂණය නිසි ලෙස සිදුව තිබේදැයි දෙවන වරටත් පරීක්ෂා කිරීමයි. අනතුරුව ඒ ගැන ඉදිරි පියවර ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බව දැනගන්නට තිබේ. කෙසේ හෝ සිකුරාදා වනවිට විනිසුරැ පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමේ සිද්ධිය දේශපාලන ක්ෂේත්රය උණුසුම් කළ මාතෘකාවක් බවට පත්ව තිබිණි.
ගිහාන් පිලපිටිය සිද්ධිය කරළියේ පුවත් මවද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට විශේෂ ලිපියක් යවමින් දන්වා සිටියේ පසුගිය කාලයේ පොලිසිය විසින් යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරය ප්රශ්නකාරී බැවින් යමෙකු අත්අඩංගුවට ගැනීමේදී වඩාත් සුපරික්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසයි. විශේෂයෙන් වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට හානි නොවන ලෙස ක්‍රියාකළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. සිවිල් වැසියන් කෙරේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ගෞරවණීය ලෙස සිවිල් ජනතාවට සැලකිය යුතු යයි ජනාධිපතිවරයා විශේෂයෙන් දන්වා තිබිණි.
► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර