මේ කියන අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාගෙන් කැපී ගොස් සිටින්නෙකි. ඔහු පරිපාලන සේවාව තුළ දැන් විශාල ප්‍රචාරයක් දියත් කරමින් සිටී. තමන් ළඟදීම රටේ අංක එකේ පරිපාලන නිලධාරී පුටුවේ වාඩිවීමට නියමිතව සිටින බව ඔහුගේ ප්රචාරක ක්‍රියාවලියේ ප්‍රධානම තේමාවයි. එය මානසික මෙහෙයුමක් බවත් සඳහන් වෙයි.
මේ නිලධාරියා බත්තරමුල්ලට නුදුරු අමාත්‍යාංශයක ලේකම් ධූරය දරන්නෙකි. ඔහු සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පමණක් නොව ඇසෙන තෙක් මානයේ සිටින සියලු දෙනා හමුවේ පවසන්නේ ළඟම දිනයකදී තමන් එකී ඉහළම ධූරයේ වැඩ භාරගන්නා බවය. ඔහු වෙනත් අමාත්‍යාංශයකට යන සෑම අවස්ථාවකදීම යළි යළිත් මේ පණිවුඩය ලබාදෙන බවද කියති. මොහු දුරකථන සංවාදවලදී පවා ඇතැම් අවස්ථාවලදී තමා ජ්‍යෙෂ්ඨතම ලැයිස්තුවේ ඊළඟට සිටින නිලධාරියා බැවින් අදාළ තනතුර භාරගන්නැයි ළඟදීම තමන්ගෙන් ඉල්ලීමක් කෙරෙනු ඇතැයි මහ හඬින් ප්‍රකාශ කරනු සෙසු නිලධාරීන්ටද ඇසී ඇතැයි සඳහන් වෙයි.
අදාළ ඉහළ තනතුර කෙරේ මහත් බලාපොරොත්තු ඇතිව, ලොකු උනන්දුවකින් බලා සිටින මේ නිලධාරියා කෙසේ හෝ තමන්ට එම තනතුර ලැබෙන බවට වන පණිවුඩය සෙසු නිලධාරීන්ට ලබාදීමේ ප්රයත්නය තරමක් දුරකට සාර්ථක කරගෙන ඇතැයිද කියති. එයට හේතුව ඔහු තමන්ගේ අමාත්‍යාංශයට වඩා කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ගත කිරීම හේතුවෙනි. සිදුවිය හැකි වෙනස පිළිබඳ අපේක්ෂාවෙන් ඇතැම් නිලධාරීන් මෙකී නිලධාරියා සමඟ මේ වනවිට තමන්ගේ සබඳතා වැඩි කරගෙන ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් ආරංචි මාර්ග පවසන්නේ &ඉහළ තනතුර* වෙනස් නොවන බවය.
- සන්ඩේ ටයිම්ස්
සජබ - යූ.එන්.පී. දෙකම සන්ධාන හදන සටනක
මහ මැතිවරණයක් පැවැත්වෙන දවසක් ගැන තවම කවුරුත් කතා කරන්නේ නැත. හැබැයි හැම දේශපාලන පක්ෂයක්ම වගේ මහා මැතිවරණයකට සූදානම් වන ලකුණු පෙනෙන්නට තිබේ. සියලු ප්‍රධාන පක්ෂ කාමර ඇතුළේ සාකච්ඡා මේ වනවිට අරඹා ඇත.
දින කිහිපයකට ඉහතදී සජබ නායක සජිත් පොහොට්ටුවෙන් කැඩී ගිය කණ්ඩායමක් වන ඩලස්ලාගේ කණ්ඩායම සමඟ සමඟ පැවැත්වූ සාකච්ඡාව එවැනි එකකි. ඒ සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් ද සහභාගි වී සිටියේය. මේ කණ්ඩායම් දෙක අතර සන්ධානයකට මේ වනවිට මාර්ගය පෑදී ඇතැයි සඳහන්ය. ඩලස්ගේ පිලට මන්ත්‍රීවරුන් 13ක් ඇතුළත්ය. ඔවුන් සජිත් මීළඟ ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වනවිට ඔහුට සහාය දක්වනු ඇතැයි අපේක්ෂිතය. ඒ සඳහා ප්‍රතිඋපකාරයක් වශයෙන් ඩලස්ලාගේ පිලට සජබ ටිකට් එක යටතේ මහ මැතිවරණයේදී තරග කිරීමට ඉඩ සැලසෙන අතර මේ දෙපාර්ශ්වයම පොහොට්ටුවට එරෙහිව ක්‍රියා කරනු ඇත. හිටපු නියෝජ්‍ය කතානායකවරයකු සහ අමාත්‍යවරයකුද වන චන්දිම වීරක්කොඩිගේ සහාය ලබාගැනීමටද සජබ සමත් වී සිටියි. චන්දිම ගාලු දිස්ත්‍රික්කයේ හබරාදූව සංවිධායක වශයෙන් සජබ විසින් පත් කළේ ඒ අනුවය.
තවත් සන්ධානයක් බිහිවන්නේ යූ.එන්.පී. නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙනි. පොහොට්ටු ආණ්ඩුවේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා එහි සංවිධාන කටයුතු භාර දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීගමුවේ නිමල් ලන්සාටය. ඔහු එම සන්ධානය නම් කර ඇත්තේ &සන්ධානය එක* වශයෙනි. රාජගිරිය ලේක් පාරේ කාර්යාලයේ සිට එහි සංවිධාන කටයුතු මෙහෙයවන ලන්සා මේ දිනවල දෙසතියක සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටී. මේ සන්ධානයේ අරමුණ වශයෙන් යූ.එන්.පී. සහ එම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නා පක්ෂ එකතු කිරීම වශයෙන් සැලකෙයි. ඔස්ට්‍රේලියාවට යාමට පෙර ලන්සා ප්‍රකාශ කර තිබුණේ තමන් එතෙර රුඳී සිටින කාලය තුළදී සන්ධානයේ කටයුතු සුසිල් ප්‍රෙමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු සහ ලසන්ත අලගියවන්න විසින් මෙහෙයවනු ඇති බවය. ලන්සා ප්‍රකාශ කරන්නේ තම සන්ධානයට මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ සහාය හිමිව තිබෙන බවත් තවත් පිරිසක් ඒ සඳහා එකතු වනු ඇති බවත්ය. මේ සන්ධානය ද පොහොට්ටු විරෝධීය.
යූ.එන්.පී. සමුළුව 10 වැනිදා
මේ අතර ලබන සැප්තැම්බර් 10 වැනිදා සිය 56 වැනි පක්ෂ සම්මේලනය පැවැත්වීමට යූ.එන්.පිය සූදානම් වෙයි. සිරිකොතදී පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී කමිටු රුස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව පක්ෂ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර තිබිණි. සම්මේලනය පැවැත්වෙන්නේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසල ඇති පරිශ්‍රයේය.
එම කමිටු රුස්වීමට ඉදිරිපත් කෙරුණු පක්ෂයේ නව ව්‍යවස්ථාවට අනුමැතිය ලැබුණු බවද එයට අවසන් අනුමැතිය පක්ෂ සම්මේලනයේදී ලැබෙනු ඇති බවද පක්ෂ ලේකම් රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේය. පක්ෂයේ සාමාජිකයන් අපේක්ෂා කරන &සිස්ටම් චේන්ජ්* එම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි ද සඳහන්ය.
- සන්ඩේ ටයිම්ස්