මේ වෙනකොට රට ඉතාම තීරණාත්මක මොහොතකට ඇවිත් තියෙන්නේ. වර්තමානයේ ඇතිවෙලා තියෙන වසංගත තත්ත්වයක් එක්ක ආණ්ඩුවට වගේම ජනතාවට විශාල අභියෝගයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ වගේම විපක්ෂයටත් මේ වසංගත තත්ත්වය අභියෝගයක් වෙලා ඇති. ඔබලාට මොන ආකාරයෙන්ද ඒ අභියෝගය එල්ල වෙලා තියෙන්නේ?
ඇත්තටම අපිට තිබෙන අභියෝගයට වඩා අපි තේරුම් ගන්න ඕන ජනතාවට තිබෙන අභියෝගය ගැන. මෙම වසංගතය රටට ඇතුළු වෙන්න කලින් ඉඳලම අපි ආණ්ඩුවට කිව්වා රට වහලා අවශ්‍ය මුහුණු ආවරණ ගේන්න කියලා. මොකද මේක දූපත් රටක් නිසා අනිවාර්යෙන්ම එළියෙන් තමයි වසංගතය ඇතුළට එන්න තියෙන්නෙ. හැබැයි ආණ්ඩුව ඒක ඇහුවේ නෑ. ආණ්ඩුව ඒ වෙනුවට කළේ පැණිය ප්‍රවර්ධනය කරපු එක. එනිසාම අපි කිව්වා ඉක්මනින් එන්නත්කරණය ආරම්භ කරන්න කියලා, අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙනල්ලා. අපි කිව්වේ පැණිය වෙනුවට විද්‍යාව පිළිගන්න කියලා. අපි ඊට පස්සේ විරැද්ධ වුණා විදේශිකයෝ නැවත ලංකාවට ගේන එක ගැන. ඒත් විදෙස් ඇමැතිතුමා කිව්වේ ඒ එන අයව ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරනවා කියලා. නමුත් වර්තමාන තත්ත්වය ඇතිවන තෙක්ම ආණ්ඩුව කිසිම සූදානමක් මේ කොවිඩ් වසංගතය ගැන තිබ්බෙ නෑ.
• මම අහන්නේ ඇත්තටම විපක්ෂයට මේ වසංගතය අභියෝගයක් වෙලා නැද්ද?
මම දෙයක් කියන්නම්. ඇත්තටම අපි සතුටු වෙනවා මේ ආණ්ඩුව මිත්‍යාව අත්හැරලා විද්‍යාව තෝරාගත් එක ගැන. ඒ එන්නත්කරණයට යොමුවීම ගැන. ඔබ අහපු දේට උත්තරයක් දෙනව නම් අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ජනතාව මේ වසංගත තත්ත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව හරි පැත්තට තල්ලු කරන එක. අද තත්ත්වය ගත්තොත් ලංකාවේ ජනගහන අනුපාතයට වඩා මිනිස්සු මැරෙන්න පටන් අරන් තිබෙනවා. රෝගීන් හමුවෙන්න පටන් අරන් තියෙනවා. ඒක ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවල්වලට වඩා වැඩියි. ඒ නිසා අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේ ආණ්ඩුව පිස්සු කෙලින එක නවත්තලා හරි මඟට ගන්න එක.
• ඔබ කියනවා ආණ්ඩුව විපක්ෂයයේ හඬට සවන් දුන්නේ නෑ කියලා. තව පැත්තකින් කියනවා විපක්ෂයේ අභියෝගය ආණ්ඩුව හරි මගට තල්ලු කිරීම කියලා. ඉතින් ආණ්ඩුව දැන්වත් විපක්ෂයේ හඬට සවන් දෙයි කියලා හිතනවද?
ආණ්ඩුව දැනටත් විපක්ෂයට සවන් දෙන්නෙ නෑ. විපක්ෂයේ හඬට ආණ්ඩුව සවන් නොදෙන්නේ, ආණ්ඩුවේ ලොකු උද්දච්චකමක් තිබෙන නිසයි. ආණ්ඩුව හිතනවා විපක්ෂයේ හඬට සවන් නොදිය යුතුයි කියලා. මම දැක්කා ආණ්ඩුවේ සමහර ඇමතිවරැ පවා කියලා තියෙනවා ඇයි අපි විපක්ෂයට ඕන විදිහට වැඩක් කරන්නේ කියලා. ඇත්තම කතාව මේක මේ අපේ ප්‍රශ්නයක්වත් ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේක රටේ දුප්පත් ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසයි අපි විපක්ෂයක් හැටියට ජනතාව වෙනුවෙන් ආණ්ඩුව නිවැරදි මාවතට තල්ලු කරන්න දැඩි පීඩනයක් දෙන්නෙ.
• මේ වෙනකොට රටේ කොවිඩ් හතරවන රැල්ල ආරම්භ වෙලා තියෙන්නේ මේ උද්ඝෝෂණ නිසා කියලා ජනාධිපතිවරයා පසුගිය දවසක කිව්වා. එහෙනම් රටේ වර්තමාන තත්ත්වයට විපක්ෂයත් වගකියන්න ඕනේ කියලා ජනතාවට හිතෙන්න පුළුවන් නේද?
ඇත්තටම ආණ්ඩුව පිස්සු කෙළිය එක ගැන නෙමෙයි මේ වෙලාවේ කතාවෙන්නේ. තුන්වැනි රුල්ල ඇතිවුණේ ආණ්ඩුවේ වරදින්. හතරවැනි රුල්ල ඇතිවුණෙත් ආණ්ඩුවේ වරදින්. විශේෂඥයෝ කියන කිසිම දෙයක් ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. ආණ්ඩුව කරන්න යන්නේ මේ වගේ බොරු ප්‍රශ්න විපක්ෂයට දාලා ජනතා අපවාදයෙන් ගැලවෙන්න හදනවා. ඇත්තටම ජනතාවගේ ප්‍රශ්න ආණ්ඩුව අමතක කරලා තියෙන්නේ. ජනතාවට එක පැත්තකින් කන්න නැහැ. තවත් පැත්තකින් ආර්ථික අවුල් මැද ජීවත් වෙන්නේ. පොහොර නෑ. ගෑස් නෑ. මේ හැමදේම ආණ්ඩුව අමතක කරන්න තමයි විපක්ෂයට චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම දෙයක් කියන්න ඕනේ. ආණ්ඩුව ජනතාව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් අරගල කරන එක විපක්ෂයේ වගකීමක්. මොකද ජනතාව වෙනුවෙන් අපි පෙනී ඉන්නේ.
• පසුගිය කාලයේ ලොකුම ප්‍රශ්නයක් තමයි ගුරැ අරගලය. ඒ සම්බන්ධයෙන් කට්ටිය නොයෙකුත් කතා කියනවා. ඔබ ඒ ගැන දකින්නේ මොන වගේ දෙයක්ද?
ගුරු අරගලයට ආණ්ඩුව කිසිම වෙලාවක නිවැරදි පිළිතුරක් ලබාදෙන්න ඉදිරිපත් වුණේ නෑ. ඔවුන් ඉල්ලුවේ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට හිමි ගුරු වැටුප. ඇත්තටම ගුරු අරගලය මේ තරම් දුර ඇදගෙන ආවෙ ආණ්ඩුව විසින්.
• හැබැයි ආණ්ඩුව කියන්නේ මේ වෙලාවේ ගුරු අරගලය සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වාතාවරණයක් රට තුළ නෑ කියලා. විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න හමුවේ ආණ්ඩුව අසරණයි. ඒක තමයි ආණ්ඩුවේ පිළිතුර?
දැන් ගුරැවරැ කොයි හරි තැනක කියලා තියෙනවද ගුරු වැටුප් ඒ වෙලාවෙම ඕනේ කියලා. ඔවුන් ඉල්ලන්නේ යම් ස්ථිර විසඳුමක්. ආණ්ඩුව ඒක නොදී කල්මරන නිසා තමයි මේ තත්ත්වය ඇතිවුණේ. ගුරුවරු කියන්නේ ලබාදෙන නිශ්චිත තීන්දුව කියන්න කියලා. ආණ්ඩුව ඒක කියන්නේ නෑ. විසඳුමක් නැතුව දෙන්නං කාසිවලට වැඩකරන සිරිතක් නෑනේ. ඇත්තම කතාව මේ ආණ්ඩුව ගැන කිසිම කෙනෙක්ට විශ්වාසයක් නෑ. මේ ආණ්ඩුව දුවන්නේ ප්‍රෝඩාවෙනුයි, වංචාවෙනුයි.
• ආණ්ඩුව කියන්නේ මේවා දේශපාලන ගේම් කියලා?
ඔයා බලන්න ඔය ගුරැවරැ බහුතරයක් මේ ආණ්ඩුව පිහිටුවන්න ඡන්දෙ දුන්න අය. මොකද අපිට තැපැල් ඡන්ද සියයට හැත්තෑවක්වත් ලැබුණේ නෑ. ඒ නිසා ඔය ගුරැවරැ බහුතරයක් මේ ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ලබාදුන්න මිනිස්සු.
• ඇත්තම කතාව කිව්වොත් ආණ්ඩුව කියන්නේ මේ ගුරැ අරගලය විපක්ෂයේ උසිගැන්වීම් මත සිදුවෙන බව. ඔබ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ඇත්තටම ඔබලද මේ උද්ඝෝෂණ රුල්ල පිටිපස්සේ ඉන්නේ?
අනේ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තටම අපි ඒ ගැන සතුටු වෙනවා.
• ඔබ කියන්න ආණ්ඩුව මේ වසංගත තත්ත්වයෙනුත් අනෙකුත් ප්‍රශ්නවලිනුත් ගොඩ එන්න ඉක්මනින්ම ගතයුතු ක්‍රියාමාර්ගය මොකක්ද?
ඇත්තටම මේ වෙලාවේ පේන එකම සහ කෙටිම විසඳුම එන්නත්කරණය. මේ වෙනකොට පළවෙනි එන්නත වගේම දෙවැනි එන්නත ලබාගත් පිරිසක් ඉන්නවා. ඒකෙන් පළවෙනි එන්නත විතරක් ගත්ත අය වගේම දෙවැනි එන්නත ලබාගත්ත අයටත් රෝගය වැළඳීමේ ඉඩකඩ තියෙනවා. හැබැයි බරපතළ තත්ත්වය ඇති වෙන්නේ එන්නත ලබානොගත් සහ එක මාත්‍රාවක් පමණක් ලබාගත්ත අය. ඒ වගේම එන්නත් දෙකම අරගෙන ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්න සති දෙකක කාලයකුත් යනවා. එනිසා මම කියන්නේ එන්නත් ලබාදීලා අර සති දෙකක කාලය රට ලොක්ඩවුන් කරලා තිබ්බනං හරි. ලෝකයේ අනෙකුත් රටවල් ගත්තහම පළවෙනි එන්නත සහ දෙවැනි එන්නත ලබා ගත් පිරිස අතර පරතරය ඉතාම සුළු ප්‍රමාණයක්. හැබැයි අපේ රටේ මිලියන දහයක් පළවෙනි එන්නත ලබාගන්න කොට දෙවැනි එන්නත ලබාගෙන තියෙන්නෙ මිලියන දෙකක් වගේ සංඛ්‍යාවක්. ඉතින් ඒක එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මම කියන්නේ පූර්ණ එන්නත්කරණය සිදුවෙනකම් රට අඩුම තරමේ වහලා තියන්න ඕන.
• හැබැයි ආණ්ඩුවේ දත්ත අනුව පෙන්වා දෙන්නේ ලෝකයේ හොඳම එන්නත්කරණය සිදුවෙන්නේ අපේ රටේ කියලා?
ඔය කියන්නේ පළවෙනි එන්නත ලබාදුන්න එක ගැන වෙන්නැති. ඒත් ලෝකයේ වැඩියෙන්ම ඩෙල්ටා පැතිරෙන සහ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවෙන එකම රට ලංකාව කියලා කවුරැත් කියන්නේ නැහැ. ආණ්ඩුව ඇත්තටම වරද්ද ගත්තේ එයාලා නොවැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණය අපේක්ෂා කරමින්, වැඩකරපු නිසා. ඒක නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවුණේ.
• ඔබ කියන්නේ මේ වෙලාවේ හොඳම සහ කෙටිම විසඳුම රට වසා දමන එක කියලද?
මම නෙමෙයි. අපි දේශපාලඥයො. අපිට බෑ එහෙම තීරණය කරන්න. නමුත් මේ රටේ සෞඛ්‍ය විශේෂඥයෝ රට වහලා දාන්න කියලා කියනවා. ඔබ බලන්න දවස ගානේ මේ සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි ආණ්ඩුව ඒවා ගණන් ගන්නේ නෑ. මට එක වෙලාවකට හිතෙනවා ආණ්ඩුව ජනතාවගෙන් පළිගන්නවාද කියලා?
• ආණ්ඩුව ලක්ෂ හැට නමයක් ඡන්දය ලබාගත්ත බහුතර ආණ්ඩුවක්. එහෙව් ආණ්ඩුවක් මේ තරම්ම හිතාමතා වරද්ද ගනී කියලා ඔබ හිතනවද?
මෙහෙමනේ ඔරැවක හබලක් ගහන්න දන්නෙ නැති මිනිස්සුන්ට නැවක් භාර දුන්නම මොකද වෙන්නේ කියලා තේරෙනවානේ...
• ඔබ කියන්නේ ආණ්ඩුවට දැනුමක් නෑ කියලද? නැත්නම් මේ සම්බන්ධයෙන් ගානක් නෑ කියලාද?
ඥානාන්විතව කල්පනා කරන එකයි, උද්දච්චකමෙන් කල්පනා කරන එකයි දෙකක්. මාධ්‍යවේදියෙක් හැටියට ඔබටත් ඒක තේරෙනවා ඇතිනේ.
• විපක්ෂයේ බොහෝ අය චෝදනා කරනවා ආණ්ඩුව දැන් ජනතාවට දෙන දත්ත වැරදියි කියලා. ඇත්තටම මොන පදනමකින්ද එහෙම කියන්නේ?
බලන්නකෝ පහුගිය කාලේ ලබාදුන්න තොරතුරැ හරිද කියලා. මේ ආණ්ඩුව කට ඇරියොත් පට්ටපල් බොරැ කියන්නෙ. අපිට නෙමෙයි ඡන්දෙ දුන්න මිනිසුන්ට පවා මේ ආණ්ඩුව බොරැ කියන්නෙ කියලා තේරිලා තියෙන්නේ. කොවිඩ් මර්දන කමිටුවේ රුස්වීමක් තිබ්බාම හැමෝම &යස් සර්...* ගාන්න විතරයි දන්නෙ. විශේෂඥයෝ කිසිම කෙනෙක් අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. ඕනම තැනක සංවාදයක් නැතුව හොඳ නිෂ්පාදනයක් එළියට ගන්න බැහැ. මෙතැන තියෙන්නෙ හැමදෙයටම &යස් සර්...* ගාන ක්‍රමයක්.
• ඔබ හිතන්නේ කාර්ය සාධක බළකායට විපක්ෂයේ නියෝජනයක් අවශ්‍යයි කියලද?
නෑ එයාලා හිතන් ඉන්නවනේ එයාලාට හැමදේම පුළුවන් කියලා. හරි නම් මේ වගේ වෙලාවට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා හැමෝගෙම අදහස් ගන්න ඕන වෙලාවක්. නමුත් මෙයාලට ඕනේ අපි තමයි හොඳටම කළේ කියලා රටට පෙන්නලා තනි ගමනක් යන්න.
• ඔබලා යෝජනා කරනවා රට වසා දමන්න කියලා. හැබැයි ආණ්ඩුව කියන්නේ එහෙම වැහුවොත් රට ආර්ථික වශයෙන් කඩා වැටෙනවා කියලා. ඉතිං එහෙම තත්ත්වයක් තියන් රට වහන්නෙ කොහොමද?
ආර්ථිකය කොහොමත් කඩාවැටිලා තියෙන්නෙ. ප්‍රමුඛතාවයක් දන්නැති ආර්ථික කළමනාකරණයක් දන්නැති ආණ්ඩුව කොහොමත් ආර්ථිකය කඩා බිඳ දාලා ඉවරයි. දැන් රටට තියෙන ප්‍රශ්නය තමයි බඩගින්නෙ මැරෙනවද? නැත්තං කොවිඩ් හැදිලා මැරෙනවද? කියලා. ඔක්සිජන් නැති වුණොත් කන්න නැතුවට වඩා ඉක්මනින් මැරෙන්නේ.
• අඩුම ගානේ විපක්ෂ නායකතුමාට මේ සම්බන්ධයෙන් කතාකරල අදහස් හුවමාරු කරගන්න ආණ්ඩුව විසින් අවස්ථාවක් ලබාදීලම නැද්ද?
එහෙම අවස්ථාවක් ලබාදීලා නෑ. එකම තැන තමයි අපිට තියෙන්නෙ පාර්ලිමේන්තුව. අපි පාර්ලිමේන්තුවේ කියන්න ඕන හැමදේම කියලා තියෙන්නේ.
• ඔබට අනුව මෙරට මෙයාකාරයෙන් ගියොත් අනාගතයේ මොන වගේ තැනකට රට තල්ලු වෙයිද?
මේ රට කුඩුපට්ටම් වෙලා තමයි නවතින්නේ. ආර්ථික ඔස්තාර් හැටියට බැසිල් රාජපක්ෂ ආවට මොනවද අන්තිමට කරන්න පුළුවන් වුණේ. ගෑස් මිල නග්ගලා තමයි නතර වුණේ. අනිවාර්යයෙන්ම ආර්ථිකයයි කොවිඩ් පාලනයයි තුලිත කරගන්න ඕන. දැන් බලන්න කාබනික පොහොර වැඩේ. ඒ වැඩේ හොඳයි. අඩුම ගානේ අපි අපනයන කෘෂි කර්මාන්තයට හරි රසායන පොහොර භාවිතයට ඉඩ දෙන්න තිබ්බා. මොකක්ද දැන් වුණේ? වාර්ෂිකව අපිට රැපියල් මිලියන 2300ක් විතර අහිමි වෙච්ච එක විතරයි. ඒ අස්සෙන් කළු සල්ලි සුදු කරන තිප්පොළක් බවට මේ රට පත්කරන්න යන නිසා ආයෝජකයෝ එන්නේ නෑ. පැත්තකින් සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. තව පැත්තකින් විදේශ ශ්‍රමිකයෝ ලංකාවට ඇවිල්ලා නැවත ගිහිල්ලා නෑ. ඉතින් පේනවානේ තියෙන ප්‍රශ්න. මේ සියල්ලටම හේතුව ආණ්ඩුව විසින් ගන්නා ලද තක්කඩි තීන්දු.
• අපි දන්නවා මේ වෙලාවේ ආණ්ඩුවක් පෙරළලා බලය අල්ලගන්න අවස්ථාවක් විපක්ෂයට නෑ. නමුත් විපක්ෂයට අදහසක් ඇති අපිට මේ වෙලාවේ බලය ලැබුණොත් මොකද රට වෙනුවෙන් කරන්නේ කියලා. මම කැමැතියි දැනගන්න ඇත්තටම විපක්ෂයට මේ වෙලාවේ බලය හම්බවුණොත් මොකද කරන්නේ කියලා?
ඇත්තටම අපිට එහෙම බලය අල්ලගන්න කිසිම උවමනාවක් නෑ. අපි ව්‍යවස්ථානුකූලව ඡන්දෙකින් තමයි බලය ලබාගන්නෙ. ඇත්ත කතාව මේ වගේ කුජීත වෙච්ච ආණ්ඩුවක් පරද්දන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි. අපි නියම වෙලාව එනකල් ඉන්නවා. අනික අපිට මේ වෙලාවේ ඕනේ මහ මැතිවරණයක් නෙමෙයි. අපිට ඕනේ නියමාකාරයෙන් කොවිඩ් පාලනයක්. ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු කරනවා.
• මේ වෙනකොට ආණ්ඩුවට එල්ලවන චෝදනාවක් තමයි විශාල වශයෙන් මුදල් අච්චු ගහනවා කියලා. හැබැයි ඊට වඩා ප්‍රමාණයක ඩොලර් හිඟයකුත් රට තුළ තියෙනවා. ඔබ දකින්නේ මේ තත්ත්වය අනාගතයට මොන වගේ බලපායි කියලද?
මේකේ බරපතල තත්ත්වය ඇති වෙන්නේ ඉස්සරහට. මේ වෙනකොට ආණ්ඩුව රැපියල් බිලියන 880 අච්චු ගහලා තියෙනවා. තවම ඒක උද්ධමනයට බලපාලා නෑ. හැබැයි ලබන වසරේ අයවැයක් එක්ක ඕකට අනිවාර්යයෙන්ම රටේ මිනිස්සුන්ට මුහුණදෙන්න වෙනවා. ඕ ලෙවල් කරපු ළමයෙක් පවා දන්නවා අධික ලෙස මුදල් අච්චු ගැහුවම උද්ධමනය ඉහළ යනවා කියලා.
• අපි දැක්කා විපක්ෂ නායකතුමා වගේම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයත් ආණ්ඩුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ගැන දැඩිව විවේචනයක් කරනවා. ඔබලා දෙපිරිසම එකතුවෙලා එක මතවාදයකින් එන්න හදන්නේ අවසානයේ දෙගොල්ලොම එක තැනකට එකතු වෙන්නද?
නෑ... නෑ... නෑ... එහෙම කිසිම එකතුවක් එතුමා එක්ක අපිට නෑ. සංකල්පමය වශයෙන් කොවිඩ් මර්දනය කටයුතු පැවරෙන්නේ කැබිනට් මණ්ඩලයට. නමුත් ජනාධිපති ඒක කැබිනට් මණ්ඩලයට දෙන්න අකමැති නිසා ඒක පවරලා තියෙන්නේ යුද හමුදාවට. යුද හමුදාපතිවරයා ඉටුකරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස්. ඒ නිසා ඒකට හමුදාපතිවරයා පලි නෑ. සම්පූර්ණයෙන් වගකියන්න ඕන ජනාධිපතිවරයා. කිසිම වෙලාවක හමුදාව මේකට වගකියන්න ඕන නෑ.
• ඒ කියන්නේ හිටපු අගමැතිගේ ප්‍රකාශය වැරදියි කියලද?
මම එහෙම කිව්වේ නෑ. මම කිව්වේ මගේ මතය. ඒ වගේම ඒක මගේ පිළිතුර.
• මේ වෙනකොට ආණ්ඩුවේ සංකල්පය තමයි නිෂ්පාදිත දේශීය ආර්ථිකයක් බිහි කිරීම. ඒක හොඳ දෙයක්. ඇයි ඒ සංකල්පයට විපක්ෂය පහර දෙන්නෙ?
අපි පහර දෙන්නෙ නැහැ. ඔබතුමා කියන්න බලන්න ඔය කියන නිෂ්පාදක ආර්ථිකය කොහෙද ක්‍රියාත්මක වෙන්නේ. ගොවියා අසරණ වෙලා. ධීවර කර්මාන්තය කඩාවැටිලා. සෑම ක්ෂේත්‍රයක්ම බිඳ වැටිල තියෙන්නෙ. එනිසා නිෂ්පාදන ආර්ථිකයක් හීනයක් විතරයි. එකට හේතුව තමයි මේ රට පාලනය කරන්න ඕන තරැණ පිරිසක්. වයසක අය රට පාලනය කළහම මේ වගේ දේවල් වෙනවා.
• අවසාන වශයෙන් ඔබගෙන් අහන්නේ පුරවැසියෙක් හැටියට ඔබට මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන දේ මොකද්ද?
ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නේ මැතිවරණ සිතියම පැත්තකින් තියලා. උද්දච්චකම පැත්තකින් තියලා ජනතාවට වගකියන ආණ්ඩුවක් බවට පත්වෙන්න කියලා.
ගයාන් ගාල්ලගේ