2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 106
 
ජනාධිපතිවරණ අපේක්ෂකයෝ එකම වේදිකාවේ!
 
ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් හය දෙනකු එකම පොදු වේදිකාවකදී හමුවීම ඉතාම කලාතුරකින් සිදුවන්නකි. ඩේලි එෆ්.ටී. පුවත්පත මගින් සංවිධානය කෙරෙන ෆයර් සයිඩ් චැට් නම් සාකච්ඡා මණ්ඩපය ඒ අවස්ථාවට දොරටු හැර දුන්නේ පසුගිය බ්‍රහස්පතින්දා (07) ය. මේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත, ආචාර්ය අජන්තා පෙරේරා, මහේෂ් සේනානායක, නියෝජනය කරමින් ආචාර්ය ගාමිණී නන්ද ගුණවර්ධන සහභාගි වී සිටි අතර ගෝඨාභය රාජපක්ෂ නොපැමිණිය ද හඬ පටයක් එවමින් ඔහු එයට සහභාගි විය. එම හඬ පටය එහිදී වාදනය කෙරිණි.
 
මේ අපේක්ෂකයන් විසින් තම තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධ මූලික කරුණු ප්‍රකාශ කළ අතර පෞද්ගලික අංශයට ලබාදෙන බදු සහන, පරිපාලන කටයුතු සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිතය, ප්‍රතිපත්ති සැකැස්ම නිර්දේශපාලනීකරණය එම පොරොන්දු අතර සඳහන් විය. දූෂණය පිටුදැකීම, රාජ්‍ය තන්ත්‍රය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ වර්ධනය ද ඔවුන් පළ කළ අදහස් අතර කැපී පෙනිණි.
 
සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ කුඩා, මධ්‍යම සහ මහා ව්‍යාපාරික අවස්ථා වර්ධනය කිරීමට අවශ්‍ය පරිසරයක් තමන් නිර්මාණය කරන බවයි. රටේ ධනෝපායන යාන්ත්‍රණයට බාධා පමුණුවන අනවශ්‍ය සීමා බන්ධන ඉවත් කිරීමත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිදහසට රැකුල් දීමත් ඔහුගේ පොරොන්දු අතර විය. ප්‍රමාණවත් තරම් මූල්‍යමය සහ ආර්ථික ආධාර ලබා දෙමින් පෞද්ගලික අංශය බලගැන්වීම අපේ උත්සාහයයි. බදු විරාම, බදු බර අඩුකිරීම සහ බදු ව්‍යුහය සරල කිරීම මගින් ව්‍යාපාර සහ පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීමට පියවර ගන්නවා යැයි ප්‍රේමදාස මහතා කීය. මූල්‍ය ප්‍රතිපත්තිය සහ පොලී අනුපාතයේ නිසි කළමනාකරණය අතර සමතුලිතතාවක් පවත්වා ගනිමින් කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරවලට බලපාන බලපාන බදු බර අඩුකිරීම වැදගත් බව ඔහු සඳහන් කළේය.
 
ගෝඨාභය රාජපක්ෂ එවා තිබූ පණිවුඩයේ දී ගෝඨාභය සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික දේශපාලන නායකයන් නොවන බවය. ලොවේ සෙසු රටවල්වලට පසුපසින් නොසිට විවිධ පාර්ශ්ව සමඟ සමීපව කටයුතු කරන නව චින්තනයක් සහිත තාක්ෂණයකින් රට ඉදිරියට ගෙන යා හැකි බවට සහතික කෙරෙන නායකත්වයක් අද රටට අවශ්‍ය බවද එහි සඳහන් විය.
 
අතීතයේ දී මට පවරන ලද සියලු වගකීම් මම නොපිරිහෙලා ඉටුකර ඇත්තෙමි. නිවැරදි පුද්ගලයන් හඳුනා ගැනීමත් වැරදි හදාගෙන රටට අවශ්‍ය ක්‍රමවේද නිර්මාණය කිරීමත් මාගේ ප්‍රවේශය විය. සැලසුම් ක්‍රියාත්මක කරන්නකු වශයෙන් කීර්තියක් හිමිකර ගැනීමට මට හැකි වූයේ ඒ මගින්* යැයි ද ගෝඨාභයගේ ප්‍රකාශයේ සඳහන් විය. ආර්ථික වර්ධනයේ වැඩි වගකීමක් සඳහා පෞද්ගලික අංශය බලගැන්වීම තම ප්‍රතිපත්තිය බවත් සියලු කටයුතු කරගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් දේශීය ව්‍යවසායකයන් රුකගනිමින් ඍජු විදේශ ආයෝජන දිරිමත් කරන බවත් ගෝඨාභය කියයි.
 
අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ නාස්තිය සහ දූෂණය අවම කිරීම සඳහා තම ආර්ථික ප්‍රතිපත්තිවලට මූලික අවධානය යොමු කරන බවයි. බදු ව්‍යුහය සරල කිරීම, අවම වශයෙන් වසර 05 කදී තව බදු ලිපිගොනු 1,00,000 ක් එකතු කර ගැනීම තම අරමුණු අතර වන බවද ඔහු කියයි. ඒ පවතින බදු ලිපිගොනු 1,70,000ට අමතරවයි.
 
රට සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සම්බන්ධතාවක් ගොඩනගන බවත් පෞද්ගලික අංශයට තිබෙන දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම් ඒ හරහා ඉවත් කෙරෙනු ඇති බවත් ඔහු කියයි. &අද පෞද්ගලික අංශයේ කිසිවකුට ආයෝජනයක් සඳහා අනුමැතිය ගත යුතු නම් ඔවුන් දේශපාලනඥයන් පසුපස යා යුතුයි. මේ වන විට බොහොමයක් පෞද්ගලික අංශයේ ව්‍යාපෘති රඳා පවතින්නේ ඔවුන් දේශපාලනඥයන්ට දක්වන සබඳතා මතයි. අපි මේ තත්ත්වය මුළුමනින්ම අහෝසි කරනවා. පෞද්ගලික අංශයට නීත්‍යානුකූල ව්‍යාපාර පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය අපි සහතික කරනවා.* යැයි ද අනුර කුමාර ප්‍රකාශ කළේය.
 
ඩේලි. එෆ්.ටී.
 
ජනපති - බැසිල් සහ චන්ද්‍රිකා
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉකුත් සතියේ දී මුණගැසුණෝය. දෙදෙනා අතර සාකච්ඡාවේදී ජනාධිපතිවරණයට අදාළ කාරණා ගණනාවක් කතාබහට ලක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ශ්‍රීලනිප සාමාජිකයන්ගේ සහාය ලබා දීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙහෙයවන වැඩපිළිවෙළ ද එහි සාකච්ඡා වූ එක් මාතෘකාවක් විය. එහිදී දෙදෙනාම එකඟ වූ කාරණාව වූයේ චන්ද්‍රිකාට සහාය දක්වන පිරිස ඉතා සුළු බැවින් එම වැඩපිළිවෙළින් ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරයට කිසිදු බලපෑමක් ඇති නොවන බවය.
 
මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හරහා පාර්ලිමේන්තුවට පිවිසීමේ අදහස ජනාධිපතිවරයා තවම අතහැර දමා නැත. ඩිලාන් පෙරේරා ලවා එය ඉටුකර ගැනීම අසාර්ථක වුවද ජනාධිපතිවරයා සමඟ තවමත් රැඳී සිටින සමීපතමයන් කිහිප දෙනකු ජාතික ලැයිස්තු තනතුරු හිමි මන්ත්‍රීවරැන් පසුපස යමින් ඉල්ලීම් ඉදිරිපත් කරන බවත් තවමත් එය සාර්ථක වී නැති බවත් කියති.
 
සන්ඩේ ටයිම්ස්
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00