බටහිර ඉතිහාසයට මුල්තැනදෙන බොහෝ දෙනා දෙවැනි ලෝක සංග්‍රාම කාලයේදී අමානුෂික වද හිංසාවලට ලක්වූ යුදෙව් ජාතිකයන් ගැන සඳහන් කරති. හිට්ලර්ගේ සිරකඳවුරුවල යුදෙව්වන් සමූල ඝාතනය වූ බව සැබෑවකි. ලක්ෂ ගණන් යුදෙව්වන් තම නිවෙස්වලින් ඇද දමා වහල් කඳවුරුවලට බලෙන් ගෙන ගොස් දැවැන්ත ගෑස් බඳුන් වැනි ශාලා තුළදී එකාපිට එකා දමා මරා දමන ලදී. එහෙත් එවැනිම දරුණු වදහිංසා එම යුගයේම ආසියාකරයේද සිදුවිය. ආක්‍රමණික ජපන් යුද හමුදා විසින් කොරියාවේදී හා වෙසෙසින්ම චීනයේදී ලක්ෂ ගණන් ජනතාව කෘර ලෙස මරා දමන ලදී. ජපන් බෝම්බ හෙළිමෙන් පසු චීනයේ නැන්කිං නුවර ගිනි ජාලාවක් කිරීමෙන් නගරය පොෙළාවට සමතලා විය.
දෙවැනි ලෝක යුද සමයේ දරුණු ආක්‍රමණයන් චීනයේ සිදුවෙද්දී චීන ජාතික නායකයෝ එකිනෙකාට විරුද්ධ වූ කඳවුරු දෙකකට බෙදී මාරාන්තික සටනක යෙදී සිටියෝය. එම පක්ෂ දෙක නම් මාඕ සේතුං නායකත්වය දුන් චීන කොමියුනිස්ට් පක්ෂය හා චියැංකයි ෂෙක් නායකත්වය දුන් ජාතිවාදී පක්ෂයයි. බටහිර ජාතීන්ගේ සහාය ලැබුෙණ් චියැංකයි ෂෙක්ටය. ඔහු මුලින්ම ෂැංහයි නගරය තුළ සිය ආධිපත්‍යය පිහිටුවා තිබුණද ජපන් ආක්‍රමණිකයින් විසින් පලවා හරින ලද පසුව චුංචිං නගරයට සංක්‍රමණයවී එය සිය අගනුවර කරගත්තේය. චුංචිංවල විශේෂත්වය වූයේ එය චීනයේ නැගෙනහිර කොනක පිහිටා තිබීමත් බුරුමය හා ඉන්දියාවට ළංවීමත්ය. බුරුමය හා ඉන්දියාවේ සිට හිමාලය කන්ද උඩින් පියාසර කරන අමෙරිකන් අහස්යාත්‍රාවලට නිරුපද්‍රිතව චුචිංවල ගොඩබැසීම පහසුවිය. ඒ හේතුවෙන් බටහිරෙන් ලබාදුන් තුවක්කු හා සෙසු යුද උපකරණ පහසුවෙන් ගුවන් මගින් චීන සෙබළුන්ට ලබාදීමට මේ ගුවන් මාර්ගය වැදගත් විය.
බටහිරෙන් පැමිණි අමෙරිකානුවන් මෙසේ චීනයට යුදායුද සැපයීමට මහන්සි වූයේ ඇයි?. ඒ සඳහා ඔවුන් “පියාඹන කොටි” නැමති යුද ගුවන් සේවයක් නිර්මාණය කර චීනුන්ට සහය දුන්නේ කවර පරමාර්ථයෙන්ද? ඒවන විට අමෙරිකාව ඈත පෙරදිගදී ජපානය සමඟ මාරාන්තික යුද්ධයක පැටලී සිටියේය. ශාන්තිකර සාගරයේ පිහිටා තිබූ අමෙරිකාව සතු ප්‍රධානතම යුද නැව් තොටුපොළ වන “පර්ල් හාබර්” වෙත ජපන් අහස් යාත්‍රා පැමිණ බෝම්බ හෙලා එය සුනු විසුණු කරන ලදී. එපමණක් නොව තමන් මුළු පෙරදිගම අල්ලා ගැනීමට නම් අමෙරිකන් නාවික හමුදාව පරාජය කිරීම අත්‍යාවශ්‍ය බව ජපානය දැන සිටියේය. ඒ අනුව පිලිපීනය, සිංගප්පූරුව හා පැසිපික් සාගරයේ දූපත්වල දෙරට අතර බිහිසුණු සටන් ඇවිලී තිබුණේය. එහිදී බටහිර හමුදා පරාජය වූවානම් ටික කලකින් එම සටන් ලංකාව දක්වා විහිදීමටද හොඳටම ඉඩ තිබුණේය.
බටහිර ජාතීන්ගේ උපක්‍රමය වූයේ ජපන් හමුදා චීනය තුළ හා ඉන් අවට හිරකර තැබීමයි. ඔවුන් එසේ ජපානය හිරකර තැබුවහොත් ඔවුන්ගේ සෙබළුන්ට පැසිපික් සයුරට පැමිණ අමෙරිකන් සොල්දාදුවන් සමඟ සටන් කිරීමට හැකිවන්නේ නැත.
ජපානය යුදමය වශයෙන් පරාජය කිරීමට නම් එතෙක් එකිනෙකා සමඟ සටන් කරමින් සිටි චීන දෙපක්ෂය තුළ සංහිඳියාවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව අමෙරිකන් නායකයන් අවබෝධ කරගෙන සිටියෝය. ආක්‍රමණකාරී ජපානය සමඟ සටන්කොට චීනය මුදා ගැනීමේ අවශ්‍යතාව දුටු මාඕ සේතුං මේ තර්කය පිළිගත්තේය. චියැංකයි ෂෙක් පමණක් ඒ ගැන දෙගිඩියාවෙන් පසුවිය. අමෙරිකන් උපදේශකයින් යෝජනා කරන පරිදි ඔහු චීන කොමියුනිස්ට්වාදීන් සමඟ එක්වුවහොත් ඔහුගේ බලය බිඳෙන බව අවබෝධ කරගත් චියැං මාන බැලුවේ අමෙරිකන් යුදමය ආධාර ගැනීමට පමණක් සීමාවී එක්ව සටන් කිරීමේ ඉල්ලීම ගැන කල් මැරීමටයි. චියැංගේ මේ දෙපිටකාට්ටු පිළිවෙත දැනගත් අමෙරිකානු ජනරාල්වරු චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි විශ්වාසයක් ගොඩනගාගෙන ඔවුන්ට යුද උපකරණ සුළු වශයෙන් හෝ ලබාදෙන්නට පටන් ගත්තෝය. චීනය දිනීම සඳහා කරන ලද කොමියුනිස්ට් සටනේදී ඒ අමෙරිකන් තුවක්කු ඔවුනට මහත් සම්පතක් විය. වොෂින්ටන්වල නායකයන් ඇතැම් දෙනෙක් හා චුංචිවල සිටි අමෙරිකානුවන් මාඕ සහ චූ එන් ලායි ගැන පැහැදුනෝය. චීන කොමියුනිස්ට් පක්ෂය හා අමෙරිකාව අතර සුහදතාවයක් ඇතිවූයේ මේ යුගයේදීය. පසුව විරසක වුවද දශක කීපයකට පසු මාඕ හා චූ එන් ලායි රිචඩ් නික්සන් ජනාධිපතිතුමා පිළිගෙන ජාත්‍යන්තර සබඳතාවල නව පිටුවක් පෙරළුවේ මේ චුංචිං අත්දැකීම ගැන ඔවුන්ගේ මතකයේ රැඳී තිබූ හෙයිනි.
පසුගියදා දූත මණ්ඩලයක් සමඟ චුංචි ගිය මට එම යුගයේ සිහිවටන කීපයක්ම දැකගත හැකිවිය. යැංසිකියැං නදිය දර්ශනීය චුංචිං නගරය හරිමැදින් දිවෙයි. දෙපස නව ආර්ථික කලාප පිරී ඇති හෙයින් චුංචි අද චීනයේ වැදගත් නිෂ්පාදන කේන්ද්‍රයක් බවට පත්වී තිබේ. ගඟ අසබඩ නැව් සෑදීමේ කර්මාන්තය වැනි විශාල කර්මාන්ත මෙන්ම මධ්‍යම ගනයේ කර්මාන්ත ශාලාද බොහොමයක් පිහිටා තිබේ. චීනයේ විශාලතම ඉදිකිරීමක් වන “ත්‍රී හොර්ජස් ඩෑම්” නැමති වාරිමාර්ග හා විදුලි ව්‍යාපෘතිය පිහිටා තිබෙන්නේ චුචිං නගරයට නුදුරුවය.
දෙවැනි ලෝක යුද සමයේ චූ එන් ලායි තම පක්ෂයේ නියෝජිතයා හැටියට (තානාපති) කලක් මේ නගරයේ පදිංචිව සිටියේය. අපි ඔහු සහ ඔහුගේ බිරිය වාසය කළ සරල නිවාසය නැරඹීමට ගියෙමු. අමෙරිකානුවන් සමඟ සාකච්ඡා කිරීමට මාඕ සේතුං පළමුවෙනි වරට අහස් යාත්‍රාවකට නැගී චුංචිංවලට පැමිණ ටික දිනක් ගත කළේ එම නිවාසය තුළයි. කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන කටයුතු කරන ගමන්ම චුංචිංහි විසූ අමෙරිකානු හා චියැංගේ නියෝජිතයන් සමීප සබඳතා ඇතිකර ගනිමින් චීන සංධාන රජයක් නිර්මාණය කිරීමට චූ එන් ලායි මහන්සි ගත්තේය. ඔහු අමෙරිකන් නියෝජිතයන් පිළිගැනීමට හා ඔවුන් සමඟ සාද පැවැත්වීමට වෙන් කරන ලද ශාලාවද අප විසින් නරඹන ලදී. නගරයේ තවත් පෙදෙසක ගඟේ විසිතුරු දර්ශනයක් නෙතට ලබාදෙන මල්ගොමු සහිත විශාල බංගලාවක්ද තිබේ. එය යුද සමයේ චීනයේ පදිංචි වූ අමෙරිකන් ජනරාල්වරයා වූ ස්ටිල්වෙල්ගේ නිවසයි. ඉන් අසල කෞතුගාරයකි. එහි ප්‍රදර්ශනය කරන ලද්දේ හිමාලය කන්ද තරණය කරමින් කෑම හා යුද උපකරණ දිනපතා චුංචිංවලට ගෙනා අමෙරිකන් අහස් යාත්‍රා කීපයකි.