රාජ්‍ය ඇමැතිවරුන් පත්කර සති ගණනාවක් ඉක්ම ගොස් ඇතත් මේ වැඩි දෙනකු තමන්ට පැවරී ඇති වගකීම් මොනවාදැයි තවම නොදන්නා බව කියති. මේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට තම රාජකාරි ඇරඹීමට තවම කාර්යාලයක් පවා නැති බවද සඳහන්ය.
වාරිමාර්ග අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාට පවරා දී ඇත්තේ සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමේ කාර්යභාරයයි. ''ජල ගැලීම් පාලනය සහ ජල ගැලීම් පාලන ව්‍යාපෘති හරහා ජලාපවහන කටයුතු, ජල මූලාශ්‍ර සහ ගංගා, වැව් සහ කාණු පද්ධතිවල පරිසර දූෂණය වැළැක්වීම සහ සාගර ජලය ඉවත් කිරීම වැනි විෂයයන් සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍යවරයාගේ මගපෙන්වීම් සහ සුපරීක්ෂාව යටතේ එම කාර්යයන් පැවරී තිබේ.
මේ තත්ත්වය බැලීමේදී වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති වාසනාවන්තයකු හැටියට සැලකිය හැකිය. ඔහුගේ කාර්යභාරය අතර ''රටේ දේශීය ගුවන් තොටුපළ .තුන කළමනාකරණය සහ සංවර්ධනය'' ද අයත්ය.
කොහොම වුණත් දේශපාලන හේතූන් මත ලබාදෙන මේ රාජ්‍ය අමාත්‍ය පදවිවලින් ප්‍රමාණවත් වැඩ කොටසක් සිදුවන්නේදැයි කවුරුත් සොයා බලන්නේ නැත. රාජ්‍ය අමාත්‍ය ධුර බදු ගෙවන මහජනතාවගේ ''අරමුදලින්'' සියලු වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාභ සමඟ ලැබෙන්නේ පාලක සන්ධානයේ බලපෑම හේතුවෙන් බැවිනි.
- සන්ඩේ ටයිම්ස්
ජයසේකරට එරෙහිව විජේසේකර
පාර්ලිමේන්තුවේදී වැදගත් අණ පනත් සම්මත කර ගන්නා අවස්ථාවලදී පවා මන්ත්‍රීවරුන් අතර වාද විවාද සහ එකිනෙකාට චෝදනා කර ගැනීම් වලින් අඩුවක් නැත. ඇතැම් චෝදනා විෂයයට කෙළින්ම අදාළය. තවත් ඒවා කිසිම අදාළත්වයක් නැත.
පසුගිය සභාවාරයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරට එරෙහිව තෙල් ඩීල් එකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරද්දී අමාත්‍යවරයා ඒ චෝදනා ප්‍රතික්ෂේප කරමින් එයට පිළිතුරු දීමට උත්සාහ කළේය. එහිදී හදිසියේම කාංචන විජේසේකර අමාත්‍යවරයා තම විෂයෙන් පිට පැන දයාසිරිට චෝදනා කළේ ඔහු අමාත්‍යවරයකු නොවී සිටියදීත් අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිටි නිල නිවසේ තවමත් රැඳී සිටින බව කියමිනි.
හිටපු ඇමැති දයාසිරි ජයසේකර එයට පිළිතුරු දෙමින් කිව්වේ තමන්ට කොළඹ නිවෙසක් නැති නිසා එහි රැඳී සිටින බවය. තමන්ට නිවෙසක් ලැබෙන්නේ නම් දැනට සිටින නිවෙස ආපසු බාරදෙන බවද දයාසිරි කීය. එයින් නොනැවතී දයාසිරි කාංචනට චෝදනා කළේ ඔහු තමන්ගේ විදුලි බිල්පතක් මාධ්‍යයට නිකුත් කර ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම්වරයා විදුලි බිල නොගෙවා සිටින බවට ප්‍රකාශයක් කර ඇති බවය.
විදුලි බිල හිඟ තබා ඇතැයි කී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් දයාසිරි කියා සිටියේ එය එම නිවෙසේ හිටපු මැති ඇමැතින් කිහිප දෙනකු විසින් ගෙවිය යුතුව තිබෙන බවය.
විජේසේකර අමාත්‍යවරයා මෙසේ එයට පිළිතුරු දුන්නේය. ''ඔබ අනෙක් අයට චෝදනා කරනවා නම් ඔබ පිරිසුදු පුද්ගලයකු විය යුතුයි. මට කියන්න තියෙන්නේ මීට පස්සේ හරි චෝදනා එල්ල කරන කොට ඒක මාතෘකාවට අදාළ වුණත් නැතත් සූදානමින් ඉන්න ප්‍රතිචෝදනාවලට උත්තර දෙන්න.''
- සන්ඩේ ටයිම්ස්