2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 123

ශ්‍රීලනිපයෙන් වෙනම යෝජනාවලියක්

ආණ්ඩුවේ පාර්ශ්වකරැවන් වන සෙසු දේශපාලන පක්ෂ රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට ඉක්මන් විසඳුම් සහිත යෝජනා ලැයිස්තුවක් රජයට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරමින් සිටී. එහෙත් ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ශ්‍රීලනිපය එම පක්ෂ සමඟ එක්නොවී වෙන්ව ක්‍රියා කරමින් තමන්ගේම යෝජනාවලියක් සකස් කරන බව වාර්තා වෙයි. මේ කාර්යය සඳහා ශ්‍රීලනිපය සමඟ සම්බන්ධව කටයුතු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරැන් සහ වෘත්තීයවේදීන් පිරිසක් සහාය දක්වන බවද සඳහන්ය.

තමන් සකස් කරන ලියැවිල්ලේ රටට බලපා තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රීලනිපය සතු විසඳුම් ඇතුළත් වනු ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රී සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. අනෙක් හවුල්කාර පක්ෂ ඔවුන්ගේ විසඳුම් යෝජනා සම්බන්ධයෙන් තවමත් අප සමඟ සාකච්ඡා කළේ නෑ. නමුත් ඔවුන් සමඟ සාකච්ඡාවකට අප විවෘතයි. ඔවුන් කැමති නම් අප සකස් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් සියලු දෙනාටම එක්ව කටයුතු කළ හැකියි. අමාත්‍යවරයා කියයි.

මෙවැනි විසඳුම් යෝජනාවලියක් සකස් කිරීම එකකි. එහෙත් එම යෝජනා කොතරම් දුරකට ප්‍රායෝගිකද යන්න තවත් එකකි. මේ සියල්ලටමත් වඩා එම යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් පිළිගන්නේද යන්න බලා සිටිය යුතුය.

අර්බුදය ගැන ඩිව් කියන දේ

මේ අතර රටේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර ප්‍රකාශ කරන්නේ රට මුහුණ දී සිටින අර්බුදය බරපතළ මට්ටමට පැමිණ ඇතත් රජය හෝ විපක්ෂය හෝ මේ ගැන ගැඹුරින් සාකච්ඡා නොකරන බවය. ඔහු සිය පක්ෂයේ වත්මන් ලේකම්වරයා වන වෛද්‍ය ජී. වීරසිංහ සමඟ එක්ව විසඳුම් යෝජනාවලියක් සකස් කිරීමේ කටයුත්තට ඔහු දායක වෙමින් සිටී. 

මේ අර්බුදයට හේතුව රජයේ වැරදි ආර්ථික උපායමාර්ග සහ කොවිඩ් වසංගතයයි. රජය කියන්නේ ආර්ථිකය කඩාවැටීමට එකම හේතුව කොවිඩ් බවයි. සජබ සහ යූ.එන්.පිය තදින්ම කියන්නේ රජයේ අකාර්යක්ෂම බව ඊට හේතුව බවයි. ජවිපෙ පෙන්වා දෙන්නේ දූෂණය ප්‍රධානම කාරණය බවයි. අපට පෙනෙන්නේ මේ කිසිවකුත් රට මුහුණ දී සිටින ණය අර්බුදය ගැන ගැඹුරැ විශ්ලේෂණයක් සිදු නොකරන බවයි.

ජනාධිපතිවරයා මෑතකදී පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේද අර්බුදය ගැන කතා නොකළ බවද අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් නොකිරීම වරදක් බවද ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00