ශ්‍රී ලංකාව හරි මාවතේ: එහෙත් කැප කරන්න වේවි!
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විශේෂඥ සහාය ලබාගැනීමට කැමැත්ත දැක්වීම රට නිසි මාර්ගයට යොමුකිරීමක් බව පවසන මෙරට ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙක් එසේ වුවද කිසියම් යහපත් ප්‍රතිඵලයක් ලැබීමට යා යුතු ගමන ඉතා අමාරැ සහ වේදනාත්මක වනු ඇතැයි කියති.
රජය අයි.එම්.එෆ්. හමුවට නොගොස් සිටීමේ දැඩි තීන්දුවක සිටියා නම් මේ තත්ත්වය මීට වඩා බරපතළ වනු ඇතැයිද එසේ නම් රටේ ඉදිරි ගමන මීටත් වඩා ඉතාම දුෂ්කර වීමට ඉඩ තිබිණි යැයිද ඔවුහු කියති.
සියලු දේ යහපත් අතට හැරීමට පෙර නරක අතට හැරෙනු ඇත. පොලී අනුපාත දැනට වඩා ඉහළ යනු ඇත. අප සතුව සැලැස්මක් තිබෙන බව පෙනෙන්නට තිබේ. කෙසේ වුවද මෙය ද්‍රවශීලතාවේ ගැටලුවක් වශයෙන් සලකා තීන්දු ගත යුතු නැති අතර මෙය ණය පිළිබඳ ඉතා ගැඹුරැ ගැටලුවකි. ඔවුහු කියති.
- ඩේලි මිරර්
ජෝෂප් ස්ටැලින් එදා ලංකාවයි ඉන්දියාවයි ගැන කියූ කතාව
ලංකාව Ceylon කියා හැඳින්වුණු පැරණි කාලයේ ලංකාව ගැන සෝවියට් දේශයේ නායක ජෝෂප් ස්ටැලින් සහ එරට හිටපු ඉන්දීය තානාපති සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් අතර සිදුවූ රස කතාවක් මේ දිනවල රාජ්‍ය තාන්ත්‍රික අංශවල කැරකෙමින් තිබේ. පැරණි සෝවියට් දේශය පසුව රැසියාව බවට පත්වූ අතර සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් පසුව ඉන්දියාවේ දෙවැනි ජනාධිපති වශයෙන් පත්වීම් ලැබුවේය.
කතාව ඇරඹෙන්නේ ඉන්දීය තානාපතිවරයා සිතියමක් දිගහැර ගනිමින් තම රට පිළිබඳ සෝවියට් නායකයාට කෙටි විස්තරයක් කරන අවස්ථාවෙනි.
එහිදී ඉන්දියාවේ එක් කෙළවරක පිහිටි කුඩා දිවයිනක් පෙන්වමින් සෝවියට් නායකයා විමසා ඇත්තේ මොකක්ද මේ ඉන්දියාවේ පුංචි දිවයින යනුවෙනි. එයට පිළිතුරැ දෙමින් තානාපතිවරයා මෙසේ පවසා තිබිණි. ඒක ඉන්දියාවේ දිවයිනක් නොවේ. ඒක තමයි සිලෝන්. ස්වාධීන රටක්.
තරමක් විමතියට පත්වූ සෝවියට් නායකයා මොහොතකින් ඇයි කියා ඇසීය.
වර්තමානයේ යුක්රේන අර්බුදය හේතුවෙන් මේ කතාවට නව පණක් ලැබී තිබේ. සෝවියට් නායකයාත් ඉන්දීය .තානාපතිවරයාත් අතර මේ රස කතාව 1950 ජනවාරි 15 වැනිදා සිදුවූ බවට සාකච්ඡා පිළිබඳ වාර්තාවල සඳහන් වෙයි. අමෙරිකාවේ විල්සන් මධ්‍යස්ථාන ඩිජිටල් ලේඛනාගාරයේද මේ දෙබස අන්තර්ගතව ඇත. එහි නිල පිටපතේ මෙසේ වාර්තා කර තිබේ. ස්ටැලින් එවිට සමච්චලයට ඇසුවේ සිලෝන් කියන්නේ වෙනම රාජ්‍යයක් නම් එහෙම වෙනම තිබීම ඒ තරම්ම අවශ්‍යද කියාය. ඔහු තවදුරටත් විමසුවේ එරට භාෂාවේ කිසියම් හෝ නෑකමක් ඉන්දියාවේ භාෂා සමඟ තිබේද?* යන්නය. එවිට ඒ පිළිබඳ තත්ත්වය ඔහුට පහදා දෙනු ලැබීය.
මේ දෙබස ඉතා ප්‍රසන්න ලෙස පැය බාගයක කාලයක් පැවතිණි. සෝවියට් විදේශ කාර්යාලයේ උතුරු යුරෝපා අංශ ප්‍රධානියාව සිටි පැව්ලෝ මේ දෙබසේ භාෂා පරිවර්තකයා විය. පැව්ලෝ ලන්ඩනයේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද විය.
ස්ටැලින් දිගටම සිගරට් බොමින් සංවාදයට සහභාගි වූ අතර වරින් වර සිනාසුණේය. ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයකින්ද සාවධානව සහ විපරමින්ද සිටි බවත් වාර්තා විය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ ආර්ථික අපහසුතා සහ ඒ සඳහා ලැබුණු ආර්ථික ආධාර වෙනුවෙන් මෙරට රජයේ ඉහළ පෙළේ නායකයෝ ඉන්දියාවට වරින් වර ගියහ. නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතළම ආර්ථික අර්බුදය සමඟ අතීත කතාව ගලපාගත් විට නැගෙන ප්‍රශ්නය වන්නේ කලාපීය ලොකු අයියාගේ අනුගාමික තවත් එක් රාජ්‍යයක් බවට &සිලෝන්* පත්වෙමින් සිටින්නේද යන්නයි.
විසඳුම වේදනාත්මක විය හැකිය
මේ අතර ඉන්දීය ණය සහන වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් බිලියන 01ක ණය මුදලට කිසිදු කොන්දේසියක් නැති බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය කෙරෙහි මෙරට ආර්ථික විශ්ලේෂකයෝ සැක පහළ කරති. තවත් සමහරැන් කියන්නේ මේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේදී ප්‍රවේශම් විය යුතු බවය.
මේක චෙස් ගේම් එකක්. ඉන්දියාව මේ වෙනකොට අපිව චෙක් මේට් කරලා ඉවරයි. ඒක කොයි තරම් හොඳින් කළාදැයි කියනවා නම් අතට අත දෙනවා හැර අපට කළ හැකි කිසිවක් නැහැ. එහෙම නැතිවුණොත් ඉතින් වෙන්නේ අපේ &කිං*ලා නැතිකර ගන්න එක විතරයි.
මෙහෙම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ හිටපු විශ්‍රාමික ආරක්ෂක හමුදා ප්‍රධානියකු වන සමුද්‍ර ආරක්ෂණ විශ්ලේෂකයෙකි. ඔහු මේ අදහස් පළ කළේ නිර්නාමිකව සිටිමිනි.
හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා ප්‍රකාශ කරන්නේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය මැද ශ්‍රී ලංකාව සතු සියලු විකල්ප වේදනාත්මක වීම වැළැක්විය නොහැකි බවයි. අරමුදල් සඳහා ඉක්මනින් යාමට ඇති තේරීම් දෙක වන්නේ අදේශපාලනික බහුපාර්ශ්වික අයි.එම්.එෆ්. හෝ ද්විපාර්ශ්වික භූ දේශපාලනික මූලාශ්‍ර බවද ඒ මහතා කියයි. මෙයින් දෙවැනි තේරීම සාමාන්‍යයෙන් භූ දේශපාලනික කොන්දේසි පනවන අතර ඒවා නිතරම සාකච්ඡා කළ නොහැකි සහ අපගේ රටේ වත්කම් සමඟ බැඳෙන ඒවායි. එවැනි භූ දේශපාලනික ණයකරැවන්ගෙන් රටට ණය ගැනීමට යාම ආර්ථිකව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මිල අධික විය හැකියි. ඒ වගේම විදේශ ප්‍රතිපත්තිවලටත් බලපෑම් එල්ල විය හැකියි. කෙසේ වුවද අයි.එම්.එෆ්. අවශ්‍යතා සාකච්ඡා කළ හැකියි. එසේම ශ්‍රී ලංකාවේ සැලැස්මක් තිබේ නම් එය මූලික කර ගන්න පුළුවන්. ඔවුන් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ මුල්‍යමය තත්ත්වය සහ අයවැය විනයක් ඇතිව පවත්වාගෙන යාමත් බුද්ධිමත්ව කටයුතු කිරීමත් පමණයි.* ඔහු කියයි. අදේශපාලනික විසඳුමකට යාම භූ දේශපාලනික මූලාශ්‍රයකට යාමට වඩා යහපත් යැයිද ඔහු සඳහන් කරයි.
මෙරට සිටින ස්වාධීන ආර්ථික විද්‍යාඥයකු වන අනුර ඒකනායක පවසන්නේ වඩාත් විනිවිදභාවයකින් ක්‍රියා කරන ණය දෙන ආයතන වන්නේ බැංකු බවයි. ණය ලබා දෙන ක්‍රමවේද ඔවුන් සතුයි. නමුත් ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ බැංකුවකට තබා ගෝලීය මූල්‍ය ආයතනයක් වන අයි.එම්.එෆ්. වැනි ආයතනයකට හෝ යා නොහැකි තත්ත්වයකයි. ඔහු කියයි.
- සන්ඩේ ටයිම්ස්