එස්.එම්. මරික්කාර් - පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජනබලවේගය)
අපි දන්නවා විපක්ෂයට යම් කාර්යභාරයක් තියෙනවා. හැම විපක්ෂයක්ම උත්සාහ කරන්නෙ බලය අල්ලා ගැනීමට. මේ වෙද්දි රටේ බොහෝ දෙනා ඔබලගෙ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. ඇත්තටම ඔබ හිතන විදිහට මේ වෙලාවෙ විපක්ෂයේ කාර්යභාරය මොන වගේද?
මම දන්නෙ නෑ කවුරු අපි ගැන මොනවා හිතනවද කියලා. හැබැයි අපි නෙමෙයි රට අරාජික කළේ. රට අරාජික වීමට පොහොට්ටුවට දායක වෙච්ච හැමෝම වගකියන්න ඕනෙ. අද ඒකෙන් ගැලවිලා ඉන්න අයත් යම් තරමකට වගකියන්න ඕනෙ. හේතුව එයාලා තමයි නුසුදුසු කෙනෙක් වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළේ. අපි විපක්ෂය හැටියට කරපු සාධනීය ප්‍රකාශ ආණ්ඩුව ඇහුවෙ නෑ. ජාත්‍යන්තර අරමුදලට යන්න කියලා අපි 2020 ඉඳන්ම කිව්වා. ඒත් ආණ්ඩුව ඇහුවෙ නෑ. ඒ වගේම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙත් අපි නිසා. අපි නැත්නම් සම්මත වෙන්නෙ නෑ. ඒත් ආණ්ඩුව විසින් කරන හැම වැරදි වැඩේම අපිට අනුමත කරන්න බෑ.
මොනවද ඔබලා ආණ්ඩුව කරපු හොඳ දේවල්වලට එකඟ වුණේ?
අපි කිව්වා ආණ්ඩුවෙ ආදායම වැඩි කරන්න, බදු වැඩි කරන්න කියලා. හැබැයි කිසිම වෙලාවක ජනතාවට දරන්න බැරි විදිහට බදු වැඩි කරන්න කිව්වෙ නෑ. රටේ ණය වාරික වැඩිවෙලා, ලීසිං වාරික වැඩිවෙලා, බඩු මිල ගණන් නැගලා. ඉතින් ආණ්ඩුවෙ මේ බදු වැඩි කිරීමට එකඟ වෙන්න බෑ.
එදා අරගලය මොහොතේ කට්ටියම එකතුවෙලා ආණ්ඩුවක් හැදුවා නම් අද මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ නැත්ද?
ඇත්තටම මේ වෙලාවෙ තියෙන්නෙ ආණ්ඩුවක් හදන ප්‍රශ්නයක් නෙමෙයි. වර්තමාන ජනාධිපතිට කිසිම ජන මතයක් නෑ. පාර්ලිමේන්තුවෙත් ජන මතයක් නෑ. පළාත් සභා පළාත් පාලන ආයතනවල ජන මතයක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළුව රටට ණය දෙන හැමදෙනාම බලන කාරණා දෙකක් තියෙනවා. අංක එකට බලන්නෙ ලංකාවෙ ජනතාවගේ ජන මතය කොහෙද තියෙන්නෙ කියලා. දෙවැනි කාරණය බලන්නෙ පුරවැසි නිදහස තියෙන ස්ථාවර රාජ්‍යයක් ඇති කිරීම. ඒ නිසා අපි පිළිගන්නෙ ඔය දෙක නැතුව කට්ටියක් අයින් කරලා කට්ටියක් ගේන එක නෙමෙයි. ඒ නිසා ජන මතය අපි තහවුරු කරන්න ඕන. ඔළු ගෙඩි සෙල්ලම් දාලා හරියන්නෙ නෑ.
ඉතින් ඔබලට තිබුණනෙ එදා ආණ්ඩු බලය අරගෙන පාර්ලිමේන්තුව විසුරුවලා දාලා ඉක්මන් මැතිවරණයකට යන්න?
ආණ්ඩුව විසුරුවන්න අපිට බෑනෙ. ඒක තියෙන්නෙ ජනාධිපතිටනෙ. අපිට ඒ වෙලාවෙ ජනාධිපතිකම ගන්න බෑනෙ. ජනතාව අපිට ජනාධිපතිකම ගන්න කිව්වෙ නෑ. අපිට කිව්වෙ විපක්ෂයෙ ඉන්න කියලා. අඩුම තරමෙ අපිට පාර්ලිමේන්තුවෙ ආසන අසූවක්වත් දුන්නෙ නෑනෙ.
ඒ කියන්නෙ අද රට මේ තැනට වැටෙන්න ජනතාව වගකියන්න ඕනෙ ඔබලට ඡන්ද නොදීම නිසා. එහෙම නේද කියන්නෙ?
අනිවාර්යෙන්ම. අපිට බලය දුන්නා නම් බලයට ආපු මොහොතෙ ඉඳලා අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනුවට යනවා. අපි හිටියා නම් රසායනික පොහොර නවත්තලා 100% ක් කාබනික පොහොරවලට ගිහිල්ලා රටේ ගොවිතැන වළපල්ලට යවන්නෙ නෑ. ඒ වගේම අපි කොරෝනා වසංගතයෙන් හොරකම් කරන්නෙත් නෑ. එහෙම නම් ගජ මිතුරන්ට බදු සහන දෙන්නෙත් නෑ. ඔය කාරණා නිසානෙ මේ රට වැටුණෙ.
අපි දැක්කා රාජිත සේනාරත්න ඇමැතිතුමත් ආණ්ඩුවට සහයෝගය දක්වලා ප්‍රකාශ දෙනවා. විපක්ෂයෙ සමහර අය දැනටම ආණ්ඩුවට ගිහිල්ලා. සමහර අය යන්නත් ඉන්නවා කියලා කියනවා. මෙහෙම ගියොත් විපක්ෂයට කවුරුත් නැතිවෙනවනෙ?
විපක්ෂයෙන් ගියෙ දෙන්නයි. ඒ ගියෙ හරීනුයි මනූෂයි. රාජිත සේනාරත්න ඇමැතිතුමා කිව්ව දේවල් මම දන්නෙ නෑ. ඕන මෝඩයෙක්ට තේරෙනවා මේ ආණ්ඩුවට සහාය දක්වන්නෙ රට වෙනුවෙන්ද කියලා, ඇත්තටම රට නෙවෙයි තමන්ගෙ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන්. සරලව උදාහරණයක් කියන්නම්කො. අරගලයෙදි තරුණ තරුණියන් කිව්වෙ හොරු අල්ලන්න, හොරු හොරාගත්ත දේවල් නැවත ලබාගන්න කියලා. නමුත් හොරු රකින ජනාධිපති කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ ආණ්ඩුවට සහාය දක්වනවා කියන්නෙ හොරු රකිනවා කියන එක. දැන් එතකොට ඒ රට වෙනුවෙන්ද ඉදිරිපත් වෙලා තියෙන්නෙ. එහෙම කියනවා නම් මොළේ හොඳ නෑ.
මේ වෙද්දි ඔබලා කණ්ඩායම් කිහිපයක් එක්ක පොදු විපක්ෂයක් විදිහට කටයුතු කරනවා. හැබැයි ප්‍රබල කණ්ඩායමක් වුණු ජාතික ජන බලවේගය ඔබලා සමඟ විරුද්ධයි. මොකක්ද මේක හේතුව?
ඔය කණ්ඩායම චන්ද්‍රිකා මැතිනියගෙ කාලෙ ඇමැති ධුර හතරක් දැරුවා. ඒ එකක්වත් සාර්ථක වුණාද? නෑ. එතකොට 2005 දි ඒ අය ආවෙ අගමැති මහින්ද ජනපති කරමු කියලා. ගෙයින් ගෙට ගියා. අන්තිමේ රාජපක්ෂ කට්ටිය හොරකම් කළෙත් ඒ අය නිසා. මොකද එයාලනෙ බලයට ගෙනාවෙ. අද ඒ රාජපක්ෂ කණ්ඩායම ජනාධිපති එක්ක ඉන්නෙ. ඒ කණ්ඩායම මහ බැංකු අධිපති විවේචනය කරලා තියෙනවා. ජවිපෙත් විවේචනය කරනවා. එහෙම විවේචනය කරමින් අපිටත් බණිනවා. ඒ නිසා සැබෑ ජනතා කණ්ඩායමක් නම් අරගලයේ අභිප්රායන් වෙනුවෙන් ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් එකට හිටගන්නවා. සමහර ප්රශ්නවලදී අපිත් එක්ක ඉන්නවා. ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති අපි සමඟ නොගැලපුණත් ඔවුන් අපි එක්ක ඉන්නවා.
හරීන් ප්‍රනාන්දු දවසක් පාර්ලිමේන්තුවෙ කිව්වා ඔබ සහ මුජිබර් රහුමාන් එකතුවෙලා සජිත් ප්‍රේමදාස මහත්තයව අරගලකරුවෙක් කළා කියලා. ඇයි එහෙම කළේ?
මගේ නම කිව්වා නම් මට එයාට කියන්න තියෙන්නෙ අපේ පක්ෂයෙන් ගියාට පස්සෙ එයාට අපේ පක්ෂෙ දේවල් වැඩක් නෑ. ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ කණ්ඩායමක් එක්ක වැඩ කරන එක වෙනම කාරණයක්.
ඔබ එකඟද පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක එකතුවෙලා යන ගමනට?
එදා දෙවැනිදා අපේ නායකතුමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි එකතුවෙලා උද්ඝෝෂණය කරපු එකට මම විරුද්ධයි. ඒ නිසයි මම එදා එතැනට ගියෙත් නැත්තෙ. මොකද ඔවුන්ගෙ දේශපාලන මතවාදෙත් එක්ක අපිට එකතු වෙන්න බෑ. ඔවුන් එක්ක මාධ්‍ය සාකච්ඡා තිබ්බට පෞද්ගලික සාකච්ඡා තිබ්බට මට ප්‍රශ්නයක් නෑ. මට හරීන් ප්‍රනාන්දුට කියන්න තියෙන්නෙ ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න තැනක් හොයාගන්න කියලා.
ඒ කියන්නෙ මේ මොහොතෙ වාමාංශික ව්‍යාපාරයත් එක්ක එකතුවෙලා රටේ ප්‍රධාන විපක්ෂය යන ගමන එතරම් සාර්ථක නෑ?
නෑ. අපිට වාමාංශික අයත් එක්ක එකතුවෙලා ආණ්ඩු කරන්න බෑනෙ. අපි දක්ෂිණාංශික දේශපාලනය වගේම දක්ෂිණාංශික ආර්ථිකය පිළිගන්න අය. ඒ නිසා වාමාංශික අයත් එක්ක දේශපාලනය කරන්න බෑ.
මේ වෙනකොට අලුත් ආණ්ඩුව විසින් ගෙනාපු අයවැය පාර්ලිමේන්තුවෙ සම්මත වෙලා ඉවරයි. මේ අයවැය සහන අයවැයක් නෙමෙයි කියලා ආණ්ඩුවෙ අය කියනවා. ඔබ හිතන්නෙ මේ අයවැය මොන වගේ අයවැයක් කියලද පුරවැසියෙක් හැටියට?
පුරවැසියෙක් හැටියට සහ මේ රටේ පිළිගත් ආයතනයක විධායක නිලධාරියෙක් විදිහට මේ අයවැය මට පේන්නෙ අංක විද්‍යාවෙන් සහ දත්ත විද්‍යාවෙන් කරපු බොරුවක්, ප්‍රෝඩාවක්.
ඇයි ප්‍රෝඩාවක් කියන්නෙ?
මම උදාහරණ දෙකක් දෙන්නම්. තොරතුරු තාක්ෂණය සඳහා මිලියන පනහක් වෙන් කරලා තියෙනවා. කම්පියුටර් කීයක් ගන්න පුළුවන්ද? ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් හදන්න රුපියල් මිලියන දෙසීයක් වෙන් කරලා තියෙනවා. අද ගොඩනැගිලි ක්ෂේත්රයේ මිල ගණන් බලද්දි වෛද්‍ය පීඨය හදන්න ඒ ගාණ මදි. හැදුවා කියමුකො. වෛද්‍ය උපාංග ගන්න ඒ සල්ලි ඇද්ද? මේක තනිකර බොරුවක්.
දැන් ඔබලා බලය ගන්න දැඟලුවට රාජිත සේනාරත්න ඇමැතිතුමා නම් කිව්වෙ එක්තරා රුස්වීමකදි එරාන් වික්රමරත්නත් හර්ෂ ද සිල්වාත් ඔවුන් බලය ගත්තට මේ රට හදන්න බෑ කිව්වා කියලා. ඇත්තද ඒක?
කවදාවත් බැහැයි නම් කිව්වෙ නෑ. මේවා කරන්න තනි පුද්ගලයෙක්ට බෑ. මේක කරන්න කණ්ඩායමක් ඕනෙ. විවිධ හැකියාවන් දක්ෂතාවන් තියෙන කණ්ඩායමක් වෙන්න ඕනෙ. න්‍යායාත්මකව ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඒ කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කණ්ඩායමක් වෙන්න ඕනෙ. මේ 11 වැනිදා අපේ සමුළුවෙදි ජන ජීවිතය නැවත යථා තත්ත්වයට ගෙනල්ලා තුන්වේල කාලා ජීවත් වෙන්නෙ කොහොමද කියන සැලැස්ම අපේ සම්මේලනයට ඉදිරිපත් කරනවා.
සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහකට ලක්වුණා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපතිවරයා අරභයා සිදු කළ නුසුදුසු ප්‍රකාශයක් ගැන. ඒක මාධ්‍යයෙන් ප්‍රසිද්ධියේ කියන්න බැරි වුණාට ඔබ දන්නවා ඇති කතාව. ඔබ ඒක අනුමත කරනවද?
මගේ පෞද්ගලික මතය මම කියන්නම්කො. මම මේ ජනාධිපතිවරයාගේ දේශපාලන වැඩපිළිවෙළ බරපතළ විදිහට විවේචනය කරන කෙනෙක්. හැබැයි මට ජනාධිපතිතුමත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. නමුත් මම ඒ කළ ප්‍රකාශය කිසිසේත් අනුමත කරන්නෙ නෑ. ඒක වැරදි ප්‍රකාශයක්.
එවැනි ප්‍රකාශයක් කළා නම් පක්ෂ නායකතුමා ලොකු තීන්දුවක් ගන්න එපැයි?
ඒක පක්ෂය ඇතුළෙ ඉදිරියෙදි සාකච්ඡා වෙයි.
දැන් ආණ්ඩුව විසින් මැතිවරණය කල් දාන්න උත්සාහ ගන්නවා කියලා විවිධ අදහස් පළවෙනවා. ඔබලා මොකද කරන්නෙ ඒකට?
ඔවුන් එහෙම කල් දැම්මොත් කරන්නෙ මොකද්ද කියලා බලාගන්නකො. බලමුකො අපි ඉස්සරහට.
මෙහෙම ගිහිල්ලා මරික්කාරුත් රට වෙනුවෙන් ආණ්ඩුවට සහාය දක්වයිද?
මම පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රුකියාවක් කළ කෙනෙක් විදිහට මට ඕනෑම වෙලාවක රුකියාව කරලා හොඳින් ඉන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙ මම දේශපාලනය කරන්නෙ රට වෙනුවෙන්. මරික්කාර් කියන්නෙ විකිණෙන පුද්ගලයෙක් නෙමෙයි පාරෙ හිඟා කෑවත්.
I ගයාන් ගාල්ලගේ