2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ලංකාවේ ෂෙඩ් 700ක් විදෙස් සමාගම්වලට

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 76

ශ්‍රී ලංකාව සතු ඉන්ධන පිරවුම්හල් අතුරින් 500ත් 700ත් අතර සංඛ්‍යාවක් සිල්ලර අලෙවි කටයුතු සඳහා විදෙස් තෙල් සමාගම්වලට පවරා දීමට කටයුතු සිදුවෙමින් පවතී. 

ඉදිරි මාස 04 තුළදී අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා පමණක් ඩොලර් බිලියන 02කට වඩා අවශ්‍ය වීම නිසා ශ්‍රී ලංකාව ගෙවිය යුතු වන තෙල් බිල ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මේ තීන්දුව ගැනීමට සිදු වී තිබේ.

විවිධ සමාගම් 27කින් මේ සම්බන්ධයෙන් ලැබුණු යෝජනා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මගින් සලකා බලමින් සිටින බවද දැනගන්නට තිබේ. ''අවසන් තීරණයක් ගැනීමට පෙර එම සමාගම් අතරින් කිහිපයකින් යුත් කෙටි ලැයිස්තුවක් සකස් කිරීමට අමාත්‍යාංශය සැලසුම් කරනවා. එයින් සමාගම් 04කට පමණ ඉන්ධන පිරවුම්හල්වල මෙහෙයුම් කටයුතු පවරා දීම සඳහා පියවර ගන්නවා'' යැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

දැනට සැලසුම් කර ඇති ආකාරයට අනුව එසේ මෙහෙයුම් කටයුතු බාරගන්නා සමාගම් තෙල් ආනයනය කර සැපයීම සිදුකළ යුතු වෙයි. තෙල් සංස්ථාව මගින් ප්‍රවාහන පහසුකම් සලසන අතර මේ සඳහා රජය සේවා ගාස්තුවක් අයකරනු ලැබේ.

තෙල් සංස්ථා පාලනය යටතේ ඇති පිරවුම්හල් 1200 අතුරින් මේ සඳහා පිරවුම්හල් ලබාදීම සිදුකෙරේ. මේ අතර සැප්තැම්බර් මාසය සඳහා අවශ්‍ය ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් ආනයනය සඳහා අමාත්‍යංශය ඩොලර් මිලියන 200ක් භාණ්ඩාගාරයෙන් සහ මහ බැංකුවෙන් ඉල්ලා තිබේ.

- සන්ඩේ ටයිම්ස්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00