- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා
විපක්ෂය මේ වෙනකොට පොදු කණ්ඩායමක් බවට පත්වෙලා තිබෙනවා පාර්ලිමේන්තුව තුළ. මේ එකතුවීම එකපාරකුත් සිදුවුණා. මම අහන්නේ මේක දේශපාලන ඉදිරි පියවරක්ද? නැත්නම් මේ මොහොතේ උපාය මාර්ගයක්ද?
මෙවර සාකච්ඡාවට නම් මට සහභාගි වෙන්න බැරුව ගියා. ඒත් සහභාගි වුණ අය කිව්වා ආණ්ඩුව විසින් ගේන අණ පනත් සම්බන්ධයෙන් විපක්ෂය සාකච්ඡා කරලා පොදු එකඟතාවයකට එන එක තමයි මූලික අරමුණ කියලා. වෙනත් අරමුණක් මම තාම දැක්කේ නැහැ.
ඔබ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක්. විපක්ෂය මේ ආකාරයෙන් විවිධ අවස්ථාවල එකතු වෙලා තිබෙනවා. ඔබ හිතන්නේ මේ වෙලාවේ විපක්ෂයේ කාර්යභාරය මේකද?
මේ වෙලාවේ තිබෙන්නේ රටේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නයක්. අපි ඉන්නේ තාවකාලික විරාමයක. අපේ රට ඇතුළේ ණය ට්‍රිලියන 13ක් විතර තිබෙනවා. පිටරට ණය තිබෙනවා ඩොලර් බිලියන 45ක් විතර. අපි මේ මොහොතේ බංකොලොත්භාවයෙන් යම් විදිහකට මිදිලා හිටියත් අපි මේ ණය ගෙවන්න ඕන. මේ වනවිට ආර්ථිකයේ විශාල සංකෝචන ඇතිවෙලා තිබෙනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා අපි සියලුදෙනාම මේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න ඕන.
ඔය එකතුවෙලා කරන වැඩේට ආණ්ඩුව ගේන යෝජනාව තමයි ජාතික ආණ්ඩු සංකල්පය. ඔබ ඒකද වක්‍රාකාරයෙන් අදහස් කරන්නේ?
ආණ්ඩුවේ ඉන්න එකවත් විපක්ෂයේ ඉන්න එකවත් ඔය දෙකටම මැද්දේ ඉන්න එකවත් නෙමෙයි මේ වෙලාවේ කළ යුත්තේ. මේ ආර්ථික ප්‍රශ්නයෙන් බේරෙන්න අපි ගන්න ඕන පියවර මොකක්ද කියල උත්තර හොයන එක තමයි මේ වෙලාවේ අපි හැමගේම වගකීම.
දැන් ගොඩක් දෙනෙක් කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා. ඔබ හිතන්නේ ජාතික ප්‍රතිපත්තියක්ද අවශ්‍ය නැත්නම් කෙටිකාලීන විසඳුමක්ද?
දැන් අපි අයි.එම්.එෆ්. වැඩසටහනට ඇතුළත් වෙලා තියෙනවානේ. එතැනදී යෝජනා 15ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ යෝජනා 15 ට ප්‍රතිපත්තිමය කාරණා මත එකඟතා නොවුණත් මන්ත්‍රීවරු අනියමින් හරි ඒකට කැමැත්ත පළකරලා තිබෙන්නේ. ඒකනේ ඔය කියන්නේ අපි අයි.එම්.එෆ්. යනවට එකඟයි කියලා. හැබැයි අයි.එම්.එෆ්. එකෙන් පස්සේ රට කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව ආණ්ඩුව යුහුසුළුව විපක්ෂය සමඟ සාකච්ඡා කළයුතුයි.
ඔබ කියන්නේ මේ වෙලාවේ තිබෙන එකම විසඳුම අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමද?
නෑ. මම එහෙමම කියන්නේ නැහැ. මොකද දේශපාලන පක්ෂවල ස්ථාවරය බිඳෙන්න පුළුවන්. ඒ නිසා ඒක මම හරියි කියලා කියන්නේ නැහැ. නමුත් මේ මොහොතේ අපට දීලා තිබෙනවානේ අයි.එම්.එෆ්. එක විසින් වැඩසටහනක්. ඒක ක්‍රියාත්මක කළාම හරි. මොකද මාස හයෙන් හයට මේ ගැන සාකච්ඡා කිරීමක් සිදුවෙන්න ඕන. ඊට පස්සේ ඒ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන එක තමයි ආණ්ඩුවේ වගකීම.
සමහර අය කියනවා 16 වතාවක් අයි.එම්.එෆ්. ගියාට හදන්න බැරි රට 17 වැනි වතාවේ හදන්න පුළුවන්ද කියලා?
මේ වතාවේ එහෙම කරන්න බැහැ. හැමපාරම ආණ්ඩු ගියේ පොරොන්දු මත. ඒත් මේ වෙලාවේ එහෙම කරන්න බැහැ. අනාගතයේ කිසිම කෙනකුට පොරොන්දු දේශපාලනය කරන්න බැහැ. මොකද හේතුව රටේ සල්ලි නැහැ. ඒ නිසා අයි.එම්.එෆ්. ව්‍යාපෘතියත් අපි අතට අරගෙන මේ වැඩපිළිවෙළ ලස්සනට ක්‍රියාත්මක කරන්න ඕන.
ඔබ ජ්‍යෙෂ්ඨයෙක්. වර්තමාන ජනාධිපතිවරයා සිදුකරන මේ වෙනස සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ මතයක්ද?
ඔහු දැනට ඒ කටයුත්ත කරමින් ඉන්නවා. මොකද ඔහුටනේ මේ වගකීම තිබෙන්නේ. අපි කාටවත් නැහැනේ. ඔහු ඒ වගකීම හරියට ඉෂ්ඨ කරනවා නම්, විපක්ෂය හරි වැරුදි බලනවා නම් ඒ වැරුදි හදාගෙන ඵලදායී සාකච්ඡාවකින් ඉදිරියට යන්න විපක්ෂය උදව් කරන එක තමයි වැදගත්ම දේ.
ඔබ කියන ඵලදායී සාකච්ඡාවක් නම් අපි තවම පාර්ලිමේන්තුවේ දැක්කේ නැහැ. මොකක්ද මේකට හේතුව?
ඒක ඉතින් ශ්‍රී ලාංකීක දේශපාලනයේ හැමදාම හැටිනේ. අපි හැමදාම කරන්නේ ආණ්ඩුව ආණ්ඩුව හැටියටත් විපක්ෂය විපක්ෂය හැටියටත් දැකීමයි. ඒ නිසා විපක්ෂයේ කාර්යභාරය වෙලා තිබෙන්නේ ආණ්ඩුව විවේචනය කරන එකයි. ආණ්ඩුවේ කාර්යභාරය වෙලා තිබෙන්නේ විපක්ෂය නොතකා වැඩ කිරීමයි. ඒක තමයි අපි දන්න ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම හොඳයි සියලුදේම තියෙන තැනක. සල්ලි තිබෙන, ප්‍රශ්න නැති රටකට නම් හොඳයි. අපි ඉන්නේ බංකොලොත් රාජ්‍යයක. මේක ඇතුළේ දේශපාලනය කිරීමේ සීමාවක් තිබෙනවා. ඔබ කියනවා වගේ ඵලදායී සාකච්ඡාවක් නොතිබුණොත් අපේ රට කොහේ නතරවෙයිද කියලා අපිට හිතාගන්නවත් බෑ. ඒක තනි කෙනෙකුට කරන්න බැහැ. ඒකයි මම කියන්නේ අපේ පෞද්ගලික දේශපාලන න්‍යායයන් පැත්තක තියලා ඉන් ඔබ්බට ඵලදායී සාකච්ඡාවකට යා යුතුයි.
ඔබ කියන්නේ දෙසීය විසිපහෙන් බහුතරයකට මේ ප්‍රශ්නය දැනෙන්නේ නෑ කියලාද?
තවම තේරෙන්නේ නැහැ.
ඇයි ඒ?
බලය සම්බන්ධයෙන් තිබෙන උවමනාවට. ඒ ගැන තියෙන උවමනාව විතරයි තියෙන්නේ.
බොහෝ දෙනෙක් මේ වනවිට අයි.එම්.එෆ්., අරගලය සහ වෙනත් කරුණු එකට පූට්ටු කරලා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතා කියනවා. මම අහන්නේ අපි අරගලය සම්බන්ධයෙන් පුළුල් සංවාදයකට යා යුතුද? නැත්නම් ඒක විවේචනය කරන එකද උත්තරය?
ඇත්තටම ඇතිවුණ ආර්ථික අර්බුදයත් එක්ක තමයි තරුණ ජනයා පාරට ආවේ. අරගලය ඉල්ලුවේ අලුත් සමාජයක්. හැබැයි දෙවැනි අවස්ථාවේ දේශපාලන පක්ෂ කඳවුරු ගතවෙන්න ගත්තහම ඒ නිසා අරගලය අවසාන මොහොතේ ඛේදවාචකයක් වෙන්න පටන් ගත්තා. ඒ නිසා සමහර අය අගතියට පත්වෙලා ඉන්නවා. ඒක සමහර අරගලයේ අය දැන් ඉන්න කඳවුරු දැක්කහමත් හිතාගන්න පුළුවන්. හැබැයි මම කොයි වෙලාවකවත් මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට සලකන්න දැන්ම යන්නේ නැහැ. ඒත් ජාත්‍යන්තර මැදිහත් වීමක් හෝ සහායක් අරගලයේ අවසන් කාලයේ තියෙන්නත් ඇති. ඒ නිසා ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කරන්න ඕන. විද්වතුන් සහ පර් යේෂකයින් ඒ අධ්‍යයනය කළ යුතුයි.
මම අහන්නේ ඔබතුමාගෙන් අරගලය පිටින් දාලා දේශපාලනඥයන් සිය වගකීමෙන් කර අරීමෙන් සිදුවුණ වැරුදි වහගන්නත් ක්‍රියා කරනවා නම් ඒක හරිද?
නැහැ. කිසිම සාධාරණයක් නැහැ. මොකද මේකට අවංකව සම්බන්ධ වුණු මිනිසුන්ටත් ඒක කරන අපහාසයක්. ඒක වැරුදියි. අන්න ඒ වැරුද්ද නිවැරුදි කරන්න මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න ඕන. ඒ වගේ අරගලයක් ඉස්මතු වෙන්න හේතුවම රාජ්‍ය අසමත්කම. රජ්ජුරුවන්ගේ අසමත්භාවය නිසානේ %විජයබා කොල්ලය^ සිදුවුණේ. රට හොඳට තිබුණා නම් මිනිස්සු පාරට එන්නේ නැහැනේ. ඒ අසාර්ථකභාවය නිසාම තමයි මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා බිඳවැටුණා කියලා දැනගන්නේ. ඒක දෙවැනි අදියර ලෙස දේශපාලනඥයෝ තේරුම් ගන්න ඕන අපිට දුන්නු පණිවුඩය මොකක්ද කියලා. ඒක තේරුම් අරන් මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා.
ඔබට පේන්නේ නැද්ද අරගලය වෙනත් විදිහකින් අරගෙන වෙනත් දේශපාලන ගේම් එකක් ක්‍රියාත්මක වෙලා රට නැවත දෙවැනි අරගලයකට තල්ලු කරන තැනකට ඇතැම් දේශපාලනඥයෝ උත්සාහ කරනවා කියලා?
ඔව් ඒක අතිශය බරපතල තත්ත්වයක්. සමහර රටවල්වල ඒ තත්ත්වය උදාවෙලා තිබෙනවා. සුඩානය වගේ ගත්තහම දෙකට මැද්දෙන් බෙදිලා ආයුධ වලින් ගහගන්න තත්ත්වයට පත්වෙලා. යේමනයත් එහෙමයි. මේ හැමදේම ඇතිවුණේ ආර්ථිකය හරියට කළමනාකරණය කරගන්න බැරිවීම නිසයි. ඒ දේශපාලනය රැඳෙන්නේ ආර්ථිකය උඩ. එහෙනම් ආර්ථිකය තමයි මූලික මාතෘකාව විය යුත්තේ. හැබැයි පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුට ඒ දැනුම නැතිවීම ගැන මම කනගාටු වෙනවා. කවුරුහරි හිතනවා නම් කතාවෙන් කරන්න පුළුවන් කියලා, නැත්නම් මම ආපුවාහම කරන්න පුළුවන් කියලා එහෙම ජීවිතේට කරන්න බැහැ.
ගොඩක් අය කියනවා රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කළ යුතුයි කියලා. ඔබ එයට එකඟද?
පැහැදිලිවම. රාජ්‍ය කුඩා විය යුතුයි. රාජ්‍ය තවදුරටත් ව්‍යාපාර කිරීමෙන් ඈත් විය යුතුයි. මොකද එහෙම කරලා දියුණු වෙච්ච දෙයක් නැහැ අපිට. ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් සමාගමට තිබුණ කාලේ ලාභ ලැබුවාට අපි ගත්තහම දරන්න බැරි පාඩු. රක්ෂණ සංස්ථාවත් එහෙමයි. මේවාට හේතුව ආකාර්යක්ෂම රාජ්‍ය සේවය. ඒක එක හේතුවක්. ඒ අයගේ වරදකුත් නැහැ. විවිධ දේශපාලන පක්ෂවල බලය ගන්න රාජ්‍ය සේවකයන් අසීමිත ලෙස පිරවීම තමයි හේතුව. ඒ නිසා මේ රජය කුඩා විය යුතුයි.
නැවත පොහොට්ටුව සංවිධානය වෙමින් යනවා. ඔබත් පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයෙක්. පොහොට්ටුවේ අනාගතය මොන වගේද?
පොහොට්ටුව කියලා පක්ෂයක් තියෙනවාද? ඊයේ පෙරේදා නම් මම දැක්කේ පක්ෂයේ තනතුරුවල ඉන්නේ වෙන කට්ටියක් කියලා. පක්ෂයේ මම අහවලා, මම අහවලා කිව්වාට බලන් යද්දී ඒ අය නෙමෙයි ඉඳලා තියෙන්නේ. ලංකාවේ දේශපාලන කණ්ඩායමක් විසින් කරපු ලොකුම බොරුව තමයි මේක.
ඒ කියන්නේ හැට නම ලක්ෂයක් ජනතාව ඇන්දුවා කියලාද?
මම කියන්නේ ඔව්. අපි දැනං හිටියෙත් නැහැ. දැන් ඔය ජාතික සංවිධායක කියලා හාදයෙකුත් නැහැ. මොකද අපි ගිහිල්ලා මැතිවරණ කාර්යාලයෙන් අහන්නයැ. දේශපාලනඥයා සහ පක්ෂය අතර තියෙන ලොකුම බොරුව තමයි ඔතැන තියෙන්නේ.
ඒ කියන්නේ ඔබලා පිළිගන්නවා ඔබලත් ඇන්දුනා කියලා?
අපි අඳිනවා කියන්නේ අපි දන්නේ නැහැනේ කිසිදෙයක්. අඩුම ගණනේ මැතිවරණ කොමිසමවත් කිව්වේ නැහැනේ මේක බොරුවක් කියලා. අඩුම ගණනේ මැතිවරණ කොමිසමට තිබුණා ඇත්ත කියන්න. මෙන්න මේ අය තමයි මේකේ ඉන්න නිලධාරීන් කියන්න.
කොහෙන්ද මේක එළිවුණේ?
ඩලස්ලා එහෙම එකතුවෙලා කොහෙන්ද හොයාගත්තාට පස්සේ තමයි මේක එළියට ආවේ. මේ මහ බොරුව ජනතාව ඉදිරියේ හෙළිවුණාම ඒකේ වගකීම තවමත් ගන්න කෙනෙක් නැහැ. එහෙම බැලුවාම මම පක්ෂ සාමාජිකයෙකුත් නෙමෙයි.
එතකොට පොහොට්ටුව කියන්නේ?
පොහොට්ටුව කියන්නේ බොරුවක්.
රාජපක්ෂලා සම්බන්ධව දරන මතය මොකද්ද අනාගතයේ?
ඒක මටත් කියන්න බැහැ. ඒක මහජනයා තීරණය කරන්න ඕන. මට ඒක අදාළත් නැහැ. මම කියන්නේ මේ අපි අහුවෙලා තියෙන්නේ ගජබින්නෙකටනේ. මේ බොරුව සමාජ ගත කිරීමේ වගකීම මැතිවරණ කොමසාරිස් දරන්න ඕන. මේකට උසාවි යන්න ඕන.
පොහොට්ටුවක් නැත්නම් ඔබලාගේ ඊළඟ දේශපාලන පක්ෂය මොකක්ද?
ඒක ඉතින් දැන්ම කියන්න බැහැ. එවෙලෙට තමයි ඒක තීරණය කරන්න ඕන.
I ගයාන් ගාල්ලගේ