නිලධාරීන් බියගැන්වූ රන්ජන් හඬපට
රන්ජන් රාමනායක හඬපට රසකතාව තවමත් ජනතාවගේ දෙතොළග උණුසුම් මාතෘකාවක් වී තිබේ. රටේ වෙනත් ප්‍රශ්න තිබුණද ඒ ගැන වගක් නැත. එම හඬපටවලට කිසිදු ආකාරයක සබඳතාවක් නැති අයටද එම කතාබහවල බලපෑමෙන් මිදීමට හැකි වී නැත.
මෙහිදී අමාරැවේ වැටී සිටින්නේ මාධ්‍යවේදීන්ය. අවශ්‍ය ප්‍රවෘත්ති සැකසීමේදී තමන්ට සමීප සබඳතා ඇති නිලධාරීන් පමණක් නොව ප්‍රවෘත්තියට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා කතා කළයුතු රජයේ නිලධාරීන් සහ වෙනත් පුද්ගලයන්ද කතා කිරීම ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුව වී තිබේ. තමන් අතර සිදුවන සංවාද පටිගත කෙරෙනු ඇති බවට පවතින බිය ඊට හේතු වී තිබේ. දුරකතනයෙන් සංවාදය ඇරඹෙත්ම පළමු ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ ඔබ මේ කතාකරන දේ රෙකෝඩ් කරනවාද?* යන්නයි. හඬපට එළියට පැමිණීමෙන් පසුව ඔවුන් බියකින් පසුවන බව හොඳින් හඳුනාගත හැකිය.
මේ අපකීර්තිමත් සිද්ධිය සමාජය තුළද කතිකාවක් ඇතිකර තිබේ. සංවාදයේ යෙදෙන්නාගේ කැමැත්තකින් තොරව පෞද්ගලික දුරකතන සංවාද පටිගත කරන්නන්ට එරෙහිව නඩු පැවරිය හැකි වන සේ නීති සංශෝධනය සිදුවිය යුත්තේ කෙසේද යන්න එයට මාතෘකාව වී තිබේ.
මේ අතර මීළඟට හෙළිවන හඬපටයේ පැටලෙන්නේ කවුදැයි යන්න පිළිබඳ විවිධ කටකතා පැතිරෙයි. රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද විනාඩි 30ක ආවේගශීලී කතාවේදී විශාල පිරිසක් සමඟ සිදුකළ කතා රාශියක් පටිගත කර ඇති බව ප්‍රකාශ කළේය. තමන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර වූ සංවාදයක්ද ඒ අතර ඇති බවටත් ඔහු කීය. ඒ හඩපට බාරදීමට ඔහු පොරොන්දු වුවද ඒ එකක්වත් ඔහු බාරදී නැත.
ඉකුත් සතියේ සිකුරාදා (24) කතානායක කරැ ජයසූරිය ප්‍රකාශ කර තිබුණේ සභාගත කිරීම සඳහා කිසිදු හඬපටයක් රන්ජන් රාමනායක විසින් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට බාර දී නැති බවය. මම දන්නේ නෑ මගේ කතාත් පටිගත කරලද කියලා. නමුත් මම සාමාන්‍යයෙන් වැඩිය කතා කරන කෙනෙක් නොවෙයි. ඒවා පටිගත වෙලා තිබුණත් මම හිතන්නේ නෑ ඒක වැඩක් ඇති දෙයක් කියලා යැයි කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි.
- සන්ඩේ ටයිම්ස්
කොරෝනා නිසා සංචාරක ව්‍යාපාරය අවදානමේ
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානියෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කෙරෙනු ඇත. පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය යන්තම් හිස ඔසවමින් තිබිණි. සංස්කෘතික ත්‍රිකෝණ හෝටල්කරැවන්ගේ සංගමයේ සභාපති සාලිය දයානන්ද සඳහන් කළේ චීන සංචාරකයන්ගේ පැමිණීම මේ වේලාවේදී නවතිනු ඇති බවය.
මේ අභියෝගයට මුහුණ දීමට අපේ කාර්ය මණ්ඩල සූදානම්. ප්‍රශ්නය වෙලා තිබෙන්නේ වෙනත් රටවලින් එන සංචාරකයන් චීන සංචාරකයන් සමඟ එකට සිටීමට අකැමැති වීමයි. චීන සංචාරකයන් හැකිතරම් මගහැරීමට ඔවුන් උත්සාහ කරනවා* ඔහු කීය.
ඔහුගේ විශ්වාසය වන්නේ චීන සංචාරකයන්ගේ පැමිණීම අඩාල වනු ඇති බවය. ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා දෙවැනියට වැඩියෙන්ම පැමිණෙන්නේ චීනයෙනි. ඔවුන්ගේ නොපැමිණීම සංචාරක ව්‍යාපාරයට බරපතළ පහරකි. වසරකට ලොව පුරා චීන ජාතිකයන් මිලියන 160ක් සංචාරයේ යෙදෙන අතර එය එක රටකින් සංචාරය කරන වැඩිම සංඛ්‍යාවය. මේ අතරින් ලක්ෂ 3ක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙති. කොරෝනා වෛරසයේ බලපෑම මුළු ලොවේම සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇති කරනු ඇත.
මීට පෙර නීපා, සාර්ස්, මර්ස්, ඉබෝලා සහ එච්1එන්1 වෛරස පැතිර ගිය අවස්ථාවලදී ඒ ඒ රටවල් සෞඛ්‍ය අධිකාරි සමඟ එක් වී ඒවා මැඩ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකියාව ලැබිණි. චීන මාධ්‍ය පවසන්නේ මේ අවස්ථාවේදීද කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට චීනයට ශක්තිය ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බවය.
- ඩේලි මිරර්
ඉන්දියාවට සහතිකයක් අවශ්‍ය වෙලා
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ශ්‍රී ලංකාවේ පසුගියදා සිදුකළ සංචාරය ද්විපාර්ශ්වික වශයෙන් දෙරට අතර ඇතිවූ එකඟතා එලෙසින් ක්‍රියාත්මක කරනු දැකීමට ඉන්දියාවේ තිබෙන අවශ්‍යතාව අවධාරණය කිරීමක් වශයෙන් සඳහන් වෙයි. පසුගිය වසර පහක කාලය තුළදී දෙරට තුළම දේශපාලන උවමනාව තිබුණද ද්විපාර්ශ්වික ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම ඊට හේතුවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණයෙන් පසුව ප්‍රථම විදේශ සංචාරය සඳහා තෝරාගනු ලැබුවේ ඉන්දියාවයි. දොවාල්ගේ සංචාරය එහිදී ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම පිළිබඳ පසු විපරමකි. ඔහු මූලික වශයෙන් සාකච්ඡා පැවැත්වූයේ ඉන්දියාව විසින් පොරොන්දු වූ අමෙරිකන් ඩොලර් මිලියන 50 ආරක්ෂක සම්මුතිය පිළිබඳවය.
මේ අතර ලබන 07 වැනිදා සිට දින තුනක සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යාමට නියමිතය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ලබාදුන් අමෙරිකන් ඩොලර් මිලියන 450 ණය සහනය යටතේ සිදුකිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී සාකච්ඡා පවත්වනු ඇත.
- ඩේලි මිරර්