ආයතනික බදු ව්‍යුහය පවතින 14% ප්‍රමාණයේ සිට 30% දක්වා ඉහළ නැංවුවහොත් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට විශාල පහරක් වදිනු ඇතැයි එම කර්මාන්ත සම්මේලනය ප්‍රකාශ කරයි. මෙම කර්මාන්තය දීර්ඝ කාලීන ස්ථාවර තීරු බදු මත රැඳී පැවතීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවන බවද එම සම්මේලනය කියයි.
ඔවුන් සඳහන් කරන්නේ 2022 ඔක්තෝබර් 11 වැනිදා නිකුත් කෙරුණු අය බදු සංශෝධන පනතින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ලබා දී තිබූ 14% ක සහනදායී බදු ප්‍රතිශතය ඉවත් කර ඇති බවය. ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බද්ද 30% දක්වා ඉහළ දැමීමට නියමිතව තිබෙන බවද සඳහන් වේ.
''වෙනත් කර්මාන්ත මෙන් නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ එකම ගැනුම්කරු රජය පමණයි. මේ නිසා මේ ක්ෂේත්‍රයට පනවා තිබෙන බදු වසර 15 සිට 20 දක්වා ස්ථාවරව පවත්වාගෙන යාමයි සිදුවෙන්නේ. මේ ක්ෂේත්‍රය සාමාන්‍ය ව්‍යාපාරික අංශයක් වශයෙන් නොව යටිතල පහසුකම් සංවර්ධන අංශයක් වශයෙන් සැලකිය යුතු වෙනවා.'' යැයි එම සමුළුව කියයි.
මේ අතර මෝටර් රථ අලෙවිකරුවන්ගේ සම්මේලනය ද අලුත් බදු සංශෝධනය සමඟ තම කර්මාන්තය මුළුමනින්ම ඇනහිටිනු ඇතැයි අනතුරු අඟවා තිබේ.
- ඩේලි එෆ්.ටී.