- නේස්බි සාමි
2020 මහ මැතිවරණයේ ප්‍රතිඵලය මෙතෙක් ශ්‍රී ලංකාව අත්නොවිඳි මහා විශාල වෙනසක් පිළිබඳව ප්‍රබල සංඥාවක් ලබා දී ඇතැයි බ්‍රිතාන්‍ය කොන්සර්වැටිව් පාක්ෂිකයකු වන නේස්බි සාමිවරයා පවසයි. ශ්‍රී ලංකාවට හිතවත් බ්‍රිතාන්‍ය දේශපාලනඥයකු වන නේස්බි සාමිවරයා එක්සත් රාජධානියේ ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සමස්ත දේශපාලන පක්ෂ කණ්ඩායම් සභාපතිවරයා ද වෙයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පාර්ලිමේන්තු සගයන්ට සුබ පතමින් සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිඵලය මගින් ඉතිහාසයට යවා ඇති පැරණි එජාපය සහ ශ්‍රීලනිපය වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය ස්ථාපිත වී ඇති බවය. “මෙය ශ්‍රී ලංකාවට නව උදාවක්. අවසානයේ ස්වාධීන දෙමළ ඊළම් බලවේගයක් පිළිබඳ අදහසට සමුදෙමින් නව යුගයක් උදාකර ගැනීමට රටට අලුත් අවස්ථාවක් උදා වී තිබෙනවා.” යැයි ද ඔහු කියයි.
නේස්බි සාමි තවදුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ දැන් පවතින මානසිකත්වය තේරැම් ගැනීමට බටහිර රටවලට කාලය එළඹ තිබෙන බවය. බටහිර හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම සඳහා හැම පැත්තකින්ම පෙන්වා තිබෙන ඕනෑකම ඔවුන් තේරැම්ගත යුතු බවද ඔහු සඳහන් කරයි.
“මෙය කවදාවත් ශ්‍රී ලංකාව තුළ නුදුටු විශාල වෙනසක්. මා එය පිළිගන්නා කෙනෙක්. බ්‍රිතාන්‍ය රජය සහ බ්‍රිතාන්‍ය ඇතුළු වෙනත් ස්ථානවල සිටින දෙමළ ඩයස්පෝරාවේ සියලු පාර්ශ්ව එය පිළිගත යුතු වෙනවා* යැයි ද ඔහු පවසයි.
සන්ඩේ ටයිම්ස්
අවලංගු ඡන්ද 5%කට ආසන්නයි
මීට පෙර පැවැති මහ මැතිවරණවලට වඩා පසුගිය 5 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප වීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ඉහළ අගයක් ගෙන තිබීම කතාබහට ලක්ව තිබේ. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව වශයෙන් 744,373ක් වාර්තා වී තිබූ අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් 4.8%කි. පෙර පැවැති මැතිවරණවලදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගෙන ඇති බැවින් මේ තත්ත්වය ඇතැම් මැතිවරණ නිරීක්ෂකයන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
මෙලෙස ඡන්දය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹීමට එක් හේතුවක් වශයෙන් ඔවුන්ගෙන් ඇතැම් දෙනා ප්‍රකාශ කර ඇත්තේ යූ.එන්.පී. ඡන්දදායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් එම පක්ෂය තුළ පැවැති බල අරගලය හේතුවෙන් කැළඹීමටත් අවුලටත් පත්ව සිටීම බවය. කෙසේ වුවද ප්‍රතික්ෂේපිත ඡන්ද අතර යූ.එන්.පී. ඡන්දදායකයන් බහුතරයක් විය හැකි බවට නම් සැකයක් නැත. පොහොට්ටුවට සහ ශ්‍රීලනිපයට සහාය දැක්වූ ඡන්දදායකයන් අතුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොගිය අයකු නොසිටි තරම්ය. එසේ ගිය කිසිවකු අතින් හෝ ඡන්දය ප්‍රතික්ෂේප වී ඇත්නම් එය තමන් විසින්ම සිදු කරන ලද අත්වැරැද්දක් හේතුවෙන් මිස සිතාමතා සිදු නොකළ ඒවා බව පැහැදිලිය. එහෙත් යූ.එන්.පියේ බල අරගලය හේතුවෙන් ඡන්දය භාවිත කිරීම එපා වී සිටි ඡන්දදායකයන් නම් තම ඡන්දය කුරුටු ගා දැමීමට වැඩි ඉඩකඩක් තිබූ බවට සැකයක් නැත.
එසේම ඡන්දය නොදුන් සංඛ්‍යාව ද වෙනත් මහ මැතිවරණවලට සාපේක්ෂව මෙවර ඉහළ අගයක් ගෙන තිබේ. මේ සංඛ්‍යා දෙකම එකතු කළ විට එය ලක්ෂ 39කට ආසන්නය.
උගතුන් පැත්තකට කළැයි
සජබ රජයට චෝදනා කරයි
රටේ ජනතාව විසින් තමන්ට ලබාදෙන ලද තුනෙන් දෙකේ ජනවරමට ආණ්ඩුව පස්ස හරවා ඇතැයි සමගි ජනබලවේගය පසුගිය බ්‍රහස්පතින්දා (14) චෝදනා කළේය. පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු අතරේ බලය බෙදාගැනීමෙන් සහ බුද්ධිමතුන් පසෙකට කර තැබීමෙන් ආණ්ඩුව එය පෙන්වා ඇතැයි ද කියයි.
සමගි ජනබලවේගයේ ප්‍රකාශකයකු වන හරීන් ප්‍රනාන්දු එදින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ චෝදනා කිරීම සිදු කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (වියත් මග) සංවිධානයේ උගතුන් බලයට පත් කිරීමට ජනතාව තම ඡන්දය භාවිත කර තිබුණත් එහි එකම සාමාජිකයකුට හෝ කැබිනට් ඇමැතිකමක් ලබා දී නැතැයි ද හරීන් ප්‍රනාන්දු කියා තිබිණි.
“මේකද ඡන්දය ලබාදුන් ජනතාව බලාපොරොත්තු වූ වෙනස? ආරක්ෂක, මුදල්, වාරිමාර්ග සහ තවත් අමාත්‍යාංශ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු අතරේ බෙදාගෙන තිබෙනවා. ඒක ජනතාව තමන්ට ලබාදුන් ජනවරමට රාජපක්ෂවරැන් විසින් සිදු කරන රැවටීමක්” යැයි ද ඔහු සඳහන් කළේය. (වියත් මග) සාමාජිකයන්ට ලබා දී ඇත්තේ දෙවැනි පෙළේ රාජ්‍ය ඇමැති පදවි පමණක් බවත් ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනතාව තමන්ට ලබාදුන් ජනවරමට ගරැ කරනවා නම් දූෂණ චෝදනා තිබෙන පරණ මුහුණුම ඇයි කැබිනට් එකට පත් කරන්නේ යැයි ප්‍රශ්න කළ හරීන් පත් කළ කැබිනට් ඇමැතිවරුන් විශාල සංඛ්‍යාවකට එරෙහිව දූෂණ චෝදනා ද බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා ද එල්ල වී තිබෙන බවත් ඔහු කීය.
කෙසේ වුවද ජනමතයට ගරු කරමින් නව රජයට තැන්පත් වී වැඩ ඇරඹීමට මාස කිහිපයක් ලබා දීමට සමගි ජනබලවේගය ක්‍රියා කරන බවද එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන ක්‍රියා හෝ අක්‍රමිකතා සිදු කිරීමට හෝ සිදුවීමට ඉඩ නොතබන බවද හරීන් ප්‍රකාශ කළේය.
ඩේලි එෆ්.ටී.