2023 ජුලි 22 වන සෙනසුරාදා

නමට වමේ වුණාට ඒ හැම එකම වමේ පක්ෂ වෙන්නෙ නෑ

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

 ලොකු ලොකු පක්ෂ වැටුණ හැටි අපි පහුගිය කාලේ දැක්කා 
 ඡන්ද බලාපොරොත්තුව ඈතට යනකොට රැල්ලත් නැතිවෙනවා: හුළඟ එක්ක ආපහු එනවා 
 ජාතික බලවේගයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් එනවාමයි 
 ජවිපෙ කට විතරයි වැඩ බෑ කියන්නේ අපේ හතුරෝ 

- කේ.ඩී. ලාල් කාන්ත - ජාතික ජන බලවේගය

• පහුගිය කාලයේ ලොකු රැල්ලක් තිබ්බා ජාතික ජන බලවේගයට. ඒක මැතිවරණයකින් ඉවර වෙන්න තිබ්බ රැල්ලක්. ඒත් අවසානයේ මැතිවරණය අහිමි වුණා. ඒක ඔබලට අවාසියක්. ඒ රැල්ල දැන් නෑ නේද?

ඡන්දය මාර්තු 9 හෝ අප්‍රේල් 25 තියෙයි කියලා හිතලා විශාල ජනරැල්ලක් අපිට තිබ්බා. ඒක ඇත්ත. ඡන්ද බලාපොරොත්තුව ඈතට ඈතට යනකොට කොහොමත් රැල්ල පවතින්නේ නෑ. රැල්ල එන්නේ හුළඟ එක්ක. හුළඟ නැති වුණාම රැල්ල නෑ. හැබැයි වතුර එහෙමම තියෙනවා. ආපහු හුළඟ හමනකොට රැල්ල එනවා. ඒ වතුර තියෙන නිසා. වතුර තියෙනවා කියලා මම කිව්වේ ඒ ජනතාව එහෙමම ඉන්නවා. වෙනස් වීමක් නෑ.

• එහෙම කොහොමද කියන්නේ?

එහෙම අඩුවෙලා නෑ. එහෙම තව වෙන කොහෙවත් යන්න තැනක් නෑ. ඒ නැති නිසාම තමයි ජනතාව ජාතික ජනබලවේගය වටා එක්රුස් වුණේ. 1948 නිදහසේ ඉඳලා අද වෙනකල් මේ රටේ පාලනයන් මිනිස්සු අත්දැකලා තියෙනවා. ඒ වගේම ජනතාව අපි ගැනත් දන්නවා. මිනිස්සු පීඩාවන් මැද්දේ අල්ලන් ඉන්නවා. මතක තියාගන්න හුළඟ ආපු ගමන් ආයේ රැල්ල එනවා.

• ඔබලට ආණ්ඩුවෙන් වගේම, විපක්ෂයේ අයත් කියනවා කටින් වැඩකරන අය කියලා. ඒක ඇත්තද?

අපි බලය ලබාගැනීමේ අරමුණින් දුෂ්ට බලවේගවලට එරෙහිව සංවිධානය වූ ව්‍යාපාරයක්. එතකොට අපිට විරුද්ධව දේශපාලන මතයක් ගොඩනගනවාමයි. අපිට විරුද්ධව ඉන්න සියලුම දේශපාලන පක්ෂ අපිට විරුද්ධ දේශපාලන මතයක් ගොඩනගන්නම ඕන. ඒ නිසා ඔය වගේ කතා කියන්නම ඕන. මතක තියාගන්න මේ රටේ බලයට නෑවිත් වැඩකරපු එකම දේශපාලන බලවේගයත් මේ ජේවීපී එක කියලා.

• හැබැයි ඔබලා කට්ටියක් එක්ක ආණ්ඩු කළානේ?

කළා. ඒ කළේ මේ රට හදන්න පුළුවන්. මේ රට ගොඩගන්න පුළුවන් කියන අදහසින් නම් නෙමේ. අපි ඒ මොහොතේ හිටගත්තේ මේ රට බෙදන, මේ රට කෑලිවලට කඩන ප්‍රතිපත්තිවලට විරුද්ධව එකතු වීමේ අරමුණු ඇතිව. ඒ වගේම මතක තියාගන්න අපිට දුන්න වගකීම් හරිහැටි ඉෂ්ට කළා. උදාහරණය හැටියට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව බලන්න. හොඳටම කළා අපි. ඒත් අපේ හතුරන්ට කියන්න ඕන අපිට කට විතරයි, අපිට වැඩ බෑ වගේ කතා. කට විතරද බලන්න බලය දීලා බලන්නකෝ. ජනතාව සූදානම් වෙලා ඉන්නෙ රාජ්‍ය බලය දෙන්න. ඔය කරන්න යන්නේ අපෙන් ජනතාව ගලවලා ඒ අයගේ දුෂ්ට ගමන යන්න තියාගන්න හදන එක.

• දැන් දක්ෂිණාංශික බලවේග සියල්ල එකතුවෙලා බලය අල්ලනවා. ඒත් වමට බැරි වමට තවම එකතු වෙන්න බෑ. ඇයි වමට එකතු වෙන්න බැරි?

වමේ කිව්ව පමණින්, වමේ මතයක් දැරුව පමණින්, වම වගේ කිව්වට කවුරුත් වමේ වෙන්නේ නෑ. ඒ වගේම වමේ හැම කෙනාම බලය ලබාගැනීමේ අරමුණෙන් වැඩකරන අයත් නෙමේ. පවතින තත්ත්වය පෙරළලා දාලා ප්‍රගතිශීලී බලවේගයක් හදන්න අරමුණු කරන්න හැමෝම නෑ. සම සමාජ කොමියුනිස්ට් පක්ෂ තියෙනවා ඒවට බලය ලබා ගැනීමේ කිසිම උවමනාවක් නෑ. අනික ඔය වමේ වගේ පේන්න ඉන්න අය ඉන්නවානේ. ඒ අය දක්ෂිණාංශික අයට වඩා දක්ෂිණාංශිකයි. හැබැයි වාමාංශිකව එකතු වෙන්න පුළුවන් අය ජාතික ජනබලවේගය වටා එකතුවෙලා ඉවරයි. අනික ලෝකේ හැම වාමාංශිකයෙක්ම එකතුවෙලා නෑ. අනික එකතුවෙලා බලය ගන්න පුළුවන් වගේ කතා නම් පරණ කතා. ඕවා හැමදාම තිබ්බා

• රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ ජනාධිපතිවරයා හැටියට පත් කරන්න කට්ටියක් ලෑස්ති වෙනවා. සජිත් ප්‍රේමදාස මහතාත් ඉදිරිපත් වෙනවා. අනුර කුමාර මහතාත් ඉදිරිපත් වෙනවා. දැන් ඔබලාට මේක අභියෝගාත්මකයි නේද? ජයග්‍රහණය විශ්වාසද?

ඉස්සෙල්ලම කියන්නම් ජනාධිපතිවරණයට කලින්, පළාත් පාලන ඡන්දය තියන්න කියන්න. ඒක කැඳවලා නාමයෝජනා ලබාගෙන ඉවරයි. ඒක තියන්න කියන්න. අපි ඒක අත්අරින්නේ නෑ. හැබැයි ඔයා මේක අහපු නිසා කියන්නේ අපි ජාතික ජනබලවේගයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාමයි. අපිට වගකීමක් තියෙනවා ජනතාව තවත් අපායට වැටීමෙන් වැළකෙන්න වැඩකරන්න. ඒ නිසා ඒ සටන අපි කරනවා වගේම, ජයගන්නවමයි. 

• ඔය කියන තරම් ලේසියට වැඩේ කරන්න පුළුවන්ද? අනෙක් පක්ෂ ලොකුනේ. ඉන්න පාක්ෂිකයනුත් වැඩියි?

ලොකු ලොකු පක්ෂ පහුගිය කාලේ වැටුණු හැටි අපි ඇස් පනාපිට දැක්කා. ඒ ලොකු ලොකු පක්ෂ මේ රටට කරපු දේවලුත් අපි දැක්කා. තවත් ලොකු ලොකු පක්ෂ කියලා හිතන් ඉන්න පක්ෂ තියෙනවා නම් ඒවා ලොකු පක්ෂ නෙමේ. පක්ෂයක වැදගත් වෙන්නේ රට වෙනුවෙන් වන ප්‍රතිපත්තිය. අන්න ඒ ප්‍රතිපත්තිය වැඩපිළිවෙළ අපි සතුයි. අපිට කිසිම විදිහකින් ජනතාව රවට්ටන්න බෑ. හේතුව අවසාන තුරුම්පුව රටේ ජනතාවට අපි...

I ගයාන් ගාල්ලගේ