වෙළඳ මන්ත්‍රණ සභාවලින් රතු එළියක්
මෙරට ඒකාබද්ධ වෙළඳ මන්ත්‍රණ සභාව පසුගිය බ්‍රහස්පතින්දා (03) පැවැත්වූ හදිසි රැස්වීමකදී රටේ ආර්ථිකය අකර්මණ්‍ය තත්ත්වයට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා හැකිතරම් ඉක්මණින් විදේශ විනිමය ගැටලුව විසඳන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට තීන්දුවක් ගෙන තිබේ. රටේ පවතින විදේශ විනිමය අර්බුදය සහ එයින් ව්‍යාපාරික කටයුතුවලට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් තම ඒකාබද්ධ සභාව හරයාත්මක ලෙස කරැණු විමසා බැලූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. මේ සභාව වෙළෙඳ මන්ත්‍රණ සභා 09කින් සමන්විතය.
විදේශ විනිමය අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව සහ තෙල් සැපයුම අඩාල වීම ආර්ථිකයේ සියලු අංශ අසාධ්‍ය තත්ත්වයට පත්කර ඇතැයිද පවසන එම නිවේදනය, දේශීය සහ අපනයන භාණ්ඩ නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වල පවතින දැඩි හිඟය පිළිබඳවද සඳහන් කර තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ගැනුම්කරැවන්ට නිෂ්පාදන ලබාදීම ප්‍රමාදවීමේ අවාසියද ඔවුන් මතුකර ඇත.
මේ කාරණා හේතුවෙන් ව්‍යාපාරික අංශ ඇනහිටින තත්ත්වයක් මතුවෙමින් පවතින බවද පසුගිය කාලය තුළදී අමාරැවෙන් ලබාගන්නා ලද සංචාරක අංශයේ සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය ආපසු හැරවීමට පවා මෙය හේතුවනු ඇති බවටද ඔවුන් බිය පළකර තිබේ.
- ඩේලි එෆ්.ටී.
අන්තිමට මූල්‍ය අරමුදලේ සහාය ගනී?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකෙරෙන බරපතළ අනතුරැ ඇඟවීම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය.
වොෂින්ටන්හිදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලදී ලෝක බැංකුව සමඟද සාකච්ඡා කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මෙම ආයතන දෙක සමඟ මුදල් අමාත්‍යවරයාගේ සාකච්ඡා සැලසුම් කිරීමට ආණ්ඩුව මූලිකත්වය ගෙන කටයුතු කළ අතර සාකච්ඡා සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යළි ස්ථාවරභාවයක් ලබාදෙමින් විදේශ විනිමය සංචිතයක් ගොඩනංවා ගැනීමට ඔවුන්ගේ ආධාර ලැබෙනු ඇත. ඒ සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර ගනු ඇතැයිද සඳහන්ය.
මේ අතර පසුගිය මාසයේ මුලදී ආර්ජන්ටිනාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම් ගතවිය. එය අති විශාල ණයක් වන ඩොලර් බිලියන 45කි. ඔවුන්ට අරමුදල සමඟ සම්බන්ධ වීමට සිදුවූයේ ඉදිරියේදී ගෙවීමට නියමිත වන ඩොලර් බිලියන 57ක් ගෙවීම සඳහා හැකියාවක් නොතිබූ බැවිනි.
එහිදී ආර්ජන්ටිනාවට දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට කොන්දේසි පනවනු ලැබූ අතර දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලින් පසුව අරමුදලේ ඇතැම් දැඩි කොන්දේසි ලිහිල් කර ගැනීමටද එරට සමත් විය. මූල්‍ය අරමුදල සමඟ එකඟතාවලට එළඹීමේදී එම කාර්යයන්වලදී මනා නිපුණත්වයක් පෙන්වන පුද්ගලයන්ගේ සහභාගීත්වයේ වැදගත්කම එයින් පැහැදිලි වෙයි.
- සන්ඩේ ටයිම්ස්