2019 ජුනි 15 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

සංචාරක කර්මාන්තයට කෝටි 6000ක සහන

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් කඩාවැටුණු සංචාරක කර්මාන්තයේ ජීවය පවත්වා ගැනීම සඳහා ණය ආපසු ගෙවීමට සහන කාල සීමාවක් ලබාදීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබිණි. ඒ අනුව මැයි මාසය අවසානය වනවිට රුපියල් බිලියන 60ක් (කෝටි 6000ක්) වටිනා ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් අවශ්‍ය බවට සඳහන් කරමින් අයැඳුම්පත් ලැබී තිබිණි. ඒ අතරින් බිලියන 26ක් (කෝටි 2600ක්) වටිනා ණය සඳහා සහන කාල සීමවක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් ලැබී තිබුණු අයැදුම්පත් සංඛ්‍යාව 1,000ක් ඉක්මවා තිබිණි.

සහන ලැබීමට අපේක්ෂිත ණය ප්‍රමාණය මීට වඩා ඉහළ අගයක් යනු ඇතැයි සඳහන් වෙයි. සංචාරක ව්‍යාපාරය සඳහා බැංකු මගින් ලබාදී තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 280 (කෝටි 28000) ඉක්මවන බවද කියයි. කෙසේ වුවද ලීසිං සහ මූල්‍ය සමාගම් මගින් සිදුකෙරෙන සහන ලබාදීම ගොළුබෙලි ගමනින් සිදුවන බවද වාර්තා වෙයි.

මහ බැංකු වාර්තා උපුටා දක්වමින් මේ තොරතුරු හෙළිකළ ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා මහ බැංකුවට කියාසිටියේ මේ පිළිබඳ දත්ත සහ සංඛ්‍යාලේඛන වාර්තා මාසික වශයෙන් නොව සතිපතා ලබාදිය යුතු බවය.

මේ කරැණු හෙළිදරව් කරමින් පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටි ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නියෝජිතයන් පැවසුවේ එක් එක් බැංකුවට අයැදුම්පත් දහස ඉක්මවා ලැබී තිබෙන බවය. 

- ඩේලි එෆ්.ටී.

“මහා මාර්ග* වලට ආපු ඉල්ලුමේ තරම!

මුස්ලිම් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සියලු දෙනාම සිය තනතුරැවලින් ඉල්ලා අස්වනු ඇති බවට වූ ප්‍රවෘත්තිය ලැබී පැයක්වත් ගතවුණේ නැත. එක් එක් තනතුරැ සඳහා එ.ජා.පෙ. කණ්ඩායම් ඇතුළේ කැන්වසින් පටන් ගැනිණි. 

ඒ අතරේ සියලු දෙනාගේම නළල රැළි ගැන්වුණේ එක් ජ්‍යෙෂ්ඨයකු තමන් දැනට දරණ අමාත්‍යාංශයේ විෂයක් වශයෙන් මහාමාර්ග ද ඇමිණිය යුතු බවට ගෙන ආ ඉල්ලීමය.

මේ මතභේදකාරි විෂයට එකී ජ්‍යෙෂ්ඨයා තුළ පවතින ඇල්ම හොඳින් දන්නා එක් සගයෙක් මෙසේ කීවේලු. “මහා මාර්ග එයාට හුඟාක් මාර්ග පෙන්වනවා. (Highways show him many ways) 

- සන්ඩේ ටයිම්ස්

මෝදිගෙන් සජිත්ගේ පිටට තට්ටුවක්

මහ මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබූ ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට පැමිණීම දෙරට අතර සුහදතාව සංකේතවත් කළ අවස්ථාවක් විය. එම සංචාරය මගින් ශ්‍රී ලංකාව දැන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි සෙසු ලෝකයාට දෙන ලද ප්‍රබල පණිවුඩයක් විය.

පැය හතරකට සීමාවූ එම ගමනේදී මෝදිගේ පරිවාර ඇමැති වශයෙන් පත්කරනු ලැබ සිටියේ නිවාස හා ඉදිකිරීම් ඇමැති සහ යූ.එන්.පී. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය.

එකම වාහනයේ ගමන් කරමින් සිටියදී මෝදි සමඟ කතාබහ කිරීමට සජිත්ට අවස්ථාවක් ලැබුණේය. ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වී තිබූ කොච්චිකඩේ පල්ලිය නැරඹීමට ගිය ගමන එම අවස්ථාව විය. මෝදි ඉදිරියේදී මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් විසින් සජිත් ප්‍රේමදාස පැසසුමට ලක්කළේ පල්ලිය යළිගොඩනැංවීමේදී ඔහු ලබාදුන් සහාය ගැන සඳහන් කරමිනි. මෝදි ඒ අවස්ථාවේදී සජිත්ගේ පිටට තට්ටු කළේ කාදිනල්තුමාගේ සඳහන අගය කිරීමක් හැටියටය.

- ඩේලිමිරර්

83 කලබල පිටුපස්සේ ඇමැතිවරයෙක් 

- ජනපති

ඉකුත් සතියේ අඟහරැවාදා ජනාධිපති මන්දිරයේදී ඉෆ්තාර් උත්සවයක් පැවැත්විණි. ජනාධිපතිවරයා එම උත්සවයෙන් අනතුරැව එයට සහභාගි වී සිටි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ රටවල කොළඹ තානාපතිවරැන් මුණගැසුණේය.
ඔවුන් සමඟ පැවැති පිළිසඳරේ දී 1983 වසරේ ජූලි කලබලවලට මුල්වූයේ කැබිනට් ඇමැතිවරයකු යැයි ජනාධිපතිවරයා සඳහනක් කළේය.

- සන්ඩේටයිම්ස්

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00