2023 ජුනි 24 වන සෙනසුරාදා

මෝදිට අමෙරිකාවෙන් රජ සැලකිලි

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 91

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට වසර 10කට ආසන්න කාලයක් අමෙරිකාවට පා තැබීමට අවසර නොලැබිණි. එහෙත් ලෝකයේ දේශපාලන න්‍යාය පත්‍ර, තනතුරු සහ කාලය බොහෝ දේ වෙනස් කරයි. වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ එම ආර්යාවගෙන් පසුගිය සතියේ අමෙරිකාවට පැමිණි නරේන්ද්‍ර මෝදිට උණුසුම් පිළිගැනීමක් ලැබුණේ එසේ වෙනස් වූ ලෝක දේශපාලන න්‍යාය ධර්මයට අනුවය. එම නිල සංචාරයේදී නායකයන් දෙදෙනා අතර ඉහළම සුහදතාවක් දකින්නට ලැබිණි. එසේම මෝදිට ලැබුණු ගෞරවණීය සහ සංදර්ශනාත්මක පිළිගැනීම අමෙරිකාව තම සමීප මිතුරකුට දක්වන සැලකිල්ල පිළිබිඹු කළ බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.

ධවල මන්දිරයේ උද්‍යානයේදි පැවැති පිළිගැනීමේ උළෙලේදී බයිඩ්න් ප්‍රකාශ කළේ අමෙරිකාවත් ඉන්දියාවත් අතර පවතින සබඳතාව 21 වැනි සියවසේ තිරසාරම සබඳතාවලින් එකක් වශයෙන් තමන් විශ්වාස කරන බවය.

කෙසේ වුවද 2005 වසරේදී අමෙරිකාවට ඇතුළුවීමට අයැදුම් කළ මෝදිට වීසා ප්‍රතික්ෂේප කෙරිණි. එවකට ඔහු ගුජරාටයේ ප්‍රධාන අමාත්‍යවරයා විය. ඔහුගේ වීසා ප්‍රතික්ෂේප වූයේ ගුජරාටයේ මුස්ලිම්වරුන්ට එරෙහිව හටගත් මාරාන්තික කැරුල්ල මැඩපැවැත්වීමට අසමත් වීම හේතුවක් වශයෙන් දක්වමිනි. එහෙත් මේ වනවිට ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයා වන මෝදි අමෙරිකානු නායකයා විසින් වැළඳ ගනු ලැබුවේ චීනය ලෝකයේ පතුරුවන බලපරාක්‍රමයට එරෙහි තම වැඩපිළිවෙළට සහාය ලබාගැනීමේ පරමාර්ථයෙනි.

මෝදිට රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරවය ලබාදීමට බයිඩ්න් පාලනය කටයුතු කර තිබිණි. මේ රාජ්‍ය නායකයන් අතර තෑගි බෝගද හුවමාරු කරගනු ලැබීය. ඔහු වෙනුවෙන් ධවල මන්දිරයේ රතු පළස එළනු ලැබූ අතර මෝදි තදින්ම ප්‍රියකරන කහ පැහැති යෝග කලාලයක්ද ඔහු වෙනුවෙන් සකස් කර තිබිණි.

72 හැවිරිදි ඉන්දීය නායකයා නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ උතුරු පැත්තේ තණ පලස මත එළනු ලැබූ කහ යෝග කලාලය මත රුඳී අඩ පැයක් පමණ හුස්ම ගැනීමේ, ඉදිරියට පසුපසට නැවීමේ ව්‍යායාමවල සහ භාවනාවේ යෙදී සිටියේ ය. ව්‍යායාම ඇරඹීමට පෙර තමන් හා එක්ව සිටි පිරිසට මෝදි ආචාර කළේ ''නමස්තේ'' කියමිනි. ජාත්‍යන්තර යෝග දිනය නිමිත්තෙන් මේ වැඩසටහනට මෝදි සහභාගි විය. යෝග දිනය වාර්ෂිකව ජාත්‍යන්තර මට්ටමින් සැමරීමට පියවර ගන්නැයි මෝදි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ 2014 දී ඉන්දීය නායකයා වී කෙටි කාලයකිනි. මෙවර යෝග දිනය වැඩිම රටවල් සංඛ්‍යාවක් වූ 135ක් විසින් සැමරීම හේතුවෙන් ගිනස් ලෝක වාර්තා පොතටද ඇතුළු විය.

දින 04ක අමෙරිකානු සංචාරයේදී ජෝ බයිඩ්න් මෝදිට පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයකටද ඇරියුම් කළේය. එහි කෑම වට්ටෝරුව විශේෂයෙන්ම සූපවේදීන් සකස් කර තිබුණේ මෝදිගේ ආහාර රුචිය සම්බන්ධව සැලකිලිමත් වෙමිනි. එම ආහාර වට්ටෝරුව අමෙරිකානු මාධ්‍ය හරහා ප්‍රචාරක කර තිබීමද විශේෂයකි. පියවර 03කින් යුත් එම වට්ටෝරුව මෙසේ විය.

• පළමු භෝජනය

වෙනත් ආහාර සමඟ පදමට මුසු කළ මිලට් (මෙනේරි වැනි ධාන්‍ය වර්ගයක්)
පළහා ගත් බඩඉරිඟු මදය සහිත සලාද
සමපීඩනයට ලක්කළ කොමඩු සමඟ සැර සුවඳැති අලිගැට පේර සෝස්

• ප්‍රධාන භෝජනය

චීස් සහ එළවළු සමඟ මුසු කළ Protobello නම් විශාල මාංසල හතු වර්ගය සහ කහ පැහැය මුසු කළ ඉතාලි සහලින් පිසූ බත් (මේවා පිසුණුයේ කැඳ වර්ග සමගයි) 
රිසි පරිදි එළවළු සහ මස් වර්ග
සූප ශාස්ත්‍රවේදියා නිර්මාංශ ආහාර පිළිබඳ විශේෂඥයෙක් වුවද එහි මාංශ සහ මාළුද අඩංගු වේ.
රෝස් කළ Bass කරදිය මත්ස්‍ය විශේෂයක්.
ලෙමන් සහ සූදුරු සහිත සෝස්,
කර කර තැනූ millet (ධාන්‍ය) කේක්,
Summer Squashes නම් වට්ටක්කා හැඩය ඇති ගෙඩි වර්ගයක්.

• අතුරු පස

Rose සහ කරදමුංගු මුසු කළ ස්ට්‍රෝබෙරි කේක්,
ඉන්දු ඇමෙරිකා මිත්‍රත්වය සැමරීම උදෙසා සවුදිය පිරීමට (PATEL RED BLEND 2019 සහ Domain Carneros Brut Rose