2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

ශක්තිමත් අපේක්ෂකයෙක්

තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමෙන් හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභ්‍යන්තර ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන ජනතාව ශක්තිමත් නායකයකු කෙරෙහි ප්‍රසාදය පළකරනු ඇතැයි යන විශ්වාසය මත රුඳී සිටින බව පෙන්වා ඇතැයි ද හින්දු පත්‍රය සිය කතුවැකියෙන් ප්‍රකාශ කර තිබේ.

2009 වසරේදී විමුක්ති කොටින් යුද්ධයෙන් පරාජයට පත් කිරීමේ කාර්යයේ පසුපස සිටි මහ මොළකරැ බවට කිත් පැසසුම් ලද ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයාද වෙයි. ඔහු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමිනි.

2016දී මෙම පක්ෂය පිහිටුවනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හිතවාදීන් විසිනි. එසේ වුවද පක්ෂයේ නායකත්වය ඔහු බාරගත්තේ පසුගියදාය. මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණය 2015දී බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ඒකාබද්ධ රජයේ පාලනය සම්බන්ධයෙන් වන ජනමත විචාරණයක් වනු ඇත. ඓතිහාසිකව දේශපාලන ප්‍රතිවාදීන් වූ ශ්‍රීලනිපය සහ එජාපය අතර බලය බෙදාගනිමින් ඇති වූ සන්ධානය බලයට පත්වූයේ යහපාලනයක් සහ වසර දහයකට ආසන්න කාලයක් තුළ පැවති ආඥාදායක පාලනය අවසන් කරන බවට ප්‍රතිඥා දෙමිනි. කෙසේ වුවද සිරිසේන - වික්‍රමසිංහ රජයට ආර්ථිකය ගොඩනැංවීමට හෝ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට හෝ ප්‍රමාණවත් තරම් කාර්යභාරයක් ඉටු කිරීමට නොහැකි වූ බව පෙනෙන්නට තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී දෙපාර්ශවය තුළ දිගටම පැවැති වෙනස්කම් හේතුවෙන් සන්ධානය කඩා වැටිණි. සිරිසේන මහතා විසින් අගමැති ධූරයට රාජපක්ෂ මහතා පත්කරනු ලැබීය.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ මහතා ද සටනට පිවිසෙන්නේ ඔහුට එරෙහිව චෝදනා ගණනාවක් පවතින අතරේය. යුද අපරාධ, ඝාතන, දූෂණ නඩු සහ සුදු වෑන් අතුරුදන් කිරීම්වලට ඔහුගේ නම සම්බන්ධ කරනු ලැබ තිබීම ඊට හේතුවය.

- ද හින්දු

යූ.එන්.පී. අපේක්ෂකයා විමල්ට ප්‍රශ්නයක් වෙලා

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංසට එජාප කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරැම පසුගියදා මුණගැසුණේ කුරැණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අවමගුල් උළෙලේදීය.

ඔයා කාටද.. රනිල්ටද සජිත්ටද කරුටද? විමල් විරවංස ඇසුවේය. මතභේද ගණනාවකට මැදි වුණු මන්ත්‍රීවරයකු වන මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරැ දුන්නේය. 

මට කවුරැත් කියලා විශේෂයක් නෑ. හැබැයි මේ අතරින් රනිල් වික්‍රමසිංහට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා.

වීරවංස ඒ මොකදැයි විමසීය. ඔයාගේ පක්ෂෙ වැඩි දෙනෙක් සජිත්ටනෙ වැඩිය කැමති

තෙවරප්පෙරැමගේ පිළිතුර මෙසේ විය. මම කොහොමද එයාට සපෝට් කරන්නේ. එයා පිට කොහෙදිවත් කෑමක් ගන්නෙ නෑ. මට එයාට කතා කරන්න බෑ. එයා මගේ ටෙලිෆෝන් කෝල්වලට උත්තර දෙන්නෙ නෑ. ඒ වගේ නායකයෙක් අපට අවශ්‍ය නෑ. මට රනිල් හොඳයි.

ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී වීරවංස මහතා යූ.එන්.පී. නායක අගමැති රනිල් වික්‍රමසිංහට ප්‍රශ්නයක් යොමු කළේය. කවුද ඔබේ ජනාධිපතිවරණ අපේක්ෂකයා? ඔහු ඇසුවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විමල් වීරවංස යැයි පිළිතුරු දුන්නේය.

එහෙනම් ඕගොල්ලෝ ගොඩ යැයි විමල් වීරවංස කීය.

- සන්ඩේ ටයිම්ස්

ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකානු පුරවැසිභාවය අත්හැර ගිය පුද්ගලයන්ගේ නම් සඳහන් අලුත්ම ලැයිස්තුවේ ද ඇතුළත් වී නැත. මාස තුනකට වරක් නිකුත් කෙරෙන මෙම ලේඛනයේ මාර්තු 01 වැනිදා සිට ජූනි මස 30 වැනිදා දක්වා කාලය තුළ අමෙරිකානු පුරවැසිභාවය අතහැරී සහ රට අතහැර ගිය පුද්ගලයන්ගේ නම් අතර ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් නොවේ. මේ ලේඛනයේ පළමු වාරිකයේ ද ඔහුගේ නම ඇතුළත්ව තිබුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ තමා තවදුරටත් එරට පුරවැසියකු නොවන බවට අමෙරිකානු රජයෙන් පසුගිය මැයි මස 03 වැනිදා නිල වශයෙන් දැනුම් දුන් බවය. අප්‍රේල් 17 වැනිදා සිට එය ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කර තිබිණි. ඒ කතාව තහවුරැ වන ලියැවිල්ලක් ද ඔහු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේය.

ශ්‍රී ලංකාවේ ගැසට් පත්‍රයට හා සමාන අමෙරිකානු රජයේ ප්‍රකාශනයක් මගින් අමෙරිකානු පුරවැසිභාවය අත්හැර ගිය සහ අහිමි කරන ලද පිරිසේ නම් ලැයිස්තුව සෑම මාස 03කටම වරක් ප්‍රකාශයට පත් කෙරේ. අගෝස්තු 07 වැනිදා දාතමින් යුතුව නිකුත් කරන ලද නම ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ නම සඳහන් නොවූවද ඔහු තමා අමෙරිකානු පුරවැසිකම අත්හළ බවට ප්‍රකාශ කළේ එම කාල සීමාව තුළදීය. ජූනි 30 දක්වා වන කාලසීමාව තුළ පුරවැසිභාවය අහිමි කළ හෝ අත්හැර ගිය පිරිසේ නම් එම ලැයිස්තුවේ අඩංගු බව ලේඛනයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියට අනුව ශ්‍රී ලංකාව හැර වෙනත් රටක පුරවැසිභාවය දරණ පුද්ගලයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හෝ ජනාධිපති ධූරය දැරීමට හෝ නුසුදුස්සෙක් වෙයි.

- ඩේලි එෆ්. ටී

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00