රාජ්‍ය බැංකු මහා කළමනාකාර තනතුරුවලට රතු එළි
රාජ්‍ය බැංකුවල සාමාන්‍යාධිකාරීවරුන්ගේ වෙනසක් ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයි කසුකුසුවක් පවතී. ආර්ථික වර්ධනයට ඉදිරි පිම්මක් ගනිමින් පෞද්ගලික අංශයට ද සහාය දැක්වීම සඳහා නව රජය මගින් බැංකු ක්ෂේත්‍රය යළි බලගැන්වීමේ පියවරක් වශයෙන් මෙය හැඳින්වෙයි. විශේෂයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම ද අරමුණු කර තිබේ.
රාජ්‍ය බැංකු අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ පාලනය වේ. මීට අදාළ කැබිනට් තීන්දුව පසුගිය සතියේ කැබිනට් රුස්වීමේ දී ගනු ලැබීය.
දැනගන්නට තිබෙන පරිදි රාජ්‍ය බැංකුවල සිටින ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව රජය සිටින්නේ අසතුටකිනි. ඒ සඳහා විසඳුම හැටියට එම සාමාන්‍යාධිකාරීවරැන් වෙනුවට වැඩි ජවයකින් වැඩ කළ හැකි නිලධාරීන් පත් කළ යුතු යැයි ආණ්ඩුව සිතන බව පෙනී යයි. ඒ සඳහා වෘත්තීය සමිති ප්‍රතිචාරය තවම පැහැදිලි නැත.
වඩාත් කතාබහට ලක්වී තිබෙන්නේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සිදුවීමට නියමිත මාරැකිරීම් සම්බන්ධයෙනි. එම බැංකු දෙකේම අදාළ තනතුරැ දරන්නේ වෘත්තීය බැංකු නිලධාරීන්ය. ලංකා බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරී ධූරය දරන්නේ සෙනරත් බණ්ඩාර මහතාය. 2018 වසරේ පෙබරවාරි මාසයේ දී එකී තනතුරට පත් කරනු ලැබූ බණ්ඩාර මහතා ලංකා බැංකුවේ සේවයට බැඳී ඇත්තේ 1990 වසරේ දී කළමනාකරණ පුහුණු නිලධාරියකු වශයෙනි. ඔහු 2012 මාර්තුවේ දී ආයතනික කළමනාකරුවකු වශයෙන් පත් කරනු ලැබීය. 2008 ජනවාරියේ පටන් විධායක කළමනාකාරීත්වයේ කටයුතු කර ඇති බණ්ඩාර මහතා ව්‍යාපාර ක්ෂේත්‍ර භාර සහකාර සාමාන්‍යාධිකාරී ධූරය ද විදෙස් ශාඛා මෙහෙයුම්, ජාත්‍යන්තර බැංකුකරණය, ආයතනික සම්බන්ධතා සහ සීමාසහිත ලංකා බැංකු (මහා බ්‍රිතාන්‍ය) ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ද සේවය කර තිබේ. පසුගිය සතිය ආරම්භයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුව නිවේදනය කළේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් දමිතා කුමාරි රත්නායක පත් කරන ලද බවයි. එම බැංකුවේ වසර 30ක කාලයක් එම බැංකුව සමඟ රැඳී සිටි එස්.ඩී.එන්. පෙරේරා මහතා වෙනුවට එම පත් කිරීම සිදුවිය. රත්නායක මහත්මිය ද මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින නිලධාරිනියක වන අතර මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ වසර 10කට අධික කාලයක් සේවය කර තිබේ.
ඩේලි එෆ්.ටී. එන්න කියා එපාකීම සහ පෙන්ෂන් එක
ඉකුත් සතියේ සිකුරාදා (21) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇරියුමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවා භෝජන සංග්‍රහයකට සහභාගි විය. ජනාධිපති ලේකම් කාර්යාල උත්සව ශාලාවේ දී එය පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා සාර්ථකව අවසන් වීම එයට නිමිත්ත වී තිබිණි.
දෙදෙනාම නිර්මාංශය. භෝජන සංග්‍රහයට විවිධ වර්ගයේ ආහාර සූදානම්ව තිබිණි. නිර්මාංශ අය සඳහා මෙන්ම එසේ නොවන අය සඳහා ද ආහාර එහි විය. සංග්‍රහය භුක්ති විඳි පිරිසෙන් වැඩි දෙනෙක් බෙදාගෙන තිබුණේ හුම්මුස් (ලෙමන් ජූස් සහ සුදුලූනු සමඟ මිශ්‍ර කළ කඩල තලප) සහ ඇරබික් බ්‍රෙඩ්ය. සෙසු පිරිස වෙනත් සැලඩ් වර්ග සොයා ගියහ.
වත්මන් සහ හිටපු ජනාධිපතිවරැන් දෙදෙනා සමඟ එකම මේසයේ බැසිල් රාජපක්ෂ ද අසුන්ගෙන සිටියේය. භෝජන සංග්‍රහය මැද සිදුවූ කතාබහට විහිළු තහළුවෙන් කියූ විවේචනාත්මක සිද්ධීන් ද ඇතුළත්ව තිබිණි. ඒ එක් අවස්ථාවක මාතෘකාව වූයේ හිටපු ජනාධිපති සිරිසේන මහතා 2015 දී පත් කරගත් පළමු ලේකම් වූ පී.බී. අබේකෝන් මහතාය.
ඒ 2015 ජනවාරි 09 වැනිදා අලුයම 4.30ට පමණ විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වන බව පැහැදිලි විය. අරලියගහ මැඳුරේ මහින්ද මහතා රුඳී සිටි අතර අබේකෝන් මහතා ද සිටියේ එතැනය. උදෑසන 6.00 වන විට අබේකෝන් මහතා කලබලයේම අරලියගහ මැඳුරෙන් පිටවිය.
ඊළඟට අපට අහන්න ලැබුණේ යනුවෙන් බැසිල් කතාව ඇරඹීය.
ඔබ (සිරිසේන මහතා දෙසට ඇඟිල්ල දිගු කරමින්) ඔහු ජනාධිපති ලේකම් හැටියට පත් කළ බවයි. දේශපාලනයේ දී අපි අහලා තියෙනවා අසාමාන්‍ය මිනිස්සු ගැන යැයි ද බැසිල් කීය. සිරිසේන මහතා සිනහසෙමින් හිස වැනුවේ එය අනුමත කරන ආකාරයකිනි. මේකෙන් කියන දේ - හරි වැඩේට හරි මිනිහා තෝරාගන්න ඕනෑ යන්නයි.
ජනාධිපති ගෝඨාභය ද මේ කතාවට සම්බන්ධ විය. අබේකෝන් මහතාගේ පුතාගේ විවාහ මංගල්‍යය සඳහා වෙනත් පාර්ශ්වයකින් තමන්ට ආරාධනාවක් ලැබුණු හැටි ඔහු කීය. ඔවුන් ආයාචනා කර තිබුණේ තමන්ගේ පියා පැත්ත මාරුකිරීම ගැන සැලකිල්ලට නොගන්නැයි ඉල්ලීමක්ද කරමිනි. මම ඒක ගැන කොහෙත්ම හිතුවෙ නෑ. මම ඒ ආරාධනාව එකහෙළාම බාරගත්තා. ඒක සමාජ අවශ්‍යතාවක්නෙ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ටික දිනකට පසු තමන්ට ඉතා ඉක්මනින් හමුවීමට වේලාවක් ඉල්ලා අබේකෝන් මහතාගෙන් පණිවුඩයක් ලැබුණු බවද ජනාධිපතිවරයා කීය. ඔහු එම වේලාව ලබා දී තිබිණි.
එයා මට කියපු දේ අහලා මම ෂොක් වුණා. ඔහු කිව්වා මම දන්නවා මගේ පුතාගේ මංගල්‍යයට ඔබතුමාට ආරාධනා කර ඇති බව. කරැණාකරලා එන්න එපා. කියලා. මේක මගේ ජීවිතේ මට වෙඩින් එකකට එන්න කියලා ආරාධනා කරලා ඊටපස්සේ මට එන්න එපා කියූ පළමු අවස්ථාව. ජනාධිපතිවරයා එසේ කියන විට සියලු දෙනා සිනාසුණාහ. ඔහු තවදුරටත් මෙසේ කීය. මගේ පෙන්ෂන් එක ප්‍රමාද වෙවී තිබුණා. ඉතින් මම මිස්ට අබේකෝන්ට කතා කළා. ඒ වෙලාවෙ ඔහු කිව්වා ඒ ලියැවිලි ඔක්කොම තාමත් සිරිසේන ජනාධිපතිතුමාගෙ ලාච්චුවේ කියලා. ඊට පස්සෙත් අවස්ථා ගාණකදීම මම කතා කළත් ලැබුණේ ඔය උත්තරේමයි. මම පස්සේ දවසක චීනයේ සම්මන්ත්‍රණයකට ගිය වෙලාවක ඒ කාලයේ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි හම්බවුණා. මගේ පෙන්ෂන් එක ගන්න ගිහින් අහගත්ත දේ ඔහුටත් දැනුම් දුන්නා.
පසුව ගෝඨාභය මහතා කොළඹට පැමිණීමෙන් පසුව ඔහුට දැනුම් දී තිබුණේ කරුණාසේන මහතා සියලු ලියැකියවිලි සකස්කොට අවශ්‍ය සියලු දේ සිදුකර තිබූ බවයි. මට පෙන්ෂන් එක ලැබෙන්න පටන් ගත්තා. ඔහු කීය.
මෙම දිවා භෝජන සංග්‍රහයට ලලිත් වීරතුංග සහ පී.බී. ජයසුන්දර මහත්වරැ ජනාධිපති පාර්ශ්වයෙන් ද නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් ද සහභාගි වී සිටියහ.
සන්ඩේ ටයිම්ස්