බැඳුම්කර වංචාව ගැන පරික්ෂා කරන ජනාධිපති පරික්ෂණ කොමිසමේදී හෙළිදරව් වූ කරුණු නිසා රවි කරැණානායක හිටපු අමාත්‍යවරයාට තනතුර අහිමිවිය. ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වනු ඇතැයි අපේක්ෂා කළ බැවින් රවිට තනතුර අත්හරින්නට සිදුවිය. එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයකු වූ රවිට අත්වූ ඉරණම ගැන එ.ජා.පයේ රවි හිතවාදි තරුණ මන්ත්‍රී පිරිසක් බෙහෙවින් කැළඹී සිටියහ. ඔවුන් කීවේ යහපාලන රජය පිහිටුවන්නට මුල් වූ එ.ජා.පයටම ආණ්ඩුවේ ක්‍රියා පාරාවළල්ලක් වී ඇති බවය. වත්මන් රජයේ සමහර ලෝක්කන් රාජපක්ෂ යුගයේ වැරදි වංචා යටපත් කරමින් රවි කරුණානායක වැනි යහපාලන ප්‍රේමින් දඩයම් කරන බව එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීන්ගේ මතය බව පෙනුණි. නලින් බණ්ඩාර, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි ආදි මන්ත්‍රීහු දිගින් දිගටම මෙම මතය වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් ඔවුන් බැඳුම්කර කොමිසමේදී හෙළිදරව් වූ කරුණු කාරණා ඇත්තද බොරුද යන්න ගැන වැඩි අවධානයක් දැක්වූයේ නැත.
කෙසේ හෝ මේ ආකාරයට ගිය ආණ්ඩුවේ නඩු ප්‍රමාදය සිදුවන්නේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ බලපෑම නිසා බවට ඇතැම් මන්ත්‍රීවරු චෝදනා නගන්නට වූහ. මෙම චෝදනා නැගීම වඩාත් වේගවත් වූයේ පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කරන ලද හම්බන්තොට වරාය චීනයට බදුදීමට අදාළ ගිවිසුම අමාත්‍ය රාජපක්ෂ මහතා විසින් තරයේ විවේචනය කිරීම නිසාය. ඔහු ප්‍රසිද්ධියේ කීවේ හම්බන්තොට වරාය බදුදීම සිදුවුවහොත් එය නැවත ශ්‍රී ලංකාවට පවරා ගැනීමට නොනවතින සටනක් ගෙන යන වගයි. ඇමැති රාජපක්ෂ මෙම කතාවෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම උල්ලංඝණය වී ඇතැයි එ.ජා.පයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ සාමාජිකයෝද ප්‍රකාශ කළහ. ඒ අනුව අමාත්‍ය රාජපක්ෂ මහතාට අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට දින 4ක කාලයක් ලබාදීමටත් එසේ නොකළහොත් ඔහුට එරෙහිව විශ්වාස භංගයෝජනාවක් ගෙන ඒමටත් එ.ජා.ප පසුපෙළ සාමාජිකයෝ තීන්දු කළහ.
ගිය රජයේ වැරදි වහා සොයන්න ජනපතිගෙන් සාගලට උපදෙස්
අනතුරුව නලීන් බණ්ඩාර හා හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරැ පක්ෂයේ මන්ත්‍රීන්ගෙන් විශ්වාසභංගයකට අත්සන් එකතු කළෝය. එහෙත් පක්ෂ කෘත්‍යාධිකාරිය 17දා රුස්වන තුරු ඒ ගැන තීන්දුවක් නොගත යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබිණි. ඒ අතර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් විජයදාස රාජපක්ෂ මහතා එ.ජා.ප කෘත්‍යාධිකාරියෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබිණි. ඊටත් වඩා ඔබ්බට යමින් එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය අතර සමගි ආණ්ඩුවෙන් එ.ජා.පය ලබන දෙසැම්බරයෙන් පසු යායුතු යැයිද යෝජනා කර තිබිණි.
බැඳුම්කර කොමිසමේ ක්‍රියාදාමයන් සමග නීතිපති දෙපාර්තමේන්තුව එ.ජා.ප මන්ත්‍රීන්ගේ දැඩි විවේචනයට ලක්විය. පසුගිය රජයේ ලොකු ලොක්කන් සම්බන්ධයෙන් පරික්ෂණවලට අදාළ ලිපිගොනු අසූ ගණනක් නීතිපති අංශයට භාරදී ඇතත් ඒවාට පියවරක් ගෙන නැතැයිද සඳහන් විය. එසේම බැඳුම්කර කොමිසමේදීත් ඉන් පසුවත් වාර ගණනාවක් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාද ප්‍රකාශ කර තිබුණේ නීතිපති අංශයේ සමහරුන් උසස් වීම් බලාගෙන තමන් අමාරුවේ දැමූ බවය. තමන් සම්බන්ධයෙන් පරික්ෂණ කළ ආකාරයටම තමන්ගෙන් ප්‍රශ්න කළ ආකාරයටම පසුගිය රජයේ වැරදි කළ අයගෙනුත් නීතිපති අංශය ප්‍රශ්නකොට ක්‍රියාමාර්ග ගත යුතු යැයි රවි කීය. බැඳුම්කර කොමිසමේ රජයේ පැමිණිල්ල මෙහෙය වන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා සහ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් වෙනුවෙන් කෝදාගොඩ මහතා රවිගේ චෝදනාවලට සංෂිප්ත පිළිතුරක් ලබාදී තිබිණි. කෝදාගොඩ මහතා කීවේ සමහර නූගත් අඤානයන් නීතිපති දෙපාර්තමේන්තුවට අභූත චෝදනා නගන බවයි. කරැණු කාරණා හරි හැටි නොදැන මේ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා නගන බවයි. කරැණු කාරණා හරි හැටි නොදැන මේ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා නැගීම ගැන අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නම නොකියා පිළිතුරැ දී තිබුණේ රවි කරුණානායක මහතා ප්‍රමුඛ චෝදනා නගන්නන්ට විය යුතුය.
මේ ආකාරයට දිගින් දිගටම නීතිපති දෙපාර්තමේන්තුවට එල්ලවන විවේචන සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇතත් එහි සිදුවූ දෑ මාධ්‍යයට අනාවරණය වී නැත. අනතුරුව පසුගිය අඟහරුවාදා බැඳුම්කර කොමිසම වෙනුවෙන් එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. එමගින් අවධාරණය කළේ මෙම කොමිසම සාක්කිකරැවන් කැඳවන්නේත් ඒ අය ගැන විමර්ශන කරන්නේත් පිළිගත් නීතිමය ක්‍රමවේදයකට අනුව බවය. එසේම ශ්‍රී ලංකා නීතිපති සංගමයේ සභාපති උදය රොහාන්ද සිල්වා මහතා ද රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් බැඳුම්කර කොමිසමේ රජයේ නීතිඥයන් විවේචනය කිරීම ගැන තදින් දොස් නගා ප්‍රකාශයක් නිකුත් කළේය.
මෙම කතාබහ අතරතුර හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම රාජපක්ෂ පුතුන් දෙදෙනකුවන රෝහිත හා යෝෂිත රාජපක්ෂ යන මහත්වරු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා එෆ්.සී.අයි.ඩීයට කැඳවනු ලැබ සිටියහ. සිරිලිය සවිය ව්‍යාපෘතියේ වාහනයක් අවභාවිතය ගැන ප්‍රශ්න කරන්නට රාජපක්ෂ මහත්මියත් සැටලයිට් යානයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ගැන ප්‍රශ්න කිරීමට රෝහිතත් තාජුඩීන් ඝාතනය ගැන විමර්ශනයට යෝෂිතත් ආරක්ෂක අංශ විසින් කැඳවා තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂ සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරගේ මැණියන්ගේ අවමංගල්‍යයට ගිය අවස්ථාවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුණ ගැසුණි. කලකට පසු නිමල් හමු වූ මහින්ද කතාබහ කරද්දී ප්‍රශ්න කළේ මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට පවරන්නට යාම ගැනය. “ඇයි නිමල් මේක පිටරටට පවරන්නෙ. අපිට දියුණු කරවන්න පුළුවන්නෙ” යැයි මහින්ද කී විට නිමල් කීවේ එය ආණ්ඩුවේ තීන්දුවක් වගයි. “ඉතින් දෙනවා නම් හරියට ටෙන්ඩර් ඕනෑ නේද... මට ආරංචි විදියට දැනට ඉන්දියාවෙන් විතරයි මිල ගණන් කැඳවලා තියෙන්නේ. එහෙම දෙන එක හරි නෑනේ” මහින්ද නැවත කීය. ඒ ගැන වැඩි තැකීමක් නොකළ නිමල් අමාත්‍යවරයා කීවේ “ඔව් එක බිඩ් එකයි ආවෙ... මම ඒක කැබිනට් එකට දැම්මා... කැබිනට් තීරණය අනුව ඒක ඉන්දියාවට දීලා දානවා” කියයා. එවිට දිනේෂ් ගුණවර්ධන ද කීවේ “එහෙම කරන්න එක හරි නෑනේ. ඒක වරදක්” කියාය. ඒත් නිමල් ඒ කිසිදු අදහසක් පිළිගත් බව නොපෙනුණි. ඔහු කීවේ මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පවරන බවය.
රනිල් සාර්ථක ලෙස අභියෝග ජයගත්තා. මල්වතු අස්ගිරි අනු නාහිමිවරු පවසති
සුගියදා හිටපු ජනාධිපතිවරයා මාතලේ දඹුල්ල ප්‍රදේශයට ගියේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගිවන්නටයි. දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ සිට මෝටර් සයිකල්කරුවන් 1500කට වැඩි පිරිසක් මෝටර් සයිකල් පෙළපාළියකින් මහින්ද ජනකලාගේ නිවසට කැඳවාගන ගියෝය. එතනද විශාල ජනකායක් රැස්ව සිටි බැවින් එහි තාවකාලිකව ඉදිකළ කුඩා වේදිකාවක් මතට නැගී මහින්ද පැමිණ සිටි පිරිස අමතා කතා කළේය. තමන් එක්සේසත් කොට දියුණු කළ රට යහපාලන ආණ්ඩුව විසින් අගාධයකට ඇද දමා ඇතැයි කී මහින්ද එදා තමන්ටත් තම පවුලේ අයටත් හොරුන් යැයි කී අය උන් උන්ම උන්ට හොරා හොරා කියාගන්නේ දෛවයේ සරදමකින් යැයිද පැවසීය. අන්තිමට බලනවිට රට පාලනය කරන්නේ හොරැන් පිරිසක් විසින් බව බුද්ධිමත් ජනතාව තේරුම්ගෙන ඇතැයිද රාජපක්ෂ මහතා කීය. අද රාජ්‍ය දේපොළ මංකොල්ල කෑ මංකොල්ලකරුවන් උසාවි වලින් කොමිෂන් වලින් එළියට එනවිට මල්මාලාදමා පිළිගන්න ක්‍රමය යහපාලනය දැයි මහින්ද ප්‍රශ්න කළේය. මෙම කතාවෙන් අනතුරුව ඔහු එහි රුස්ව සිටි ජනතාව සමඟද සුහදව කතා කළේය. එම කතාබහේදි මහින්ද අවධාරණය කළේ අද මේ රටේ කළු හොරකම් සුදු හොරකම් කියලා ජාති දෙකක් තියෙනවා. රාජපක්ෂලා කළේ කළු හොරකම්ලු... මෙයාලා කරන්නේ සුදු හොරකම්. ආණ්ඩුව හොරුන්ට සුදු හුණු ගාන්නෙ එහෙමයි”. කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ නුවරඑළිය ප්‍රදේශයේ ගත කළේ වික්‍රමසිංහ මහත්මියගේ උපන් දිනය සමරන්නටයි. ඉතා විවේකයෙන් හා සැහැල්ලුවෙන් එහි කාලය ගත කළ වික්‍රමසිංහ මහතා කලකට පසු කිසිවකුට නොදන්වා සාමාන්‍ය ජනතාව සමඟ ලෝකාන්තය නැරඹීමට හෝර්ටන් තැන්න ප්‍රදේශයට ගියේය. සති අන්තයේ එහි රුස්ව සිටි ජනතාව සමඟ සුහදව කතා බහ කරමින් සෙල්ෆි ඡායාරෑපවලට මුහුණ දෙමින් රනිල් සෑහෙන වේලා එහි ගත කළේය.
නුවරඑළිය චාරිකාවෙන් පසු අගමැතිවරයා මහනුවර පැමිණියේය. ස්වකීය දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මල්වතු අස්ගිරි මහා සංඝරත්නය වෙනුවෙන් පවත්වන ලද දානමය පිංකමකට සහභාගිවීම සඳහා අගමැතිවරයා පැමිණි දින අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු මෙන්ම පසුගියදා තනතුර අත්හල හිටපු ඇමැති රවි කරුණානායකද මහනුවරට පැමිණ සිටියහ. අස්ගිරි මහනාහිමියන් හා මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකොට සිටියහ. මෙම පුණ්‍යකර්මයේදී අස්ගිරි හා මල්වතු අනුනාහිමිවරු ප්‍රධාන අනුශාසනා පැවැත්වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසර 40ක් තුළ අභියෝග රාශියකට මුහුණ දී ඒවා සාර්ථක ලෙස ජයගත් නායකයකු යැයි උන්වහන්සේලා වදාළහ. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කළ යුතු බව පෙන්වා දුන් උන්වහන්සේලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව හොඳින් වටහා ගත් නායකයකු බව වැඩිදුරටත් සඳහන් කරමින් අගමැතිගේ දේශපාලන දිවියට සුබ පැතූහ.
සැප්තැම්බර් මාසයේ නිල කාලය හමාරවන සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා වල මැතිවරණ කල් දමා සියලු පළාත් සභා මැතිවරණ එකම දිනක පැවැත්වීම සඳහා ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කර තිබිණි. එසේම එ.ජා.පය ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයේ ප්‍රධාන නිමිත්තක් වූයේ ඇමැති මුස්තාපා ඡන්ද කල්දමන්නට තැත් කිරීම බව කියැවිණි. දෙමළ සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය, මුස්ලිම් සුළු පක්ෂද මේ ආකාරයට ඡන්ද කල් දැමීම ගැන දැඩි ලෙස විරෝධය පළ කර තිබිණි. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දය ලබා ගැනීම දුෂ්කර බව පෙනුණි. මෙම පසුබිමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුලාගන්නට රජයට සිදුවන බව පෙනේ. එ.ජ.නි.සයේ මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් ඡන්ද කල් දැමීමට විරුද්ධතාව ප්‍රකාශ කළෝය. සුසිල් ප්‍රේම ජයන්ත කීවේ “අපි 20 වැනි සංශෝධනයෙන් බලාපොරොත්තු වුණේ මේ පවතින මනාප ඡන්ද ක්‍රමය වෙනුවට වෙන සාධාරණ ඡන්ද ක්‍රමය හඳුන්වා දෙයි කියලයි. කලින් පොරොන්දු වී තිබුණේ එහෙමයි. ඒත් මේ ගෙනල්ල තියෙන්නෙ අපට කිව්ව සංශෝධනය නෙවෙයි” කියමින් 20ට විරෝධය දැක්වීය. මහින්ද අමරවීර අමාත්‍යවරයා කීවේ පළාත් සභා ඡන්ද එකවර රටපුරාම පැවැත්වීම වරදක් නොවන නමුත් සෑම මැතිවරණයම දිගින් දිගටම කල් දැමීම වරදක් වගයි. ශ්‍රී.ල.නි.ලපේ මධ්‍යම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේ අදහස් දැක්වූ බහුතර සාමාජික පිරිසකගේ මතය වූයේද පළාත් සභා මැතිවරණය කල් දැමීමට විරැද්ධ විය යුතු බවයි.
මේ රටේ කළු හොරකම් හා සුදු හොරකම් තිබෙන බව මහින්ද කියයි
සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. පසුගිය රජය විසින් කරන ලද වංචා දූෂණ ගැන කෙරෙන විමර්ශන රජය පත් වී වසර දෙකහමාරක් යනතුරුත් සිදුකර හමාර නැති බවට ඇමැතිවරැ ගණනාවක්ම චෝදනා නැගීමත් සමඟ ඇමැති හමුව උණුසුම් විය. කතාව ආරම්භ කළේ අමාත්‍ය ජයවික්‍රම පෙරේරාය. ඔහු කීවේ ගිය ආණ්ඩුවේ වැරදි හා දූෂණ ගැන මෙතෙක් කිසිම පියවරක් නොගැනීම නිසා මැති ඇමැතිවරැන්ට ලැජ්ජා නැතිව මහ පාරේ ගමන් කිරීමටවත් නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවය. එබැවින් ඉක්මණින් ගිය ආණ්ඩුවේ වැරදි විමර්ශනය කරන්නට ක්‍රමවේදයක් හදන්නැයි ජයවික්‍රම පෙරේරා මහතා ඉල්ලා සිටියේය. ඉන් අනතුරැව රාජිත සේනාරත්න මහතා කීවේ මේ නිසා ආණ්ඩුව ජනවරමට ද්‍රෝහී වී ඇත කියාය. එසේම පසුගිය රජයේ වැරදි ගැන විමර්ශනයට වෙනම අධිකරණයක් අවශ්‍ය බව ඇමැතිවරු ගණනාවක් පෙන්වා දුන්හ. ඊට පිළිතුරු දුන් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා කීවේ පවතින නීතියේ හැටියට දූෂණ වංචා සෙවීමට වෙනම අධිකරණ පිහිටුවිය නොහැකි වගය. එවැන්නක් අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයිද අධිකරණ ඇමැතිවරයා කීය. එවිට තිලක් මාරපන නව විදේශ ඇමැතිවරයා කියා සිටියේ මෙම නඩු ඉක්මන් කිරීමට පවතින මහාධිකරණය ප්‍රමාණවත් බවත් ඒ මගින් නඩු විභාග කඩිනම් කළ යුතු බවත්ය. රාජිත සේනාරත්න ඇමැතිවරයා නැවතත් සඳහන් කළේ එකී නඩු සම්බන්ද ප්‍රමුඛතා ලේඛනයක් සකස් කිරීම වැදගත් කියායි. මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ බලය අයුතු ලෙස පාවිච්චි කළ දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවය. පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද මේ ගැන අදහස් ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ තමන් සම්බන්ධව නඩු විභාග කරද්දී ඒවා නම් ඉතාමත් ඉක්මණින් විභාග කළ නිසා මේවා කරන්නට බැරිකමක් තිබිය නොහැකිය කියායි.
මේ උණුසුම් විවාදය අතුරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාගෙන් විමසුවේ පසුගිය ආණ්ඩුව කාලයේ වැරදි සම්බන්ධව කෙරෙන පරීක්ෂණ හා විමර්ශනවල තත්ත්වය කෙසේද යන පැනයයි. ඊට පිළිතුරු ලෙස රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එකී වැරදි ගැන විධිමත් ලෙස පරීක්ෂණ සිද්ධ වන වගයි. අවසානයේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන් විශේෂ නිරික්ෂණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. එමගින් අර්ජුන අවධාරණය කර තිබුණේ තමන් වරාය භාර අමාත්‍යවරයාව සිටියදී චීනය හා අත්සන් කළ ගිවිසුමේ අඩුපාඩු හා සංශෝධන ගණනාවක් සිදුවිය යුතු බව ලිඛිතවම දැන්වූ බවයි. එහෙත් වත්මන් ගිවිසුමේ එම වැරදි නිවැරදි කර නැතැයි සිය වාර්තාව මගින් උදාහරණ දක්වමින් අර්ජුන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අනතුරුව වරාය ගිවිසුම අවධානයට පත් කළ අමාතය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එහි සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. එම අනු කමිටුවේ සාමාජිකයන් සියල්ල ඊට අත්සන් කර ඇතත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය අමුණුගම මහතා කැබිනට් මණ්ඩලයට දැක්වීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රුස්වීම ගිය බ්‍රහස්පතින්දා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් විය. මෙදින විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ගැන සාකච්ඡා කෙරෙන බව කලින්ම ප්‍රකාශ කර තිබූ නිසා උණුසුම් කෘත්‍යාධිකාරි හමුවක් සිදුවනු ඇති බවට කල් තබාම ආරංචි පැතිර තිබිණි.
අලුත් උසාවි ගැන විජේදාස රාජිත ගැටුමක
එ.ජා.ප. කෘතාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භයේ සිටම අධිකරණ හා බුද්ධ ශාසන අමාත විජේදාස රාජපක්ෂ මහතාට විරෝධය එල්ල විය. රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය නොමැති බවට කෘතාධිකාරිය යෝජනාවක් ද සම්මත කළේය. අනතුරුව ඒ ගැන ෙජෂඨ ඇමැතිවරු ගණනාවක්ම අදහස් දැක්වූහ. කිසිවෙක් යෝජනාවට විරුද්ධ නොවූ බැවින් අාමාත රනිල් විමසිංහ මහතා ඒ ගැන විමසීමට කමිටුවක්ද පත්කරනු ලැබීය. අවසානයේ විජේදාස ඇමැතිවරයා ගැන අවසන් තීන්දුව ගැනීමේ බලය කෘතාධිකාරිය විසින් පක්ෂ නායක රනිල් විමසිංහ මහතාට පවරනු ලැබීය.
අැමැති විෙජ්දාස මහතාට පය තුළ පවතින විෙරා්ධය නිසා ඔහු තනතුරින් ඉවත්වීමට ඉඩ අැතැයිද වාර්තාෙව්.
ජනතා විමුක්ති පෙරමුණද මේ දිනවල කෙරෙන සියලු මහජන දැනුවත් කිරීම් වලදී ප්‍රධාන මාතෘකාව බවට පත්කර ගෙන ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියයි. පසුගියදා දේශීය ආදායම් නිලධාරි සංගමය පැවැත්වූ සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ජ.වි.පෙ නායක අනුර දිසානායක මහතා කීවේ ආණ්ඩුවේ හොරැන් තමන්ගේ තක්කඩිකම් වසා ගැනීමට බුදු හිමියන්ගේ හා අනෙකුත් ශාස්තෘන්වරුන්ගේ වදන් උපයෝගී කරගැනීම ලජ්ජාවට කරැණක් බවය. අමාත්‍ය රවි කරැණානායක බැඳුම්කර ගනුදෙනුවේදී හෙළිදරව් වූ කරැණු අනුව ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවේ යැයි කී හෙතෙම ඔහු අධිකරණය හමුවට පමුණුවා දඬුවම් පැමිණවිය යුතු යැයිද කීය.
ඒ අතර ඒකාබද්ධ විපක්ෂයද “බැඳුම්කරේ කාගේ කරේ” යනුවෙන් සම්න්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇත. එමගින් රටවටා යමින් බැඳුම්කර සිද්ධිය ගැන සමාජය දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටි. ඒ සමඟ හිටපු පළාත් පාලන නියෝජිතයන් කැඳවා ඔවුනට ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සංවිධාන කටයුතු කරන ලෙසද පසුගියදා පැවැති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක රැස්වීමේදී උපදෙස් දුන්නේය.
ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර
සේයාරූ I ශාන්ත රත්නායක