අපේ රටේ දේශපාලනය සාමාන්‍යයෙන් රත්වෙන්නේ ජූලි මාසයේදීය. අතීතයේ පටන් බොහොමයක් දේශපාලන හැලහැප්පීම් වාදවිවාද පමණක් නොව කලබල ගැටුම් ද ජුලි මාසයේ සිදු වූ බවට උදාහරණ අප්‍රමාණය. මේ අවුරුද්දේ ද ඒ සුපුරැදු ජූලි රස්නය රටටම දැනෙමින් තිබේ. මේ වසරේ නම් ජූලි මාසයේ ඇත්තේ එයට ඇරුඹුමක් පමණි. එය අගෝස්තු මාසයේ මැද දක්වාම ඇදී යන ස්වභාවයක් පෙනෙන්නට තබේ. ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කිරීම සම්බන්ධව පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය එයට හේතුවයි.
ජනාධිපතිවරණයට අපේක්ෂකයා නම් කිරීම ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රමුඛ කාර්යය බවට පත්ව තිබේ. මෙහිදී වඩාත්ම අමාරැවේ වැටී තිබෙන්නේ යූ.එන්.පී.ය බව පැහැදිලිය. යූ.එන්.පී.යේ අපේක්ෂකයා නම් කිරීමේදී පක්ෂ නායක රනිල් මෙවර බරපතළ මතගැටුමකට මැදි වී සිටින බව පසුගිය කෘත්‍යාධිකාරී කමිටු රැස්වීමේදී පෙනී ගියේය. මෙවැනි පක්ෂ අභ්‍යන්තරයෙන් පැන නගින ගැටලු සහ අර්බුද හමුවේ නායක රනිල් නොසැලී සිටිමින් තමන්ගේ අරමුණට හීන්සීරැවේ ළඟාවූ ආකාරය ඉතිහාසය පුරාම සඳහන්ව තිබේ. අරමුණු ජයගත්තද එයින් පක්ෂයට සිදුවූ යහපත හෝ හානිය පිළිබඳව වෙනම කතා කළ යුතුය. එහෙත් මෙවර ඒ හැලහැප්පීම්වල විශේෂ අමුත්තක් තිබේ.
නායක රනිල්ට සමීප මැති ඇමැතින් පවා මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් රනිල්ට වඩා වෙනස් මතයක් දැරීම එම අමුත්තට හේතු වී තිබේ. එය කල්තබා හඳුනාගෙන සිටි රනිල් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමට පෙර පුළුල් සන්ධානයක් ගොඩනගන බව ප්‍රසිද්ධියට පත්කළේය. එය මෙතෙක් නොවූ විරූ ඉතා ශක්තිමත් සන්ධානයක් වන බවත් එයට හෙට (අගෝස්තු 05) අත්සන් තබන බවත් මේ වනවිට ප්‍රකාශ කර තිබේ. එහෙත් එම සන්ධානයට අත්සන් තබා ඊට එක්වන පක්ෂ සහ සංවිධාන මොනවාදැයි සිකුරාදා (02) සවස් වනතුරුත් හෙළිවී තිබුණේ නැත. සන්ධානය ගොඩ නැගීමේදී ඊට පෙර රහසිගත භාවයක් පවත්වා ගැනීම පිළිගත හැකි කාරණාවක් වුවද යූ.එන්.පී.යේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් එළිපිට පවසන ආකාරයට සන්ධානය ගොඩනැගීමේ ගැටලු ගණනාවක් පැන නැගී තිබෙන බව පැහැදිලිය. රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පක්ෂ නායකත්වය යොමු කළ ලිපිය එයට එක් උදාහරණයකි.
එම ලිපියෙන් අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ සන්ධාන ගොඩනැගීමට පෙර ක්‍රියාත්මක කළයුතු යෝජනා 08ක් ඇති බවය. සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය යූ.එන්.පී.යටම හිමිවිය යුතු බව ඔහු යෝජනා කරයි. කෘත්‍යාධිකාරී කමිටුවේදී එම ධූරය භාරගැනීමට තමන් සූදානම් යැයි සජිත් කියා තිබිණි. එසේම නායකත්ව මණ්ඩලයකින් නොව යූ.එන්.පී. විසින්ම අපේක්ෂකයා තීරණය කළ යුතු බවටත් නායකත්ව මණ්ඩලයේ බහුතර බලය යූ.එන්.පී. සතු විය යුතු බවත් එහි සඳහන්ය. සන්ධාන ව්‍යවස්ථාවට තවත් සංශෝධන එක්විය යුතු බවටද යෝජනා කර තිබේ.
මෙහිදී නායක රනිල් කියා තිබුණේ සංශෝධන ඇත්නම් ඒවා පක්ෂ සභාපති කබීර් හෂීම්ට භාරදෙන ලෙසටය. එහෙත් මීට පෙර කබීර් කියා තිබුණේ තමන් සන්ධානයක් පිහිටුවීම ගැන නොදන්නා බවයි. එසේම පසුගිය සිකුරාදා (02) කෑගල්ලේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කබීර් කියා තිබුණේ මෙසේය. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් පමණයි. පක්ෂයේ තීරණය නිවැරදි වෙලාවට ලබාදීමට සූදානම්. ප්‍රතිවාදීන්ගේ වැඩසටහන එක්ක අපට තරග කරන්න අවශ්‍ය නෑ. අපට ඕනෙ වෙලාවට අපේ අශ්වයා දාපු ගමන් ඉස්සරහින් දුවන්නේ.
කවුද මේ කබීර් කියන අපේ අශ්වයා රනිල් නම් වෙන්න බැරිය. කබීර් පක්ෂ සභාපති වුවත් ගොඩනැගෙන අලුත් සන්ධානය ගැනවත් වචනයක්වත් කතාකර නැත. ඊට පෙර දින පැවැති කෘත්‍යාධිකාරී කමිටුවේ තීරණ පිළිබඳ කිසිම සඳහනක් නොකර කතා කරන අපේ අශ්වයා සජිත් ප්‍රේමදාසද? වටින් ගොඩින් පේන්න තිබෙන්නේ එහෙම වෙන්න පුළුවන් බවය. අපි පෙරට තිබ්බ අඩිය පස්සට ගන්න සූදානම් නැහැ. කතා දෙකක් නැහැ. අපි දැන් වැඩේට බැහැලයි ඉන්නේ. කවුරු මොන බාධක දැම්මත් පසුබහින්නේ නෑ* කියා පසුගිය බ්‍රහස්පතින්දා (01) සජිත් කියා තිබුණේ කබීර් කතා කරන අපේ අශ්වයා තමන් බව පෙන්වාදීමට දැයි දැන්ම පැවසීම අමාරුය.
හැබැයි සජිත්ගේ නම තිබුණත් කරැ ජයසූරියගේද නම අපේක්ෂකයකු වශයෙන් සඳහන් වෙයි. ඔහු ෆොටෝ ෂූට් එකක්ද කර සූදානමකින් සිටින බව කියයි. කොහොම වුණත් මේ යූ.එන්.පී. හැලහැප්පීම් හේතුවෙන් වාසිය ලැබෙන්නේ මහින්දලාට බව පැහැදිලිය. පසුගිය සති කිහිපය තුළම ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිකම අත්හැරීම සිදුනොවී ඇති බවට ප්‍රචාරයක් රට තුළට ගියේය. ගෝඨාභයගේත් පොදුජන පෙරමුණේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේත් කතාබහ හේතුවෙන් ඒ පිළිබඳව සැකය දලු ලා වැඩුණේය. ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳ හතර වටින් කතා ගොතන විට එහි උණුසුම වැඩිවෙන විට ගෝඨාභය සිය අමෙරිකානු පුවැසිකම අත්හල බවට සඳහන් ලේඛන කිහිපයක් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය විය. ඒ සමඟ එම ලේඛන ව්‍යාජ ඒවා බවට ද ප්‍රචාරයක් ගියේය. ලබන 11 වැනිදාට දින කිහිපයකට පෙර රට හමුවේ හෙළි කිරීමට සූදානම්ව තිබූ ගොඨාගේ පුරවැසිකම අත්හැරීමේ සැබෑ ලේඛන ඒ සමඟ මාධ්‍යයට පැමිණියේය. දැන් ඒ පසුපස පැන්නූ යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයට වෙනත් සටන් පාඨයකට ඉව ඇල්ලීමට සිදුව තිබේ. පුරවැසිභාවය පිළිබඳ පැවැති අවිනිශ්චිතකම දුරැ වීමත් සමඟ ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා නොවනු ඇති බවට පැවැති සැකය ද තුරන් විය. දැන් පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් අතර වෙනත් ගැටලුවක් මතු නොවන්නේ නම් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අගෝස්තු 11 වැනිදා එළියට එනු ඇත්තේ ගෝඨාභයගේ නමයි. එය ප්‍රකාශ කිරීමට නියමිතව සිටින්නේ මහින්දයි.
පොදුජන පෙරමුණේ නායකත්වය එදා සිට මහින්දට නිල වශයෙන් පැවරෙන බවද ප්‍රකාශ වී තිබේ. ශ්‍රීලනිපය සමඟ පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දකින්නට නැති වුණත් එම දෙපාර්ශ්වය අතර සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට දෙපාර්ශ්වයටම අවශ්‍ය වී තිබේ. ඉදිරි දිනයකදී ගෝඨාභය සහ ජනාධිපති මෛත්‍රීපාල අතර සිදුවන සාකච්ඡාව මෙහිදී තීරණාත්මක වනු ඇත. ජනාධිපතිවරයා සමඟ මෙතෙක් රැඳී සිටි මන්ත්‍රී පිරිසගේ දේශපාලන අනාගතය මේ හමුවේ වැදගත්ම මාතෘකාවක් වනු ඇත. එම මන්ත්‍රී පිරිසගෙන් කොටසක් යූ.එන්.පී.ය යෝජනා කර ඇති සන්ධානයේ පාර්ශ්වයක් වන බවද සඳහන් වෙයි. තව පිරිසක් ජනාධිපති සමඟ රුඳී සිටිමින් තම අනාගතය හදාගැනීම ගැන අවධානය යොමුකර ගෙන සිටිති. මේ පසුබිම ජනාධිපතිවරණ සටනේදී පොදුජන පෙරමුණට කල් තබාම තරමක ඉදිරි පියවරක් තැබීමට උපකාර වී තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් යූ.එන්.පී.ය තුළ පවතින ජනාධිපතිවරණ අපේක්ෂක ගැටලුව හැකි ඉක්මනින් විසඳාගැනීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය විය යුතුය. සන්ධාන පාර්ශ්වකරුවන් වනු ඇති බවට සඳහන් වන ඇතැම් පක්ෂවල නායකයන් අපේක්ෂකයා කවුදැයි නොදැන සන්ධාන ගතවීමට අකැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දැන ගන්නට තිබේ. ආණ්ඩුව සමඟ සන්ධානගතව සිටින ඇතැම් සුළු පක්ෂ කිහිපයක්ද දැනටම විපක්ෂනායකවරයා හමුවීමට කැමැත්ත පළකර තිබෙන බවද සඳහන්ය. යූ.එන්.පී. නායකත්වය මේ සියලු කරැණු පිළිබඳව නිසි අගැයීමකින් තොරව කටයුතු කළොත් නැති ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙන බව පැහැදිලිය.
යූ.එන්.පී.යේ සජිත්ට සහාය දක්වන ජ්‍යෙෂ්ඨයන් අතර මංගල, රන්ජිත් මද්දුමබණ්ඩාර, තලතා, මලික්, හර්ෂ ද සිල්වා සහ අජිත් පී. පෙරේරාත්, සුජීව සේනසිංහත් සිටින බව ප්‍රකට රහසකි. එසේම රවි කරැණානායක, පී. හැරිසන්, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ජෝන් අමරතුංග නායක රනිල්ට සමීප ඇමැතිවරු වශයෙන් සැලකෙති. ඔවුන් සියලුදෙනා සජිත් ප්‍රේමදාසට ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ පවතින සහාය පිළිබඳව නොදන්නවා නොවේ. මේ සම්බන්ධයෙන් ඔවුන් රනිල්ව දැනුවත් කර ඇති බවද සඳහන්ය. ඔවුන් එක් යෝජනාවක් වශයෙන් කර ඇතැයි පැවැසෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා වී සජිත් අගමැති අපේක්ෂක වශයෙන් නම් කිරීමය. නමුත් මේ අදහසට රවි තදින්ම විරෝධය පායි. එහෙත් පසුගිය කෘත්‍යාධිකාරී කමිටු රුස්වීමේදී රවිට සහ කිරිඇල්ලට එරෙහිව තලතා කතා කළාය. ඔවුන් යූ.එන්.පී.යට එක්වුණේ වෙනත් පක්ෂවලින් බවටද චෝදනා කළාය. එහිදී ඔවුන් නිහඬව සිටියාද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් සජිත්ට එරෙහිව රවි ගෙන යන සටන දැන් හුදෙකලා සටනක් බවට පත්වෙමින් තිබේ. මේ අභ්‍යන්තර ආරවුල් විසඳා ගැනීමකින් තොරව ජනාධිපති ඡන්දයට යාම දේශපාලන වශයෙන් හරා-කිරි කර ගැනීමක් පමණි.
පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය නම් කිරීමෙන් ඔවුන්ගේද සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැත. එහිද ගැටලු ගණනාවක් පැවතුණත් ඒවා පවතින්නේ එළියට නොදැනෙන මට්ටමිනි. මේ මාසය දේශපාලන උණුසුමින් රත් වී යනු ඇතැයි බලාපොරොත්තු වීම සාධාරණය.
මේ හැම පක්ෂයම පිටපොට ගසාගෙන ජනාධිපතිවරණයට සූදානම් වුණත් ඔවුන් දක්වන උද්‍යෝගය සහ උනන්දුව රටේ පොදු මහජනතාව තුළින් නම් දැකගන්නට නැත. මේ කියන්නේ පාක්ෂිකයන් ගැන නොවේ. වඩාත්ම තීරණාත්මක මැද සිටින ජනතාවයි. ඔවුන්ගේ උනන්දුව නැත්තේ ඇයි කියා සොයාගැනීම මේ සියල්ලටම වඩා වැදගත්ය.
ශශීන්ද්‍ර