පොලිස් සේවාදිගු :ජනපතිගෙන් අලුත් නීතියක්
විශ්‍රාම ලබන පොලිස් නිලධාරීන්ට තවදුරටත් සේවා දිගු ලබානොදෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. තම පෞද්ගලික ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන් පිරිසගෙන් එක් නිලධාරියකුට සේවා දිගුවක් ලබාදීම නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෙරැණු ඉල්ලීමක් සම්බන්ධව අවධානය යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුව ද භාරව සිටින ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ නිලධාරීන්ට සේවා දිගු ලබානොදීමට තමන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බවය. කනිෂ්ට නිලධාරින්ට ද ඉහළට ඒම සහතික කිරීම සඳහා අවස්ථාව ලබාදීම එම තීන්දුවට හේතුව බවද ඔහු කියා තිබිණි.
සති කිහිපයකට ඉහතදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාර මහතාට වසරක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරිණි. එහෙත් පසුව එය ඉවත් කරගනු ලැබීය. එෆ්.සී.අයි.ඩී.ය භාරව කටයුතු කරමින් සිටියේ රවි විද්‍යාලංකාර මහතාය. මාර්තු 30 වැනිදා අවසන් වීමට නියමිත වූ ඔහුට ලබාදී තිබූ වසරක සේවා දිගුව අහෝසි කරන්නැයිද ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි. එම ඉල්ලීම ජාතික පොලිස් කොමිසම වෙත යොමුකරන ලදුව අදාළ නියෝගය ක්‍රියාත්මක කරනු ලැබීය.
එෆ්.සී.අඩි.ඩීයේ ප්‍රධානියා බවට පත්වනු ඇතැයි වඩාත්ම සඳහන් වන්නේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා මහතාගේ නමයි. ඔහු වර්තමානයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) භාරව කටයුතු කරන අතර එම ඒකකය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි. එෆ්.සී.අයි.ඩී.ය භාරව දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කටයුතු කරන අතර සී.අයි.ඩී.යද ඔහු යටතේ ක්‍රියාත්මක වෙයි.
ජනාධිපතිවරයාගේ නව තීරණයෙන් වහාම බලපෑමක් ඇතිවන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්නට සහ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහටය. ඔහු වර්තමානයේ මහනුවර (මධ්‍යම) භාරව කටයුතු කරයි. ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ සහ ඉන්පසුව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ආරක්ෂ අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. රවි සෙනෙවිරත්න මහතා ලබන අප්‍රේල් 20 වැනිදා ද වික්‍රමසිංහ මහතා ඊට පසු දින, අප්‍රේල් 21 වැනිදා ද විශ්‍රාම ලැබීමට නියමිතය. අවසන් වරට සේවා දිගුවක් ලබාදුන්නේ පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ටය. ඒ වසරක කාලයක් සඳහාය.
පූජිත් ජයසුන්දර මහතා 2020 මාර්තු 20 වැනිදා විශ්‍රාම ලබන තුරැ පොලිස්පති ධූරයේ කටයුතු කරනු ඇත.
- සන්ඩේ ටයිම්ස්
මහින්දගේ යුගය ගැන රනිල්ගේ අභියෝගය
තමන්ගේ පාලන කාලය තුළදී ස්වර්ණමය යුගය උදාකළ බවට විපක්ෂය ගෙනයන තර්කයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා (14) පාර්ලිමේන්තුවේදී අභියෝගයක් එල්ල කළේය. එම කාලය ශ්‍රී ලංකාවේ අපනයනය පහළ වැටුණු ආර්ථිකයේ තරගකාරී බව අහිමි වූ ණය ඉහළ ගිය යුගයක් වශයෙන් අග්‍රාමාත්‍යවරයා හැඳින්විය. විපක්ෂයේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ යුගය මේ රටේ “ස්වර්ණමය යුගයක් වශයෙන් හඳුන්වනු ලැබුවා. ඔහු සිංහල භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබෙන අයෙක් වුණත් ස්වර්ණමය යුගය යන්නේ තේරැම දන්නවාද කියන එක නම් සැකයි. අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍යවරයාට අනුව 2004 වසරේදී මේ රටේ ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 2800ක් වූ අතර 2015 වනවිට එය ඩොලර් මිලියන 4600ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ කියන ඊනියා ස්වර්ණමය යුගයේදී අඩුම වශයෙන් ඒ ආදායම දෙගුණයක් කරගැනීමට හෝ නොහැකි වී තිබෙනවා. වියට්නාමය 2000දී ඩොලර් මිලියන 4900ක් වූ අපනයන ආදායම 2015 වනවිට ඩොලර් මිලියන 27,500ක් කරගෙන තිබෙනවා. බංග්ලාදේශය එම ආදායම 5700ක සිට 25,500ක් දක්වා වැඩිකරගෙන තිබෙනවා. ඒ යුගයේදී ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරගත්තා. බංග්ලාදේශය එය ආරක්ෂා කරගෙන 400%කින් ආදායම වැඩිකර ගත්තා. ඉතින් ඔය කියන ස්වර්ණමය යුගය තිබුණේ ලංකාවේ නොවේ. බංග්ලාදේශයේයි. මම බංග්ලාදේශයට යෝජනා කරනවා ඔහුගේ ප්‍රතිමා පිහිටුවලා ඒවාට උදේ සවස යාඛ්ඤා කරන්න කියලා අපනයනය වැඩි කරදීම ගැන. මහින්ද රාජපක්ෂ අපට ලබාදුන්නේ ණයයි. ඔහුගේ තීන්දු නිසා විඳවන්න සිදුවුණේ අපටයි. සියලු දුෂ්කරතා සමඟ රටේ ජනතාව සමඟ එකතුවෙලා අපි ඒවා ගෙවා දමනවා. ඔහු වෙනුවෙන් බැණුම් අහන්නේ අපියි.
විපක්ෂයේ හිස් අසුන් දෙස බැලූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඔවුන් මේ තැන රුඳීනොසිටීම ගැන පුදුම වියයුතු නැති බවය.
- ඩේලි එෆ්.ටී.