2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

ජනපතිගේ පැමිණීමෙන් ඩෙංගු සහකරුවන්ගේ ලෙඩ හොඳවෙයි

කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණ, විරෝධතා රැලි හේතුවෙන් නගරය තුළ මහමග සිදුවන තදබදය අඩු කිරීමේ පියවරක් වශයෙන් පළමුවරට වෙන්කරන ලද  උද්ඝේෂණ ස්ථානයට පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හදිසියේම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රැකියාවලට බඳවා ගනු ලැබ සිටින ඩෙංගු මර්දන සහකරැවන් පිරිසක් එහි ඒ වනවිට උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ. තම රැකියා ස්ථීර කර දෙන්නැයි ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබිණි. 2017 වසරේ සිට තමන් සහකරුවන් වශයෙන් රැකියාව කරමින් සිටියද මේ දක්වා ස්ථීර කර නැතැයිද තමන්ට ස්ථීර රැකියා ලබාදෙන්නැයි කළ ඉල්ලීම්වලට බලාධිකාරීන්ගෙන් කිසිම පිළිතුරක් නැතැයිද ඔවුහු චෝදනා කළහ.

ගාලු මුවදොර ආසන්නයේ පිහිටුවා තිබෙන උද්ඝෝෂණ ස්ථානයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රීතිමත් ප්‍රතිචාර මැද පිළිගැනීමට එම උද්ඝෝෂණකරුවෝ ක්‍රියා කළහ. ඩෙංගු මර්දන සහකරුවන් 1300ක් දෙනා බහු-කාර්ය සංවර්ධන බලකායට අනුයුක්ත කරගන්නා බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන එම බලකාය හරහා රැකියා අවස්ථා ලක්ෂයක් උත්පාදනය කිරීමට නියමිතය.

එහෙත් පාර්ලිමේන්තුව තුළදී විපක්ෂයේ යූ.එන්.පී. මන්ත්‍රීවරයෙක් මේ ස්ථානය ගැන ප්‍රශ්නයක් යොමුකර තිබුණේ එක් යුගයක ප්‍රබල වෘත්තීය සමිති නායකයකු වූ වත්මන් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතාටය. උද්ඝෝෂණකරුවන් එක් නිශ්චිත තැනක ස්ථානගත කිරීමට සැලැස්වීම ඔවුන්ගේ ඉල්ලීම් මගහැරීමට හොඳම ක්‍රියාමාර්ගයක් නොවේද යනුවෙන් ඇසූ එම ප්‍රශ්නයට වාසුදේවගේ පිළිතුර වූයේ දැඩි නිහඬ බවක් පමණි.

- සන්ඩේ ටයිම්ස්

ජාතික ගැටලුව විසඳීමට උනන්දුව මදි: සම්පන්දන් යුරෝපයට කියයි

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිස පසුගිය බදාදා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් හමුවිය. එහිදී ජාතික ගැටලුව සඳහා වන දේශපාලන විසඳුමක් සොයා ක්‍රියාත්මක වන දීර්ඝකාලීන වැඩපිළිවෙළ පිළිබඳ සම්පන්දන් මහතා එම දූත පිරිසට කරැණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකා රජය, යුරෝපා සංගමය, ඉන්දියාව, එක්සත් ජාතීන් ඇතුළු සෙසු ජාත්‍යන්තර ප්‍රජාව ඒ වෙනුවෙන් ලබාදී ඇති පොරොන්දු ඔහු උපුටා දැක්වීය.

ශ්‍රී ලංකා රජය තම පොරොන්දු ඉටුකිරීමට කටයුතු කර නැතැයිද පැවසූ සම්පන්දන් මහතා එල්.ටී.ටී.ඊ. ය මුළුමනින්ම උපුටා දමා තිබීම හේතුවෙන් එම පොරොන්දු අතහැර දැමීමට හැකියාවක් නැතැයිද පෙන්වා දී තිබිණි. අපේ සටන දෙමළ ජනතාව වෙනුවෙනුයි. එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් නොවෙයි. එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ ආණ්ඩු බලය පවත්වා ගැනීම සඳහා දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල ඉල්ලීම්වලට ගරැ කළ යුතුයි* යැයි සම්පන්දන් කීය. ජාත්‍යන්තර ප්‍රජාව නිහඬව සිටීම අදාළ පොරොන්දු මගහැරීම සඳහා ආණ්ඩුවට අවස්ථාව සලසා දීමක් බවද ඔහු කියා තිබිණි.

සම්පන්දන් මහතා යුරෝපා සංගම් දූත පිරිසට දැනුම් දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව ආණ්ඩුව මගින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට වගබලා ගන්නා ලෙසයි. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශන කටයුතු සිදුකර සත්‍ය සොයාගත යුතු බවත් එම සත්‍ය තොරතුරැ දැනගැනීමට තම ජනතාවට අයිතියක් ඇතිබවත් ඔහු කියා තිබිණි.

යුරෝපා සංගම් දූත පිරිසේ ප්‍රධානියා වන්නේ ආසියා පැසිෆික් නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පාබ්ලා පැම්පලෝනි නිලධාරිනියයි.

- ඩේලි එෆ්.ටී.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00